බිත්තර පාලන මිලට සහ විශ්‍රාම වයසට එරෙහිවද,  නඩු දෙකකි.  

වැඩි මිලට බිත්තර අලෙවියට එරෙහිව  ලක්ෂ ගණන් දඩ නියම විය. වසර 60න් විශ්‍රාම ගැන්වීමට නො සතුටින්  සමහර වෛද්‍ය වෘත්තිකයන් විදේශ ගතවීමටත්,  විදේශගතව සිටි සමහරුන් ආපසු දිවයිනට නො පැමිණිමටත් ගත් තීරණය නිදහස් අධ්‍යාපන වරප්‍රසාදය අවියක් කර ගැනීමකි.

ආදරයේ  අරගලය විසින් පළවා හැරියේ සීනි බද්ද ශත 25ට අඩුකර, ඍජු බදු අය නොකර රට බංකොලොත් කළ  අසාර්ථක පාලකයෙකි. එ දවස මිල පාලනය, ස්ථාන මාරු, විශ්‍රාම ගැන්වීමත්, නීතිය හා සාමය පිළිබඳ කටයුතු කෙරුණේ මිනිසුන්ගේ මුහුණ බලලාය. රාජ්‍ය සේවයට එකවර තිස් හතළිස් දහසක් බඳවා ගැනීම මෙන්ම ප්‍රතික්ෂේපවූ රාජපක්ෂලා කෙලින් කිරීමට වියත් මග කළ රැවටීමත් හේතුවෙන් සිස්ටම් චේන්ජ් ඉල්ලා සිටි අරගලයේ රස්නය යාමට පෙර සජිත් ප්‍රේමදාස, වසර 60න් විශ්‍රාම ගැන්වීමේ නීතියෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය බේරා ගැනීමට ගත් උත්සාහය, ජනතාව රවටා පාලනය ඉල්ලන තවත් රාජපක්ෂ කෙනෙකු ඉස්මතු වීමකි.

 



 

ලිපිය ආරම්භයේ  සඳහන් රජයට එරෙහි නඩු කටයුතු  මෙන්ම සජිත් විශ්‍රාම ගැන්වීමේ නීතියට අභියෝග කිරීමත් ජයග්‍රාහී ආදරයේ අරගලය කනපිට හැරවීමකි. බිත්තර නඩුකරයෙන් පාලන මිලට පැනවුණ තහංචිය නිසා, බිත්තරයක්  කෑමට අවශ්‍ය නම් එක් බිත්තරයකින් ලැබෙන පෝෂණ පදාර්ථයන් මෙන් කිහිප ගූණයක ශරීර ශක්තියක් වැය කර පාරිභෝගියා මුදල් ඉපැයිය යුතු වේ. 70%කින් වැඩි කෙරෙන විදුලි බිලද අත ළඟය. ලංවිම අලාභය පියවා ගැනීමට වැට් බදු වැඩි නො කරන ආණ්ඩුවට ඉතිරිව ඇත්තේ විදුලිය කැපීම  හෝ බිල වැඩි කිරීම යන  විකල්ප දෙක පමණකි.

 

රාත්‍රියේ විදුලිය කැපීමෙන් දරුවන්ගේ පාඩම් අතපසු වන නිසා, විදුලි බිල වැඩි කිරීමට ගත් තීරණය ඇසූ  විපක්ෂය මීක් කීවේ නැත. හේතුව  ජනප්‍රිය නොවන තීරණ ගැනීමෙන් මිස වැටුණ තැනින් රට  ගොඩ ගත නො හැකි බව රටේ බහුතර ජනතාව විශ්වාස කිරීමය. මන්ද පෝෂණයෙන් ගොදුරුවූ පාසල් දරුවන්ට සමහර පාසල් ගුරුවරුන් පවා සංවිධානාත්මකව කෑම වේලක් සපයන වර්තමානයේ සජිත් ප්‍රේමදාස තෝරා ගත් පාසල්වලට බස් රථ පරිත්‍යාග කිරීම යනු ඇත්තන්ගෙන් ඉල්ලා දී නැත්තන් රවටා බලය ඇල්ලීමේ උත්සාහයකි. බහුතරයක අපේක්ෂාව දරුවන්ට සතුටින් ජීවත්විය හැකි ශක්තිමත් රටක් මිස, රටේ බලය අල්ලන ක්ෂණික මැතිවරණයක් නොවේ.

