(21ව ශතවර්ෂයේ නව-නූතන දේශපාලනාර්ථික ප්‍රකාශනය)

(04 වන කොටස  - පසුගිය සතියක් හා බැඳේ)


හිතවත් පුරවැසියනි, ගම් වැසියනි, මූකලන් වැසියනි,


ගෝත්‍රික සමාජයන් කියන්නේ, නගරවල තියෙන සමාජයන්ට වඩා මුළුමනින් ම වෙනස් සමාජයන්. වැඩවසම් සහ පූර්ව-වැඩවසම් ගුණයෙන් යුතු නගර තිබූ ඉන්දියාවේ පැවති නාගරික නොවූ ගෝත්‍රික සමාජයන් පවා නගරවල පැවති නීති-රීති සහ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනයේ කළේ ම නැහැ. එවකට නගරවල නීති රීති සහ චාරිත්‍ර නියම කළේ බ්‍රාහ්මණයින්. බ්‍රාහ්මණයින් විසින්(ඔවුන්ගේ ආගමික සංස්කෘතිය විසින්) ඉන්දියාවේ සමාජයන් සියල්ල අසමාන පංති ස්ථර රාශියක් බවට බෙදා වෙන් කළා.

 

එහෙත් ගෝත්‍ර සාමාජිකයින් අතර පැවතුනේ ඊට වෙනස් වූ අසහාය මානව (Anthros) බැඳීම්. මේ මානව බැඳීම් මිනිස් හෙවත් මානුෂීය (Human) බැඳීම් බවට පරිවර්නය වෙලා තිබුණේ නැහැ. මානව ගෝත්‍රික බැඳීම් මානුෂීය බැඳීම් බවට පත්වන්නේ මානවයාගේ (විශේෂයෙන් මානවයාගේ මොළය ප්‍රධාන ස්නායු පද්ධතිය  (Brain and the Central Nervous System ) ශිෂ්ට භාෂාවකින් හික්මවීමත් සමඟ යි. ශිෂ්ට භාෂාව බිහිවන්නේ ශිෂ්ටාචාරයක් ම බිහිකරගෙන යි.

 

20වන ශතවර්ෂයේ මැදභාගය තෙක් ම ලොව යම් ඉම් පෙදෙසක් සංවර්ධනය වීම සහ ප්‍රගතිය අත්කරගැනීම යනුවෙන් හඳුනාගනු ලැබුවේ ගෝත්‍රික මානවයා තම ගෝත්‍රිකත්වයෙන් මිදී ශිෂ්ටාරගතවීම හරහා භාෂාවෙන් හික්මවුණු මනුෂ්‍යයෙක් බවට වෙනස්වීම සහ නොවීම පදනම් කරගෙන යි. ඒත් ලෝකය ධනවාදයේ( Capitalism) සිට නව-ධනවාදයේ ( Capitalism ) පූර්ණත්වය කරා ගමන් කරමින් සිටින මේ යුග කාලාන්තරයේ දී, මිනිසාගේ කාබනික ශරීරය අකාබනික තාක්ෂණ යන්ත්‍ර සූත්‍ර සහ රසායනයන්ගේ ග්‍රහණයට නතුවෙමින් පවතින ආකාරය සහ ඊට එරෙහිව විසඳුම් සොයන්නට වත්මන් නව-නූතන බුද්ධිමතුන් පොරබදින ආකාරය සලකා බැලා, ඉදිරියට එළඹෙන්නට තිබෙන දශක 03 තුළ දී ගෝත්‍රික මානවයා ශිෂ්ට මනුෂ්‍යාට වඩා සුරක්ෂිත නොවේදැය අසන ශිෂ්චාර විරෝධී මතවාදයක් ද කතිකාගත වෙමින් පවතී.

