ලොව ඕනෑ ම රටක, ඕනෑ ම මොහොතක, ඕනෑ ම පුද්ගලයෙකු කිසිවකු විසින් ඝාතනය කරනු ලැබිය හැකි ය. ඝාතකයාගේ හෝ ඝාතකයන්ගේ ඉලක්කය

මහ මග සිඟමන් යදින යාචකයාගේ සිට ලොව ප්‍රබල ම පුද්ගලයා දක්වා වූ ඕනෑ ම පුද්ගලයෙක් විය හැකි ය. එමෙන් ම ඝාතනයට ලක් වන පුද්ගලයා එසේ ඝාතනය කරන්නේ ඇයි ද යන්නට ද විවිධ හේතු තිබිය හැකි ය. එනම්: පුද්ගලික පසුමිතුරුතා, ව්‍යාපාරික පසමිතුරුතා, දේශපාලන පසමිතුරුතා මෙන් ම වෙනත් හේතු ද පැවතිය හැකි ය.

මේ ආකාරයට ඝාතනයට ලක් කෙරුණු පුද්ගලයා ඝාතනයට ලක්වූයේ කුමන හේතුවක් මත ද යන්න එක වර ම නිශ්චිත නිගමනයකට එළඹීමට නොහැකි වීම ද තවත් විශේෂිත ය. එහි දී අපරාධය කළ පුද්ගලයා හෝ කණ්ඩායම සැලසුම් සහගත ලෙස ම පශ්චාත් ඝාතන පරීක්ෂණ අවුල් කිරීම සඳහා පෙර සැලසුම් කළ ආකාරයේ විවිධ උපක්‍රම සමාජගත කිරීමට ද හැකි ය. ඒ අනුව ඝාතනය පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබාගැනීම සඳහා පැය විසි හතරක සිට වසර ගණනක් වුව ද කල් ගතවිය හැකි ය: ඇතැම් විට එසේ වසර ගණනක් කල් ගත වී ලැබෙන ග ද නිවැරැදි නොවන අවස්ථා අතීතයේ දී දක්නට සහ අසන්නට ලැබිණ. එබැවින් කිසියම් පුද්ගලයෙක් ඝාතනයට ලක් වූ සැණින් ඒ පිළිබඳ නිශ්චිත නිගමනවලට එළඹීම ඉතා අවර ගනයේ ප්‍රතිඵල අත් කර දිය හැකි ය.


සිරස අපක්ෂපාතී ද...?

 

මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දිනේෂ් ෂාෆ්ටර් නමැති පුද්ලයා ඝාතනයට ලක් කරන්නේ පසුගිය පහළොස්වන දින ය. එදා සිට මෙම ලිපිය ලියන මොහොත දක්වා ම අදාළ ඝාතනය කවුරුන් විසින් සිදු කරන ලද්දක්දැයි නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත. තවත් සරලව පවසන්නේ නම් ශ්‍රී ලංකා පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඝාතනය පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹ නොමැත. එහෙත් විවධ මාධ්‍ය (විශේෂයෙන් ම පුද්ගලික රූපවාහිනී නාලිකා සහ youtube නාලිකා) අදාළ ඝාතනය සම්බන්ධ පුද්ගලයන් හෝ කණ්ඩායම් පිළිබඳ අධි නිගමනවලට එළඹ තිබේ.

 

මෙහි දී ලියුම්කරුගේ වැඩි අවධානයක් යොමු වන්නේ සිරස රූපවාහිනී නාලිකාව කෙරෙහි ය. මන්ද එම නාලිකාව මෙම සිද්ධිය ආරම්භයේ සිට ම කටයුතු කළේ එක්තරා පක්ෂපාතීභාවයකිනි.

