පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයාට සහ ඔහුගේ පුතාට සිදුවූ පහරදීම විශ්ව විද්‍යාල වල මෙතෙක් පැවති බල තුළනය අසමතුලිත වීමක්.
සිසුන් - ආචාර්යවරුන් - සහ විශ්ව විද්‍යාල පරිපාලනය අතර තිබූ සංහිදියාව අසමතුලිත වෙමින් පවතිනවා. මේක පසුගිය වසර කිහිපය තුළ නිරීක්ෂණය කරන්න පුළුවන්.
දැන් සිසුන් අනෙකා ඉවසන්නේ නැහැ. අනෙක් අය විශ්ව විද්‍යාල සිසුන් රුස්සන්නේ නැහැ.
සිසුන් -පරිපාලනය - ආචාර්යවරුන් අතර සංහිදියාව අඩුයි. අසමාන බව වැඩියි. අනන්‍යතා අර්බුද වැඩියි. ''මම තමයි ලොක්කා'' ආකල්පය තමයි වැඩියෙන් දකින්න පුළුවන්. හැමෝම තමන්ගේ අනන්‍යතාව වෙනුවෙන් ගහ ගන්නවා. මරා ගන්නවා. බාහිර සමාජයත් එහෙමයි.
ලෝක බැංකුව විශාල ආයෝජනයක් විශ්ව විද්‍යාල ඇතුලේ කරලා තියනවා සිසුන්ගේ ආකල්ප සංවර්ධනය සඳහා. නමුත් මේ වගේ සිදුවීම් වලින් පෙනෙන්නේ අනෙකා ඉවසීම සහ දරසිටීමේ ගුණය අපි හැමෝම අතරේ අඩු බව.
ප්ලේන්ටියක් ගහල එකට වාඩිවෙලා කතා බහ කරන සමාජයක් වෙනුවට දැන් තියෙන්නේ බී. එම්. ඩබ්ලිව්., අවුඩි, බෙන්ස්, පර්ජෝ, ටොයෝටා, නිසාන් වලින් එකෙනිකා ඈත්වෙච්ච සමාජයක්. බදු සහන වාහන වලින් උණේ මේක.
ස්මාර්ට් ෆෝන් ඔබ ඔබා බෙන්ස් ඇතුලේ තමන්ගේ ලෝකේ තමන් ජීවත් වෙනවා. එළියට බැස්ස ගමන් ගහ ගන්නවා.
හරියට ගෙවල් වල ඇතිකරපු පොමනේරියන් බල්ලෝ පාරට ආව වගේ. පළවෙනි වාහනේටම අහුවෙලා මැරිලා යනවා.
මේක සමාජයක් හැටියට ඇතුලට පුපුරා යන්න නියමිතයි....

සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න