ඊයෙ උදේ මම මගේ Email බලද්දි මට අපූරු Email පණිවිඩයක් ලැබිල තිබුණ. පණිවිඩය ඇවිත් තිබුණෙ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ලිපිනයෙන්.

ලිපිය ලියල තියෙන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලිපි ශීර්ෂයක. ලිපියට අත්සන් කරල තියෙන්නෙ: නීතිඥ දයාසිරි ජයසේකර (පා. ම.), ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.

ලිපියෙ සිරස මෙහෙමයි. ‘‘හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 23.01.08 කොළඹදී කළ ප්‍රකාශය හෙළා දකිමු!’’ කියල.

 

 

මං ඉතිං කෝකටත් කියල මේ ලිපිය කියෙව්ව. ලිපිය කියවද්දි මට දැනුණෙ අපේ ජන කියමනක්; ඒ කියන්නෙ ‘‘අබ කෑ මිනිහගෙ මොළය දනව’’ කියන කියමන. ඒ ලිපිය ‘‘පුහුල් හොරා කරෙන් දැනේ’’ කියන කියමනටත් සමාන කරන්න පුළුවන්.

 

324882074 858503398723298 3719695506070920315 n

දයාසිරි ඒ ලිපිය හරහා චන්ද්‍රිකා කුමාරතුංගට චොදනාවක් එල්ල කරනවා. ඔහු කියන්නෙ 2019 සිද්ධ වුණ පාස්කු ප්‍රහාරයට එවකට රටේ ජනාධිපති ධුරය දැරූ මෛත්‍රීපාල සිරිසේන වගකිව යුතු නම් චන්ද්‍රිකා කුමාරතුංග බලයට පත් වෙච්ච දවසෙ ඉඳල බලය හෙබ වූ දවස වෙන තුරු සිදුවෙච්ච හැම බෝම්බ ප්‍රහාරයකට ම (1999 වසරෙ දෙසැම්බර් 18වන දින ඇය වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරය ද ඇතුළුව ) ඇය වගකිව යුතුයි කියල.

 

ඔවු... චන්ද්‍රිකා බණ්ඩාරනායක විතරක් නෙවෙයි ඊනියා නිදහසෙන් පස්සෙ මේ රටේ සිද්ධ වෙච්ච හැම දේශපාලන ඝාතන සිද්ධියකට ම එදා මෙදාතුර රට පාලනය කරපු හැම නායකයෙක් ම වග කියන්න ඕනෙ. ඒක එහෙම නෙවෙයි කියල කාටවත් කියන්න බැහැ. ඒ අනුව බලද්දි 1959 සිද්ද වෙච්ච සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක (එවකට රටේ අගමැති) ඝාතනයට ඔහුත් වගකියන්න ඕනෙ. ඒ වගේ ම 1993 වසරෙ සිද්ධ වෙච්ච ආර්. ප්‍රේමදාස (එවකට ඔහු රටේ දෙවන විධායක ජනාධිපති සහ සේනාධිනායක) ඝාතනයට ආර්. ප්‍රේමදාසත් වගකියන්න ඕනෙ. ඒ වගේ ම 1999 වසරෙ දෙසැම්බර් 18වෙනිද චන්ද්‍රිකා කුමාරතුංගට එල්ල වෙච්ච බෝම්බ ප්‍රහාරයට ඇයත් වගකියන්න ඕනෙ. සමස්තයක් විදියට ගත්තොත් ඊනියා නිදහසෙන් පස්සෙ සිද්ධ කරපු සියලු ජාතිවාදි අරගලවල දි, 71 තරුණ අරගලයෙදි, 87 ඉන්දු ලංකා ගිවිසුම අවස්ථාවෙදි (1987 ජුලි 27වෙනිද ඉඳල අගෝස්තු 04වෙනිද දක්වා ඒ සිද්ධියට අදාළ ප්‍රථම මිනිස් ඝාතනය වන මොරටුව විශ්වවිද්‍යාලයේ ක්ලිෆඩ් පෙරේරා ප්‍රමුඛ 132ක් ඝාතනය කරා) සිදු කරපු සියලු මිනිස් ඝාතන, 87 – 89 වකවානුවෙදි සිදු කරපු සියලු මිනිස් ඝාතන වගේ ම වසර තිහකට අධික කාලයක් පැවතුණ උතුරු නැගෙනහිර යුද්ධය වෙනුවෙන් කෙරුණු සියලු මිනිස් ඝාතන (සිංහල දෙමළ ප්‍රමුඛ සියලු ජනතාව) වෙනුවෙන් ඒ ඒ වකවානුවල රට කරවපු පාලකයො වගකියන්න ඕන. මොකද මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නය, ජාතිවාදි ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න ඇති කරේ ජනතාව නෙවෙයි. එදා මෙදා තුර රට පාලනය කරපු පාලකයො. ඒ අය ඒ ඒ වකවානුවල තම තමන්ගෙ දේශපාලන පැවැත්ම වෙනුවෙන් රටේ විවිධාකාරයේ ගැටලු නිර්මාණය කරා. මේ වෙද්දි පවා එය සිදු කරමින් පවතිනවා. ඒකෙ අලුත්ම ගොදුර සේපාල් අමරසිංහ.

