ඔබේ මේසය පිළිවෙලට තබා ගැනීම, ඔබේ පැලවලට වතුර දැමීම හෝ ඇඳුම් නැවීම වැනි ගෙදර දොරේ වැඩ කිරීම ඔබට කිසිසේත් උපරිම සතුටක් ගෙන නොදෙනු ඇත.

එහෙත් මම බොහෝ විට නැවත නැවත කරන පොඩි වැඩ තුළ සතුට සහ සැනසීම සොයමින් සිටිමි.

 

මම වැදගත් දුරකතන ඇමතුමක් එනතුරු බලා සිටින්නේ නම්, හෝ නියමිත කාලසීමාවට සම්පූර්ණ කළ යුතු ලිපියක් ලිවීමට අවශ්‍ය අදහස් නොමැතිව සිරවී සිටින්නේ නම්, මම නිරායාසයෙන් ම මගේ ගීත තැටි එකතුව නැවත සකස් කිරීම හෝ මගේ කාර්යාලය පුරා වැටී ඇති කඩදාසි ඇහිඳීම සිදුකරමි - ඇතැම් විට එය මා එම දිනයේ දී වැඩිම සැහැල්ලුවකින් පසුවන අවස්ථාව යි.

 

sad woman wearing mask looking at laptop and furrowing her brow

 

මෙසේ කරන්නේ මා පමණක් නොවේ. කොවිඩ්-19 වසංගතයේ ආතති හේතුවෙන් ඇතිවුණු අවිනිශ්චිතතාවලට මුහුණදීමේ මාර්ගයක් ලෙස බොහෝ දෙනෙක් තම නිවෙස් බලා ගැනීම වැනි අලුත් කාර්යයක් සොයාගත් බව වාර්තා කළහ. යූටියුබ්හි ඇති ගෙදර දොරේ වැඩ වැඩකටයුතුවල යෙදෙන වෙනත් පුද්ගලයින්ගේ වීඩියෝ, විශාල ප්‍රේක්ෂක පිරිසක් නරඹති. මිලියන ගණනක් නරඹා ඇති වඩාත් ජනප්‍රිය වීඩියෝ කිහිපයක් ද ඒවා අතර වේ.

 

මනෝවිද්‍යාඥයින් යෝජනා කරන්නේ, එදිනෙදා සුළු වැඩ කිරීමෙන් ලැබෙන සතුට පිළිබඳව පැහැදිලි කළ හැකි බොහෝ ක්‍රම ඇති බව ය. එසේම, නිතර නිතර එවැනි කාර්යයන්වල නිරත වීමට මනෝවිද්‍යාඥයින් ඔබ දිරිමත් කරනු ඇත.

 

අවධානය ප්‍රසන්න ලෙස වෙනතකට යොමු කිරීම

 

එදිනෙදා සුළු වැඩ කිරීම ප්‍රයෝජනවත් වන්නේ, ඒ හරහා අපව කනස්සල්ලට පත් කරන දේ සඳහා මනස වැය කරන කාලය අඩුවීම හේතුවෙනි. අප ව්‍යුහාත්මක භාවනා ක්‍රම සඳහා බොහෝ සේ වෙහෙසුනත්, එදිනෙදා ගෘහ කාර්යයන්වලට අප මනස ඒකාග්‍ර කළ හැකි බව අපට පෙනී යයි.

 

පිඟන් සේදීමෙන් ලැබෙන මානසික සෞඛ්‍ය ප්‍රතිලාභ පරීක්ෂා කිරීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයෝ ඔවුහු සිදු කළ අධ්‍යයනයන් කිහිපයෙන් එකක් සඳහා ඊට සහභාගිවූවන් 51 දෙනෙකු කණ්ඩායම් දෙකකට බෙදූහ. ඔවුන්ගෙන් අඩක් පිඟන් සේදීම මඟින් ඇතිවන සංවේදනයන් වෙත සිත යොමු කරන පාඨයක් කියැවූහ. "පිඟන් සෝදන විට, තමන් පිඟන් සේදීමට සම්පූර්ණයෙන් අවධානය යොමු කළ යුතු ය," ඔවුන්ට දැනුම්දෙනු ලැබිණි. ඉතිරි අය එවැනි අවධානය යොමු කරමින් සෝදන්නේ කෙසේ ද යන්න පිළිබඳ සෘජුව උපදෙස් නොදෙන කරුණු ඇතුළත් නියමුවක් කියැවූහ.