 

 117745319 mediaitem117745318

නවසිය හැත්තෑ එකේදී කැරැල්ල හේතුවෙන් අවුල්වූ ඌරාගස්මන්හන්දිය අවට ජන ජීවිතය, දෙ පැයක හමුදා මෙහෙයුමක් හරහා, යළි තහවුරු කිරීමේදී දේපල සහ ගවාදි සතුන් පමණක් නොව මිනිස් ජීවිත පවා අනතුරට ලක් විය. ජනතාවගේ පොදු යහපත සඳහා සිදු කළ ඒ තීරණයට ජවිපෙය අදටත් එකඟ නැතද, එකී හමුදා ක්‍රියාන්විතය සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පාලකයන් ගත් උත්සාහයකි.  රාජපක්ෂ පාලනය හේතුවෙන් 2022දි ඇතිවූ ඉන්දන අර්බුදය කැරැල්ලක් නොවූවද, පෝලිම්වල මිනිසුන් මිය ගිය යුගයකි. ත්‍රි විලර් සහ ලොරි රියැදුරන් ඉන්ධන තොග රැස්කර වැඩි මිලට විකිණීමේ   ජාවාරමෙන් රටේ ප්‍රවාහන සේවා අඩපනවී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයත්,  භාණ්ඩ මිල ඉහළ යාමත් නිසා රටම අඩපන විය. ගෝඨා අවුල් කළ රටේ පාලනය රනිල් වික්‍රමසිංහ භාර ගන්නා විට ඇති නැති හැම පුරවැසියාම සිටියේ එකම බෝට්ටුවේ පාවෙමිනි.

 

qrx

ජූලි 22 දින වික්‍රමසිංහ පාලනය හඳුන්වා දුන් කිව්ආර් කේතය හරහා ලැබුණ ඉන්ධන තොග සාධාරණව බෙදී යාමෙන් පෝලිම් අවසන් වුවද,  ලීටර් 20ක් මොනවා කරන්නදැයි සමහරු අසති. බහුතරය අකමැති වුවද අර්බුදයකදී ගන්නා සාධනීය තීරණ යනු යුද මෙහෙයුමක් නොවූවද බලය යෙදවීමකි. ගැට`ථ නිරාකරණයේදී ප්‍රතිපලය සියයට සියයක් සාර්ථක විය නොවේ. එසේම  ජනප්‍රියද නො විය හැකිය.  එය ලෙඩේ තරමට බෙහෙතේ තිත්ත අඩු වැඩි වෙනවා වාගේය. රටක පාලනය යනු සතුටු සාදයක් නොවේ. නොමිලේ බස්රථ බෙදීමේ පිටුපස සිටින අනුග්‍රාහකයන්ට සජිත් බලයට පත්ව දක්වන ප්‍රති උපකාර උස නම් සිකියුරිටි න්‍යායට වඩා බෙහෙවින් බරපතල විය හැකිය.  කෝටා සහ තීරුබදු වලින් සමන්විත ව්‍යාපාරිකයන්ට දක්වන අනුග්‍රහයන් හරහා යළි උදා වන්නේද  රට වට්ටන රාජපක්ෂ යුගයකි. එදාට සජිත් ප්‍රේමදාසට එරෙහිව අරගල කරන්නට සිදු වන්නේ  නොමිලේ දුන් බස් රථවල ගමන් කළ දරුවන්ටමය. සුභ සාධන රටාවෙන් මිදී රට ගොඩ නැගීමට නම් යම් කාලයක් රටේ පුරවැසියන්ටද බොහෝ කැප කිරීම් කිරීමට යුතුවේ. 


රටේ ආර්ථීක පීඩාව යම් පමණකට තුනීවී ජනතාව පැවති පහසුවෙන් හුස්ම ගනිමින් සිටින්නාහ. එහෙත් උදා වූ උත්සව සමයේ බිත්තර සඳහා වූ  සාධාරණ මිල ක්‍රමයට තහිංචි පැණවීමත්, අරගලයේ මුවාවී පොදු දේපල විනාස කිරීමේ වරදට අත් අඩංගුවට පත් සැකකරුවන්ට ඇප ලැබුණ විට, අධිකරණ ශාලාව තුළදී  අත්පුඩි ගැසීමත් ආදරයේ  අරගලය අපේක්ෂා කළ ස්වාභාවික යුක්තිය අනුව සිය`ථ පාර්ශවයන්ට සවන් නො දීමකි. 
 