 

download 2021 01 16t012036517 939561 1610740286


ඉන්දීය පූර්ව-වැඩවසම් තත්වයන්ගෙන් පිළිපන් අධ්‍යාත්ම අභ්‍යාසයන් සහ මතවාද නියෝජනය කරන නායකයෙක් වූ සඳගුරු නැමැත්තාට පෘථිවි පොළවේ පස දූෂණය වීම සහ අහිමිවීමට යාමේ අවදානම සම්බන්ධයෙන් කැම්පේන් එකක් කරමින් ලොවපුරා කරක් ගහන්නටත්, සුප්‍රසිද්ධ චරිත හා එකතුවී සංවාද කරන්නටත්, ඒ සංවාද සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය හරහා වෛරල් කරගන්නටත් පුළුවන් වී ඇත. කිසිදු ඇමෙරි-යුරෝ පරිපාලනයක් ඊට සෘජුව හෝ වක්‍රව විරෝධය පා ද නැත.


oshoඕෂෝ20 ශතවර්ෂයේ මැද භාගය වනතෙක් ඉන්දීය පූර්ව-වැඩවසම් අධ්‍යාත්මවේදී නායකයින්ට ලෝකය පුරා දිවෙන කතිකාවක් වර්ධනය කරන්නට මේ තරම් ලේසියක් තිබුණේ නැත. බටහිර නූතනවාදය සහ ආසියාතිකත්වය අතර පර්යේෂණාත්මක අධ්‍යාත්ම සංඝයන් පිහිටවූ, වත්මන් සඳගුරුටත් වඩා දියුණු පෘථිවි චරිතයක් වූ භගවාන් ශ්‍රී රාජිනීෂ් හෙවත් ඕෂෝව 20වන ශතවර්ෂය පුරා සලකනු ලැබුවේ ඇමෙ-යුරෝ පරිපාලනයන්ගේ හතුරෙකු විලසට ය.


ඉන්දීය බිම් පෙදෙස්වල දිවි ගෙවූ ගෝත්‍රිකයින්ගේ ප්‍රධාන ජීවන මාර්ගය වුණේ කෘෂිකර්මය යි. ඒත් ඒවායේ දඩයම් කරන්නෝ සහ වරිග රැලවල් ද සිටි බවට සාක්ෂි පවතී. සමහරුන් තැනින් තැනට යමින් දිවිගෙවපු සංචාරවාසික ග්‍රෝත්‍ර විදිහට පවා පැවතී හිඳ තිබෙනව.

 

know all about indian tribes at the click of a mouse


ඉන්දියාවේ පැවති ප්‍රමාණයෙන් විශාල ගෝත්‍ර බොහොමයක් රැඳී සිටියේ මූකලානවල්, කඳු-ගිරි-කූට සහ ළඟා වෙන්නට අසීරු ඉම් පෙසේ වල යි. නමුත් ගෝත්‍ර සමාජයන්වල දකින්නට ලැබෙන ප්‍රධාන සාධකය නම්, ගෝත්‍ර සමාජ තුළින් කිසිවිටෙකවත් අසමාන පංතීන්වලට වූ බෙදීම් හමු නොවීම යි. එකී සමාජවල සාමාජිකයින් එකිනෙකා හා බැඳී සිටියේ වැඩවසම් නොවූ සහ ස්වභාවිකත්වයට ලං වූ ඥාතී සබඳතා හරහා යි.