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය වන්නේ 15 වන දින රාත්‍රියේ දී ය. එදින සිරස රුපවාහිනි නාලිකාවේ රාත්‍රී 10 ප්‍රවෘත්ති ප්‍රකාශයේ දී මෙම සිද්ධිය විශේෂ පුවතක් ලෙස වාර්තා කළේ ය. ඒ වන විට දිනේෂ් ෂාෆ්ටර් මිය ගොස් නොසිටි බැවින් සිද්ධිය වාර්තා කරන්නේ අදාළ පුද්ගලයා පැහැරගෙන ඇති සිද්ධිය පමණි. 16වන  රාත්‍රි 10 ප්‍රවෘත්ති විකාශයේ දී සිරස පවසන්නේ අදාළ ඝාතනයට මෙරට ප්‍රකට ක්‍රිකට් විස්තර ප්‍රචාරකයෙකු වන බ්‍රයන් තෝමස් නමැත්තාගෙන් ද ප්‍රශ්න කර ඇති බවයි.

 

ds 1

16 වන දින එසේ පවසන සිරස 17වන දින අදාළ ඝතානය සම්බන්ධයෙන් සැක යැයි සිතෙන නවතම පුවතක් විකාශනය කළේ ය. එනම් 2015 වසරේ සිදු කළා යැයි පැවසෙන මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ දී දිනේෂ් ෂාෆ්ටර් විශේෂ හෙළිදරව්වක් කර ඇති බවයි. ඔවුන් අදාළ කොමිෂන් වාර්තාවේ කොටස් උපුටා දක්වමින් පෙන්වා දුන්නේ දිනේෂ් ෂාෆ්ටර්ගේ සාක්ෂිය ඉතා ප්‍රබල බවයි. ඒ අතර නොපවසා පවසන්නේ //දිනේෂ් ෂාෆ්ටර්ගේ සාක්ෂිය ඉතා ප්‍රබල බැවින් ඇතැම් විට බැඳුම්කර වංචාවට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින පිරිස් විසින් දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය කරන්නට ඇති// යන්න ය. එය සිරස නාලිකාවේ මුඛ්‍ය තේමාව වන // Our Report Your Decide// කපටි අදහසට යටත්ව ය. එහෙත් ඔහු මේ වන විට විසින් සාක්ෂි ලබා දී අවසන් බවත්, එසේ ලබා දෙන ලද  තොරතුරු දිනේෂ් ෂාෆ්ටර් මිය ගිය ද අවලංගු නොවන බව සිරසට නොවැටහෙන්නේ ද...? එසේත් නොමැති නම් එසේ දැන දැන ම ජනතාව මුළා කිරීම සඳහා කටයුතු කළා ද...?


කීර්ති රත්නායකගේ හෙළිදරව්ව සහ පොලිසියේ නිරුවත



සිරස නාලිකාවේ මෙම වාර්තාකරණය තනිකර ම නාටක පිටපතක් බව මේ වන විට සැකයට තුඩු දෙමින් පවතී. ඊට අදාළ ප්‍රබල සාක්ෂිය වන්නේ සුවිශේෂී ගවේශණාත්මක මාධ්‍යවේදියෙකු වන කීර්ති රත්නායක sldeshaya youtube නාලිකාව වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාව යි. ඒ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මතුවට සටහන් කරන්නට බලාපොරොත්තු වන අතර 16 වන දින එනම් දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට ලක්ව විසිහතර පැයක් ඉක්ම යන්නට මත්තෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් පවත්වාගෙන යනු ලබන youtube නාලිකාව සමග කීර්ති රත්නායක කළ සාකච්ඡාව වෙත අවධානය යොමු කළ යුතු ය.