911

9/11 ප්‍රහාරය

 

මේ ඉහත සිදුවීම්වලට අමතරව දයාසිරි මෙහෙමත් අහනව. ඒ කියන්නෙ 2001 සැප්තැම්බර් 11 සිදුවීමට එවකට ඇමරිකාවෙ ජනාධිපති ජෝර්ජ් ඩබ්ලියු. බුෂ් වගකිව යුතු ද කියල අහනව; එයාටත් දඬුවම් දෙන්න ඕනෙ ද කියල අහනව. ඒ වගේ ම ‘‘2003 වසරේ බුද්ධගයාවට එල්ල වූ ප්‍රහාරය’’ට එවකට ඉන්දියාවේ හිටපු රාජ්‍ය නායකය වගකිව යුතුද කියල අහනව; එයාටත් දඬුවම් දෙන්න ඕන ද කියල අහනව. මෙතනදි දයාසිරි මහත්තයට ලොකු වැරැදීමකුත් වෙලා තියෙනව. මගේ මතකය නිවැරැදි නම් බුද්ධගයාවට බෝම්බ ප්‍රහාරය එල්ල වුණේ 2013 අවුරද්දෙ. හරි... අපි හිතමු ඒක දයාසිරිට වෙච්ච අත්වැරදීමක් කියල. ඔවු... ඒ ඒ ප්‍රහාරවල වගකීම එවකට ඒ ඒ රටවල් පාලනය කරපු පාලකයො බාරගන්න ඕනෙ තමයි. ඒ වගේ ම එයාලට දඬුවම් ලැබුණෙත් නැහැ තමයි. හැබැයි දයාසිරි මහත්තයෝ ඔයා මේකත් මතක තියාගන්න. අපේ රට ඇතුළු ඒ ඒ රටවල ඒ ඒ සිද්ධි සිදුවෙද්දි ඒ සඳහා බලපාපු සුවිශේෂී දේශපාලන හේතු සාධක තිබුණ. උදාහරණයක් විදියට අපේ රටේ බණ්ඩාරනායක ඝාතනයේ සිට පාස්කු ප්‍රහායටය පෙර සිදු වූ සියලු සිදුවීම් සඳහා විවිධ හේතු තිබුණ. ඒ හේතු ඕපපාතිකව පහල වෙච්ච හේතුත් නෙවෙයි. ඒ හැම එකක් ම ඒ ඒ සිද්ධි වෙන වකවානුව දක්වා කාලයක සිට වර්ධනය වෙච්ච සිද්ධි.

 

 63313470 007207483 1

 

71 තරුණ අරගලය, 87-89 අරගලය, දෙමළ ඊළාම් අරගලය කියන්නෙ පාලකයන්ගෙ වරද හේතුවෙන් ම පැන නැගිච්ච, කාලයක් පුරා උඩු දුවපු දේශපාලන සිද්ධි. ඒ සිද්ධි සඳහා ඒ ඒ වකවානුවල ඒ ඒ රාජ්‍ය පාලනය කරපු පාලකයො විතරක් නෙවෙයි ඊට අදාළ හේතු නිපදවපු හැම පාලකයෙක් ම පාලිකාවක් ම වග කියන්න ඕනෙ. හැබැයි ඒ ඍජුව ම නෙවෙයි; වක්‍රව. දයාසිරි කියන විදියට මේ වෙද්දි යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුද්ධයට ලෙනින් වගකියන්න ඕන. හැබයි එහෙම නම් ලෙනින්ට වඩා ඒ සඳහා වග කියන්න වුවමනා සාර් පරපුර. ඒක හරියට කැකිල්ලෙ තීන්දුවක් වගේනෙ කියල දැන් කවුරුහරි අහන්න පුළුවන්.

