ගැඹුරු භාවනාවේදීත් ලිංගිකමය සුරතාන්තයක් සිදුවෙනවා. ඒක සිද්ධ වෙන්නේ ඔයාට පිටතින් ඉන්න තවත් කෙනෙක් එක්ක එකතුවෙලා නෙවෙයි.
ඔයාගේ ඇතුළොන්තයේ තියෙන ධ්‍රැවයන් දෙක අතරයි ඒක සිද්ධ වෙන්නේ.
මං ඔයාලට කියල තියෙනවනේ, මිනිසා ලිංගිකයට සහ මරණයට බයයි කියල. ඒ හින්ද තමයි මේ ගොඩක් ලිංගික තහංචි පවතින්නේ. ඒ හින්ද කවුරුත් ලිංගිකය ගැන කතා කරන්නේ නැහැ. ඒ වගේ ම මරණය ගැන කතා කරන්නේත් නැහැ. අපි සමාජය ඉදිරියේ මේ දෙක ගැන නිහඬතාවය රකිනව. ඉතිං අපි ශතවර්ෂ ගණන් මේ විදිහට නිහිඬව ම ඉඳල තියෙනව. ලිංගික තහංචියට අදාළ සමහර විෂයන් තියෙනව, ඒවයෙ නම කියන්නවත් තහනම්. ඒවා ගැන සඳහනක් කරපු ගමන් අපේ ම ඇතුළාන්තයෙන් යමක් වෙව්ලන්නට පටන් ගන්නව.
ඒකෙන් ම පේනව, අපි ඉන්නේ ගැඹුරු මර්ධනයකට යටත් වෙලා කියල. ඒ හින්ද තමයි, අපි ලිංගිකය ගැන කතා කරන්න අමතර වචන නිර්මාණය කරගෙන තියෙන්නේ. බටහිර ලෝකයේ අය කියන්නේ නැහැ, “අපි ලිංගිකය ලබනව හෙවත් අපි සෙක්ස් කරනව” කියල. එයාල කියන්නෙ, “අපි ආදරය කරනව” තියල. ඉතිං ඒක අමතර උපකාර පදයක් විතරයි. අනික ඒ පදය වැරදියි. මොකද ආදරය කියන්නේ ඊට හාත්පසින් ම වෙනස් මානයක පවතින යමක්.
ලිංගිකය ලැබීම කියන්නේ ලිංගිකය ලැබීමට. ඒක ආදරය කිරීම නෙවෙයි. ලිංගිකයට ආදරයෙන් එකතුවක් කරගන්න පුළුවන්. ඒත් ආදරයට ලිංගිකයෙන් මුළුමනින් වෙනස් ගුණයකුත් තියෙනව.
බලන්න!
අපි කවදාවත් මරණය ගැන කෙලින් කතා කරන්නේ නැහැ. කවුරුහරි මැරුණොත්, අපි පාවිච්චි කරන්නේ උපකාරක අමතර වචන. අපි කියනව “එයා පියාණන් ඉන්න තැනට ගියා” කියල. එහෙමත් නැත්තං “එයා ස්වර්ගයට ගියා” කියල. ඉතිං අපි කවුදාවත් මරණයට කෙලින් ම මුහුණ දීල නැහැ.
ඉතිං ඇයි, මේ සිද්දවීම් දෙක ගැන මෙතරම් වූ තහංචි පැනවීම් පවතින්නේ?
මේ දෙක ගැඹුරින් ම සම්බන්ධයි. ඒ දෙකේ සබඳකමට හේතුව ඔන්න ඕකයි. පළවන කරුණ තමයි, ඔයා ඉපදුනේ ම ලිංගිකය හින්දා වීම. ඉපදීම කියන්නේ ලිංගිකයක්. ඉපදීම සහ මරණය කියන්නේ එකම සංසිද්ධියක ධ්‍රැවයන් දෙකක්. උපත තුළම මරණය සැඟව පවතිනව. අන්න ඒ හින්දයි මිනිසා ලිංගිකය සහ මරණය අතර ගැඹුරු සබඳකම ගැන සාවධාන වුණේ.