 

පසුව, සහභාගීවූවන්ගෙන් ඔවුන්ගේ හැඟීම් පිළිබඳව වූ ප්‍රශ්නාවලියකට පිළිතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ ය. පිඟන් සේදීමට සම්පූර්ණයෙන් අවධානය යොමු කළ අය සැලකිය යුතු තරම් හොඳ මනෝභාවයක් වාර්තා කළහ. සරල ක්‍රියාකාරකමක ගිල්වීම ඔවුන්ගේ මනස ප්‍රබෝධවත් කළාක් මෙන්, නොසන්සුන්බව අඩුවීම සහ “ආශ්වාදයක්” ද ඔවුන් ලබා තිබිණි.

 

bbc 1

 

සංජානනීය පාලනය

 

පරිගණක ක්‍රීඩා කිරීම හෝ ඵලක් නොමැති රූපවාහිනි වැඩසටහන් නැරඹීම වැනි අවධානය වෙනතකට යොමු කරන ක්‍රියාකාරකම් මෙන් නොව, අපගේ “සංජානනීය පාලනය” වැඩි කිරීම, ක්‍රියාශීලී සහ ප්‍රයෝජනවත් වීමේ වාසිය ද එදිනෙදා සුළු වැඩ කිරීමෙන් ලැබේ.

 

අපට කනස්සල්ලක් දැනෙන විට අසරණභාවය පිළිබඳ හැඟීම කායික ආතති ප්‍රතිචාරය ඉහළ නැංවිය හැකි අතර, කෝටිසෝල් වැනි හෝමෝන මට්ටම වැඩි කරයි. දිගුකාලීනව, අසරණභාවය පිළිබඳ හැඟීම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට පවා හානි කළ හැකි ය.

 

අපි අවුල්සහගත තත්ත්ව සමග ඍජුව ම කටයුතු කරන්නෙමු. නමුත් පර්යේෂණවලින් පෙනී යන්නේ, අපට කරදර කරන එවැනි තත්ත්වවලට සුළු බලපෑමක් ඇති කළ හැකි ක්‍රියාකාරකම්වලින් ඒවා පාලනය පිළිබඳ සංජානනයක් ලබාගත හැකි බව ය.

 

cognitive control neurosicnes public

 

SBTSස්ටේසි බෙඩ්වෙල්"අපට පාලනයක් ඇති බවට අප විශ්වාස කරන තාක් හෝ දැනෙන තාක් කල්, එය සත්‍ය පාලනයක් විය යුතු නැතැ,"යි ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි මනෝචිකිත්සාව, මනෝවිද්‍යාව සහ ස්නායු විද්‍යා ආයතනයේ මනෝවිද්‍යාඥයෙකු වන ස්ටේසි බෙඩ්වෙල් පවසයි. සරලවම, අපගේ පරිසරය වෙනස් කිරීමට හැකිවීම, ප්‍රයෝජනවත් වන ක්‍රියා සහ ඒවායේ ප්‍රතිවිපාක පාලනය කිරීමේ හැඟීමක් ඇති කළ හැකි බව ඇය පවසයි - අපගේ නිවෙස් පිරිසිදු කිරීම සහ සංවිධානය කිරීම එතරම් ප්‍රතිකාරයක් ලෙස දැනෙන්නේ මන්දැ යි එයින් පැහැදිලි කළ හැකි ය.

 

ELNGDF

 

වඩාත් ම කුතුහලය දනවන සාක්ෂි සමහරක් වැඩිහිටි පුද්ගලයින් පිළිබඳව සිදුකළ අධ්‍යයනවලින් පැමිණේ. හාවර්ඩ් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය එලන් ලැන්ගර්ගේ සහ යේල් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ජුඩිත් රොඩින්ගේ සම්භාව්‍ය පත්‍රිකාවක් සලකා බලන්න. අධ්‍යයනය වැඩිහිටි නිවාසයක සිදුවූ අතර, සහභාගීවන්නන් කණ්ඩායම් දෙකකට බෙදා තිබිණි. පළමු කණ්ඩායමට ඔවුන්ගේ කාමරය ඔවුන්ටම සකස් කර ගැනීමට අවසර ලැබිණි: ඔවුන් කැමති ආකාරයට ගෘහ භාණ්ඩ ස්ථානගත කිරීමට ඔවුන්ට අවසර ලබා දී තිබුණු අතර, ඔවුන් විසින්ම රැකබලා ගත යුතු ශාකයක් ඔවුන්ට ලබා දෙන ලදී. මේ අතර දෙවන කණ්ඩායමට දැනුම් දුන්නේ, කාර්ය මණ්ඩලයට හැමදේම බලාගන්න පුළුවන් යනුවෙනි; ඔවුන්ගේ පැළයට වතුර දමන්නට පවා ඔවුන්ට සිදු නොවුණි. ඊළඟ මාස 18 තුළ, ඔවුන්ගේ කාමරයේ වගකීම ඔවුන්ට ම භාර ගැනීමට දිරිමත් කරන ලද පිරිස වඩා හොඳ ශාරීරික සෞඛ්‍යයක් භුක්ති විඳි අතර ඔවුන් මියයාමට ඇති ඉඩකඩ අඩු විය.

 

ඔවුන් අනෙක් අයට වඩා සුළු ක්‍රියාකාරකමක සතුට භුක්ති වින්දා විය හැකි ය. කෙසේ වෙතත්, අසරණභාවයේ ඍණාත්මක බලපෑම් පිළිබඳ පර්යේෂණයන් ඉදිරිපත් කර ලැන්ගර් සහ රොඩින් තර්ක කළේ, ඉන් ලැබෙන ප්‍රතිලාභයේ මූලික වශයෙන් මනෝවිද්‍යාත්මක සම්භවයක් ඇති බවත්, එය ඔවුන්ගේ ජීවිත පාලනය කිරීමේ හැඟීම වැඩි වීම නිසා සිදු වූ බවත් ය.

 

පිළිවෙළක් ඇති කාමරයකින් ඉලක්කගත මනසක්

 

ලැබෙන ප්‍රතිලාභ එතැනින් අවසන් නොවේ. ඔබ එදිනෙදා කරන සුළු වැඩ අතර සංවිධානය කිරීම සහ අස්පස් කිරීම වැනි කාර්යයන් ද ඇති නම්, ඉන් නිර්මාණය වන පිළිවෙලට ඇති පරිසරය සැනසිල්ල ගෙන දෙන බව ඔබට පෙනී යයි.

 

asaasasasasaමිචිගන් විශ්වවිද්‍යාලයයේ මනෝවිද්‍යාඥ ඊතන් ක්‍රොස් ඔහුගේ Chatter: The Voice in Our Heads සහ How to Harness It යන පොතේ ලියන පරිදි: "අපි අපගේ භෞතික අවකාශයන් තුළ තැන්පත් වී ඇති අතර, මෙම අවකාශයන්හි විවිධ ලක්ෂණ අප සිතන හා දැනෙන ආකාරය කෙරෙහි බලපාන මනෝවිද්‍යාත්මක බලවේග අප තුළ ක්‍රියාත්මක කරයි." අපි පිටත පිළිවෙලක් සහිත පරිසරයක් දුටුවහොත්, එය අප ඇතුළත අඩු අවුල්සහගත බවක් දැනීමට උපකාරී වේ, ඔහු ලියයි. "එය සැනසිලිදායක වන්නේ, එමඟින් ජීවිතය පහසුවෙන් හසුරුවා ගැනීමට සහ පුරෝකථනය කළ හැකි නිසාවෙනි."

 

බෙඩ්වෙල් පෙන්වා දෙන්නේ, මෙය අවධානය යොමු කිරීමට ඔබට ඇති හැකියාවෙන් පැහැදිලි විය හැකි බව ය. “ඔබ ඔබේ ලැප්ටොප් පරිගණකය අවුල්සහගත පරිසරයක තබාගෙන මුළුතැන්ගෙයි මේසයේ වාඩි වී සිටින්නේ නම්, ඔබට ඇති වැඩ කෙරෙහි අවධානය යොමු කිරීමට උත්සහ කරන අතරතුර ඔබේ මොළයට අඛණ්ඩව අවධානය යොමු කිරීමට සිදුවන දෘශ්‍ය උත්තේජක රාශියකි,” ඇය පවසයි. "ඔබට පෙනන අවුල් දේවල් ඉවත් කරන්න, ඉන් ඔබට වඩාත් පහසුවෙන් අවධානය යොමු කළ හැකි ය."

