Dipak Pokhrel නම් වූ ගුවන් නියමුවා සිය දිවි ගමනට සමුදුන්නේ මිට වසර 17කට පමණ ඉහතදීය.

ඒ, නේපාලයේ, ජූම්ලා හිදී සිදුවූ ගුවන් අනතුරකින්ය. එවිට ඔහු සේවය කරමින් සිටියේ නේපාලයේ අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් සිදුකරනු ලබන Yeti එයාර්ලයින්ස් සමාගමට අයත් කුඩා මගී ගුවන් යානයකය.

එම ගුවන් යානය ජූම්ලා ගුවන් තොටුපොළට ගොඩබෑමට සුළු මොහොතක් තිබියදී කඩා වැටුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

දීපක් ගේ බිරිඳ වූ අංජු ඛතිවාඩා සිය ස්වාමි පුරුෂයාගේ වියෝවෙන් පසු ලැබුණු වන්දි මුදලෙන් ගුවන් නියමුවරියක් වීමට පුහුණුවීම් ආරම්භ කලේ සිය සැමියාගේ අඩි පාරේ යෑමේ එකම අභිලාෂයෙන්ය.

ඒ අනුව අංජු ඛතිවාඩා 2010 වර්ෂයේදී ගුවන් නියමුවරියක් ලෙස සිය ස්වාමි පුරුෂයා සේවය කළ Yeti එයාර්ලයින්ස් සමාගමට එක්වුවාය.

 medium 2023 01 16 234e6bfbcc

වසර 13ක් ගුවන් නියමුවරියක් ලෙස කටයුතු කළ ඇය ගුවන් පැය 6,400කට ආසන්න කාලයක් සම්පුර්ණ කර ඇති ගුවන් නියමුවරියක් විය.

 

සිය ස්වාමි පුරුෂයාගේ අඩි පාරේ යමින් ගුවනට පෙම් බැඳී අංජු ඛතිවාඩා සිය අවසන් ගමන ද ඔහු මෙන්ම සනිටුහන් කළේ ඊයේ මගීන් 68 දෙනෙකු සමග නේපාලයේ, පොකාහාරා හිදී කඩා වැටුණු ගුවන් යානයේ සිටියදීය.

කෙසේ වුවද මේ දක්වා අංජු ගේ සිරුර සොයා ගැනීමට සහන සේවකයින්ට හැකිවී නොමැතිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

" ඇය නිර්භීත ගුවන් නියමුවරියක්. ඕනෑම අභියෝගයක් භාර ගැනීමට ඇය පැකිලෙන්නේ නැහැ. එමෙන්ම අනතුරට පත්වූ ගුවන් යානයේ අංජු ඛතිවාඩා සේවය කරමින් සිට ඇත්තේ උපදේශක ගුවන් නියමුවරියක් ලෙස බවත් එය සමාගමේ නීතිය අනුව බවයි" Yeti ගුවන් සමාගමේ ප්‍රකාශයෙකු සඳහන් කර සිටියේ.

(nethnews.lk)



JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්