කීර්ති රත්නායක එම සාකච්ඡාවේ දී දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඍජුව ම බ්‍රයන් තෝමස් වෙත අවධානය යොමු කරන අතර ඔහු දිනේෂ් ෂාෆ්ටර් වෙත බිලියන 1.04ක් (ලක්ෂ දාහතරදාහක්) ගෙවිය යුතුව තිබෙන බවත්, දිනේෂ් ෂාෆ්ටර් එම මුදල් ගෙවා ඇත්තේ චෙක් පත් තිස් හතකින් බවත්, ඒ සම්බන්ධයෙන් ඔහු 2019 මාර්තු 23වන දින කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත් අදාළ පැමිණිල්ලට අනුව බ්‍රයන් තෝමස් අත්අඩංගුවට ගැනීමට පොලිසියට වසර දෙකක් (2021 පෙබරවාරි 19වන දින) කල් ගතවී ඇති බවත් පවසයි. එමෙන් ම තිළිණි ප්‍රියමාලි නතත්තිය කළ මුදල් වංචාවට වඩා වැඩි මුදලක් වංචා කළ බ්‍රයන් තෝමස් නමැති පුද්ගලයා එක් දිනක් හෝ රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට පොලිසිය අසමත් වී ඇති බව ද කීර්ති රත්නායක හෙළිදරව් කරයි. එහෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිතිඥ නිහාල් තල්දූවට අනුව බ්‍රයන් තෝමස් දිනේෂ් ෂාෆ්ටර් වෙත ගෙවිය යුතුව ඇත්තේ ලක්ෂ 1400කි.(මෙය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අතින් සිදු වූ වැරැදීමක් දැයි යළි සොයා බැලිය යුතු ය.මන්ද එක් youtube නාලිකාවක මෙය ලක්ෂ දාහතරක් ලෙස ද ප්‍රකාශ විය.)

 



කීර්ති රත්නායක මෙහි දී තවත් සුවිශේෂි හෙළිදරව්වක් කරයි. එනම් බ්‍රයන් තෝමස් නමැති පුද්ගලයා විවිධ මුදල් වංචා සම්බන්ධයෙන් මීට පෙර ද චෝදනාවලට ලක්වී ඇති බව සහ කලක් එක්තරා පුද්ගලික ගුවන් විදුලි නාලිකාවක ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර ප්‍රචාරකයෙකු ලෙස කටයුතු කර ඇති බවයි. ඔහු මේ පවසන පුද්ගලික රූපවාහිනි නාලිකාව කුමක් ද...?





දැන් යළි සිරස වෙත හැරෙමු. කිර්ති රත්නායක මේ ආකාරයෙන් බ්‍රයන් තෝමස් වෙත ඍජු අවධානය යොමු කළ පැය 24ක් ඉක්ම යන්නට මත්තෙන් සිරස ඉදිරිපත් කරන බැඳුම්කර වංචාව පිළිබඳ සිද්ධිය දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් බ්‍රයන් තෝමස් කෙරෙහි එල්ලවන සැකය වක්‍රාකාරයෙන් නිෂේධනය කිරීමකි. එනම් අදාළ පුද්ගලයා ඝාතනය කිරීමේ වුවමනාව බ්‍රයන් තෝමස්ට වඩා බැඳුම්කර සිද්ධියට චෝදනා ලැබූ අයට තිබිය හැකි බවයි. එය ද සිරස නාලිකාවේ // Our Report Your Decide// යන්න මැනවින් ප්‍රකට කරයි. නමුදු දිනේෂ් ෂාෆ්ටර් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් කරන්නේ ඇයි ද යන්න කීර්ති රත්නායක sldeshaya youtube නාලිකාව වෙත පවසයි. මෙම ලිපියේ මතුවට එය සඳහන් කෙරේ.


කීර්තිගේ දෙවන හෙළිදරව්ව


චමුදිත සමරවික්‍රමගේ youtube නාලිකාව වෙත කීර්ති රත්නායක අදහස් දක්වන්නේ 16වන දින යි. අනතුරුව ඔහු 19වන දින sldeshaya youtube නාලිකාව අදහස් දක්වමින් දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය, බ්‍රයන් තෝමස් යනු කවු ද, ඔහු පවතින ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු සමග පවත්නා සම්බන්ධය සහ බැඳුම්කර සිද්ධියේ තිරයෙන් පිටුපස සිද්ධි කිහිපයක් හෙළිදරව් කළේ ය. එහි දී ඔහු 16 වන දින චමුදිත සමරවික්‍රම ඉදිරියේ හෙළි නොකළ කරුණු කිහිපයක් ම හෙළි කළේ ය. එය ඔහු කොටස් හතරකට වෙන් කර තිබිණ. මතු උපුටා දක්වන්නේ එම සිව් වැදෑරුම් සිද්ධි දාමය යි.