අපි කවුරුත් දන්නා පරිදි පූර්ව-යටත්විජිවාදී (Pre-Colonial ) සහ පූර්ව-ධනේෂ්වර (Pre-Capitalist ) ලංකාවේ නගරවලටත් මේ ඉන්දියානු ගෝත්‍රික සහ බ්‍රාහ්මණික බලපෑම තිබූ බව නොරහසක්. ලක් කොදෙව්වේ නාගරික සමාජ ස්ථර ගොඩනැගීමේ දී ඉන්දීය බ්‍රාහ්මණ බලපෑමෙන් මුළුමුනින් වෙන්වූ අනන්‍යතාවක් තිබුණාය කීම ඉතා අසීරු ය. ඉතින් ඉංග්‍රීසීන් ගෙනා නුතන ධනවාදය පැතිරි කාලවලදීත්, ඉංග්‍රීසි යටත් විජිතවාදීන් හැර ගොස් ගෙවුණු 1948හි සිට 1956යේ ව්‍යවස්ථා විගඩම දක්වා කාලයේදීත්, එයින් පසුව අද දක්වා විත් කරලියට පැමිණි මේ නව-නූතන ධනවාදයේ කාලයේදීත්, ලක් කොදෙව්වේ අප අතර ගෝත්‍රික, පූර්ව-වැඩවසම් සහ වැඩවසම් සමාජ ලක්ෂණ තව ම පවතිනවා ද නැති ද කියා පාඨක ලක් ජනයා සහ චන්ද දායකයින් ගවේශනය කළ යුතුව ඇත.


පළමුව, යටත්විජිතවාදීන් විසින් නූතනවාදී ආකාරයකට ද, පසුව එහි දිගුවක් ලෙස නව-නූතන ආකාරයට ද ධනවාදයේ ලාභ ඉපයීමේ තර්කය මේ ලක් බිමේ පැතිරෙන්නට සහ පැලපදියම් වන්නට ඉඩක් ලැබුණ ද, යටකී පූර්ව-ධනවාදී (වැඩවසම් සහ පූර්ව-වැඩවසම්) බ්‍රාහ්මණ බලපෑම සහිත නගර ද, නගර වලට පිටතින් පැවතුන ගෝත්‍රික ඥාතී පද්ධතීන්ද මුළුමුනින් අහෝසි වූයේ නැත. ඉන්දියාවේ යථාව ද මීට නොවෙනස් වන අතර අප විසින් ඉන්දියාව නොකළ ව්‍යවස්ථාමය ගොංකමක් 1956දී සිදුකරගත් හෙයින්, ලකේ යථාර්ථය අද වන විට නව-නූතන ධනේෂ්වර ආර්ථික නියාම ධර්ම විරෝධී සහ පුර්ව ධනේෂ්වර බලපෑම්වලට හසුවූ ආර්ථික ව්‍යසනයක් දක්වා දිගෑදෙමින් පවතී.


එම නිසා මෙම තත්වයට හේතු පාදක වූ විකාරසහගත ඉතිහාසය හඳුනාගන්නේ නැතුව ඊළඟ පියවරක් ඉදිරියට තැබීමට නොහැකිව ඇත. එහිදී විසංකාරයා නොපැකිලව දකින යථාව නම්, මේ පවතින මූල්‍ය ව්‍යසනයට සහ සමාජාර්ථික අර්බුදයට තිරසාර විසඳුම ඇත්තේ, නව-නූතන ධනවාදය, එහි නිෂ්පාදන උපකරණ( Means of production) සහ ඊට අදාළ බහු-භාෂා-සංස්කෘතීන් ( Multi -Language-Cultures ) නිසි පරිදි රට තුළට කැන්දා ගැනීමට අවසර දීම සහ දිරිගැන්වීම තුළ ම බව යි.

 

එහිදී ගෝත්‍රකම්වලට සබඳකම් කියන අනෙකුත් සියළු රැලවාද හෙවත් රංචුවාද ( Herdism), වරිගවාද (  Racism ), පූර්ව-ධනවාදී-ඥාති-සබඳතා ( Pre-capitalist kinship Relationships ) සහ මැර-කල්ලිවාදය ( Gangsterism    ) අහෝසි කර දමන  නව-නූතන දේශපාලනාර්ථික සංස්කෘතියක් ( Neo-ModernPolitco-Economic Culture) බිහිකර ගැනීමේ ප්‍රායෝගික අභියෝගයට අප මේ දැන් මුහුණ දෙමින් සිටිමු. එහිදී මේ සියළු වාදයන්වලට අදාළ රැස්කෑම් ( Flocking ) නියෝජනය කරන රාජපක්ෂ සහෝදර-සමාගම හෙවත් මැදමුලන වරිගපූට්ටුව ද, ඊට සමාන්තරව බිහිවූ අන් සියළු ශ්‍රීලනිපවාදී හෝ එසේ නොවන වරිග පූට්ටු සියල්ල ද දිගුකාලීනව සහ කෙටිකාලීනව අතුගා දැමිය යුතුව පවතී.