 
විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 2018දී වසර 63තෙක් දීර්ඝ කළේ වෛද්‍ය හිඟය ආදි හේතුන් යහ පාලකයන් ගැඹුරෙන් හැදෑරීමෙන් පසුවය. 2021දී විශ්‍රාම යාමේ වාසිය සකල රාජ්‍ය සේවයටම වයස 65 තෙක් දීර්ඝ කිරීම යහ පාලකයන් දුන් රුපියල් දස දහසේ වැටුප් වැඩි කිරිම නොතකා තමන් බලයට පත් කළාට රාජපක්ෂ පවුලේ සතුට ප්‍රකාශ කිරීමකි. ඒ සමග ඍජු ආදායම් ක්‍රම අත්හිටුවා මැතිවරණයට වියදම් කළ ව්‍යාපාරිකයන් පිනවීම හේතුවෙන් දේශීය ආදායම් අහිමිව සාමාන්‍ය වියදම් පියවා ගැනීමටත් සිදු කළ මුදල් අච්චු ගැසීමෙන් ඇතිවූ උදධමනය තවමත් අවසන්ව නැත.
 
 
මාසික වැටුප හෝ ගෙවාගත නො හැකිවූ තැන, රාජ්‍ය සේවක අතිරික්තය අවම කිරීමට 2022දී විශ්‍රාම යාමේ වයස සකල රාජ්‍ය සේවයටම බලපාන ආකාරයට අවුරුදු 60 තෙක් අඩු කළේ තාර්කිත ප්‍රවේශයකිනි. සමහරුන් එය අයිඑම්එෆ් කොන්දේසියක් ලෙස විග්‍රහ කළද, නවසිය අසූ ගණන්වලදීත්  අනිවාර්ය විශ්‍රාම ගැන්වීම් හරහා රාජ්‍ය සේවයේ අතිරික්තයන්  මෙසේ අඩු කරනු ලැබීය. පාසල් ගුරුවරියන්ට නොමිල් ඔසරි සාරි දෙන්නැයි සජිත් ආණ්ඩුවට කරන බල කිරීමත් ආර්ථීකය ලෙඩ කරවන සජිත්ගේ සනීපාරක්ෂ තුවා ගුංඩුව ජාතියේ ඡන්ද පොරොන්දුවක් විය හැකිය.
 
 
588b99c3 2ea758aa ceb 1 850x460 acf cropped 1 850x460 acf cropped 850x460 acf cropped 850x460 acf cropped

1974 තෙක් ලාභ ලැබූ ලංවිමය වසර 28ක් පුරා පාඩු ලබන්නේ මජර දේශපාලනයේ අවකල් ක්‍රියා හේතුවෙනි. 1974 බලයට පත් පොදු පෙරමුණ 17 වසරක් තමන් සමග සිටි  පාක්ෂිකයන් පිනවීමට මෑන් පවර් ආදි රස්සා දීමෙන් බරක්වූ සේවක අතිරික්තය එසේ තිබියදී සේවා වලින් අඩක් අදටත් කොන්ත්‍රාත්  හරහා කරවා ගැනීමත් අපරාධයකි. ඒ සමග දේශපාලකයන්ගේ දූෂණ වංචාවන්ට සහාය වූ ඉහළ නිලධාරිනගේ පහසුවට  ලාභාංශ වැය කෙරිණ. ලංවිම වාහන සංචිතයේ වාහන 3000ක් තිබියදී කුලි පදනම යටතේ පුද්ගලික වාහන 800කට ගෙවීම් කිරීම එක් උදාහරණයකි. වචනාර්ථයෙන්ම රාජ්‍යට ලැබිය යුතු උපයන විට ලෙස ලංවිම සේවකයන් ගෙවිය යුතු බදු කාසි ලංවිම ආදායමෙන් ගෙවීමට විදුලි බල ඇමතිවරුන් එකඟවීම  ආර්ථික අපරාධයකි. 2010 සිට 2020 තෙක් පමණක්  උපයන විට බදු ලෙස රුපියල් කෝටි 498ක් හිඟන ලංවිම වෙනුවෙන් මහා භාණ්ඩාගාරයට ගෙවීම සිදුවිය. 1994 තෙක් ලාභ ලැබූ ලංවිම පමණක් නොව මහා භාණ්ඩාගාරයටද වදයක් වෙමින් මෙසේ මෙසේ රට විනාස කිරීම ගැන අද ආණ්ඩුවට ආර්ථික බණ කියන ආසන්න වසර  28 ක් ලංවිමය භාරව සිටි පාඨලී චම්පික ඇතු`ථ හැම එකාම ඍජුව වගකිව යුතු වේ.

