මෑත ඉතිහාසයේ ලංකාවේ වැඩිම බුද්ධිමතුන් පිරිසක් ඉහළ නායකත්වයේ සිටි පක්ෂය ලෙස සැලකෙන්නේ යුගයේ ‘නව සමසමාජ පක්ෂය‘ යි.
1994 දක්වාම, වික්‍රමබාහු කරුණාරත්න, මහාචාර්ය ශාන්ත ද අල්විස්, ආචාර්ය කුමාර් ඩේවිඩ්, මහාචාර්ය සුමනසිරි ලියනගේ, ඉංජිනේරු ක්‍රිස් රැද්රගෝ, ඉංජිනේරු ක්‍රිස් මඩපාත, ඒ.කේ. අන්නමලේ (බැරිස්ටර්), ලලිත් අබේසිංහ, මහාචාර්ය නලීන් ද සිල්වා, බද්දේගම සමිත හිමි, උඩවෙල නන්ද හිමි, කැලණියේ කථිකාචාර්ය ලක්ෂ්මන් කුමාර කීර්ති, නීතිඥ වාසුදේව නානායක්කාර, ලීනස් ජයතිලක (උපාධි දෙකක් තිබුණා), ඔස්ටින් ප්‍රනාන්දු (එක්සත් කම්කරු සංගමය), සරණපාල සිල්වා (කම්රුවෙක්ව සිට උපාධිය ලැබුවා), නීතිඥ නලීන් මහේෂ් පෙරේරා (මැද පාංතික දෘෂ්ඨිය පොතේ කර්තෘ), ටෙරන්ස් පුරසිංහ, මහාචාර් හේ. ශ්‍රියානන්ද, ශිෂ්‍ය නායකයින් වූ ආනන්ද නවරත්න, වසන්ත සෝමරත්න, මොරටුවේ ඉංජිනේරු දයා රණසිංහ, වෛද්‍ය සුනිල් රත්නප්‍රිය, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, වී.තිරනාවුකරසු, එඩ්වින් කොතලාවල, ජයතිලක කම්මැල්ලවීර, කුසල් පෙරේරා ද එහි වූහ. සිරිතුංග ජයසූරිය, නිතිඥ ශ්රනාත් පෙරේර, සවනදාස, සරත් පෙම්සිරි, බ්‍රිටෝ ප්‍රනාන්දු, රොනී පෙරේරා, නීල් විජේතිලක, ක්‍රිෂ්ටි ජොර්ජ් ආදී වශයෙන් ලැයිස්තුව දිග ය.
‘නිදහස‘ කණ්ඩායමේ මහාචාර්ය ජී.එල්.පීරිස්, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා (ඉංජිනේරු- ව්‍යාපාර කළමනාකරණ), වෛද්‍ය (මහාචාර්ය) චන්න ජයසුමන, මහාචාර්ය රත්නසේකර, වෛද්‍ය තිලක් රාජපක්ෂ (අම්පාර), වෛද්‍ය උපුල් ගලප්පත්ති (තිස්සමහරාම) වෘත්තිකයින් ය. යාපා බණ්ඩාර, ඩිලාන් පෙරේරා, උදය කිරිදිගොඩ නීතිඥවරුන්ය. ඩලස් අලහප්පෙරුම ජනාධිපති ධුරයට පවා සුදුසු බව ඔහු ජනපති තරඟයේ අපේක්ෂකයා ලෙස පත් කිරීමෙන් සජිත් ප්‍රේමදාස ප්රමුඛ සජබ කණ්ඩායම පවා පිළිගෙන ඇත.
මහාචාර්යවරු 3ක්, ආචාර්ය උපාධි 4 ක්, වෛද්‍යවරු, නීතිඥවරු ඉන්න ‘නිදහස‘ එදා නව සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලය වගේමය.
කොයි පක්ෂයේ වුනත්, ප්‍රතිපත්ති කුමක් වුවත්, බුද්ධිමතුන් දේශපාලන නායකත්වයේ තීරණ ගන්නා තැන්වල සිටීම යහපත්ය.
ප.ලි. නසසප ලැයිස්තුවේ අමතක වූ විද්වතුන්ගේ නම් කමෙන්ට් කරන්නේ නම් මෙයට ඇතුලත් කරනු කැමැත්තෙමි. රජිත් කීර්ති තෙන්නකෝන්
ජනාධිපති අධ්යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.