 

එවන් නව-නූතන සංස්කෘතියක් සඳහා නායකත්වය දිය හැකි එක ම පක්ෂය වන්නේ, නූතනවාදී කාර්මික විප්ලවානුකූල ඉංග්‍රීසි යටත්විජිතවාදීන් දායාද කොට දී ගිය නූතන ධනවාදයේ ඩොමීනියන් ලක්ෂණ හිමිකරගනිමින් බිහිවූ එක්සත් ජාතික පක්ෂය පමණි. මීට අමතරව එංගලන්තයේ දේශපාලන සංස්කෘතිය ප්‍රකාරව ඉංග්‍රීසි උගතුන් ලෙස දේශපාලනයට පැමිණි සමසමාජ, නව-සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ ද, පසුකාලීනව බිහිනූ ලිබරල් පක්ෂය ද  හැර අනෙකුත් සියළු ම පක්ෂවල ප්‍රධාන සාමාජික සංයුතියේ සිට ප්‍රතිපත්තිමය සංයුතිය දක්වාත්, එතැන් සිට එහි සංවිධානමය සංයුතීන් දක්වාත් පෙන්නුම් කරන්නේ ගෝත්‍රවාදී ස්වභාවයක්.


ලකට නූතනය සහ නව-නූතනය ගෙන ආ ඉංග්‍රීසි භාෂාවෙන් දේශපාලන බලමණ්ඩල රැස්වීම් පවත්වන්නට නොහැකි, සහ පාර්ලිමේන්තුවේ කැබිනට් රැස්වීම් පැවැත්විය නොහැකි කුමන පක්ෂයකට, කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුටවත් ගෝත්‍රවාදය ඉක්මවා ගොස් නව-නූතන-දැනුම අත්පත් කරගන්නවා සහ අභ්‍යාසකරනවා කෙසේ වෙතත්, 20ශතවර්ෂය මුල් භාගයේ නූතන දැනුම අත්පත්කරලන්නට සහ අභ්‍යාශස කරන්නට ද නොහැකි ය. නූතනයේ ලෝක දැනුම අත්කර ගැනීමට තියෙන ප්‍රධාන භාෂාව වන ඉංග්‍රීසිවත් දන්නෙ නැහැය කියන එකෙන් තේරුම් යන්නේ, නව-නූතන ගෝළීය ධනවාදය හැදෑරීමට සහ හැසිරවීමට නොහැකි කමින් කෙලවාගන්නට නියමිව සිටින බව යි.


Jawaharlal Nehruඉන්දියාවේ නේරු ම මීට දශක කිහිපයකට පෙර පවසා ඇති පරිදි ඉංග්‍රීසිය නොදතහොත්, එංගලන්තකයින් දකුණු ආසියාව වෙත ගෙන ආ ලොව පතල කාර්මික විප්ලවානුකූල ධනාවදය තුළ ප්‍රායෝගික වන්නට අපට නොහැකි ය. 1956යේ සිංහල පමණයි ප්‍රතිපත්තිය නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්නට තිබූ අවස්ථාව ගිලිහී ගිය දැයේ දරුවකු වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් ග්‍රාමසේවක ගමරාල, රනිල් නම්කළ යහපාලන කැබිනෙට්ටුවේ කැබිනට් රැස්වීම් ඉංග්‍රීසියෙන් පැවැත්වීම ඉදිරියේ සහ යූඇන්පී ප්‍රභූත්ව හැසිරීම් ඉදිරියේ හොඳමට ම හීනමානයට පත්ව, තමන් පාලන බලයට එන්නට භාවිතා කළ රාජපක්ෂ විරෝධී දේශපාලන සටන් පාඨවලට ම සහ තමන් ම අනුමත කළ ව්‍යවස්ථා සංශෝධන වලට ම පස්ස හරවමින් ව්‍යවස්ථා විරෝධී පිස්සුවක් කෙල, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එය නිෂ්ප්‍රභා වූ වහාම ආපහු රනිල්ව පත්කරන්නට සිදුවීමෙන් පීචං වූයේ මේ නිසා ය.  