බලන්න,
ලිංගිකය නැතුව මරණයක් ඇතිවිය නොහැකියි. මන්ද ලිංගිකය නැතුව ඉපදීමක් ඇතිවිය නොහැකි හින්දා. ඉතිං ලිංගිකය නිසා උපත ඇතිවීම නිසා මරණය ද ඇති වෙනව. තව දැනීමකට අනුවත් ලිංගිකය සහ මරණ ගැඹුරින් සම්බන්ධ බව පේනවා. ගැඹුරු ලිංගික සබඳකමකදීත් ඔයාට යම් අකාරයක මරණ හැඟීමක් දැනෙනව. ඒ කියන්නේ, ඔයා තවදුරටත් ඉන්නේ නැහැ හෝ ජීවත් වෙන්නේ නැහැ වගේ ඔයාට දැනෙනව. ඔයා මුළුමනින් ම ලිංගික ක්‍රියාව තුළට කිඳාබැසගත්තොත්, ඔයාව ඔයාගෙන් වෙන යමකට එකාබද්ධ කෙරෙනව. ඒකෙන් ඔයාගේ සමස්ත පුද්ගලික පුද්ගලභාවය අතුරුදහන් වෙලා යනව. ඔයාට වඩා විශාල ඒ බලවේගය විසින් ඔයාව ඉක්මවා ගිහං ඔයාව අරක්ගත්තා වගේ ඔයාට දැනෙන්න ගන්නව.
බලන්න,
ලිංගික ක්‍රියාව පටන් ගන්නේ ස්වේච්චාවෙන් කරන දෙයක් විදිහට යි. ඒත් ලිංගිකය අවසන් වෙන්නේ ස්වේච්චාවෙන් කරන දෙයක් විදිහට නෙවෙයි. එක ලක්ෂයක් හෙවත් එක නිමේෂයක් එනවා, ඔයාගේ ස්වේච්චාමය යන්ත්‍රණය ස්වේච්චා-නොවන යන්ත්‍රණයක් බවට පත්වෙන. එක ලක්ෂයක් හෙවත් එක නිමේෂයක් එනවා, ඔයාගේ සවිඥානික මනස විසිකර දාල අවිඥානය බලය පතුරවන. එක ලක්ෂයක් හෙවත් එක නිමේෂයක් එනවා, එයාගේ මමත්වයට තවදුරටත් පවතින්නට බැරිව ගොස් මමත්වයක්-නොමැත්ත විසින් ඔයා තුළ බලය පතුරුවන. ඉිතං ඔයාට දැනෙන්නේ හරියට ඔයාව මැරුණා වගේ. අන්න ඒ හින්දයි, මමත්වයෙන් පිරුනු අයට ලිංගික සුරතාන්තය අත්කර ගන්නට බැරි. එයාලට දේවල් සිද්ධ වෙන්න ඉඩහරින්නට බැහැ. එයාලට තමන්ගේ සවිඥානකත්වය වෙනත් යමක බලයට හසුවන්නට ඉඩහරින්න බැහැ. ඉතිං ඒයාල මානසිකව සවිඥානිකව හිඳිමින් මුළුමහත් ක්‍රියාවලිය ම පාලනයට නතුකරන්න උත්සහ කරනවා. ඉතිං ඊට පස්සේ එයාලට ගැඹුරු ලිංගික සුරතාන්තයක් අත් කරගන්නට බැරිව යනව. වඩාත් ශිෂ්ට මිනිසා හෙවත් ශිෂ්ටාචාරගත මිනිසා කියන්නේ සුරතාන්තයේ අවම සම්භාවිතාව ලබාඉන්න මිනිසෙකු බවට පත්වූ කෙනා යි.