හිටපු විදුලි බල ඇමති ඩබ්ලිව්. ජේ. සෙනෙවිරත්න මිලියනයකට ආසන්න විදුලි බිලක් නො ගෙවා සිටියා නම් එය රටේ පැත්තෙන් සහගහන අපරාධයකි. සාමාන්‍ය පාරිභෝගිකයන්ට  70%කින් වැඩි කළ විදුලි බිල් ගෙවන්ට සිදු වෙන්නේ චමුදිත සමරවික්‍රමගේ වෙඩ් අඩවිය අනුව, ශාන්ත බණ්ඩාර,  ඉම්තියාස් බාකිර් මාකර්, රිෂාඩ් බදුර්දීන්, සරත් පොන්සේකා, රාජිත සේනාරත්න, ඩලස් අලහප්පෙරුම,  චන්ද්‍රසිරි ගජධීර ආදින් හොරෙන් විදුලිය පාවිච්චි කළ නිසාය.
 
 
තව දින හයකින් උදාවෙන  2023 වසරට පමණක් රුපියල් කෝටි 46500.00ක ඇස්තමේන්තු ගත පාඩුවකට වන්දි ගෙවිය යුතු ලංවිමය ජාතික  සම්පතක් වන්නේ බිල් නො ගෙවන මැති ඇමතීන්ට මිස, එදා වේල සඳහා හූල්ලන සාමාන්‍ය ජනතාවට නම් නොවේ. දෙමළෙන් ජාතික ගීය ගයනවාට එරෙහි රාජපක්ෂලා රකින ඊනියා ජාතිකත්වය ඡන්ද පෙට්ටි පුරවන බජව්වක් පමණකි.  
 
 
ලංවිම විකුණනවාද පුද්ගලික අංශයට විකුණා දමනවාද? රටේ හෙට දවස වෙනුවෙන් ජනාධිපති වික්‍රමසිංහ මැතිවරණ ගැන නො සිතා තීන්දු කළ  යුතුවේ.
 
ලංවිම විනාස කළ 1994න් මෙපිට 28 වසරෙන්  21 වසරක් රටේ පාලනය කළ බණ්ඩාරනායකලා, රාජපක්ෂලාට ප්‍රශස්ති කී ඩලස් ලා, චරිත හේරත්ලා, ජී.ඇල්.පීරිස්, ඩිලාන්ලා, වීරවංශලා, පාඨලීලා, ගම්මන්පිලලා, වාසුදේවලා  ලංකා විදුලි බල මණ්ඩලය ජාතික වස්තුව රටට හූනියමක් ද? සෞභාග්‍යයේ  පුන්කලසක් ද?  යන්න ප්‍රකාශ කළ යුතු වේ. අදටත් පාර්ලිමේන්තු කැන්ටිමේ එකට කන බොන කෝටි ගණන් විදුලි බල මණ්ඩලයට පොලු තබා ඇති මන්ත්‍රීන් කවුදැයි ප්‍රසිද්ධ කරන්නැයි සජිත් හෝ පාඨලී චම්පික කිසි විටෙක  කතානායකගෙන් ඉල්ලන්නේ නැත. ආදරයේ  අරගලය අපේක්ෂා කළේ සිස්ටම් චේන්ජ් එකක් සහිත අ`ථත් රටක් මිස පාඨලීලා සජිත්ලා ජවිපෙ ඉල්ලන තවත් තක්කඩින් පිරිසකට ලයිසන් ලබාදෙන ඉක්මන් මැතිවරණයක් නොවේ.

මේ ලිපිය ලියමින් සිටියදී බරපතල ලෙස රනිල්ට කඩේ යමින් සිටින මාගේ විශ්‍රාමික විදුහල්පති මිතුරා  මා ඇමතීය.
 
 
Badulla 01 1

“ සියැටෙල් ඇල්ලට ගිහින් නේද? ඔහු මේ කතා කරන්නේ ජනාධිපති වික්‍රමසිංහගේ ඇල්ල සංචාරය ගැනය. 

