ලංකාවෙ යූටියුබ් මාධ්‍යවේදීන් ගත්තොත් මේ අය යැපෙන්නෙ ප්‍රධාන කාරණා දෙකක් මතයි.



එකක් කාට හෝ දොස් පැවරීම. විකල්ප සහ මාර ජනමාධ්‍යවේදය විදිහට ලංකාවෙ පිළිගන්නෙ මේකයි. කාව හෝ තමන්ට උවමනා හැටියකට වරදකරුවෙක් කරමින් අපහාස කරමින්, දුෂ්ටයන් මවමින් මේ යූටියුබ්කරුවන් ක්‍රියාත්මක වෙනවා. මේ වර්ගයේ බොහෝ මාධ්‍යවේදීන් කියන අය කරමින් ඉන්නෙ ඇත්තටම ත්‍රස්තවාදයක්. රාජපක්ෂලාගෙ කාලෙදි ජාතිවාදී ආගම්වාදී ඉරාජ් පන්නයේ පිරිස් විසින් කරගෙන ගිය මේ යූටියුබ්කරණය දැන් විකල්ප, වාමාංශික පිරිස් විසින් කරගෙන යනවා. ඒවා නරඹන්න කැමති විශාල ප්‍රජාවක් ඉන්නවා. ඒවාට ලැබෙන විව්ස් වැඩියි. මේක ආර්ථිකයක්.  

දෙවෙනි කාණ්ඩය දුක හෝ ඛේදය අළෙවි කරන අයයි. මොකක් හෝ ඛේදජනක ප්‍රවෘත්තියක් නිර්මාණය කරමින් ඒවාට ආකර්ශනය ගැනීමයි මෙතනදි සිද්ද වෙන්නෙ. දුකත් මාර්කට් කරන්න හරිම ලේසි දෙයක්. දුකටත් ලොකු ආර්ථිකයක් තියෙනවා.



මේ දෙපිරිසම කරන්නෙ ජනතාව ඉල්ලන බාල ත්‍රිල් එක ලබා දීමයි. අපේ රටේ බහුතරය කැමති අනුන්ගේ දොස් දකින්නයි. අනුන්ගේ දුක අහන්නයි. මේක ලංකාවෙ සමාජ මානසිකත්වය නිර්මාණය වෙලා තියෙන විදිහ. අපේ රටේ කිසිදු නිර්මාණාත්මක, ධනාත්මක ප්‍රවේශයකට ඉඩක් නැති වෙන්නෙ මේ දුප්පත් මානසිකත්වය හින්දයි. එකක් වාමාංශික සහ ජාතිකවාදී සෙට් එක විසින් නිර්මාණය කරපු තත්වයක් වන අතර අනෙක ආගම විසින් නිර්මාණය කරපු තත්වයක්. මේ දෙක එකිනෙක මත යැපෙමින් යූටියුබ් විව්ස් තරගයක යෙදීම නූතන ඩිජිටල් මාධ්‍යවේදය වෙලා තියෙනවා. නමුත් අවසාන වශයෙන් මේ දෙපිරිසම අළෙවි කරන්නෙ කුණු රසයයි.


ගොඩයමු ව්‍යාපෘතිය ගැනත් මේ පළවෙනි කාණ්ඩයේ යූටියුබ්කරුවෙක් විසින් චෝදනා වගයක් ඉදිරිපත් කරලා තිබුන. ඇත්තටම ඒ ‍චෝදනා ගොඩයමු සාමූහිකය විසින් පෙනී සිටින ආර්ථික කාරණා ප්‍රශ්න කරන ඒවා නෙමෙයි. ඒ වෙනුවට ගොඩයමු සාමූහිකයට මුදල් ලබාදෙනවා කියල ඒ අය අනුමාන කරන ව්‍යාපාරිකයන්ගෙ සදාචාරය ගැන ප්‍රශ්න කිරීම්. වෙන විදිහකට කිව්වොත් ගොඩයමු ව්‍යාපෘතියට කොහෙත්ම අදාල නැති වර්ගයේ ඒවා.

xzdrf

පැතුම් කර්නර්, රසික ජයකොඩි වගේ අය මේ ව්‍යාපෘතියට එකතු වුනාමත් මේ විදිහෙ ප්‍රශ්න කිරීම් ආවා. මේ අය එක්ක කොහොමද එකම වේදිකාවක ඉන්නෙ කියල සමහරු ඇහුවා. පොහොට්ටු පාක්ෂිකයො ගොඩයමු රැස්වීමකට ආවත් මේ ‍විදිහෙ ප්‍රශ්න සමාජ මාධ්‍යවල ඇවිලුනා. ගොඩයමු සාමූහිකයෙ සදාචාරය සහ කන්‍යාභාවය පරීක්ෂා කරන්න හැදුවා. කොටින්ම මේ වෙද්දි ගොඩයමු සාමූහිකයෙ කෙනෙක් යම් කාරණාවක් නිසා යම් කණ්ඩායමක් විසින් සංවිධානය කරන සාකච්ඡාවකට සහභාගි වෙන්න නොහැකි බව කිව්වත් ඒකත් තක්කඩිකමක් විදිහට හඳුන්වමින් පහර දෙන තත්වයක් ඇතිවෙලා තියෙනවා.