ඉතිං ඔයාගේ මමත්වය අහිමිවෙලා, ඔයාව පැවැත්ම සමඟ ඒකාබද්ධ වෙන ඒ ආශිර්වාදී සුරතාන්ත මොහොත එක්තරා ආකාරයක මරණයක් තමයි. ඒ මොහොත මමත්වය මැරෙණ මොහොත. සවිඥානකත්වය මැරෙණ මොහොත. තමන් තුළ ගොඩනගාගත් පුද්ගලභාවය මැරෙණ මොහොත.
ඉතිං භාවනාවෙදීත් ඔය කියන බය ම ඇති වෙනවා.
භාවනාවත් ගැඹුරු සුරතාන්තයකින් කෙලවර වෙන්නයි යන්නේ. මේ සුරතාන්තය බොහෝ ආකර වලින් ලිංගික සුරතාන්තයට සමානයි. දැනෙන අයුරින් නම් ටක්කෙට ම මේ දෙක ම එකයි.
දැන් නුතනක මනෝ-විද්‍යාවෙදි, විශේෂයෙන් කාල් ජුන්ග් කියාදෙන මනෝවිද්‍යාවෙහි සංකල්පයක් සොයාගනු ලැබුවා. ඒක හරිම තන්ත්රයානී සංකල්පයක්. තන්ත්‍රවලින් කියන්නේ හැම පිරිමියෙක් ම සහ ගැහැනියෙක් ම දෙකක් හෙවත් දෙලිංගිකයෙක් කියල. නැද්ද? පිරිමියා කියන්නේ සරලව පිරිමියාට ම නෙවේ. එක විදිහකින් බැලුවහම එයා තුළ ගැහැනියකුත් වනවා. ගැහැනිය කියන්නේ සරලව ගැහැනිය ම නෙවෙයි. ගැඹුරු පතුලෙන් ම ගත් කළ එයා තුළ සැඟවුණ පිරිමියෙකුත් ඉන්නවා. ඒ නිසා පිරිමියා හෝ ගැහැනිය ලෙස හඳුන්වන හැම පුද්ගලයෙක් ම දෙ-ලිංගිකයි. ඉතිං තමන්ගේ ගැඹුරු පතුළේ තමන් නොවන අනෙකාත් සැඟවී ජීවත් වෙනවා.
ගැඹුරු භාවනාවේ දී ලිංගික සුරතාන්තයක් සිද්ධ වෙනව. ඒක සිද්ධ වෙන්නේ ඔයාගෙන් පිටත ඉන්න කා එක්ක හරි එකතුවීමෙන් නෙවෙයි. ඒක් සිද්ධ වෙන්නේ ඔයා තුළ ම තියෙන ගැහැනු-පිරිමි ධ්‍රැවයන් දෙක ඔසසේ යි. එහිදී, ඔයා විසින් ඒ දෙන්නව හමුකරවනව. ඒ කියන්නේ ඔයා තුළ ම ඉන්න ගැහැනිය සහ පිරිමියා ඒ ගැඹුරෙහිදී හමුවෙනව. මේ හමුව සිද්ධ වෙන්නේ ශාරීරිකව නෙවෙයි. මේ හමුවීම සිද්ධ වෙන්නේ අධ්‍යාත්මිකව යි. ඇතුළාන්තයේදී ඒ දෙදෙනා එකිනෙකා විනිවිද ගන්නවා. ඇතුළාන්තයේ තියෙන යින්ග් සහ යැන්ග් එකිනෙක විනිවිද යනවා.
භාවනාව කියන්නේ ඔයා තුළ ම තියෙන ප්‍රතිවිරුද්ධ ධ්‍රැවයන් දෙකක් අතර සුරතාන්තයකට. ඉතින් ඔය බය ම භාවනාවෙදිත් එනව. ඔයා ගැඹුරු භාවනාවක් දෙසට චලනය වුණොත්, ඉක්මනින් හෝ පසුවී ඔයා දැගනීවි, “දැන් ඒ අදාළ මොහොත ඇවිදින්, මරණය සිද්ධ වෙන්නයි යන්නේ කියල. දැන් මට මරණය සිද්ද වෙන්නයි යන්නේ” කියල.
