ප්‍රාග්ධනය ගෝලීයකරණයේ සංදර්භය නොතකා මතුපිට කියවීමකින් බැලූ කළ පෙනී යන්නේ, ලෝකයේ බලවත් ම රාජ්‍යයන් හතර හැටියට නිළ වශයෙන්
හඳුන්වාගන්නා ඇමෙරිකා එක්සත් ජනපදය, බි්‍රතාන්‍ය, චීනය සහ රුසියාව මේ තරම් අර්බුදයන්ට සහ අවුලට පත් වූ තවත් යුගයක් නැතුවා සේ ය.
මතුපිට චිත්‍රයට අනුව නම්, මේ රටවල නායකයින් එකිනෙකට වෙනස් විධික්‍රම භාවිතා කරමින් තමන්ව ම විනාශය කරා ගෙනයන බවක් තමයි භාහිරින් පෙනෙන්නට තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ වන වි ඒ ඇමෙරි-යුරෝ රටවල විද්වතුන් සමහරක් දෙනා ලියන කියන දේවල් වලිනුත් ගම්‍ය වෙන්නේ මීට සමාන්තර අදහසක්.
ඒ අනුව හැම දෙයක් ම ඒ රටවලට නායක්තවය දෙන පුද්ගලයන් නිසා සිද්ධවෙන දේවල් හැටියට පමණක් හුවා දක්වන ප්‍රවනතාවයක් ඇමෙරි-යුරෝ කලාපයේ සමහර සමාජ-විශ්ලේෂකයින්, බද්ධිමතුන් සහ මාධ්‍යවේදීන් අතරෙන් බිහිවී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. නමුත් මේවා පෙනෙන්නට තිබෙන දත්ත සහ තොරතුරු ලැබෙන අයුරින් ම කියා පෑම විනා. ගැඹුරු දේශපාලනාර්ථික හෝ වෙනත් විෂයානුබද්ධ විශ්ලේෂන අනුව සිදුවෙන විග්‍රහයන් නොවන බව පිළිගැනීමට සිදුවෙනව.
බලන්න ....
මේ රටවල් හතරෙ නායකයින් එකිනෙකාට වෙනස් විධික්‍රම භාවිතා කරමින් වුණත් “එක ම අවුලක් ” නියෝජනය කරන බව මේ සුළුතර ඇමෙරි-යුරෝ විශ්ලේෂකයින්ට පෙනෙන්නේ නැහැ. ඔවුන් මේ ප්‍රධාන රටවල් හතරේ නායකයින් ගේ වෙනස්කම් පාදක කරගෙන ඔවුන්ව සංදර්භ හතරක තබා වෙන වෙනම විග්‍රහ කරගැනීමට යත්න දරනවා. නමුත් ඒ සංදර්භ හතර ම තනි සමස්ත සංදර්භයකට (Total Context) අයිති වෙන බව ඔවුන්ට නොපෙනී ගිහින්. ඒ සමස්තය නම් ගෝලීය ප්‍රාග්ධනයේ තර්කයට යටත් දේශපාලනාර්ථික සමස්තය යි.
යමෙක් කියන දේ පිටුපස ඇති නොකියවෙන “අවිඥානික සමස්තයක්” නොපෙනී යාමට හේතුව කුමක්ද?
ප්‍රාග්ධනය ගෝලීයකරණයට අදාළ නව-සමස්තයක් හාත්පස අතු ඉති විහිදමින් විහිද පැතිරෙමින් පවතින වාස්තවික තත්වයක් (Objective Condition) තුළ, සමහරුන් තවමත් “ජාතික රාජ්‍ය පූර්ණ යාථාර්තයක්” ලෙස සලකාගෙන මනෝ-කෙන්ද්‍රීය (Subject-centered) වූ මනෝභාවයන්ට අනුව සමාජයන් විනිෂ්චය කරන බව පෙනේ.
මගේ කල්පනාවේ හැටියට නම්, මේ සිදුවෙමින් පවතින්නේ, ශක්තිමත්-සංවර්ධිත-ජාතික-රාජ්‍ය වල රාජ්‍ය පරිපාලන ව්‍යූහයන් “සමස්ත ගෝලීය ව්‍යූහයක්” බවට විපරිණාමය වීම සඳහා වන පෙර-අභ්‍යාසයක්.
එය සිදුකරගැනීමේ පළමුවන අදියර ලෙස සංවර්ධිත රටවල ජාතික න්‍යාය පත්‍ර සියුම් ලෙස ජාතික ස්වභාවයෙන් පිටපන්නවමින් (ජාතිකත්වය පසුකර යමින්), ඒ රටවල නායකත්ව ජාතික යොමුවක් තුළ අර්බුදයට යවන බවක් පෙන්නට ඇත. මෙහි අවසන් ප්‍රතිඵලය විනාශයක් ලෙස සිතන්නේ, තවමත් ජාතික රාජ්‍ය මතවාදයේ ගිලී සිටින උදවිය යි. ජාතික රාජ්‍ය මතවාදය අනාගතවාදී නොවේ. එය තාවකාලිකව වර්තමනිකතාවක පවතින්නක් පමණි. මව් භාෂාවට මුල්තැන දෙන මානසිකත්වය අනුව ජාතිය හිත් තුළ ප්‍රධාන වී තිබූ පලියට, ජාතියට ආධිපත්‍යයක් පවතින්නේ, එයට ආර්ථිකය විසින් මූල්‍ය අනුග්‍රහය ලබා දෙන තාක් දුටර පමණි. ඒ නිසා ජාතිය පමණක් නොව, සංස්කෘතිය, කලාව, නීතිය, සාහාත්‍යය, ආගම, දර්ශනවාදය, ලිංගිකත්වය යන මේ හැම එකක් ම භෞතික යථාවක් ලෙස පවතිනවා ද නැතිද යන්න තීරණය ගැනීමේ බලය ඇත්තේ ආර්ථිකයට ය.
ඒ නිසා ආර්ථිකය විසින් ජාතියට ප්‍රතිපාදන සපයන්නේ නැතිව ගෝලයට ම ප්‍රතිපාදන සපයනවා නම් ගෝලීයකරණය අනුගතවීම හැර වෙනත් සුරැකීමේ මාර්ගයක් නොමැත. සමස්තය මුළුමනින් ම ගෝලීය සමස්තයක් බවට පත්වීම දශකයකටත් අඩු සුළු ඉතිහාස කාලයකු පිළිබඳ ප්‍රශ්නයක් පමණි.
ප්‍රදාන රටවල් හතරේ නායකයින් ජාතික ආරක්ෂණවාදී ස්වභාවක තිබිය යුතු යැයි ඇතැමුන් සිතන ජාතික ආර්ථික නියාම දර්මවලින් පිට පනිනවා සේ පෙනෙන්නේ ඇයි? ඒ චලනයට අදාළ යම් දේශපාලනාර්ථික යොමුවක් සහ ඉලක්කයටක් පවතිනවාද?
ඔව්!
”ජාතික රාජ්‍ය ව්‍යවස්ථා අතර සම්මුති” හෙවත් “පූර්ව-ගෝලීය රාජය ව්‍යවස්ථා”මය තත්වයන්”(Pre-Global Nation State Conditions) ඇතිකරවීම පවතින මතුපිට අර්බුද හෝ වියවුල්වල යටි පෙළයි. මෙය ජාතික මනෝභාවයක් සහිත ජාතික යොමුවකින් පමණක් නිරීක්ෂණය කළහොත්, වියුක්ත (Abstract) සහ වියවුල් (Chaos) ස්වභාවයක් ලෙස පෙනී ගිය ද, ප්‍රාග්ධනය ගෝලීයකරණය කියන නව-නූතන සංදර්භය තුළ එහි නිෂ්පාදන උපකරණ (Means of Production) වල ඇති ස්වයංකාරකභාවය(Automation) විසින් ඇති කරන තත්වයක් බව අප අවබෝධකරගත යුතුයි.
නිෂ්පාදන උපකරණවල ස්වයංකාරකභාවය යනු කුමක්ද?
