මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු පළාතට පවතින අධික සීතල කාළගුණ තත්වයට මුහුණ දීමට නොහැකිව

කිලිනොච්චිය, මුලතිව් හා වවුනියාව දිස්ත්‍රික්කයන්හි ගවයින් 250 කට ආසන්න පිරිසක් හා එළුවන් රැසක් මියගොස් ඇති බව ගොවි ජනතාව පවසති.

ගොවි ජනතාව පවසන්නේ එළිමහන් ගව මඩුවල සිටි එළ ගවයින් රැසක් එලෙස මියගොස් ඇති බවයි.

ඇතැම් ගවයින් සීතල දරා ගැනීමට නොහැකිව සිහිසුන්ව ඇති බවද වාර්තා වේ.

සුළි කුණාටුවේ බලපෑම මත වවුනියාව දිස්ත්‍රික්කයට හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයට සෙල්සියස් අංශක 19 ක පමණ අවම උෂ්ණත්වයක් ඊයේ(08) සවස වන විට පැවතිණි.

 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්