ඉතින් ඊට පස්සෙ බය විසින් ඔයාව තද කර අල්වාගන්නවා.
අන්න ඒ බය තුළ ඔයා ආපහු එන්නත් ඉඩ තියෙනව. ඔයා ආපහු ආවොත්, ඔයා විසින් මාහැඟි අවස්ථාවක් අහිමි කරගන්නවා. ඒක සිද්ධ වෙන්නේ කලාතුරකින් සහ විරලව. ඉතා ම විරලව. ඔයාට ඔයාගෙ ඇතුළාන්තයෙන් ගැඹුරු සුරතාන්තයක් දැනෙන ඒ විරල මොහොතට එන්නට කලියෙන් ජීවිත ගණනක් පහුවෙලා යාවි. ඔයා තිනිවම සමස්තයක් බවට පත්වෙන මොහොත තුළ ජීවත් වෙනව. ඒකත් මමත්වය අහිමිවෙයි කියන බය ඇති වෙන්නට පුළුවන්.
මොකද, ඔයා තමන් යැයි කියා සහ තමන් ලෙස හඳුනගත් ප්‍රතිරූපය හෙවත් රූපය ඔයාට අහිමි වෙලා යනව. ඉතිං පරණ “සිටීම”ට (භවය) කොහෙත් ම සම්බන්ධ නැති අලුත් සිටීමක්(භවය) බවට ඔයා පත්වෙනවා. ඉතිං ඔයා තවදුරටත් පරණ සිටීම සමඟින් ඉදිරියට යන කෙනෙක් නෙවයි. ඔයා පරණ භවයෙන් ගැලවිලා නිසයි ඒ. පරණ සිටීම හෝ එක්ක ඉදිරිය නොගියත් පරණ දේ තවමත් එතන තියෙනව. ඉතිං “අලුත් සිටීමෙහි” ජීවත් වෙන්න නම්, ඔයාට ඔයාගේ “අතීත සිටීමෙන්” මිය යන්න සිද්ධ වෙනව. ඉතිං එතකොට බය එනවා ......
ඔයාට ලිංගිකය ඇතුළතින් මරණය අත්දකින්නට පුළුවන් නම්, ලිංගිකය ම අධ්‍යාත්මික දෙයක් බවට පත්වෙනව. ලිංගිකය ම භාවනාවක් බවට පත් වෙනව. ඔයාට තවත් භාහිර පිරිමියෙක් හෝ ගැහැනියක් එක්ක සම්බන්ධ වෙලා, ඒ කියන්නේ ආදරයෙන් බැඳුන කෙනා, පෙම්වතිය හෝ පෙම්වතා යන කා සමඟ හෝ එකතු වී ඒක දැනගන්න පුළුවන් නම්, ඔයාට භාවනාව වෙතට චලනය වෙන්නට ලේසි වෙනව. භාහිර එකතුවීමෙන් දැන හඳුනගත්තු සංසිද්ධිය ම ඇතුළාන්තයෙනුත් නිර්මාණය කරගන්නට පුළුවන් වෙනව.
පරිවර්තනය
අරවින්ද හෙට්ටිආරච්චි
මුනිවර පිටුව වෙනත් ලිපි
මුනිවර පිටුව (05): ප්‍රීතියෙන් පිරී මරණය හමුවෙන්න!
මුනිවර පිටුව : මෙවර මාතෘකාව - පෘථිවිය කියන්නේ එක ම මිනිස් යායක්!
මුනිවර පිටුව : 'නායකයෙක් නොවන නායකයා'
මුනිවර පිටුව : පරණකම්, අලුත්කම් සහ ගොංකම්
මුනිවර පිටුව : ශරීරයට ඉඩදෙනව ද, නැත්තං හිතට වහල් වෙනවද?