බලන්න, කාර්මික විප්ලවයට පෙර පැවති පූර්ව-නූතන (pre-modern) වූ අතින් කකුලෙන් රෙදි වියන ලද යන්ත්‍රය, කාර්මික විප්ලවයෙන් පසුව යම් ස්වයංකාරකභාවයක් සහිත වේගවත්ව සහ ප්‍රමාණය වැඩි ලෙස රෙදිවියන යන්ත්‍ර බවට පත් වුණා. මේ අලුත් රෙදි වියන යන්ත්‍රවලට අපි කියන්නේ “නූතන කාර්මික” (Modern Industrial) රෙදිවියන යන්ත්‍ර කියල. ඒ කියන්නේ 19වන ශත වර්ෂයේ නව සොයාගැනීම් නිසා මනුෂ්‍යයාට රෙදිවිවීමට මැදිහත්වන්නට වන ප්‍රමාණය සහ කාලය අඩුවුණා. එහෙත් රෙදි විවීමේ උපකරණ ඇතුළුව කාර්මික විප්ලවයෙන් පසුව නූතනකරණය (Modernization) වූ අනෙකුත් සියළු නිෂ්පාදන උපකරණ ක්‍රියාත්මක කරවන්නට තවමත් මනුෂයෙකු අවශ්‍ය වුණා. ඒ කියන්නේ ඒ නිෂ්පාදන උපකරණ මුළුමනින් සිය සීයක් ම ස්වංකාරක වුණේ නැති බවයි. නිෂ්පාදනයට මිනිසා මැදිහත් වන “ප්‍රමාණය සහ කාලය” (Quantity and Time) අඩුවුණා තමයි. ඒත් තවමත් මනුෂ්‍යයාගේ කාබනික මැදිහත්වීම අවශ්‍යව තිබුණා.
ඒ කියන්නේ කාර්මික විප්ලවයෙන් පසුව විශාල නාගරික ශ්‍රම ප්‍රජාවන් උවමනා වුණා.
ඒකයි බ්‍රටෝල්ට් බ්‍රෙච්ට් කියන ජර්මන් කලාකරුවා ලියා ප්‍රේමසිරි කේමදාස සංගීතය සැපයූ පද පෙළක “ඉහළම ස්වංක්‍රීය අවියත් ක්‍රියා කරවන්නටත් මිනිසෙක් උවමනා නේද?” කියලා අහන්නේ. හැබැයි ඒ නූතන සංදර්භය. නව-නූතන සංදර්භය තුල බ්‍රෙච්ට්ගේ මේ පදපෙල අතාර්කික වෙන්නයි යන්නේ.
ඒ කියන්නේ “කාර් එකක් හැදුවට ඒක පදවන් යන්නට මිනිසෙක් උවමනා නේද?” කියනව වගේ කතාවක්නේ. ඔව්, නූතන සංදර්භය ඇතුළේ ඒත ඇත්තක්.
නමුත් මෙහෙම හිතන්න. අත්වැරැද්දක් සිදුවිය හැකි කාබනික මිනිසුන් වන අප රිය පදවන නිසා ලෝකය පුරා දවසකට රිය අනතුරුවලින් මිය යන ප්‍රමාණය මිලියන 1.3ක්. කාබනික මනුස්ස ශරීරයට කොයිතරම් නීති රීති දමා ශික්ෂණය කරන්නට ගියත්, මේ මිලයන 1.3න අවම කරගන්නට අසීරුයි. ඒ තමයි නූතන උපකරණවල සීමාව.
නමුත් මේ නුතන උපකරණවල කාර්මික යන්ත්‍රණය තාක්ෂණිකකරණයට ලක් කිරීමෙන් හෙවත් පරිඝනකකරණය කිරීමෙන් රිය පැදවීම වඩා පහසු වූ බව අලුත්ම පන්නයේ වාහන භුකිති වින්ද අය දන්නවා. උදාහරණයකට ඔටෝ ගියර් දාන්නට පුළුවන් වීම. මේකත් ස්වයංකාරකභාවයේ (Automation) තවත් දියුණු ජයග්‍රහණයක්. නමුත් ඔටෝගියර් වලින් රිය පැදවීම පහසු කිරීම ගෝලීය අත්හදා බැලීමක් විතරයි. මන්ද, තවමත් එතන කාබනික මනුස්ස රියදුරෙක් ඉන්න අවශය යි. ඒ කියන්නේ කාබනික ඇල්ගෝ-රිදමයන් (Organic Algorithms) උවමනා වෙනවා. ඒ කියන්නේ වාහනයක් පදවාගෙන යාමට අයත් තොරතුරු සහ දත්ත විශ්ලේෂණය කරගෙන “වාහනය පැදවීම” කියන ක්‍රියාවලියට නායකත්වය දෙන්නට මනුස්සයෙක් උවමනයි.
ඒ කියන්නේ තවමත් වාහනයේ නූතනවාදී අනන්‍යතාව මුළුමනින් ගිලිහී නැහැ.

නමුත් නව-නූතන වාහනය ක්‍රියාත්මක කරවන්නේ ස්වයංකාරකභාවය (Automation) කියන්නේ. මනුස්සයෙකුගේ මැදිහත්වීම ඉල්ලා සිටින යන්ත්‍ර ලෙස නෙවෙයි. වත්මන් ලෝකය මෝටර් රථයම “ස්වයංකාරකයෙක්” (Automator) බවට පත්කරනා තාක්ෂණය හොයාගෙන අවසන්. ඒ කියන්නේ පරිගණක පද්ධතියක් තුළ පවතින “අකාබනික ඇල්ගෝ-රිදමයන්”(Inorganic Algorithms) මනුෂ්‍යයාට වඩා නිවැරදි ලෙස සහ ඉක්මන් ලෙස වාහනය පදවාගෙන යාමට අවශ්‍ය තොරතුරු සහ දත්ත මනුෂ්‍යයාටත් වැඩි ප්‍රමාණයකින් ඉක්මනින් විශ්ලේෂණය කරගෙන වාහනයට නායකත්වය දෙනවා.
මනුස්සයාට තියෙන්නේ වාහනේ ඉඳගෙන යන්නට විතරයි.
ඒකෙන් දවසකට ලෝකයේ රිය අනතුරුවලින් මිය යන මිලියන 1.3 අවම කරල දාන්න පුළුවන්. ක්‍රමයෙන් තාක්ෂණය යෙදවීමේ පෙරහුරු වසර දෙක් තුනකින් පසුව මුළුමනින් ම රිය අනතුරු නවතල දාන්න පුළුවන්.

හැබැයි රියදුරු රස්සාව කරපු බිලියන ගාණක් උදවියට රැකියා නැති වෙනවා. ඒකට ආදේශ රැකියා සපයා දීම මිස තාක්ෂණය නවතා දැමීම උත්තරය නෙවෙයි. අස්ස කරත්ත සහ ගොං කරත්ත පදිමින් හිටපු ලෝකයකට කෝච්චිය ආවහම සමාජයෙන් කොටස්ක ඊට විරුද්ධ වුණා. “යකඩ යකෙක්” කියල වරිගවාදීන්, ජාතිවාදී සහ ආගම්වාදීන් අරගල කළා. නමුත් අස්සකරත්ත සහ ගොංකරත්ත ඉතුරු වුණේ නැහැනේ. ඒවා අවශේෂවෙලා මොනියුමන්ට් හෙවත් ස්මාරක බවට පත් වුණා. ඇන් ඇන්ටික්වෙලා තියෙන්ටෙන්. කෝච්චිය තවමත් දුවනව. ඒ විදිහටම දැන් තියෙන මිනිසුන් පදවන හොඳම කාර් එකත් ඇන්ටික් වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි.
ඒ නිසා නව සොයාගැනීමක් කරපුවහම හැමදාම ලෝකයේ සම්මතවාදී කොටසක් ඒකට විරුද්ධ වෙනව. ඒත් ලෝකය අර නව සොයාගැනීම සමඟින් ඉදිරියට යනවා. ඒ නවත්වන්නට බැහැ.
ඒ නිසා නූතන ජාතිකවාදී උපකරණ නව-නූතන ගෝලීය උපකරණ බවට පත්වීම කුමන්ත්‍රණයක් නෙවෙයි. ඒ තමයි අපි මේ පිවිසෙමින් සිටින ඊළඟ අවදිය.
