පණ්ඩිත් අමරදේවයන් ගේ ගීතාවලිය ව්‍යුහාත්මක ව අධ්‍යයනය කරන විට පෙනී යන්නේ, එතුමන් එකම ප්‍රස්තුතය විවිධ රසික ප්‍රජාවන් සඳහා විවිධාකාරයෙන් ගයා ඇති බව ය.
එනම්, උසස් පරිකල්පනයක් සහිත ජන කණ්ඩායම් සඳහා සහ එබඳු කුසලතාවක් නොමැති ජන කණ්ඩායම් සඳහා ය.
මේ සඳහා ඉදිරිපත් කළ හැකි කදිම නිදර්ශන දෙකක් වන්නේ;
"වසන්තයේ මල් පොකුරු නෙලා " සහ "පෙර දිනයක මා පෙම් කළ, යුවතිය" ගීත ද්වය ය.
භාෂා ස්වරූප විසින් දෙයාකාර වුව ද, මේ ගීත දෙකෙන් ගැයෙන්නේ එකම අත්දැකීමකි.
ගීත දෙකෙහි පොදු ගුණාකාරය මෙබඳු ය.
- "වසන්තයේ මල් පොකුරු නෙළා."... සහ
"පෙරදිනයක මා පෙම් කළ යුවතිය...."
මුල් ගිතයේ මෙසේ සඳහන් ය.
"අහස පොළොව ගිනියම් අව්වේ
ගහකොළ මැලැවෙන ගිම්හානේ
අවසානේ...
ඔබ ආවා
ඔබ අත වූ මල් එකිනෙක පර වී
සුළඟේ විසිරෙනු මා දුටුවා
සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
ඔබගේ රුව මා දුටුවා..."( මහගම සේකර)
අවසානේ එන්නී වසන්තය හෙවත් ඵල දරන සමයත් පසු කරමිනි. මැලැවෙන මල් අතරින් ඇය දකින විට, රුව වැහැරෙමින් තිබුණු බව සංකේතවත් කර තිබේ.
"හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා..."
(සුනිල් සරත් පෙරේරා)
මැකී යනවා...."
වසන්තයේ ගීතයට වඩා ප්‍රකාශනාත්මක භාෂාවකින් මෙලෙස කියැවෙන්නේ ද,
"සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
ඔබ්ගේ රුව මා දුටුවා..."යන්නට වෙනස් අදහසක් නොවේ.
සියල්ලෝ ජීවිතයේ අන්තිම යාමයට එළැඹෙමින් සිටිති.
(කුමාර ලියනගේ ලියූ සටහනකි.)
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න