“ඇයි?  රක්වානේ භාග්‍යා අබේරත්නලා ගම්පහ දේවානි ජයතිලකලා නේද අරගලය පටන් ගත්තේ... මතක නැද්ද?   මම පෙරළා විමසා සිටියෙමි. සියැටෙල් 1854දී අභියෝග කළේ අමෙරිකන් ජනාධිපති ප්‍රෑන්ක්ලින් පියර්ස්ටය. භාග්‍යාලා දේවානිලා 2020දී අභියෝග කළේ සිංහරාජයට සහ මීගමුවේ කඩලානට වින කළ ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටය. ටැන්සානියාවේ ජනාධිපති ජුලියස් නියරේරේ සංචාරක කර්මාන්තයට වඩා තම රටේ සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටියේය.  
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අභියෝග කරමින් සිටින්නේ අපට වැරදුණ රටේ අතීතයටය. සංචාරකයන්  ලංකාවට පැමිණ වියදම් කරන ඩොලර් ප්‍රමාණය වැඩි කිරීමට උනන්දුවන  රනිල් වික්‍රමසිංහ,අපේ වනාන්තරයේ කොළ ද`ථ මල් ඩොලර් වෙනුවට හුවමාරු කිරීමට නම් සූදානම් නැත.

සිංහරාජය වනන්තරයටම ගොස් මහ කැලේ මැද අනවසරයෙන් කපමින් සිටි මහා මාර්ගයක් ඉදි කිරීමට ජනාධිපති ගෝඨාභය දුන් නියෝගයට පරස්පරව, ජනාධිපති වික්‍රමසිංහ, ඇල්ල ගාර්ඩන් ගාර්ඩ්න් හෝටලයේදී යළි යළි හුනස්නෙන් නැගිට ඈත කඳුයායන් පෙන්වමින් හැම තැනකම හෝටල් ඉදි කො කළ යුතු බවට කළ ප්‍රකාශය ආදරයේ අරගලය ආරම්භ කරමින් භාග්‍යාලා දේවානිලා ඉල්ලා සිටි උරුමය සහතික කරමින් විධායක ජනාධිපති යනු රටේ භාරකාරයා මිස අයිතිකාරයා නොවන බව සපත කිරීමකි. ආදිවාසි  සියැටෙල්, As we are part of the land, you too are part of the land. This earth is precious to us. It is also precious to you යනුවෙන් ජනාධිපති ප්‍රෑන්ක්ලින් පියර්ස්ට මතක් කළ දේ “මම අවුරුදු හැටක් හපුතලේ ගැන දන්නවා” යනුවෙන් සාරාංශ කළ පසුවද තම ප්‍රයත්නය අත් නො හළ ධෛර්ය සම්පන්න තරුණ ව්‍යවසායකයාට, “මම බෑ කිව්වොත් බෑම තමයි” යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඌව ඇල්ලේදී රටේ විධායක ජනාධිපතිට ආවේශ වෙමින් කළ ප්‍රකාශය, ඌව හල්දුම්මුල්ලේදීත් සිංහරාජයේදී මෙන්ම නීති විරෝධී වැලි ප්‍රවාහනයට අනුමැතිය දෙමින් රටේ නීතිය මමයි කියමින් ගෝඨා, විධායක ජනාධිපති ලෙස කළ ප්‍රකාශය සමග ගැලපිමේදී සිස්ටම් චේන්ජ් එක සිදු නොවේ යයි  කිසිවෙකුට කිව හැකිද? 
 
රනිල් ජනප්‍රිය නොවන එහෙත් සද්භාවී දැඩි තීරණ රට වෙනුවෙන් ගනිමින් සිටියි. පිරිසිදු සුළඟටත් බදු ගෙවිය යුතු බව  සිංගප්පූරුවේ ලී ක්වාන් යූ, විශ්වාස කළේ රට වෙනුවෙනි. රනිල් රටේ පාලකයා වී ගෙවී ගිය පස් මාසයක් හා දින පහක් තුළ රට  වෙනුවෙන් කළ කී දේ සම්බන්ධව රටේ ජනතාවගේ ප්‍රතිචාරය කුමක්ද?  සටන් පාඨ වෙනුවට එකී පලදායි සමාජ අත්දැකීම හුවමාරු කර ගැනීම රටට වාසිදායක වේ. 
 

50 Years at the Bar : නීතිඥ දිවියට වසර 50ක් - (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්