''මිල්ලේ සොයා'' චිත්‍රපටයේ පෙන්නනවා අපේ පරම්පරාවේ නික්මයාම.
යුද්දේ නිසා, ආර්ථික ප්‍රශ්න නිසා, නිදහස සොයා, තමන්ට ඕනි නිෂ්පාදන පසුබිම නැති නිසා, ඉතාලියට, ඔස්ට්‍රේලියාවට, ඇමෙරිකාවට, එංගලන්තෙට වගේ හැම රටකටම අපේ අය එක් එක් අවස්ථාවල ගිහිල්ල තියනවා.
හැබැයි අපේ පරම්පරාව මෙහෙන් ගියාට ඇත්තටම ඒ ගිය තැන්වල පැළවුනාද කියන එක ගැටළුවක්.
උදාහරණ විදියට චිත්‍රාල් ගම්මු. චිත්‍රාල් මෙහෙ සිංදු කිය කිය ඉඳල ජර්මනියට යනවා. ලොකු සංගීත තාක්ෂණයක් තියන තැනක් ඒක. ලොකු ෆෑන් බේස් එකක් එහෙ තියනවා. හැබැයි ලෝකේ කොහේ ගියත් මොන මෙටල් එක කිව්වත් එයා කියනවා එයා අන්තිමට කියන්න ''නදී ගංගා තරණයේ'' තියාගත්ත කියල. ඒ කියන්නේ ජිමී ක්ලිෆ්ගේ Many Rivers to Cross සිංදුවේ ලාංකික වර්ෂන් එක. සුද්දෝ ඒක අහල 'වොව්' කියනවාලු. ආ ඒ උඹලගේ භාෂාවද? කියල අහනවාලු. කමක් නැහැ.
ඒ කියන්නේ චිත්‍රාල් මොන සිංදුව කිව්වත් එයාගේ ෆැන්ටසි සිංදුව නදී ගංගා. ඒක තමයි ඇත්ත.
ඒ කියන්නේ එයා ගියාට ගිහිල්ලම නැහැ. පොඩි මොකක්දෝ ෆැන්ටසි එකක එයා පැටලි පැටලි ඉඳල තියනවා. විශේෂයෙන් එයාගේ අම්මල තාත්තල ලාංකික සංගීතේ හිටපු අය නිසා එහෙම යනඑක අමාරුත් ඇති.
දැන් කොහොමත් අපි එයා දන්නෙත් එයාගේ සිංහල සිංදු නිසා. ඒ නිසා දැන් එයා මෙහෙ. ඒක තේරුම්ගන්න එක අමාරුත් නැහැ.
ඒ උනාට ඔය එහෙ මෙහෙ ගතිය නිසා ACDC, Judas Priest, Led Zeppalin, Metallica, Black Sabbath, Mötley Crüe, Aerosmith, Scorpians වගේ බෑන්ඩ් එක්ක තරඟ කරලා රොක් - මෙටල් චාට් වල අංක එක දෙක වෙන්න, ඒ ජනප්‍රිය බව දිගටම පවත්වාගෙන යන්න, එයාලටත් වඩා වෙනස් දෙයක් ලෝකෙට දායාද කරන්න, එයාට බැරි වෙනවා කියල හිතෙනවා.
මේකම තමයි 'ජය ශ්‍රී' ලටත් කියන්න තියෙන්නේ...අපේ පරම්පරාව මෙහෙන් ගියාට ඇත්තටම ගිහිල්ලත් නැහැ. සුද්දියෝ බැඳගත්තට, එහෙ ගෙවල් දොරවල් ගත්තට එහෙ ඇත්තට පැළවෙලා නැහැ (fully fallen into a new universe).
හැබැයි සැන්සිබාර් වල ඉපදිච්ච ෆ්‍රෙඩී මර්කරි (Freddy Mercury) ආයේ නොඑන්නම ගියා. ඒ ශිෂ්ටාචාරය ඇතුලේ නොපෙනී ගියා. ලෝකේ කෙළවරටම බය නැතුව ගියා. රොක් ලෝකේ ඒක එක නමක් උණා. මිනිහෙක් හැටියට ඉපදිලා එයා රොක් දෙවියෙක් හැටියට තමයි මියගියේ.
චිත්‍රාල් ලංකාවට ආව. ඇවිල්ල සම්පත් බැංකුවේ පාටියක සිංදු කිව්වා.
ඊයේ වැඩේ වීඩියෝව පහළින්...
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)