 

SWRD825122


මන්දයත් මේ ලකේ ගෝත්‍රික, පූර්ව-වැඩවසම් සහ වැඩවසම් ලක්ෂණ මිශ්‍රිත පක්ෂ බොහොමයක් බණ්ඩාරනායකගේ සිංහල ඔන්ලි ප්‍රතිපත්තියෙන් පසුව බිහිවූ අධ්‍යාපන ක්‍රමය යටතේ හැදී වැඩුනු ඒක-භාෂා උදවියගෙන් සැදුම්ලත් ඒවා වන අතර, ඩොමීනියන් සංස්කෘතියෙන් ලැබුණ දේශපාලනාර්ථිකය ගැන ඉංග්‍රීසියෙන් සිතීම පැතීම අහිමිකරගත්තවුන් ය. ඒ අනුව ඔවුන් සියළු දෙනාට කාර්මික විප්ලවය ( Industrial revolution ) යන එංගලන්ත පොළවෙන් සම්භවය වූ ඓතිහාසික සංසිද්ධිය තේරුම් ගන්නට පුළුවන් වූයේ ද්වීභාෂික ඉංග්‍රීසි-සිංහල උගතෙකු විසින් සිංහලට පරිවර්තනය කරන ලද තොරතුරු, දත්ත හෝ විශ්ලේෂන අනුසාරයෙන් පමණි.


එසේ නැතුව කාර්මික විප්ලවයට සාපේක්ෂව ඓන්ද්‍රීයව අදාළ ම සහ ආසන්නත ම භාෂාව වන එංගලන්තක ඉංග්‍රීසි භාෂාව ඔස්සේ එය තේරුම් කර ගැනීමට අවස්ථා නොලද උදවිය හරහා බිහිවන පක්ෂ, ධනේෂ්වර නිෂ්පාදන උපකරණවල භෞතිකය ගැන දන්නේ ඊට අදාළ සහ ආසන්නත ම ඉංග්‍රීසි භාෂාවට දුරස්තර බරසාර සිංහල සංස්කෘත වචන හරහා ය. ඒංගලන්තකයින්ගේ හඳුන්වා දුන් අධ්‍යාපන විෂයන් (විශේෂයෙන් ආර්ථික, විද්‍යා සහ ගණිත විෂයන්) රටේ හිටපු රජවරු විසින් පොදුවැසියන්ට හඳුන්වා දුන් ඒවා නොවේය. බොහෝ රජවරු සාමාන්‍ය ජනයාට ඉගෙන ගන්නට  අවශ්‍ය කුමන අධ්‍යාපන පද්ධතියක්වත් හැදුවේ ම නැත. කෙසේ වෙතත් ලකේ කිසි ම රජ කෙනෙක් ඔහුගේ ඇමතිවරරයෙක් හෝ නිළමෙවරයෙක් කාර්මික විප්ලවය කියන්නේ මොකදැයි කියාවත් දැන සිටියේවත් නැත.