 

1139833890

 

ඔවු... දයාසිරි නිකුත් කරල තියෙන ලිපියට අනුව නම් ඒක එහෙම තමයි. හැබැයි දයාසිරිට අමතක වෙලා තියෙනව පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන වෙලාවෙ රට ගමන් කරමින් තිබුණ දිසාව. ඒ කියන්නෙ ජාතික සංහිඳියාව පිළිබඳ යහපත් දිශාවකට ඒ වෙද්දි රට ගමන් කරමින් තිබුණ. ඒ ගමන රාජපක්ෂ සනුහරේ දේශපාලන දිශානතිය වෙනස් කරනව විතරක් නෙවෙයි ඒකට තිත තියනව කියලත් ඒ සනුහරය දැනගෙන හිටිය. ඒ වගේ ම මෛත්‍රිපාල සිරිසේන 2018 වසරෙ ඔක්තෝබර් 26වෙනිද හොර පාරෙන් මහින්ද රාජපක්ෂට අගමැති තනතුර දීල  රටේ ජනතාව පාවා දිල තිබුණ; එයා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරපු හැට දෙලක්ෂයක් වෙච්ච ජනතාව පාවල දිල තිබුණ. මම හිතන්නෙ ලාංකීය දේශපාලන ඉතිහාසෙ රටේ පාලකයෙක් කරපු විශාලතම පාවා දිම ඒක. මෙන්න මේ හේතු නිසා මෛත්‍රීපාල සිරිසේන කියන නායකයත් ඒ වෙද්දි දෙකේ කොළේට වැටිල තිබුණ. ඒ නිසා තමයි මෛත්‍රී සහ රාජපක්ෂ සනුහරය අතර හොර එකඟගතා ඇතිවෙන්නෙ. පාස්කු ප්‍රහාරය කියන්නෙ මේ හොර එකඟතාවල ප්‍රතිඵලයක් මිසක ඒ මොහොතෙ මේ රටේ මුස්ලිම් මිනිස්සු ඉල්ලපු දෙයක් හරි, ඒ මිනිස්සු (ප්‍රගතිශිලි මුස්ලිම් වැසියො) වුනත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. ඒක තනිකර ම කාලයක් තිස්සෙ සැලසුම් කරපු දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. ඒ දේශපාලන කුමන්ත්‍රණයට මෛත්‍රිපාල සම්බන්ධයි කියල ඔප්පු කරන්න බැරි වුනත් සමස්ත ලෝකය ම ඒ ගැන සැක සංකා පළ කරනව. ඒක තමයි ඇත්ත ම ඇත්ත තත්ත්වෙ.

 

z p01 Mahinda1 0

අනෙක ඒ වෙද්දි රටේ සාමකාමි වාතාවරණයක් පැවතුණා. ඒ සාමකාමි වාතාවරණය කියන්නෙ ම රාජපක්ෂ සනුහරයට අවාසි සහගත තත්ත්වයක්. ඒ නිසා ඒ සනුහරයට අවශ්‍ය වෙලා තිබුණ රට අස්ථාවර කරල ඒ අස්ථාවරත්වය මතින් බලය ඩැහැගන්න. ඒකෙ පෙර හුරුවක් විදියට තමයි 2018 ඔක්තෝබර් 26 වෙනිද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරය විදියට ඉද්දි ම රට පාවල දෙන්; ඒ මොහොතෙම රාජපක්ෂ සනුහරයට බැළ මෙහෙවර කරන එවුන් ජාතික රුපවාහිනියට කඩා පනින්නෙ, ස්වාධීන රුපවාහිනියෙ හිටපු සභාපතිනියට සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට එරෙහිව විරෝධතා දක්වන්නෙ. ඒක අසාර්ථක වුනාට පස්සෙ තමයි පාස්කු ප්‍රහාරය එල්ල වෙන්නෙ. ඒ වෙද්දි රටේ පාලකය සහ සේනාධි නායකය මෛත්‍රිපාල සිරිසේන. එහෙම නම් එයා මේ ප්‍රහාරයේ වගකීම බාරගත යුතුමයි. මොකද දයාසිරි එයාගෙ ලිපියෙ දක්වල තියෙන අතීත සිද්ධිවලට වඩා සපුරා ම වෙනස් තත්ත්වයක් තමයි ඒ වෙද්දි පැවතුණේ. ඒ අතීත සිද්ධි පාදක කරගෙන චන්ද්‍රිකා පාලනය කරපු කාලෙ සිදුවෙච්ච ප්‍රහාරවලට ඇය දඬුවම් විදිය යුතු නැද්ද පන්නයේ මෝඩ ප්‍රශ්න අහන්නෙ තමන්ගෙ නායකය බේරගන්න තියෙන වුවමනාවෙන් මිසක සැබෑ අරුතෙන් නෙවෙයි.