 



01.  ශ්‍රී ලංකා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක දකුණේ දෙමළ පක්ෂවල නායකයින් ගොනුකරමින් පිහිටුවා ඇති දෙමළ ප්‍රගතිශීලි සන්ධානයට Tamil Progressive Alliance (තමිල් ප්‍රෝග්‍රසිව් එලයන්ස්) මුල්‍යාධාර සපයන්නේ ශාෆ්ටර් පවුල විසිනි.


02.  දිනේෂ් ශාෆ්ටර් මහතාට එංගලන්තය තුළ ද ව්‍යාපාර තිබේ. එහි හවුල්කාර පාර්ශ්ව සහ දිනේෂ් ශාෆ්ටර් මහතා අතර ද ගැටුම් පවතී.


03.  හිටපු ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස් සහ දිනේෂ් ශාෆ්ටර් මහතා අතර පැවතුණ මුදල් ආරවුල්.


04.  දිනේෂ් ශාෆ්ටර් කළමනාකරණ අධ්‍යක්ෂ ධූරය දරන 'ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් පීඑල්සී සමාගම'  2015 මෙරට සිදු වූ ආන්දෝලනාත්මක භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සමග පැවති සම්බන්ධය, එම බැඳුම්කර සිද්ධියට සිරස මාධ්‍ය ජාලයේ සහ එවකට රාජ්‍ය ඇමැතිවරයකුව සිටි අයකුගේ මැදිහත්වීම සම්බන්ධ තත්ත්වය.

උපුටා ගැනීම theleader වෙබ් අඩවියෙනි


අවධානය යොමු කළ යුතු ම කරුණු



යට සඳහන් මාන හතර කෙරෙහි අවධානය යොමු කිරීමේ දී අවබෝධ වන්නේ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය එක් පුද්ගලයෙකුගේ ගිණුමට බැර කළ හැකි වර්ගයේ ඝාතනයක් නොවන බවයි. අනෙක් පසින් එම මාන හතර තුළින් ගම්‍ය මාන කිරෙන්නේ මෙරට පැවති සිවිල් යුද්ධයේ අවසාන කාල වකවානුව යි. එනම් එකල යුද්ධයට එරෙහි සියලු දෙනා ම පාහේ ජාති ද්‍රෝහියෝ වූහ; ඔවුහු මරා දැමුව ද කම් නැතියි පවසන්නට තරම් මෙරට (විශේෂයෙන් ම දකුණේ) ජනතාව මුග්ධ වූහ.

කිර්ති රත්නායක පවසන අන්දමට දිනේෂ් ෂාෆ්ටර් පමණක් නොව අනාගතයේ දී ඔහුගේ පවුලේ තවත් සාමාජික සාමාජිකාවන් කිහිප දෙනෙකුට ම මෙම ඉරණම ම අත්වීමට ඉඩ-කඩ පවතී. මන්ද Tamil Progressive Alliance නමැති සන්ධානයට මූල්‍ය උපකාර සපයනු ලබන්නේ ෂාෆ්ටර් පවුල විසින් ම වන බැවිනි. නමුත් අදාළ උත්සවය පැවති අවස්ථාවේ එහි ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වූ පුද්ගලයා පිළිබඳ අවධානය යොමු නොවන්නේ ඇයි ද යන්න ද අපි විමසා බැලිය යුතු ය. එසේ විමසා බැලීමේ දී මෙය කූඨ, අවස්ථාවාදී, නරුම දේශපාලන සූදුවේ ම තවත් දිගුවක් බව ඉතා මැනවින් පැහැදිලි වේ.