ස්වයංකාරකයන් වන අකාබනික ඇල්ගෝ-රිදමයන් කියන්නේ පරිගණක තාක්ෂණය සහ සැටලයිට් තාක්සණය ඇසුරෙන් මිලියන ගණන් දත්ත සහ තොරතුරු තත්පර කිහිපයක් ඇතුළත විශ්ලේෂන කර මනුස්සයාට වඩා වරදින් අවම තීන්දු තීරණ ගන්නා ස්වංකාරක අකාබනික තාක්ෂන ජීවීන් කීවත් නිවැරදියි.
මං මේ කියන දේවල් අහලකවත් පෙන්න නැතැයි කියමින් කට්ටියට බඩ අල්ලගෙන හිනාවෙන්නත් පුළුවනි. දැනටමත් ඇමෙරි-යුරෝ පෙදෙස්වල මනුස්සයා ගන්න තීරණවලින් කොටසක් අරගැනීම සඳහා උදව් කරන්නේ ඇල්ගෝ-රිදමයන්. ලංකාවෙ ලන්ඩන් ඒ ලෙවල් ලියන දරුවන් දන්නවා තමන් උත්තර දෙන ප්‍රශ්න පත්‍රයේ වැඩි බුද්ධිමත්කං පෙන්නන්න වැඩියෙන් ලිව්ව කියල ලකුණු වැඩියෙන් ලැබෙන්නේ නැහැ කියල. එයාල පනදාගෙන උත්සහ කරන්නේ අදාළ ප්‍රශ්න පිළිතුරු ෆෝමැට් එකට අනුව හැඩ ගැහෙන්න විතරයි. ඇයි? එයාලගේ ප්‍රශ්න පත්‍රයෙන් වැඩි කොටසක උත්තර බලන්නේ ඇරල්ගෝ-රිදමයන් විසින් නායකත්වය දෙන් යන්ත්‍ර. ඒ වගකීමෙන් මිනිසාව මුළුමනින් ඉවත්වී යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි.
දැන් හිනාවෙන කට්ටියට තේරුං ගන්න ඉන්දියාව තමන් කතාකරන භාාෂා 447ක් සහ මිත්‍යා මත නහුතයක් පැත්තකින් තියල, ඒව තියෙද්දීම ලෝකයේ අයිටී තාක්ෂණයෙන් පොරවල් බිහිකිරීම ආරම්භ කළේ ඇයි කියල. මේ වෙනකොට ගූගල් කොම්පැනියේ සීඒඕ දකුණු ඉන්දියානු සාමාන්‍ය මධ්‍යම පංතික පවුලකින් ආපු සුන්දාර් පිචායි නැමැත්තා.
ඒ නිසා අපි නොදන්න ඇල්ගෝ-රිදම් යාබද ඉන්දියාව දන්නව. ඒකයි එයාල ආසියාව ප්‍රධාන ගෝලීය අයිටී වෘත්තීයමය ශ්‍රමකඳවුරක් බවට පත්වෙලා තියෙන්නේ. මොකද එයාල මේ නව-නූතන උපකරණ පිටුපස ඇති දේශපාලනාර්ථික සහ මූල්‍යාර්ථික බලය ගැන දන්නව.
මං මේ කියන්නේ, අපි නූතන වාහන පැදයාමෙහි දී එහි “විශ්ලේෂයෙන් තීන්දු ගන්නා බලය”(Power to decide through analysis) නව-නූතන වහනයකදී අකාබනික ඇල්ගෝ-රිදමයන් අතපත් කරගෙන ඇති බව තේරුම් ගත්තා නම්, මේක ම ලෝක දේශපාලනයටත් ඇප්ලයි කරල බලන්න.
ඒ නිසා දැනට කොලඹ සහ නව-දිල්ලිය අතර පරතරය භෞමික කිලෝමීටර් 3384ක් වුවද, එළඹෙන දශකයේදී ඉන්දියාව විසින් තබනු ලබන තාක්ෂණ ඉදිරි පියවරයන් හමුවේ, ඉන්දියාව ලංකාව පසුකර අයීටී කිලෝමීටර මිලියනයක් යෑමට නියමිතයි. ඒ කියන්නේ භෞමිකව රටවල් ලඟ වුණද, අයිටී තාක්ෂණයෙන් අපි ඉන්දියාවට මහ විශාල ලෙස ඈතයි.
පුරවැසියෙකුට තව වසර දහයකින් පිළිකාවක් හැදී ඔහු මිය යන්න නියමිතයි නම්, දත්ත සහ තොරතුරු මිලියන ගාණක් ඇසුරන් ඒ පුරවැසියා දැනගන්නටත් කලින් ඇල්ගෝ-රිදමයන් විසින් ඒක දැනගෙන ඉවරයි. යමෙක් තව වසර තුනකින් සමලිංගිකයෙක් වෙන්නට නියමිත නම්, ඇල්ගෝ-රිදමයන් විසින් එය දැන්ම දැනගෙන ඉවරයි. ඉතින් මේ ඇල්ගෝ-රිදමයන් සමලංගික-විරෝධී මූලධර්මාවාදී රටකට සේවකලොත්, එකී පුරවැසියා සංමලිංගික වෙන්න කලින් ම එසේ වෙන බව දැනගෙන මරාදැමිය හැකියි. ලෝකයේ පිහියේ ඉඳන් ඕන ම උපකරණයක් හොඳ පැත්ත සහ නරක පැත්තට යොදාගත හැකියි.

ඇමෙරිකා එක්සත් ජනපදය, බි්‍රතාන්‍ය, චීනය සහ රුසියාව වැනි රටවල්වල රාජ්‍යතාන්ත්‍රික තීන්දු තීරණවලට යොදාගන්නා දත්ත සහ තෙරතුර විශ්ලේෂණය කරන්නට උදව් දෙන ඇල්ගෝ-රිදමයන් සහිත පරිගනක පද්ධතීන් සෝදිසිපරීක්ෂා කිරීමේ අවසරය ලදහොත්, ලෝක දේශපාලනය ඇල්ගෝ රිදමයන්ගේ විසින් සිදුකරන සියුම් ඩිජිටල් පෙළඹවීම් බව සොයාගැනීමට අපට එතරම් අසීරු නෙවේවි.
ඒ නිසා සමහර ඇමෙරි-යුරෝ විද්වතුන් මෙම නව-නූතන තත්වය “සාංසිද්ධිකව” (Incidentally) උපුටාගෙන, මෙය වියවුල් තත්වයක් ලෙස විග්‍රහ කරගත්ත ද, ඓතිහාසිකව සැලකූ කළ, මෙය 19 ශතවර්ෂයේ නූතන “ජාතික රාජ්‍යවාදී තත්වය”(National State Condition) 21වන ශතවර්ෂය තුළ නව-නූතන “ගෝලීය රාජ්‍යවාදී තත්වයක්”(Global State Condition) වෙතට මාරුවෙමින පවතින “සංක්‍රාන්ති අවදියක්” (Transitional Period) අප පසුකරමින් සිටින නිසා වන්නක් බව තේරුම් ගත යුතුව ඇත.
නව-නූතන විද්‍යාත්මක සොයාගැනීම් දේශපාලනාර්ථික පද්ධතීනට බලපාන ආකාරය හදාරන්නේ නැති සමහර විද්වතුන් ජාතික රාජ්‍යවාදී මානෝභාවයක සිටීම නිසා මෙය වියවුලක් ලෙස දකින බව මොනවට පැහැදිලි ය. එලෙස ම මේ උදවිය ගෝලීය ඇල්ගෝ-රිදමයන්ගේ අකාබනික ක්‍රියාකාරීත්වය එතරම් සිරීසියස් ලෙස සැලකිල්ලකට සහ අවධානයකට ගෙන සොදිසි-පරීක්ෂා කර ඇති බවක් පෙනෙන්නට නැත.