 

ඉදින් 1956න් පසුව ලකේ ජනතාවන්ට ආර්ථික, ගණිත සහ විද්‍යා විෂයන් හඳුනාගන්නට හැකි වන්නේ අසීරු බරසාර සංස්කෘත හරහා මිස සරලාකාර ප්‍රාකෘත හරහාවත් නොවේ. 1956න් පසුව කරන ලද මේ කෙරුවාවෙන් ජනයා මෙකී විෂයන්වල මුල් සම්භවීයට අර්ථ-පද්ධතියෙන් දුරස්තර කරවන ලදී. ඊට අමතරව ආර්ථිකය, විද්‍යාව සහ ගණිතය දරුවන්ට භාෂාත්මකව අනවශ්‍ය ලෙස බරසාර වන අසීරු අධ්‍යයනයන් බවට පත්කරන ලදී.

 

ඒ නිසා 19වන සහ 20 ශතවර්ෂ අතර කොලනිවාදය ඔස්සේ බටහිර කලාපයේ එංගලන්තකයින් ගෙනා නූතන ධනවාදය තියා, වෙන ඕන ම පෘථිවි කලාපයකින් මොන කාලයේ හෝ කොදෙව්ව වෙත ගෙනෙන ලද මොන ආකෘතියක ධනවාදයක් හෝ සමාජවාදයක් වුවත් යථාරූපීව “තේරුම් ගැනීමෙන්” ලක් වැසියන්ව දුරස් කරවන ලදී. එනම් 1956න් මතුවට විෂයානුබද්ධව “තේරුම්ගැනීමේ හැකියාව” සමාජ පංති අකාරයෙන් බෙදන ලදී. බහුතර ජනයා ගෝත්‍රික, පූර්ව-වැඩවසම් හෝ වැඩවසම් වන සිංහල හෝ දෙමල මනෝභාවයන් ද, සුළුතර ප්‍රභූ ජනයා බමුණ ජීවන රටාව සහිත බමුණු නගරවැසිභාවය තුළ ගොඩනගාගත් සිංහල-ඉංග්‍රීසි හෝ දෙමල-ඉංග්‍රීසි ද්වීභාෂික මනොභාවයන් ද භුක්ති වින්දාහ.

 

මේ නිසා ගෝත්‍රවාදයට ප්‍රතිපක්ෂව ලංකාව තුළ පූර්ණ ධනවාදය බිහිකිරීම උදෙසා සම්භවීය උරුමය ඇත්තේ එජාපයට පමණක් බව හඳුනාගැනීමට නම්, එජාපයේ ඇති වරිග විරෝධී සහ ධනේෂ්වර ආර්ථිකවාදී අක්ෂය හඳුනාගෙත යුතු ය. එය ප්‍රවර්ධනය කළ යුතුය. පක්ෂ යාන්ත්‍රණය නව-නූතන ධනවාදය පිළිබඳ නව දැනුමෙන් ඉක්මනින් පොහොසත් කළ යුතු ය.

 

unp


ඒ සඳහා අපේ රට “ධනේෂ්වර ජාතික රාජ්‍යක්ද?” නැතිනම් “ධනේෂ්වර ජාතික රාජ්‍යයක් දක්වා වර්ධනය කරගැනීමට අවශ්‍ය පූර්ව-ධනේෂ්වර ගුණ සහිත පූර්ව-ජාතියක් ද?” කියන වග තහවුරුකරගත යුතුයි. එහෙම නැතුව අපි අවම තරමින් නූතන ධනේෂ්වර අරුතින්වත් ධනේෂ්වර ජාතික රාජ්‍යයක් වන්නේ ද? කියා සංවාදයෙන් දේශපාලනාර්ථික මතවාද හරහා ස්ථාවරත්වයකට පත්විය යුතු ය.

