2022 පාපන්දු ලෝක කුසලානය කටාර් හීදී ආරම්භවුණා. දවස් 29ක් පුරාවට ක්‍රියාත්මක වෙන මෙම තරඟාවලිය නරඹන්න ලොවපුරා ප්‍රේක්ෂකයින් වසර

ගණනක් තිස්සේ ඇඟිලි ගනිමින් ඉන්නවා.


පාපන්දු කුසලානය බ්‍රසීලය තුන් වතාවක් ජයගත්තට පස්සේ කුසලානය ඔවුන්ට හිමිවුණා. ඒ නිසා 1971දි අලුත් කුසලානයක් නිර්මාණය කරන වැඩේ බාරගත්තේ ඉතාලි ජාතික අතිදක්ෂ නිර්මාණකරුවෙක් වුණු සිල්වියෝ ගස්සානිගා.


ඔහු විසින් කැරට් 18 රත්තරන් භාවිතා කරලා හදපු කිලෝ 6ක් බර, අඟල් 14ක් උස ලෝක කුසලානය තමයි අවුරුදු 51ක් තිස්සේ තවමත් ලෝක කුසලාන ජයග්‍රාහකයන්ට තිලිණ කරන්නේ.


අද වෙද්දි ඉතාලියට ලෝක කුසලානයේ අවස්ථාව නොලැබුණත් ගස්සානිගා පවුලට පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟයේ අසුන් කීපයක් වෙන් කරන්න සංවිධායකයන් කටයුතු කරන්නේ චාරිත්‍රයක් විදිහටයි.


අද Sports with Himashi වාර්තාමය වීඩියෝවෙන් කියන්නේ මෙවර ලෝක කුසලානය ගැන ඔබ දන්න නොදන්න දේවල් ගැනයි.



 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්