1988 දී 'ද සේටැනික් වර්සස්' කෘතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශ්‍රීමත් සල්මාන්ට වසර 10කට ආසන්න කාලයක් සැඟවී සිටීමට සිදුවිය.

පසුගිය වසරේ නිව් යෝර්ක් නුවර පැවති උත්සවයක දී පිහි ඇනුමකට ලක්වීම පිළිබඳව සල්මාන් රුෂ්ඩි පළමුවරට අදහස් පළකර තිබේ.


'ද නිව් යෝකර්' (The New Yorker) සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රුෂ්ඩි කියා සිටියේ ඔහු, "වාසනාවන්තයෙක්... මට දැනෙන ප්‍රබල ම හැඟීම කෘතඥතාව යි" යනුවෙනි.


මෙම සම්මානලාභී නවකතාකරු අගෝස්තු මාසයේ දේශනයක් ඉදිරිපත් කිරීමට සැරසෙමින් සිටිය දී වේදිකාව මත දී ප්‍රහාරයට ලක්වූ අතර සති හයක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය.

rushdie attack 2023
පසුව ඔහුට එක් ඇසක පෙනීම අහිමිවිය. 1988 වසරේ දී පළවූ ඔහුගේ 'ද සේටැනික් වර්සස්' (The Satanic Verses/'සාතනික පැදි') නවකතාව හේතුවෙන් රුෂ්ඩි දිගුකලක් තිස්සේ මරණ තර්ජනවලට මුහුණ දී තිබේ.


ඩේවිඩ් රෙම්නික් සමග සිදුකළ පුළුල් සංවාදයේ දී නවකතාකරු මෙසේ පැවසීය: "මම මීට වඩා හොඳින් ඉඳලා තියෙනව. ඒත් වෙච්ච දේ ගැන හිතලා බලද්දී, මේක ඒ තරම් නරක නැහැ."


"ලොකු තුවාල හොඳවෙලා තියෙන්නේ. මට මගේ මාපටැඟිල්ල, දබරැඟිල්ල සහ අල්ලේ පහළ කොටසට දැනීම තියෙනවා. මම අතට තෙරපි ගොඩක් කරනවා. මට කියලා තියෙන්නේ, මම හොඳින් සුව අතට හැරෙනවා කියලා."


නමුත් ඇතැම් ඇඟිලි තුඩුවල ඇති සංවේදනයේ මඳබව නිසා යතුරුපුවරුව භාවිත කිරීමට සහ ලිවීමට අපහසු බව ඔහු ප්‍රකාශ කළේ ය.


victory city 2023

 ඉතිහාසය වෙනස් කරන දිව්‍යමය හමුවකට මුහුණදෙන නවහැවිරිදි දැරියක ගැන 'වික්ටරි සිටි' කෘතිය ලියැවී ඇත


"මට නැගිටලා ඇවිදින්න පුළුවන්. මම හොඳින් කියලා කිව්වට මම අදහස් කරන්නේ, මගේ ශරීරයේ නිතර පරීක්ෂා කරන්න ඕන කොටස් තියෙනවා කියන එක. ඒක හිතාගන්නවත් බැරි තරම් දරුණු ප්‍රහාරයක්"


ප්‍රහාරය තමාට මානසිකව බලපා ඇති බවත්, දශක දෙකකට වැඩි කාලයක් ආරක්ෂාවක් නොමැතිව ජීවත්වූ තමාට ආරක්ෂාව පිළිබඳව නැවත සිතා බැලීමට සිදුවී ඇති බවත් ඔහු පැවසීය.