 


එසේ නොවී අපි “පූර්ණ ධනේෂ්වර රාජ්‍යයක්” යැයි කවුරුන් හෝ පුරසාරම් දොඩනවා නම්, වසර 30ක ගෝත්‍රවාදය සහ වරිගවාදය මිශ්‍රිත යුද්ධයක් ක්‍රියාත්මක වෙන්නටත්, ඊට සමාන්තර ඥාතීත්වය පදනම් කරගත් රාජපක්ෂවාදයක් දශක කිහිපයක් පුරා හිස ඔසවාගෙන ධනවාදී ආර්ථිකය කාබාසිනියා කරන්නටත්, එසේ කළ පසුත් අර්බුද සහ ව්‍යසන හමුවේ නැවත අළුගසා දමා දේශපාලන කරලියට එන්නට ඔවුන්ට  පුළුවන් වීමටත් බලපෑවේ කුමන ඓතිහාසිකත්වයක් ද කියා සොයා බැලිය යුතු යි. එය “රනිල් රාජපක්ෂලාව ආරක්ෂා කරපු නිසා” කියන මතුපිට තර්කයට එහායින් පවතින ගැඹුරු හැදෑරීමක් හරහා සොයාගත යුතු සත්‍යයකි.

 

Mangala mahinda 2


මංගල සමරවීර රාජපක්ෂලාව “සහෝදර සමාගම” ලෙස නම් කරද්දීම, මංගලට අවිඥුානිකව මංගල නොකියූ දේ වූයේ අප දේශපාලනය තුළ ඥාතීත්වය තාර්කිකත්වයට නගාලන්නට වෑයම් දරන ගෝත්‍රවාදය සහ වරිගවාදය මිශ්‍රිත ඉතිහාසයකට සාක්ෂි දරණ බව යි. රාජපක්ෂලා ප්‍රමුඛ සමස්ත මැදමුලන රංචුව ම ඒ ගෝත්‍රික ඥාතීත්ව දේශපාලනයේ අන්තවාදී කූටප්‍රප්තිය බව යි.

 

රටක ඕන ම ක්ෂේත්‍රයකට අදාළ සම්භවීයත්වයක් සොයාගන්න හෝ නිරවුල් කරගන්නට යෑමේදී අප සාහිත්‍යමය මූලාශ්‍ර මත පමණක් යැපනවා නම්, එයින් වන වල්මත්වීම රටක නූතන හෝ නව-නුතන සංවර්ධනයන්ට බාධාවකි. වැරදි තීන්දු තීරණ ගැනීම සහ  වැරදි ක්‍රියාමාර්ගවලට යොමුවීමට ඇති අවධානමකි. එනිසා රටක අදාළ සැබෑ සම්භවීයත්වයෙන් වැඩිමනත හසුකරගැකනීමට නම්, එරටේ මහපොළව සහ මෙතුවක් විසූ සහ සැරිසැරූ ජනතාව හා සම්බන්ධ පුරාවිද්‍යාත්මක ( Archeological ) ඇටසැකිලි සහ ඓතිහාසික සාක්ෂි ද ලුහුබැඳිය යුතු ය. එලෙස ම ඊට අදාළ මානව-වංශ-විද්‍යාත්මක ( Anthropological ) තහුවුරුකිරීම් මත ද පිහිටිය යුතු යි. එබඳු ගවේශණයන්ට රාජ්‍ය ප්‍රතිපාදන යෙදවීම අපතේ යාමක් නොවේ.

 

මෙතෙක් අඩුලුහුඩුකම් මැද්දේ දුප්පත් අයුරින් හෝ සිදුකළ පුරාවිද්‍යාත්මක ක්‍රියදාම ලුහුබඳිද්දී අපට හමුවන්නේ, මීට පෙර සතියේ විසංකාරයා වූ මගේ කොලමින් එය පෙන්වා දුන් ආකාරයයි. එනම් ලක් කොදෙව්වට හෝමිනින් කියන මානව-සතුන් පැමිණ ඇත්තේ ද දැනට වසර 1,25,000ත් 75,000ත් අතර කාලයකදි බව යි. දකුණු ආසියානු අර්ධද්වීපය ඇතුළු අතිපුරාතන ලෝකයේ අනෙකුත් ඉම් පෙදෙස් වෙත පූර්ව නූතන මානවයින්ගේ පැමිණීම හා සසඳා බලන කළ මෙය ප්‍රමාද වී සිදුවූවක්.