මේ සංවර්ධිත රටවල් හතරේ නායකයින් මේ යන මාර්ගයන් හැම එකකින් ම කාලකණ්නිකම බිහිකරාවි යැයි මොවුන් නන් දෙඩෙව්ව ද, ඇත්ත වශයෙන් ම කාලකණ්ණිකම බිහිකරන්නේ පරිවාරයේ පවතින අගතිගාමී වරිග සහ ජාති කරගහගත් අඩු කොලිටි ජාතික රාජ්‍යයන් සහ ඒවායේ නායකත්වයන් බව තේරුම්ගත යුතව ඇත.
තවමත් පරිසර ප්‍රශ්ණයන් රාශියකට විසඳුම් සෙවීමට සහ ඒවා නවතා දැමීමට නොහැකිව ඇත්තේ, අනතුරට සැලකිය යුතු කාලයකට කලින් එය දැන ගැනීමට අවශ්‍ය නව-නූතන ඇල්ගෝ-රිදමයන්ගේ ගුරුහරුකම් ලබාගැනීමේ පහසුකම තවමත් බොහෝ රටවල් කරා ව්‍යාප්තවී නැති නිසාවෙනි. නමුත් එය ඉදිරි දශකය තුළ නව නූතන තාක්ෂණික ආම්පන්න ලොව පුරා ප්‍රචලිතවීමට යන කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.
යුක්රේනයේ යම් තැනකට පරමාණු බෝම්බයක් හෙලීමට තරම් පුටින් මෝඩ වුණොත්, යුක්රේන යුද්ධයෙන් රුසියාව වියවුලට යනවා මිසෙක එයින් රුසියාව ගොඩ එන මගක් පෙන්නට නැති බව මතුපිටවාදී විශ්ලේසකයින්ගේ මතය යි.
එසේ වුවද, අපට අහන්නට ඇත්තේ වෙනත් ප්‍රශ්නයකි. යුක්රේනයට පරමානු බෝම්බයක් හෙලීම හෝ රුසියාව යුද්ධයෙන් ගොඩ එනවාද නැති ද යන වග නීරීක්ෂණය කරමින් සිටින්නේ මේ විද්වත් මිනිසුන් සහ ලෝක නායකයින් විතරද? රුසියාවේ යුද්ධයේ ස්වභාවය අතීත යුධකිරීමේ නූතනවාදී ස්වභාවයක පවතිනවා වූවාට, යුකරේනය හා යුද්ධ කිරීම සම්බන්ධයෙන් පුටින් නව-නූතන ඇල්ගෝ-රිදමයන්ගේ විශ්ලේෂන සහය නොගෙන එය සිදුකරන්නේ ද? එසේත් නැතිනම් ඇමෙරි-යුරෝ කේන්ද්‍රයට අවිඥානික වූ වෙනත් ස්වීය ඇල්ගෝ-රිදමික භාවිතාවක් පුටින්ගේ යුධ පරිපාලන ව්‍යූහයට නැතිද?
පුටින් අනෙක් රටවල තාක්ෂණ බලය ඉදිරියේ නිරුවත්වී මෙලෝ ඇල්ගෝ-රිදමික සහයක් නැතුව යුධ කරනවා නම්, කේන්ද්‍රයේ රටවල් ඇෆ්ගනිස්තානයට සහ ඉරාකයට කරපු විදිහට රුසියාවට මොනවත් ම නොකර ඉඳීවිද? නැත. රුසියාවේ යුධය පිටුස ඔුවන්ගේ මතවාදය යම් නූතන(Modern) ස්වභාවයක් ගත්ත ද, රුසියාව පවා නව-නූතන තාක්ෂණය භාවිතා කරමින් යුදයට අවතීර්ණ වී ඇති බව පැහැදිලි ය. එය ඇමෙරිකා එකත්සත් ජනපදය තම ඇල්ගෝ-රිදමයන්ගේ නායකත්වය ඇසුරෙන් මේ වන විටත් දැනගෙන ඉන්නා සත්‍යයක් විය යුතුම ය.
ඉතින් බොහෝ සුවපහසු ඇමෙරි-යුරෝ විශ්ලේෂකයන්ගේ අනුදැනුමට අනුව රුසියාව යුධ අපරාධ සම්බන්ධයෙන් පිලිකුලට භාජනය වී හුදෙකලා රාජ්‍යයක් බවටපත් වුවහොත්, වසර ගණනාවක් යන තුරුම රුසියාව ආර්ථිකව නොන්ඩි තත්වය පත්වේවිලු. ඒ ආර්ථික දුර්වල තත්වය දශක කිහිපයක් දුර යා නොදීමට නම්, ඔවුන්ට අනුව පුටින්ව පන්නා වෙනත් ආදේශක අයෙකු රුසියාවේ ජනාධිපති කළ යුතුය.
කාගේහරි කීමට හෝ නැතිනම් තමන්ලාගේ ම ස්වාධීන අදහසක් අනුව හෝ පුටින්ව තනතුරින් ඉවත් කිරීමට යෝජනවා කළාට, පුටින්ව පන්නා දැමීමට හේතුවූ උවමනාව යුක්රේනය ආක්‍රමණය කිරීමැයි යන අදහස මොවුන් විසින් පල කිරීමත් සමඟ ඒ හරහා මොවුන් නොකියන වෙනත් අදහස් පූසා මල්ලලෙන් එළියට පනිනවා සේ දොට්ට පැන ඇත.
අපි ඒවා විමසා බලමු.
යුක්රේන යුද්ධය අරඹන තුරුම පුටින්ව පන්නා දමන්නට හේතුවන කිසි ම කඩප්පුලි වැඩක් ඔහු විසින් නොකර ඔහු ඇමෙරි-යුරෝ ලෝකයට මාර ම ආතල් දෙන ප්‍රතිපත්තියක සිටියේ ද? අනෙක් අතින් රුසියාව යුක්රේනයට පහරදීම තුළ රුසියානු ජාතික ආර්ථික යොමුවක් පවතින්නේ වී නම්, යුක්රේනයට විරුද්ධව යුද්ධ කළ යුතු ද නැතිද කියා ජනමත විචාරණයක් පැවැත්වුවහොත්, මේ විද්වතුන්ට අවශ්‍ය තීන්දුව වන පුටින්ව බලුකර දැමීම බහුතර රුසියන් ජනයා විසින් සිදුකරාවිද? එහෙමත් නැතිනම් එහි ප්‍රතිපක්ෂය සිදුවේවිද? තවත් කෝණයකින් බැලුවොත්, ඇමෙරිකා එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානය සමතලා කරන්නටත්, ඉරාකයේ නායකයාව ඔහුට විරුද්ධවාදී සුළුතර කල්ලියක් හරහා ඔවුන්ගේ ආගමීක දිනයකදී ම සදාචාර-විරෝධිව එල්ලා මරාදමා එහි යූටියුබ් වීඩියෝ ප්‍රචලිත කරන්නටත් ගත් තීන්දු සහ ඒවා ක්‍රියාත්මක කරවීම්, පුටින්ගේ යුක්රේන් ආක්‍රමණයට වඩා අඩුවෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ද?
මේ විදිහට තවත් ප්‍රශ්න නහුතයක් අසන්නට හැකි මුත් ඒ මොන ප්‍රශ්න අසාවත් ඵලක් නැත. මෙහි නිරුවත් සත්‍ය අවබෝධ කර ගැනීමට කවුරුත් ප්‍රඥාවන්ත විය යුතුය. මෙහි නිරුවත් සත්‍ය නම්, බලවත් රාජ්‍යයන්ගේ ජාතික ආර්ථික න්‍යාය පත්‍රයට බාධා පමුණුවන ඕනෑ ම මුරණ්ඩු රාජයයක් තම රතු කට්ට පනිනවා නම්, ඊට විරුද්ධව යුධ වැදීමට බලවත් රාජ්‍යයන් දෙවරක් හිත්නනේ නැති වීමයි.

ඒ හින්ද අපි දන්නැති එක අපේ ලොකු කමක් නෙවෙයි.
දැන් අකාබනික ඇල්ගෝ-රිදමයන් විසින් කාර් එකකට නායකත්වය දීම, දේශපාලනාර්ථිකයට නායකත්වය දීම විදිහට ඇප්ලයි කරල බලන්න! ඒ නිසා මේ සංවර්ධිත රටවල් හතරේ නායකයින්ගේ චලන ජාතික ස්කෝප් එකට අමහුවෙන්නේ නැත වුණාට. ගෝලීය සංදර්භයක් ඇතුළෙ සැබෑ ලෙස ම අකාබනික ගෝලීය උපායමාර්ගයක් බව පැහැදිලියි.

ඒ නිසා ලෝක දේශපාලනයේ ප්‍රධාන රටවල් තුළ සම්පූර්ණ තීන්දු තීරණ ගන්නේ ඒ රටවල නායකයොමයි කියන එක අපේ හිතළුවක්. මෙයාලට සපෝට් කරන ඇල්ගෝ රිදම් දහස් ගණනකුත් සමඟ යි ඒයාල ඒ තීන්දු තීරණ ගන්නේ. අවදාන ම තියෙන්නේ දේශපාලකයො නැතුව ඇල්ගෝ-රිදම් විතරක් ලෝක තීන්දු ගනීද කියන එක.
ඒ පිලීබඳ ඇමෙරි-යුරෝ-චීන-රුසියා රටවල් වල සංවාද ඇතිවෙමිනුයි පවතින්නේ. කොටින්ම ඉන්දියාවෙ ඉංග්‍රීසි උගත් මධ්‍යම පංතියෙන් ඉහළ පංතික වෘත්තීය ප්‍රජාවෝ මේ පිළිබඳ දේශන පැවැත්වීමට වෙනත් දියුණු රටවල විද්වතුන් රට තුළට ගෙන්ව ගන්නටත් පටන් අරන් ඉවරයි.
ඒ අනුව ඇල්ගෝ-රිදමයන් මනුස්ස සදාචාර රීති පද්ධතායකින් ශික්ෂණය කරන නව ප්‍රෝග්‍රෑම් බිහිකරගත යුතුයි කියන සංවාදත් ඇතිවෙමිනුයි තියෙන්නේ. එහා පැත්තේ රටේ වෙන දේවල්වත් අපි හරියට ආභාශයට ගන්නව තියා කොපි කරන්නේවත් නැහැ. ඒ නිසා ඊළඟ ගෝලීයකරණ දශකයේ දී ලංකාව සහ ඉන්දියාව වෙනස් විදිහකට අර්ථකථනය කරගන්නට සිදුවෙනවා නියතයි.
ඒ නිසා දැනට කොලඹ සහ නව-දිල්ලිය අතර පරතරය භෞමික කිලෝමීටර් 3384ක් වුවද, එළඹෙන දශකයේදී ඉන්දියාව විසින් තබනු ලබන තාක්ෂණ ඉදිරි පියවරයන් හමුවේ, ඉන්දියාව ලංකාව පසුකර අයීටී කිලෝමීටර මිලියනයක් යෑමට නියමිතයි. ඒ කියන්නේ භෞමිකව රටවල් ලඟ වුණද, අයිටී තාක්ෂණයෙන් අපි ඉන්දියාවට මහ විශාල ලෙස ඈතයි.
පුරවැසියෙකුට තව වසර දහයකින් පිළිකාවක් හැදී ඔහු මිය යන්න නියමිතයි නම්, දත්ත සහ තොරතුරු මිලියන ගාණක් ඇසුරන් ඒ පුරවැසියා දැනගන්නටත් කලින් ඇල්ගෝ-රිදමයන් විසින් ඒක දැනගෙන ඉවරයි. යමෙක් තව වසර තුනකින් සමලිංගිකයෙක් වෙන්නට නියමිත නම්, ඇල්ගෝ-රිදමයන් විසින් එය දැන්ම දැනගෙන ඉවරයි. ඉතින් මේ ඇල්ගෝ-රිදමයන් සමලංගික-විරෝධී මූලධර්මාවාදී රටකට සේවකලොත්, එකී පුරවැසියා සංමලිංගික වෙන්න කලින් ම එසේ වෙන බව දැනගෙන මරාදැමිය හැකියි. ලෝකයේ පිහියේ ඉඳන් ඕන ම උපකරණයක් හොඳ පැත්ත සහ නරක පැත්තට යොදාගත හැකියි.

ඇමෙරිකා එක්සත් ජනපදය, බි්‍රතාන්‍ය, චීනය සහ රුසියාව වැනි රටවල්වල රාජ්‍යතාන්ත්‍රික තීන්දු තීරණවලට යොදාගන්නා දත්ත සහ තෙරතුර විශ්ලේෂණය කරන්නට උදව් දෙන ඇල්ගෝ-රිදමයන් සහිත පරිගනක පද්ධතීන් සෝදිසිපරීක්ෂා කිරීමේ අවසරය ලදහොත්, ලෝක දේශපාලනය ඇල්ගෝ රිදමයන්ගේ විසින් සිදුකරන සියුම් ඩිජිටල් පෙළඹවීම් බව සොයාගැනීමට අපට එතරම් අසීරු නෙවේවි.
ඒ නිසා සමහර ඇමෙරි-යුරෝ විද්වතුන් මෙම නව-නූතන තත්වය “සාංසිද්ධිකව” (Incidentally) උපුටාගෙන, මෙය වියවුල් තත්වයක් ලෙස විග්‍රහ කරගත්ත ද, ඓතිහාසිකව සැලකූ කළ, මෙය 19 ශතවර්ෂයේ නූතන “ජාතික රාජ්‍යවාදී තත්වය”(National State Condition) 21වන ශතවර්ෂය තුළ නව-නූතන “ගෝලීය රාජ්‍යවාදී තත්වයක්”(Global State Condition) වෙතට මාරුවෙමින පවතින “සංක්‍රාන්ති අවදියක්” (Transitional Period) අප පසුකරමින් සිටින නිසා වන්නක් බව තේරුම් ගත යුතුව ඇත.
නව-නූතන විද්‍යාත්මක සොයාගැනීම් දේශපාලනාර්ථික පද්ධතීනට බලපාන ආකාරය හදාරන්නේ නැති සමහර විද්වතුන් ජාතික රාජ්‍යවාදී මානෝභාවයක සිටීම නිසා මෙය වියවුලක් ලෙස දකින බව මොනවට පැහැදිලි ය. එලෙස ම මේ උදවිය ගෝලීය ඇල්ගෝ-රිදමයන්ගේ අකාබනික ක්‍රියාකාරීත්වය එතරම් සිරීසියස් ලෙස සැලකිල්ලකට සහ අවධානයකට ගෙන සොදිසි-පරීක්ෂා කර ඇති බවක් පෙනෙන්නට නැත.
මේ සංවර්ධිත රටවල් හතරේ නායකයින් මේ යන මාර්ගයන් හැම එකකින් ම කාලකණ්නිකම බිහිකරාවි යැයි මොවුන් නන් දෙඩෙව්ව ද, ඇත්ත වශයෙන් ම කාලකණ්ණිකම බිහිකරන්නේ පරිවාරයේ පවතින අගතිගාමී වරිග සහ ජාති කරගහගත් අඩු කොලිටි ජාතික රාජ්‍යයන් සහ ඒවායේ නායකත්වයන් බව තේරුම්ගත යුතව ඇත.

මෑතකදී දොංත පතං කියා බිම ඇද වැටුන ලංකා රජයයේ ගොඨා ඇතුළු රාජපක්ෂ ඩිනස්ටියේ නඩයත්, මේ දුර්වල දියාරු ජාතික රාජ්‍යය පද්ධතියත් ඊට ප්‍රභල උදාහරණයක් ය.
මේ විද්වතුන්, “රුසියාව සහ චීනය ඒකිධිපතීත්වය නිසා අහෝසිවී යාමට ද, ඇමරිකා එක්සත් ජනපදය සහ බි්‍රතාන්‍යය ගත්කළ ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රිකාරීත්වය අඩපනවීමෙන් ද, බි්‍රතාන්‍යය ආථික මුලාවක ගිලී යාමෙන් ද අහෝසිවී යාමට ද නියමිත බව පවසයි.
ගෝලීය කේන්ද්‍රයේ ඇල්ගෝ-රිදමයන්ගේ මිලියන ගණන් දත්ත සහ තොරතුරු විශ්ලේෂණ ඇසුරෙන් ගන්නා තීන්දු අනුව නම් වැදගත් වෙන්නේ රුසියාව සහ චීනයේ ඒකිධිපතීත්වයත්, ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රය අවරෝහණයවීමත්, බි්‍රතාන්‍යයේ වත්මන් ආර්ථික ක්‍රියාකලාපයනුත් නෙවෙයි. ඇල්ගෝ-රිදමයන් සැලකිලිමත් වෙන්නේ මේ සියළු බලකඳවුරු වල ගුණයන් ගැටී ළඟ එන අනාගතයට බිහිකර දිය හැකි ගෝලීය ජයග්‍රහණය කුමක් ද යන්නයි. ඒක පැහැදිලිව ම ජාතික රාජ්‍යමය අජෙන්ඩාවන්ට ප්‍රතිපක්ෂ තමයි. ඒකට හිත රිදවාගෙන වැඩක් නැත. අපි නූතන මාරුවේදී කෝච්චිය යථාවක් ලෙස භාරගත්තා සේම, මේ එමින් පවතින නව-නූතන දේශපාලනාර්ථික මාරුවේ පවතින සියළු නිෂ්පාදන උපකරණ භාරගෙන ඊට අනුගත වෙන්නට තරම් බුද්ධිමත් විය යුතුව ඇත.
මේ බලවත් රටවල් හතරට ම මගහැරයා නොහැකි ගෝලය උණුසුම් වීමේ වාද-විෂය (Issue) හෙවත් ලෝකය මුහුණ දෙමින් පවතින දෙවෙනි හදිසි අනතුරුමය තත්වය මෙහිදී සැලකිල්ලට ගතයුතුය. එහිදී ලෝක ගෝලයේ කොතැනක වුවද සිදුවන හදිසි කාළගුණ වෙනස්වීමක තොරතුරු සහ දත්ත කල්තියා හඳුනගෙන ඒවා විශ්ලේෂණය හරහා තින්දු ගැනීමෙන් ආපදාව ආපසු හැරවා යවන්නට මිනිසාට වැඩිය ඉක්මනින් ඇල්ගෝ-රිදමයන් මැදිහත්වීමෙන් ක්‍රියා කළ හැකිය.
තවමත් පරිසර ප්‍රශ්ණයන් රාශියකට විසඳුම් සෙවීමට සහ ඒවා නවතා දැමීමට නොහැකිව ඇත්තේ, අනතුරට සැලකිය යුතු කාලයකට කලින් එය දැන ගැනීමට අවශ්‍ය නව-නූතන ඇල්ගෝ-රිදමයන්ගේ ගුරුහරුකම් ලබාගැනීමේ පහසුකම තවමත් බොහෝ රටවල් කරා ව්‍යාප්තවී නැති නිසාවෙනි. නමුත් එය ඉදිරි දශකය තුළ නව නූතන තාක්ෂණික ආම්පන්න ලොව පුරා ප්‍රචලිතවීමට යන කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.
යුක්රේනයේ යම් තැනකට පරමාණු බෝම්බයක් හෙලීමට තරම් පුටින් මෝඩ වුණොත්, යුක්රේන යුද්ධයෙන් රුසියාව වියවුලට යනවා මිසෙක එයින් රුසියාව ගොඩ එන මගක් පෙන්නට නැති බව මතුපිටවාදී විශ්ලේසකයින්ගේ මතය යි.

එසේ වුවද, අපට අහන්නට ඇත්තේ වෙනත් ප්‍රශ්නයකි. යුක්රේනයට පරමානු බෝම්බයක් හෙලීම හෝ රුසියාව යුද්ධයෙන් ගොඩ එනවාද නැති ද යන වග නීරීක්ෂණය කරමින් සිටින්නේ මේ විද්වත් මිනිසුන් සහ ලෝක නායකයින් විතරද? රුසියාවේ යුද්ධයේ ස්වභාවය අතීත යුධකිරීමේ නූතනවාදී ස්වභාවයක පවතිනවා වූවාට, යුකරේනය හා යුද්ධ කිරීම සම්බන්ධයෙන් පුටින් නව-නූතන ඇල්ගෝ-රිදමයන්ගේ විශ්ලේෂන සහය නොගෙන එය සිදුකරන්නේ ද? එසේත් නැතිනම් ඇමෙරි-යුරෝ කේන්ද්‍රයට අවිඥානික වූ වෙනත් ස්වීය ඇල්ගෝ-රිදමික භාවිතාවක් පුටින්ගේ යුධ පරිපාලන ව්‍යූහයට නැතිද?
පුටින් අනෙක් රටවල තාක්ෂණ බලය ඉදිරියේ නිරුවත්වී මෙලෝ ඇල්ගෝ-රිදමික සහයක් නැතුව යුධ කරනවා නම්, කේන්ද්‍රයේ රටවල් ඇෆ්ගනිස්තානයට සහ ඉරාකයට කරපු විදිහට රුසියාවට මොනවත් ම නොකර ඉඳීවිද? නැත. රුසියාවේ යුධය පිටුස ඔුවන්ගේ මතවාදය යම් නූතන(Modern) ස්වභාවයක් ගත්ත ද, රුසියාව පවා නව-නූතන තාක්ෂණය භාවිතා කරමින් යුදයට අවතීර්ණ වී ඇති බව පැහැදිලි ය. එය ඇමෙරිකා එකත්සත් ජනපදය තම ඇල්ගෝ-රිදමයන්ගේ නායකත්වය ඇසුරෙන් මේ වන විටත් දැනගෙන ඉන්නා සත්‍යයක් විය යුතුම ය.
ඉතින් බොහෝ සුවපහසු ඇමෙරි-යුරෝ විශ්ලේෂකයන්ගේ අනුදැනුමට අනුව රුසියාව යුධ අපරාධ සම්බන්ධයෙන් පිලිකුලට භාජනය වී හුදෙකලා රාජ්‍යයක් බවටපත් වුවහොත්, වසර ගණනාවක් යන තුරුම රුසියාව ආර්ථිකව නොන්ඩි තත්වය පත්වේවිලු. ඒ ආර්ථික දුර්වල තත්වය දශක කිහිපයක් දුර යා නොදීමට නම්, ඔවුන්ට අනුව පුටින්ව පන්නා වෙනත් ආදේශක අයෙකු රුසියාවේ ජනාධිපති කළ යුතුය.
කාගේහරි කීමට හෝ නැතිනම් තමන්ලාගේ ම ස්වාධීන අදහසක් අනුව හෝ පුටින්ව තනතුරින් ඉවත් කිරීමට යෝජනවා කළාට, පුටින්ව පන්නා දැමීමට හේතුවූ උවමනාව යුක්රේනය ආක්‍රමණය කිරීමැයි යන අදහස මොවුන් විසින් පල කිරීමත් සමඟ ඒ හරහා මොවුන් නොකියන වෙනත් අදහස් පූසා මල්ලලෙන් එළියට පනිනවා සේ දොට්ට පැන ඇත.
අපි ඒවා විමසා බලමු.
යුක්රේන යුද්ධය අරඹන තුරුම පුටින්ව පන්නා දමන්නට හේතුවන කිසි ම කඩප්පුලි වැඩක් ඔහු විසින් නොකර ඔහු ඇමෙරි-යුරෝ ලෝකයට මාර ම ආතල් දෙන ප්‍රතිපත්තියක සිටියේ ද? අනෙක් අතින් රුසියාව යුක්රේනයට පහරදීම තුළ රුසියානු ජාතික ආර්ථික යොමුවක් පවතින්නේ වී නම්, යුක්රේනයට විරුද්ධව යුද්ධ කළ යුතු ද නැතිද කියා ජනමත විචාරණයක් පැවැත්වුවහොත්, මේ විද්වතුන්ට අවශ්‍ය තීන්දුව වන පුටින්ව බලුකර දැමීම බහුතර රුසියන් ජනයා විසින් සිදුකරාවිද? එහෙමත් නැතිනම් එහි ප්‍රතිපක්ෂය සිදුවේවිද? තවත් කෝණයකින් බැලුවොත්, ඇමෙරිකා එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානය සමතලා කරන්නටත්, ඉරාකයේ නායකයාව ඔහුට විරුද්ධවාදී සුළුතර කල්ලියක් හරහා ඔවුන්ගේ ආගමීක දිනයකදී ම සදාචාර-විරෝධිව එල්ලා මරාදමා එහි යූටියුබ් වීඩියෝ ප්‍රචලිත කරන්නටත් ගත් තීන්දු සහ ඒවා ක්‍රියාත්මක කරවීම්, පුටින්ගේ යුක්රේන් ආක්‍රමණයට වඩා අඩුවෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ද?
මේ විදිහට තවත් ප්‍රශ්න නහුතයක් අසන්නට හැකි මුත් ඒ මොන ප්‍රශ්න අසාවත් ඵලක් නැත. මෙහි නිරුවත් සත්‍ය අවබෝධ කර ගැනීමට කවුරුත් ප්‍රඥාවන්ත විය යුතුය. මෙහි නිරුවත් සත්‍ය නම්, බලවත් රාජ්‍යයන්ගේ ජාතික ආර්ථික න්‍යාය පත්‍රයට බාධා පමුණුවන ඕනෑ ම මුරණ්ඩු රාජයයක් තම රතු කට්ට පනිනවා නම්, ඊට විරුද්ධව යුධ වැදීමට බලවත් රාජ්‍යයන් දෙවරක් හිත්නනේ නැති වීමයි.
ඒ නිසා ඇමෙරික එක්සත් ජනපදය හා අරාබි රටවල් අතර යුද්ධ, එංගලන්තය මෑත ඉතිහාසයේ ආජින්ටීනාවට විරුද්ධව පල කළ යුද්ධ පුටින් යුක්රේනයට විරුද්ධව එල්ල කරන යුද්ධයට වෙනස් වන්නේ නැත. එහිදී යුක්රේන අගනුවර රුසියාවේ අගනුවරට වැඩි ඉතිහාසයක් තියෙනවාද කියන කාරණය අදාළ වන්නේ නැත. එසේනම් ඇමරිකා එක්සත් ජනපදය රටක් වෙලත් මහ කාලයක් නැහැනේ. මෙහිදී අදාළ වෙන්නේ නිෂේද බලය භාවිතා කිරීමට ඇති අයිතිය පමණි.
“මේ සම්බන්ධයෙන් යුක්රේන පාලනාධිකාරයට රුසියාව සමඟ සාකච්චා කර මේක දුරදිග යා නොදී බේරුමක් කරගන්න තිබුණා” කියා රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කළේ බලවත් රාජ්‍යයන්ගේ ක්‍රියාකාරීත්වයන් සමඟ එසේ නොවන රාජ්‍යයන් කටයුතු කරන අන්දම සම්බන්ධයෙන් ඔහු ප්‍රඥාවෙහි පිහිටා සිටින නිසාවෙනි.
ඉන්දියාවේ නොමේරූ නායක රජිව් ගාන්ධිගේ අණින් ඉන්දියානු ගුවන හමුදාව අන්තර්ජාතික ගුවන් නීතිය උල්ලංඝනය කරමින් ලංකා බලප්‍රදේශයට ඇතුළු වී අහසින් යාලනේට පරිප්පු දැම්ම පසුව, එවකට ලංකාවේ ජනාධිපති වී සිටි ජේ.ආර්. ජයවර්ධන ඉන්දියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේ නැත. ඔහු රජීව් සමඟ සාම ගිවිසුමක් අත්සන් කොට ඉන්දියන් හමුදාව රට තුළට ගෙන ඒමට කටයුතු කර, ඉන්දියාව ඒල්ටීටියේ හතුරෙක් බවට පත් කර, ජවිපෙට ඉන්දියන් හමුදාවක් බදාගෙන දේශපාලන න්‍යාය පත්‍රය වෙනස් කරන්නට සලස්වා, රජීවී සභාපතිධූරය දැරූ සාක් සමුළුවේදී “අපි නේරුත් සමඟ නිදහස් සටනේදී එක්ව වැඩකළා” බව පවයසමින් “උඹළගෙ මහඑවුන් එක්කත් වැඩ කරපු එකෙක් බන් මම” වැනි ගම්‍යාර්ථයක් රජීව්ට දී, රජීව්ව සාක් සමුළුව තුළ ලෝකයට පොඩි ළමයෙක් කර පෙන්වූවේ ය. (තවද ආර්.ප්‍රේමදාසට ද ඉන්දියන් හමුදාව සම්බන්ධයෙන් ජවිපෙ ස්ථාවරය ම ඇති බව ප්‍රසිද්ධියේ කියා දමන්නට ප්‍රේමදාසට බලකෙරී ඔහුගේ “පුහුල් හොරා කරෙන් දැනේ බව” එජාප පාක්ෂිකයින්ට හෙළිදව් කෙරෙව්වේ ය.)
නමුත් ජේ.ආර්. වසර අනූ ගණනක් ජීවත්වී ස්වභාවික මරණයකට අත් කරගත් අතර, ජේ.ආර්. විරෝධී වූ රජීවී, ජවිපෙ නායක ඇතුළු බහුතරය, ප්‍රේමදාස අනතුරුදායක මරණවලට ගොදුරුවී මිය ගියහ. රජීවී මරපු එකේ වාඩුවට සෝනියා ගාන්ධි ඉන්දීය මහ ඇමතිට උඩ පනින්නට ඉඩනොදී ඒල්ටීටියට විරුද්ධ යුද්ධයට බාධා නොපමුණුවන ලෙස එවක ඉන්දීය පාලනාධිකාරයට බල කළ හෙයින්, එල්ටීටිය ද එහි නායකයා ද අනතුරුදායක මරණයන්වලට ගොදුරුවී අතුගෑවී ගියේ ය. මෙයින් බොහොමයක් දේ සිදුවූයේ ජේ.ආර්. මිය ගියාටත් පසුව ය. බද්ධිමතුන් යුද්ධකරන්නට ඉක්මන් වන්නේ නැත. ඔවුන් තමන්ගේ භෞතික යුධ බලය හීන නම්. තම දැනුම සහ ප්‍රඥාව කියන ආයුධය යොදවා ගන්නවා ම ය. නව-නූතන ලෝකය “දැනුම යනු ප්‍රාග්ධනය” ලෙෂ හඳුනාගෙන ඇත්තේ මේ නිසා ය.
නිෂේධ බලය සහිත රටවල්වලට හෝ තමන්ට වඩා යුධබලයෙන් ශක්තිමත් රටවල්වල ආධිපත්‍යයට එරෙහිව නොගොස් යුද්ධ කරන්නේ කෙසේදැයි කියා ජේ.ආර්. කියා දුන් පාඩම යුක්රේන නායකායා හදාරා නැත. ලෝකයේ හතරවෙනි හමුදාව ඉන්න රටේ නොමේරූ පාලකයෙක් තමන්ට විරුද්ධව යුධබෙර ගසත්දී, එය මුළු හයතරවෙනි හමුදාවේ සිටින සියළු සොල්දාදුවන්ගේ ද අදහස නොවන බව ජේ. ආර්. දැන සිටියේ ය. ජේ.ආර්. ලංකාවට උඩින් පරිප්පු දාපු නොමේරූ ක්‍රියාව කළ නායකයාට පමණක් නොව ඊට නොමේරූ ලෙස විරුද්ධවී දේශපාලන වාසි සොයාගිය සියල්ලන්ට ද කල්ගතවී නමුත් මතක හිටින උත්තරයක් දී ඇත. ජේ.ආර්. යනු ශක්තිමත් කාබනික ඇල්ගෝ-රිදමයකි. පොත් 25000ට වඩා හිතින් හිමිකරගෙන සිටි මේ මහා පෞර්ෂය හදාරනවා වෙනුවට අපි කරන්නේ ඔහුගේ නවීකාරක බව අපිට දැනුම හීන තැනකින් නිෂේධනය කර දැමීම යි.
ගෝලීය ඇල්ගෝ-රිදමයන් මෙතරම් ශක්තිමත් නොවූ නූතන අවදියක දේශපානය කළ ජේ.ආර්. දැනුම ප්‍රාග්ධනයක්(Knowledge as Capital) බව අවබා්ධ කොටගෙන හිඳ ඇත. ඒ නිසා 88-89 යුගයේ ජේ.ආර්ගේ ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් හැටියට පරාජයට පත්වූ ජවිපෙ “ජේ.ආර් නැවත කියවීම” නමින් 06වෙනි පංතියක් තම පංති 05ට ඇතුළත් කළ යුතු ය.
ඒ නිසා රුසියාවේ හෝ චීනයේ ඒකාධිපතීත්වයක් වේ නම්, එය ක්ෂණිකව ඉවත් කිරීමට ඒ රටවලට එරෙහිව නූතනවාදී යුධ ප්‍රකාශ කළ යුතු යැයි හෝ, ඒ රටවල සිටින ජනයා උසිගන්වා නායකයින් පුටුවෙන් ඉවත්කර දැමිය යුතු යැයි හෝ ප්‍රකාශ කිරීම අතාර්කික සහ අප්‍රායෝගික වේ.
මේ සියළු ඇමෙරි-යුරෝ විදිවතුන් ද පොත් 25000කට වැඩි ප්‍රමාණයක දැනුමෙහි අයිතිකරුවෙකු වූ ජේ.ආර්.ව නැවත කියවිය යුතුය. රුසියාව හෝ චීනය යන රටවල් ඇමෙරි-යුරෝ කේන්ද්‍රයට දියකර හැරීමට උවමනා නම්, ලදරුවල්ප්පුව හැදී මෙන් තදියමේ වැඩ නොකළ යුතු ය.
කළ යුත්තේ තම අකාබනික ඇල්ගෝ-රිදමයන් වෙතට විරුද්ධ රටවල දත්ත සහ තොරතුරු එන මාර්ග පුළුල් කිරීම ය. ස්වභාවයෙන් ම නව-නූතනවාදී වූ අකාබනික ඇල්ගෝ-රිදමයන් තුළට නූතනවාදී ලෝකයේ සිටි “කාබනික ඇල්ගෝ-රිදමයන්” ලෙස ජීවත් වූ වූ ජේ.ආර්. ජයවර්ධන, ෆිදෙල් ක්‍රස්තෝ, ලෙනින්, ට්‍රොට්ස්කි, ගාන්ධි, මාක්ස්, තෙරේසා මව් තුමිය, ඕෂෝ, දලෙයිලාමා, චර්චිල්, මාග්‍රට් තැචර්, හෝචිමිං වැන මෙකී නොකී අය කළ කීදේවල අතුරු ප්‍රතිඵල සමඟින් අනුසාර කරගත යුතු ය. ඔවුන් තීරණයක් ගැනීමේදී කාල-අවකාශ කලමනාකරණය කරගත් ඉවසීමෙන් යුතු භාවිතා ගවේශනය කළ යුතුය. ඒවා ඇල්ගෝ-රිදමයන්ට ෆීඩ් කළ යුතු ය.
එසේ නැතුව දැඩි ශීත කාලයේ රුසියාවට ප්‍රංශ හමුදා රැගෙන ගොස් හීතලෙන් හෙම්බත්කොට පරදින්නට සිද්ධ කළ නැපෝලියන් අධිරාජ්‍යයාට වූ දේ ම පුටින්ටත් සිදුවෙනවා ඇතැයි ගොං මත ප්‍රකාශ කිරීමෙන් වැඩක් වන්නේ නැත.
දශක ගණනාවක් පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයා ලෙස ෂිං ජින්පිං කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් සහ රටේ ජනාධිපති ලෙස තුන්වෙනි වතාවටත් පත්කර ගැනීම ඒකාධිපතීත්වයක් ලෙස ගෙනහැරපාමින්, ඉදිරි වසර 10දී චීනය අන්ත නරක තත්වයට හැරේවි යැයි පැවසීම අර්ධ සත්‍යයකි.
එසේ නම් බඩගින්නට කිරිමැටි ගුලි කා ජීවත් වූ චීනය ගෝලීය කේන්ද්‍රයේ ප්‍රාග්ධනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක හිමිකරුවා කළේ කවුරුන්ද? සෝවියට් සමූහාණ්ඩුවේ පාලනාධිකාරයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාපිලිවෙත සීරුවෙන් ඉවත්කරනවා වෙනුවට, එහි මුළු දේශපාලනාර්ථික පද්ධතියම උඩුයටිකුරු කර “සමාජ නිදහස” දෙන්නටැයි කියා “ආර්ථික නිදහස” ද නැති කළාට පසුව බිහිවූ විකෘති රුසියන් රාජ්‍යය තමයි මේ තියෙන්නේ. චීන ජනතාව රුසියන් බහුතර ජනයාට වෙලා තියෙන දේ දන්නේ නැති ද?
එලෙස ම ගෝලීය ආයතන සහ කලාපීය ආයතන තුළ පිළිගැනීම හිමිකරගනිමින් මේ වන ආසියාවේ හොඳම ධනේෂ්වර මුදල් ඇමතිවරයා සම්මානය ද අත්පත් කරගෙන සිටින රවී කරුනානායක වැන්නන් ගැන ජාතික මට්ටමින් ජනයාට ලිහාගත යුතු ප්‍රශ්න සහ ගැටළු රාශියක් තිබුණ ද, එජාපය ඇතුළේ සමහර තරඟකාර සමාජිකයින් තුළ කුමන නිෂේධනාත්මක අදහස් තිබුණ ද, ඔහු වැන්නෙක් රනිල්ගේන් පසු ඊළඟ ධනේෂ්වර අනුප්‍රාප්තිකයා වුවහොත් සහ එජාපයේ ඊළඟ නායකයා ලෙස පුහුණු කරගතහොත්. ගෝලීය මට්ටමින් ගත් කළ රනිල් නිසා ඇතිවූ වාසිය ඉදිරි ජාතික චන්දවලදී පවත්වාගෙන යාමට හැකිවනු ඇත. එසේ නොවුණොහොත් තුන්වෙනි බලවේගයක් බලවත් වී රනිල්ට පුටුව නැති වනු ඇත.
(සටහන - ජූනියස් රිචඩ් විසිනි)
සබැඳි ලිපි :
එජාපයෙන් බිහිවන ඊළඟ ධනේෂ්වර නායකයා කවුද?
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

මෙහි ප්‍රශ්නය වන්නේ, මෙය බලවත් ජාතික රාජ්‍යයන් කීපයක් අතර ප්‍රශ්නයක් විදිහට දැකීමය. මෙය දැකිය යුත්තේ, අවසානයේ දියවී යාමට නියමිත ජාතික රාජ්‍යයන් විදිහට ය. එය සිදුකරන්නේ පුද්ගලයන්ගේ මතවාදයකින් නොවේ. එය සිදුකරන්නේ නිෂ්පාදන උපකරණයන් (Means of Producion) සූක්ෂමතාව විසිනි. මේ ගෙවෙමින් පවතින්නේ දේශපාලන තීන්දු ගැනීමේ බලය මිනිසාගේ මොළය ප්‍රධාන ස්නායු පද්ධතියේ සිට නව-නූතන නිෂ්පදන උපකරණවලට මාරුවෙමින් පවතින යුගයක් ය. ඒ නිසා ගෝලීය හෝ කලාපීය වශයෙන් විෂයානුබද්ධව රාජ්‍යතාන්ත්‍රික පිලිගැනීමට ලක්වන චරිත රටක දේශපාලන චරිත බවට පත්කිරීම සිදුකරගතහොත්. මේ බල හුවමාරුව සම්පූර්ණ වන ඉදිරි යුගයක දී ලක් රටේ බහුතර ජනයාට හොඳක් වෙනවා ඇත.
ඒ නිසා ගෝලීය සහ කලාපීය ආයතන තුළ පිළිගැනීමක් හිමිකරගෙන සිටින රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු චන්දයෙන් හෝ රටේ ජනාධිපති වීම පිළිබඳ තවමත් රට තුළ ජාතික මට්ටමින් කුමන තරමේ නිෂ්ධනාත්මක කතාබහ පැවතියත්, ගෝලීය සහ මට්ටමින් ගත්කළ සිදුවූයේ රටට වාසියකි.