 

BBC 5

 

මොළයේ රූප අධ්‍යයනයන් මෙම මතය පැහැදිලි කරයි. සාමාන්‍යයෙන්, ඔබට පෙනෙන දර්ශනයක අවධානය වෙනතකට යොමු කරන භාණ්ඩ සංඛ්‍යාව වැඩි කරන විට මොළයේ ක්‍රියාකාරිත්වය බෙහෙවින් වැඩි වන බව ඔබට පෙනේ - එක් එක් භාණ්ඩය අපගේ අවධානය දිනා ගැනීම සඳහා තරග කරයි. මෙය ඔබේ මොළය වෙහෙසට පත් කිරීමට හේතු විය හැකි ය.

 

වැදගත් දෙය නම්, මෙය සිදුවීම වළක්වා ගැනීම සඳහා ඔබ අනිවාර්යයෙන් එම අවුල් තත්ත්වය ඇති කරන භාණ්ඩ ඉවත් කිරීම අවශ්‍ය නොවේ - ඒ දේවල් සරලව නැවත පිළිවෙලට සකස් කිරීම පමණක් ඊට ප්‍රමාණවත් වනු ඇත. භාණ්ඩ කාණ්ඩ කර සංවිධානය කිරීම - උදාහරණයක් ලෙස, වර්ණ අනුව - එමඟින් අවුල්සහගත තත්ත්ව කළමනාකරණය කර ගැනීම සඳහා මොළයට වඩාත් පැහැදිලි ඉඟි සැපයිය හැකි ය. මෙය එම ස්නායු ව්‍යාකූලත්වය අඩු කරයි - සහ එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ අවධානය වැඩි දියුණු කළ හැකි ය.

 

bbc 2

 

සතුට දනවන ආශ්‍රයන්

 

අවිනිශ්චිතතාවලට මුහුණ දුන් විට කාංසාව අඩු කරන, මානසික ආතතිය සමනය කරන, අවධානය වැඩි කරන සහ එන්ඩොර්ෆින් මුදා හැරීමට උපකාර කරන ගෙදර දොරේ වැඩවලට අප බොහෝ දෙනෙකු යොමු වීම පුදුමයක් නොවේ.

 

අනෙක් සියලු ක්‍රියාකාරකම් මෙන්ම, මේවායෙන් ලැබෙන ප්‍රතිලාභවලට ඔබේ පුද්ගලික රුචි අරුචිකම් සහ ඒ ඒ කාර්යයන්වලට සම්බන්ධ වන පුද්ගලයින් බලපානු ඇත. උදාහරණයක් ලෙස, දිවීම වැනි ව්‍යායාමවලින් ඇති කරන බලපෑම, මිනිසුන්ගේ මනස මඟින් පාලනය කළ හැකි බව අපි දනිමු; එවැනි ක්‍රියාකරකමකින් පසුව පැහැදිලි මනසක් ඇති කර ගැනීමට අපේක්ෂා කරන අය පැහැදිලි හිසකින් ද ආපසු නිවසට පැමිණීමට අපේක්ෂා කරයි. පිළිවෙලට තබා ගැනීම, පිරිසිදු කිරීම, වර්ග කිරීම සහ අස්පස් කිරීම ඉන් වෙනස් නොවේ.

 

Home cleaning tips for everyone 1

 

ඔබ ගෙදර වැඩට අකමැති නම්, සහ බලහත්කාරයෙන් පමණක් කොස්ස අතට ගන්නේ නම්, එදිනෙදා සුළු වැඩ කිරීමෙන් ලැබෙන සතුට ඔබට සදහටම නොදැනෙනු ඇත. නමුත් නිවෙස්වල සිටීමට කැමති අප අතර සිටින අයට, මෙම ක්‍රියාකාරකම් නොසන්සුන් මනසට මෙතරම් ගැලවීමක් විය හැක්කේ මන්දැ යි දැන් තේරුම් ගත හැකි ය.

 

ඩේවිඩ් රොබ්සන් යනු, 2022 මුල් භාගයේ දී Canongate (UK) සහ Henry Holt (USA) විසින් ප්‍රකාශයට පත් කරන ලද The Expectation Effect: How Your Mindset Can Transform Your Lifeහි විද්‍යා ලේඛකයෙකු සහ කතුවරයා වේ. ඔහු Twitterහි @d_a_robson ලෙස සිටියි.


(BBC සිංහල සේවය )


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්