එයින් මතුකර ගත හැකි ප්‍රධාන කාරණාවක් වන්නේ, පරිණාමයට අදාළව ගත් කල, ලොව සි දුවූ පරිණාමික වෙනස්කම් අත්කරගන්නට ලක්දූව පමාවී ඇති බවයි. එනම් අතිපුරාතන යුගයේ ලක්දූව ලොව වෙනස්කම් ඉදිරියේ හුදෙකලා දිවයිනක් ලෙස ද පැවති කාලයක් පසුකර ඇති බව යි.

 

54


ඉතිහාසය සහ පූර්ව-ඉතිහාසය මෙතරම් වූ දිවයිනක වත්මනේ රනිල් ජනපතිවීම සඳහා දිරි දෙන්නට ගෝලීය අකාබනික ඇල්ගෝ-රිදමයන් තීන්දුවක් ගන්නේ, රනිල්ට ඇති මොන ගෝත්‍රික හෝ ප්‍රභූ හෝ බමුණු හෝ පූර්ව වැඩවසම් හෝ වැඩවසම් හෝ නූතනවාදී හෝ නව-නූතනවාදී ගති ලකුණුවලින් එකක් හෝ කිහිපයක් නිසාදැයි කියා සොයාබැලීම, ඊළඟ දේශපාලන මොහොත කුමක්දැයි කුතුහලයෙන් බලා සිටින කොයි දේශපාලකයාට වැදගත් වේවි. “රනිල් රාජපක්ෂලාව ආරක්ෂා කරනවා”, “රනිල් තක්කඩියි” “රනිල්ට පිරිමිකමක් නැහැ” “රනිල්ට පොළවෙ දේශපාලනය අහුවෙන්නේ නැහැ”, “රනිල් මර්ධනකාරීයි”, “රනිල් ගජමිතුරුවාදීයි” සහ “රනිල් එජාපය පවා දුන්නා” වගේ ජනප්‍රිය ගල් ගැසීම් කරනවාට වඩා ඒ සොයා යෑමට අදාළ හැදෑරීම අසීරු එකක් බවයි විසංකාරයාගේ අදහස. රනිල්ට තියෙනනේ මේ ගති චරිත ලක්ෂණ ම නම්, ඒ ලක්ෂණ නැති ඒ “සුධීමත්” උදවිය අතින් ආර්ථිකය වලපල්ලට ගියේ ඇයි? පාරවල් ගානේ වැටි වැටී මැරෙන්න හිටපු තෙල් නැති, ආහාර නැති, බෙහෙත් නැති සහ විදුලිය නැති ජාතියක් මාස කිහිපයක් ඇතුළත මේ තරමටවත් ආපසු හරවා සමබර කරන්නට රනිල්ට හැකි වූයේ කුමන නම් අරුමයකින් ද?


එයා මැජික් කාරයෙක්ද?


අනික් පැත්තෙන් අපි ලක් කොදෙව්වේ සැබෑ මානව සහ මනුෂ්‍ය ඉතිහාසය හෝ ප්‍රාග්-ඉතිහාසය හදාරා අපේ සැබෑ අනන්‍යතාව තචහවුරු කරගැනීම අපට වැදගත් වන්නේ, නව-නූතන ගෝලීය ධනවාදය තුළ දේශපාලනාර්ථික වශයෙන් සාධනීය තැනක තහවුරුවීමට මිස පුරාණ ගල්කණු අතර බුලත් හප කරමින් වංසෙ කබල්ගාන්නට නොවේ.  

(තව කොටසක් ලබන සතියේ)
   

මීට
රටට පාර කපන
විසංකාරයා

 

විසංකාරයාගේ වෙනත් ලිපි :

 

 
 
 
 
 
 
 
 
 
 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates