ලෝකයේ පුදුම සිද්දවෙන්න පුළුවන්. අපේ ජීවිත ඇතුලේ පුදුමයන් සිද්දවෙන්නත් පුළුවන්.

අපේ ජිවිතවල මහත් පුදුමයක් සිද්ද වෙයි කියල අපි බලාපොරොත්තුවෙන් ඉන්න එක කවදාවත් නවතින එකක් නැහැ. ඒ වගේම එහෙම පුදුමයක් ගැන බලාපොරොත්තු නැති කර ගන්න ඕනිත් නැහැ. එහෙම පුදුමයන් සිද්ද වෙනවා.  

නූතන යුගයේත් ඊට පෙරත් මිනිස්සු මහත් පුදුමයන් (miracles) සිද්ද වෙයි කියල බලා ඉඳල තියනවා. විශේෂයෙන් ගොඩක් කාලයක් මිනිස් පැවැත්ම ගතවෙලා තියෙන්නේ අපිට ඉහලින් ඉන්න දෙවි කෙනෙක් යම් පුදුමයක් යම් වෙලාවක සිද්ද කරයි කියල බලාපොරොත්තුවෙන්. මෙච්චර ලස්සන ලෝකයක් මිනිස්සු දැක්කට පස්සේ හිතන්න ඇති මේක මහත් බලසම්පන්න දෙවි කෙනෙක්ගේ නිර්මාණයක් කියල. සහ ඉදිරියටත් දෙවියන් ඇවිල්ල මහත් ප්‍රාතිහාර්යයක් සිදු කරයි කියල.

the wonderImage@The Wonder (2022) - Directed by Sebastián Lelio 



The Wonder (2022) චිත්‍රපටයේ කියවෙන්නෙත් එහෙම පුදුමයක් සිද්ද වෙනකල් හිටපු ස්කොට්ලන්තයේ ඈත ගමක් ගැන. විශේෂයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව හිටපු ස්කොට්ලන්තයේ ගමක් කුඩා ගැහැණු දරුවෙක් (ඇනා) සිද්ද කරන්න යන පුදුමයක් ගැන පොරොත්තුවෙන් ඉන්නවා. මේ ගැහැණු ළමයා මාස හතරකින් ආහාර අරන් නැහැ. එයා ඇහුවම කියන්නේ දෙවියන් දෙන දිව්‍යමය ආහාර වලින් (manna) ජීවත් වෙනවා කියල.

මේ වික්ටෝරියානු යුගයේ තිබුණ එක විශ්වාසයක් තමයි එහෙම කුඩා ගැහැණු ළමයින් ප්‍රාතිහාර්යය සිද්ද කරනවා කියන එක.

බ්‍රිතාන්‍යයට යටත් වෙලත් ඉන්න වෙලාවේ මෙහෙම ප්‍රාතිහාර්යයක් කියන්නේ මේ ගමට ලොකු දෙයක්. කිසිම දෙයක් නැති වෙලාවේ මෙහෙම එකක්වත් තියන එක සෑහෙන අනන්‍යතාවක්. ඒ නිසා පිරිමි වැඩිහිටියෝ විශාල වෙහෙසක් ගන්නවා මේ පුදුමය ඇත්තක් කියල ලෝකෙට පෙන්නන්න. එහෙම දෙයක් සිද්ද වෙන එක මේ දුප්පත් ගොවි පවුලටත් ලොකු දෙයක්. මට මතක් වෙන්නේ කුඩා කාලෙම දුප්පත්කම නිසා මහණ කරන දරුවන්. ඊළඟ භවය කියන දරුවන්.

zerImage@The Wonder (2022) - Directed by Sebastián Lelio


මේ අව්අස්සේ මේ පුදුමය ගැන නිරීක්ෂණය කරන්න එනවා බ්‍රිතාන්‍ය ජාතික නර්ස් කෙනෙක්. එයාගේ නම ලිබ් (Lib Wright). එයාට තියෙන්නේ මේක නිරීක්ෂණය කරන්න විතරයි. වෙන දේවල් කරන්න බැහැ.

එයා නිරීක්ෂණය කරනවා මේ ළමයාගේ අම්ම කටේ කෑම තියාගෙන ඇවිල්ල එයාව කිස් කරනකොට ඒ කෑම රහසේ හුවමාරු කරනවා කියල. ඒ කියන්නේ මේ පවුල බොරුවක් තමයි රඟ දක්වන්නේ. නමුත් ඉතාම කුඩා කෑම ප්‍රමාණයක් ලැබෙන නිසා මේ ගැහැණු  ළමය ශාරීරිකව දුර්වල වෙනවා කියල ලිබ් නිරීක්ෂණය කරනවා.

ඒ වගේම ලිබ් හොයා ගන්නවා මේ ගැහැණු ළමයාගේ මැරුණු සහෝදරයා එයාව කිහිප වරක් දූෂණය කරලා තියනවා කියල. අනෙක් අතට මෙහෙම නිරාහාරව හිටියම ඒ මැරුණු සහෝදරයාගේ ආත්මය නිදහස් කරන්න පුළුවන් කියලත් එයා හිතනවා.

ලිබ් මේ සියල්ල ගමේ කවුන්සිල් එකට හෙළිදරව් කලත් උන්ට ඕනි මේ නිරාහාර බව ඔස්සේ පුදුමය දිගටම ගෙනියන්න. මේ පවුලට ඕනිත් ඒක.

හැබැයි මේ ගේම් අස්සේ ගෘෂා වගේ ලිබ් කරන්නෙත් මේ දුර්වල නොතේරෙන ළමයා ගලවා ගන්න හදන එක. එයා මේ ගොවි පවුලට කියනවා මේ වංක වැඩේ නවත්වන්න කියල. නැත්නම් වැඩි වැඩියෙන් කිස් කරන්න කියල. මොකද කිස් කරන ප්‍රමානෙ වැඩි වෙනකොට ළමයට කැවෙන කෑම වැඩිවෙන නිසා. ආගමට වඩා ලිබ්ට වටින්නේ ළමයා.

අන්තිමට මරණාසන්න වෙච්ච ඇනා දැන් මැරෙන්න ඔන්න මෙන්න. ලිබ් කරන්නේ මේ ළමයා ව්‍යාජ මරණයක් කරා ගෙනියන එක. ඇස් පියාගන්න කියල ටිකක් වෙලා මැරුණ වගේ ඉඳල දැන් ඇස් අරින්න කියනවා. ඇනා ඇස් අරිනවා. උත්ථාන වෙනවා. ඇස් ඇරලා ලිබ් දුන්න කෑම කන්න පටන් ගන්නවා. එතනින් එක බොරුවක් අවසන් වෙන්වා.

ඊට පස්සේ ලිබ් කරන්නේ මේ භූතගුහාව වගේ ගෙයට ගිණි තියන එක. ටැරන්ටිනෝ වගේ. ගිණි තියල ගම් සභාවටත් කියල එතැනින් පිටවෙන එක. ළමයත් නිදහස් කරලා, වෙලා වෙන නමකුත් අරගෙන, තමන්ගේ කියල ආදරයකුත් හොයාගෙන මේ රටින් පිටවෙන එක.

xzdImage@The Wonder (2022) - Directed by Sebastián Lelio

 

ඇත්තට මේ ළමයට ආදරය නොකරපු දෙවියන් දිහා විතරක් බලාගෙන හිටපු උන්ගෙන් තොලොංචි වෙලා යනඑක. ඒක මිනිස් ක්‍රියාවක් දිව්‍යමය බවට වඩා වටිනා. මිනිසාට පුළුවන් දෙවියන්ට වඩා දෙවියන් වෙන්න. ලිබ්, ගෘෂා මේ හැම කෙනෙක් ම ඔප්පු කළේ ඒක. පුදුමයන් සිද්ද කරන්නේ මිනිස්සු කියන එක.

දෙවියෝ අපි දිහා බලන් ඉන්නේ නැහැ. අපිම අපි ගැන බලාගන්න ඕනි. ඕක තමයි අපි දිහා බලන් නොයින්න දෙවියන්ගේ ලෞකික පණිවිඩේ.

දෙවියන් අපි දිහා බලන් ඉන්නේ නැහැ කියල අපි දැන ගත්තට දෙවියෝ කියපු යහපත් බවේ පණිවුඩය අපි අමතක කරන්නත් හොඳ නැහැ...

දෙවියන්ගෙන් වියෝ වන මොහොතේම මම දෙවියන්ට නැවත සම්බන්ද වෙනවා කියල ජිජැක් කියන්නේ ඒකයි. වෙන විදියකට කිව්වොත් දෙවියන්ගෙන් ඔබ වෙන්කරන දෙයින් ම ඔබ නැවත ඔහුට සම්බන්ද වෙනවා (What seperates me from God, unites me to him). ඒක තමයි පුදුමය. ප්‍රාතිහාර්යය.

The Wonder (2022) කියන්නේ ස්වභාව සෞන්දර්යය එක්ක කරපු ලස්සන රූපරාමු තියන චිත්‍රයක් වගේ චිත්‍රපටියක්. වෙලාවක් තිබුණොත් බලන්න.

මෙතැන දෙවියන්ට ''ඔහු'' කියල කිව්වේ පුරුෂ අර්ථයෙන් නෙවෙයි. මිනිස් අර්ථයෙන්. 

The Wonder (2022) - Directed by Sebastián Lelio 

 

 

Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්