දිඹුලාගල තියෙන්නේ වරිග යුද්ධයකි. දරුවන්ගේ ආහාර අහේනි කතාව එම යුද්ධයේ ‘දේශපාලන සන්නිවේදනයේ‘ අග්‍ර නිර්මාණයකි.



‘ආහාර අහේනියක් දිඹුලාගල ගම් 8 ක දරුවෝ පාසල් ගමන නවත්වයි‘ ප්‍රවෘත්තිය ඊයේ සමාජ මාධ්‍ය හිට් එකය. රටටම කැලෑ කොළ කැවූ කතාව පිටුපස ඇති ‘වරිග යුද්ධය‘ මෙරට ආදිවාසී ප්‍රජාවේ ඛෙදවාචකයේ කතාවයි. එයැවින් එය නම්, ගම්, වාසගම්, කුල සමඟම ලියමි.


313439528 10225834476622129 1835383119087435945 nකේ. ලිසිනෝනා කියන බය නැති, ඕනෑම දේකට ඉදිරියට එන, මුඛරි කාන්තාව දිඹුලාගල වැදි පරපුරේ නායකයා වූ තලාවරිගේ අමරසිංහ ගේ සහෝදරිය කි.  ලංකාවේ ආදිවාසී ප්‍රජාවන් අතර කිසිම තැනක ‘නායිකාවන් නැත‘. ඉන්නේ පුරුෂ පරම්පරාවෙන් පරම්පරාවට යන ‘නායකයින්‘ පමණී.  


තලාවරිගේ පරම්පරාවේ වත්මන් නායකයා ප්‍රියන්ත (අවු. 30)  ය. ප්‍රියන්තගෙන් නම ඇසූ විට ඔහු කියන්නේ අමරසිංහගේ ප්‍රියන්ත කියා ය. ප්‍රියන්ත ගේ නමේ කොතැනකවත් දිඹුලාගල ආදිවාසී අනන්‍යතාවය ‘තලාවරිගේ කෑල්ල‘ නැත.  


වැදි නායක ප්‍රියන්ත තමන්ගේ වරිග වගකීම ඉටු කරන්නෙකු නොවේ. ඔහු දැන් මේසන් වැඩට යයි. කොන්ක්‍රීට් අන යි. පදිංචිය සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස වැඩපිළිවෙල නිසා ලැබූ නිවසක ය. අප දන්නා ප්‍රියන්ත වැදි භාෂාව දන්නේ නැත. අඩුම ගානේ ඔහු වැදි භාෂාව කතා කරන්නේ නැත. දිඹුලාගල ඡන්ද පෙට්ටි ටිකේ සංවිධායකයා ය.


ලංකාදීප මාධ්‍යවේදී මනම්පිටියේ නිමල් ජයරත්න දෙයක් අවුස්සා පුවත් ලියන්නට හපන්, මාධ්‍ය උණ ඇත්තෙකි.  ඔහුට අනුව කේ. ලිසිනෝනා දිඹුලාගල ආදිවාසී නායිකාවකි.  ඇය නායිකාවගේ භුමිකාව සිදු කරන බව ඇත්තය.


ලිසිනෝනා ගේ නමේ ‘කේ‘ අකුරේ තේරුම ‘කන්දප්පුගේ ලිසිනෝනා‘ යන්නය. නමට අනුව නම්, ලිසිනෝනා තලාවරිගේ අයෙකු නොවේ. කන්දප්පු වාසගම ඇත්තේ වාකරේ උදවියට ය.  ඇය කියන හැටියට දිඹුලාගල හාමුදුරුවෝ එන විටත් ඇය මෙහි පදිංචිකාරියකි. එය එසේ විය හැකිය. නැතිනම්, දිඹුලාගල හාමුදුරුවෝ සමඟ මෙහි පැමිණියා ද විය හැකිය.


දැන් නිමල් ජයරත්න කියන්නේ තමන්ට ‘ලිසිනෝනා ගේ කතාවේ හඩ පටය‘ ඇති බව ය. ඔහුගේ කතාවේ එකම මුලාශ්‍රය ලිසිනෝනා ය.


සෑම වසරකටම වරක් දඹානේ කොටබකිනියේ දී සංස්කෘතික අමාත්‍යවරයාගේ ද සහභාගීත්වයෙන් වන්නිලාඇත්තෝ ගේ ප්‍රධානත්වයෙන් ආදිවාසීන්ගේ ‘වරිග සභාව‘ පැවැත්වේ.  එහි සහභාගීත්වය, දඹානේ (වන්නිලාඇත්තෝ), වාකරේ (අම්බලවරිගේ වේලායුදම්), මුතූර් (නම මතක නෑ), රතුගල (දානිගල මහ බණ්ඩාරලාගේ සුදා වන්නිලාඇත්තෝ නැතිනම් සුදා),  හේනානිගල (තලාවරිගේ ගුණ බණ්ඩියැලැත්තෝ), පොල්ලේබැද්ද (නම මතක නැත) සහ දිඹුලාගල ප්‍රියන්ත ය.  