අනෙක් පැත්තෙන් ගත්තම දයාසිරි මහත්තයෝ ඔයාගෙ දේශපාලන ඉතිහාස පැටිකිරියත් රටේ මිනිස්සු දන්නව නෙ. එක්සත් ජාතික ක්ෂෙ ඉන්න කාලෙ හම්බන්තොට වරායෙ මහා ගලක් තියෙනව කියල ගිරිය කැඩෙන තුරු කෑ ගැහුව. එහෙම කැ ගගහ හිටපු මිනිහ මහින්ද රාජපක්ෂගෙ බත් බැළයෙක් වුණා. ඊට පස්සෙ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකය වුණා ම ‘‘හිටං හිටං’’ කිය කියා ඒ මනුස්සයගෙ ග්‍රාමියත්වයට අපහාස කරා. ඊට පස්සෙ ඒ මනුස්සය ඉස්සරහ දෙකට නැමිල ඇමතිකමක් ගත්ත. ඇත්තට ම ගත්තොත් දයාසිරි මහත්තයො මෛත්‍රිපාල සිරිසේන විතරක් නෙවෙයි ඔයත් ඔය පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕනෙ.

දැන් මම ආයෙත් කියන්නෙ කෙහෙල් කැනට ඉස්සර වෙලා හොරා වැටපැන්න වගේ කරන්නේ නැතුව පුළුවන් නම් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරපු ජනාධිපති නෙතාමිසමේ සම්පූර්ණ වාර්තාව සමාජගත කරන්න; ඒකට සම්බන්ධයි කියල ඒ වාර්තාවෙ සඳහන් වෙන හැම කෙනෙක් සම්බන්ධයෙන් ම නීතිමය පියවර ගන්න. දැන් ඔයා කියයි අපිට ඒ කට බලයක් නැ කියල. එහෙම නම් ඒ වෙනුවෙන් පාරට බහින්න. මේ වෙලාවෙ මැතිවරණයක් ඉල්ලල කැගහනවට වඩා ඒක රටේ මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වේවි. මොකද අපි විතරක් නෙවෙයි මුළු ලෝකෙම දන්නව පාස්කු ප්‍රහාරය රේ මුස්ලිම් අන්තවාදය විදාරණය කරන්න නෙවෙයි කියල; ඒක කරේ ඒ මොහොතෙ රටේ මිනිස්සුන්ගෙ මොළය විකෘති කරල රාජපක්ෂ සනුහරය බලය අත්පත් කරගන්න කියල. ඉතිං ඒකට රටත්, රටේ ජනතාවත් පාවල දිමේ වගකීම පැවරෙන්නෙ වෙන කාටවත් නෙවෙයි; එවකට රටේ පාලකය වගේ ම සේනාධි නායකය වෙච්ච මෛත්‍රීපාල සිරිසේනට තමයි. ඒක අර ඔයාගෙ ලිපියෙ සඳහන් කරල තියෙන විදියට ලඝු කරන්න බැහැ. ඔයා එහෙම ලඝු කරන්නෙ ම ඔයාලගෙ තියෙන බල කෑදරත්වය නිසා. හැබැයි දැන් ඒ කෑදරකම රටේ ජනතාව හොඳට ම දන්නව. ඒ නිසා ඉස්සර තරමට ම... ඔවු... ඉස්සර තරමට ම දැන් මේ රටේ ජනතාව රවට්ටන්න ඔයාලට බෑ දයාසිරි මහත්තයෝ. මොකද දැන් ඡන්ද දායකයො ඉන්නෙ දේශපාළුවන්ට වඩා හුඟාක් ඉදිරියෙන්.


නීතිය බල්ලට ගිය රටක ජනතාවගේ නීතිය සාධාරණ ද...? - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/01/11 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image