දෙවන කාරණය පිළිබඳ අවධානය යොමු කළ විට දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය පිළිබඳ සැකය ජාත්‍යන්තර ඝාතනයක් යැයි සැක කිරීම ද නොවැළැක්විය හැකි ය. එමෙන් ම එබඳු අවධානයක් යොමු කිරීමේ අටියෙන් කළ ඝාතනයක් ද යන්න ද සැක සහිත ය.

තුන්වන කරුණ මේ වන විට පවතින තත්ත්වය ම වන අතර එය වර නැගීමෙන් ඵලක් නොමැත.

සිවුවන කරුණ කෙරෙහි අවධානය යොමු කිරීමේ දී කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණ තිබෙන බව පසක් කෙරේ. එනම් මහ බැංකු බැඳුම්කරය සම්බන්ධයෙන් දිනේෂ් ෂාෆ්ටර් විශේෂ හෙළිදරව්වක් කරන්නේ මන් ද යන්න සහ අදාළ සිදුවීම පිටුපස සිටින සැඟවුණ අමුත්තන් කවුද යන්න ය. දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය පිටුපස බැඳුම්කර වංචාවට චෝදනා ලද්දෝ සිටිතැයි ව්‍යංගයෙන් පවසන්නේ ද එකී සැඟවුණ අමුත්තන් ම වීම ඊටත් වඩා උත්ප්‍රාස ජනක ය; එමෙන් ම බියකරු ය. ඒ පිටුපස පවතින්නේ දැවැන්ත දේශපාලන කුමන්ත්‍රණයක් බව පැහැදිලි ය. අවසන එකී දේශපාලන කුමන්ත්‍රණයෙන් විනාශ වීමට තිබූ දේශපාලන චරිතය ද මෙම දේශපාලන කුමන්ත්‍රණයේ හවුල්කරුවකු බවට පත්වුව ද එය පුදුම වීමට කරුණක් නොවේ. මෙය වඩාත් අවබෝධ කරගන්නට නම් මෙම ලිපිය කියවන පාඨක ප්‍රජාව කිර්ති රත්නායක sldeshaya youtube නාලිකාව වෙත දැක්වු අදහස් පිළිබඳ ගැඹුරින් අවබෝධ කරගත යුතු ය.

යළිත් විමසිය යුතු කරුණක් පවතී. එනම් කීර්ති රත්නායක පැවසු පරිදි බ්‍රයන් තෝමස් නමැති පුද්ගලයා වැටුණේ කුමන නාලිකාවක සාක්කුවට ද...? යන්න ය. එසේ නම් එම නාලිකාව බ්‍රයන් තෝමස් නමැත්තා නිදොස් කර නිදහස් කරන්නට යත්න දැරීම අරුමයක් විය නොහැකි ය. මන් ද යම් ආකාරයකින් බ්‍රයන් තෝමස් නමැත්තා වැරැදිකරු වුව හොත් මෙරට සිදු කළ සහ සිදු වෙමින් පවතින දැවැන්ත දේශපාලන කුමන්ත්‍රණයක් ද හෙළිදරව් වන බැවිනි. එහි අවසානය ඇතැම් විට බ්‍රයන් තෝමස් නමැත්තා ද අබිරහස් ලෙස මරු වැලඳ ගැනීම ද විය හැකි ය; ඒ ලංකාවේ මතු නොවෙ සමස්ත ලෝකයේ ම එක් ඉත්තෙකු රජ වී තවත් දේශපාලන ඉත්තන් කිහිප දෙනෙක් ම කැපී යාම සාමන්‍යකරණය වී ඇති බැවිනි.


නීතිය බල්ලට ගිය රටක ජනතාවගේ නීතිය සාධාරණ ද...? - (ජයසිරි අලවත්ත)ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/12/22


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්