වැදි භාෂාව කතා නොකරන, උදාගම් නිවාසයක ජීවත්වන, අවම වශයෙන් තම පරම්පරාවේ නමේ උරුමය හෝ පවත්වාගෙන නොයන ‘අමරසිංහගේ ප්‍රියන්ත‘ මෙරට ආදිවාසී නම් ලැයිස්තුවේ නොගැලපෙන පදය යි. ප්‍රියන්තගේ නායකත්වයේ අඩුව, පුරවමින් සිටිනේනේ කන්දප්පුගේ ලිසිනෝනා ය. ජනතාවගේ ගැටළුවකට වතුර ටැංකියට නගින්නේ ද, මාධ්‍යයට වොයිස් කට් දෙන්නේ ද ඇයයි. ඇයට එම ස්ථානය ලැබී ඇත්තේ ඉදිරිපත්වීමේ නායකත්ව ගුණාංගය නිසාය. ඇයට එම තනතුර ලියාපදිංචි කර ඇත්තේ වරිග සභාව නොව, ලංකාදීප මාධ්‍යවේ දී නිමල් ජයරත්න ය!

 

වැදිනායිකාවක් පත් කර, වොයිස් කට් අරගෙන එය මෙරට ප්‍රධාන පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බවට පත් කරන මාධ්‍යවේදියා අවම වශයෙන් එහි කරනු විදුහල්පති, කලාප අධ්‍යක්ෂගෙන් තබා පාසල් දරුවෙකුගෙන් හෝ අසා නැත. තනි මුලාශ්‍රයක් වෙනුවට ‘බහුවිධ මුලාශ්‍ර භාවිත කලා නම්‘ අවම වශයෙන් මේ පට්ටපල් බොරු ප්‍රවෘත්තිය ප්‍රධාන සිරස්තලය නොවන්නට තිබුණි. එහි වගකීම, නිමල් පමණක් නොව, මේ ප්‍රවෘත්තිය අනුමත කළ, සිරස්තල දමා ඔපමට්ටම් කළ සැමගේ ය.


දිඹුලාගල ග්‍රාමීය දරිද්‍රතාවයේ ඉහළින්ම ඇති තැනකි. ක්ෂ්ද්‍ර මූල්‍ය ණය නිසා අන්ත අසරණ වූ පවුල් සහිත ගමකි.  මත්පැන් භාවිතය සාපේක්ෂව ඉහළය. මේ නිසාම දෙමළ සහ සිංහල භාෂා පාසල්වලට එක කෑම වේළක් නොව ඉදහිට කෑම වේල් දෙකක්ම ලැබේ. පාසල් උපකරණ ද නැතිවා නොවේ.


අද වී කිලෝව රු. 90 නැත්තම් 95 කි. බඩ පිරෙන්නට කන්න දෙන්නට බැරි ආහාර හිඟයක් මේ මොහොතේ රටේ නැත.  ආහාර සුරක්ෂිතතා කමිටු 13,000 කට වැඩි ප්‍රමාණයකින් අන්ත දිළිඳු ජනතාවට සහන සැපයීම සිදුවේ. රටේ ජනතාවගේන් 57% ක් ආහාර සහන ඉල්ලා ඇත. කන්නට නැති දරුවන්, ජනතාව සිටී නම් ඔවුන්ට හෙට නොව අදම සහන සැලසීම රජයේ ද, පුරවැසි අප සැමගේ ද වගකීමකි.  අපි සැම එක්වී එම වගකීමට උරදෙමු.


අමරසිංහගේ ප්‍රියන්ත සහ කන්දප්පුගේ ලිසිනෝනා ගේ නායකත්ව යුද්ධය දැන් ජාතික ප්‍රශ්නයකි. මෙවර වරිග සභාවේ දී ආදිවාසී නායකත්වය කාන්තාවකට ලැබේ නම්, මේ පට්ටපල් බොරු ප්‍රවෘත්තිය ලංකාවේ ආදිවාසී ප්‍රජාවගේ ගමන්මග වෙනස් කරනු ඇත. ලිසිනෝනා ට ජයවේවා!  


රජිත් කීර්ති තෙන්නකෝන් ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් තනතුරකට පත් කෙරේ | LIVE at  8 Newsරජිත් කීර්ති තෙන්නකෝන්
ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු)

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්