යම් ව්‍යාපෘතියක් සාර්ථකද කියන එක මනින්න තියෙන හොඳම සාධකය වෙන්නෙ ඒ ව්‍යාපෘතියට එල්ල කරන චෝදනා අපහාස ප්‍රමාණයයි. ඒ කියන්නෙ ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වය විසින් සමාජය යම් ප්‍රශ්න කිරීමකට ලක් කරලා තියෙනවා කියන එකයි. ලංකාවෙ සමාජය තමන්ව ප්‍රශ්න කිරීම බාරගන්න පුළුවන් තරමට වැඩුනු පුරවැසි සමාජයක් නෙමෙයි. මේ නිසා වහාම ඉන් කුපිත වී අතට අහුවෙන දෙයින් දමාගැසීමේ ළමා ගතිය ප්‍රකට වීම ස්වභාවිකයි.



ගොඩයමු සාමූහික‍යේ පෙනී සිටීම ඉතාම සරල ඍජු එකක්. ආර්ථිකය සම්බන්ධ අවම ප්‍රතිසංස්කරණ කීපයකට එකග වෙන ඕනෑම කෙනෙකුට මේ සාමූහිකයේ කොටස්කරුවෙක් වෙන්න පුළුවන්. ඒ එකගතාවය ඇරුණම ඒ අ‍යගේ අන් කිසිම දේශපාලන හෝ ව්‍යාපාරික කාරණාවක් ගොඩයමු ව්‍යාපෘතියට අදාල වෙන්නෙ නෑ. අපේ එළඹුම වෙන්නෙම එකිනෙකාට දොස් පැවරීම සහ හොරු ඇල්ලීම පැත්තකින් තියල රටේ අත්‍යාවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැපවීමයි.


ගොඩයමු ව්‍යාපාරයට උදව් කරන විවිධ පිරිස් ඉන්නවා. මේ රටේ ඇතැම් ව්‍යාපාරිකයො අපිට අවශ්‍ය යම් අනුග්‍රහයන් ලබාදෙනවා. ඒ වගේම විවිධ දේශපාලන කණ්ඩායම් ඒ අයගෙ ශ්‍රමය සහ සහභාගිත්වය ලබාදෙනවා. බුද්ධිමතුන් අදහස් දායකත්වයන් ලබාදෙනවා. සමාජ දිරිගන්වන්නන් ඇද වැටුනු ප්‍රජා මානසිකත්වය නගා සිටුවන්න අපිත් එක්ක වැඩ කරනවා. විවිධ ප්‍රදේශවල ජනතාව රැස්වීම් සංවිධානය කරමින්, ඒ අයගෙ අදහස් එකතු කරමින් මේ ව්‍යාපාරය ශක්තිමත් කරනවා. මෙතන කිසිම අයිතිකාරයෙක් නැති අතර කිසිවෙක් තවත් කෙනෙකුට වඩා උසස් හෝ පහත් වෙන්නෙ නෑ. ගොඩයමු ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම විමධ්‍යගත පුරවැසි ව්‍යාපාරයක්. අපිව විවේචනය කරන ගොඩක් අයට තේරුම් ගන්න බැරි අවුල මේ ඩීසෙන්ට්‍රලයිස්ඩ් කියන කාරණයයි.

ඒ වගේම දුප්පත් මනස් ඇති මිනිස්සුන්ට හැමතිස්සෙම ලොකුවට පේන්නෙ සල්ලි. මේ නිසා තමයි මේ ව්‍යාපාරයට මුදල් අනුග්‍රහ දක්වන අය මේකෙ අයිතිකාරයො විදිහට දකින්න ක්ෂණිකව පෙළඹෙන්නෙ. අපේ අරමුණු සකස් වෙලා තියෙන්නෙ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයෙන් ඉදිරිපත් කරපු අවම ආර්ථික වැඩපිලිවෙල මතයි. එතනිනුත් විපක්ෂයේ බොහෝ අය මුලදී ඉතසිතින් බාරගත් කාරණා කීපයක් අපි තෝරගත්තා. මේ කිසිම කාරණයක් ව්‍යාපාරික ප්‍රජාව හෝ දේශපාලන පක්ෂ හෝ විසින් ඉදිරිපත් කළ ඒවා නෙමෙයි.



රටේ ආර්ථික බිඳවැටීමට හේතු හැටියෙන් IMF ආදී ජාත්‍යන්තර සංවිධාන විසින් ඉදිරිපත් කරන කාරණා මතයි මේ ආර්ථික ප්‍රතිසංස්කරණ පදනම් වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ මේ රටට යම් මූල්‍යාධාරයක් ලබාගන්න නම් මේ ප්‍රතිසංස්කරණ සිද්ද කරන්න වෙනවා. එහෙම නැතුව හොරු අල්ලනවා නම් රටට ආධාර කරන්නම් කියල ඉදිරිපත් වුනු විදෙස් රටක් නෑ. ඒක මේ ර‍ටේ වාමාංශිකයන්ගෙ පඹයො ඇටවිල්ලක් විතරයි.



රෝස මල මෙතන තියාගෙන වෙන තැනක නැටීමෙන් ඇති තේරුමක් නෑ. හඳ පෙන්නද්දි ඇගිල්‍ලෙ කොට බව ප්‍රශ්න කිරීමෙ අදාලත්වයක් නෑ. බුදුන්ගෙ බාසාවෙන් කිව්වොත් අපිට චෝදනා කරන අයට කියන්න තියෙන්නෙ, එව, බලව කියල විතරයි.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
 #godayamu

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපුටා ගැනීම -අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය)

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්