"PTSD කියලා දෙයක් තියෙනවා, ඔයා දන්නවනේ ," ඔහු පැවසීය. "ඒක නිසා ලියන එක මට සම්පූර්ණයෙන්ම වගේ දුෂ්කර වෙලා තියෙන්නේ. මම ලියන්න වාඩි වෙනවා, ඒත් මුකුත් වෙන්නේ නෑ. මම ලියනවා, ඒත් ඒක හිස් බවින් පිරුණු වැඩකට නැති දේවල්වල එකතුවක්. මම ලියන ඒවා ඊට පහුව දා මකලා දානවා. ඇත්තට ම, මම තාම ඒ කැලෙන් එළියට ඇවිල්ලා නෑ"


ඔහුට පිහි ඇනුම සිදු කළබවට සැක කෙරෙන හේදි මටාර් නමැති පුද්ගලයාට මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ චෝදනාව එල්ලවී තිබේ.      18A5EEBC 1DFD 412B BEBF 061F77661AC2 w1080 r0 s.jpg


1988 දී 'ද සේටැනික් වර්සස්' කෘතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රුෂ්ඩිට වසර 10කට ආසන්න කාලයක් සැඟවී සිටීමට සිදුවිය.

 

බොහෝ මුස්ලිම් ජනතාව ඊට ප්‍රකෝපකාරී ලෙස ප්‍රතිචාර දැක්වූ අතර, එහි මුහම්මද් නබිතුමා නිරූපණයකර ඇති ආකාරය ඔවුන්ගේ ආගමට
අපහාසයක්බවට තර්ක කළහ.
ඔහුට මරණ තර්ජන එල්ලවූ අතර එවකට ඉරාන නායක අයතුල්ලා රුහොල්ලා කොමේනි, රුෂ්ඩි ඝාතනය කිරීම සඳහා 'ෆාත්වා', එනම් නියෝගයක්, නිකුත් කළේ කතුවරයාගේ හිස ගෙනැවිත් දෙන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන තුනක ත්‍යාගයක් පිරිනමන බව පවසමිනි. ෆාත්වා නියෝගය සක්‍රීයව පවතින අතර, ඉරාන රජය කොමේනිගේ නියෝගයෙන් ඈත්වී ඇතත්, නිල පදනමක් බව කියන ඉරාන ආගමික පදනමක් 2012 වසරේ දී ත්‍යාගය සඳහා තවත් අමෙරිකානු ඩොලර් 500,000ක් එකතු කළේ ය.

 
මීට පෙර වසර කිහිපයක් සැඟවී දිවිගෙවූ තමන් 2000 වසරේ නිව් යෝර්ක් වෙත ගිය පසු මීට වඩා ප්‍රවේසම් විය යුතුව තිබුණේයැ යි සිතන්නේ ද යනුවෙන් රෙම්නික් ඔහුගෙන් ඇසුවේ ය.


"මම ඒ ප්‍රශ්නය මගෙන් ම අහනවා, ඒත් ඒකට උත්තරය මම දන්නේ නෑ," ඔහු පැවසීය. "මට ජීවිතයේ අවුරුදු 20කට වඩා තිබුණා. ඉතින් ඒක වැරදීමක් ද? අනික මම පොත් ගොඩක් ලිව්වා."


රුෂ්ඩිගේ ගේ නවතම නවකතාව වන 'වික්ටරි සිටි' (Victory City), ප්‍රහාරයට කෙටි කලකට පෙර ලියා අවසන් වූ අතර එය මෙම සතිය අග දී ප්‍රකාශයට පත්කෙරෙයි.


"වින්දිතයෙකුගේ භූමිකාව රඟනොපා ඉන්න මම හැම වෙලාවෙ ම දැඩි උත්සහයක් ගත්තා," ඔහු පැවසීය." එතකොට ඔයා නිකන් ඉඳගෙන කියනවා, 'කවුරුහරි මට පිහියකින් ඇන්නා! අසරණ මම' කියලා... මට සමහර වෙලාවට එහෙම හිතෙනවා! "ඒත් මම නොහිතන දේ තමයි: ඒක තමයි මට පොත් කියවන මිනිස්සුන්ට හිතන්න සලසන්වන්න ඕන. මට ඕනේ ඔවුන් කතාවට නතුවෙලා උද්දාමයට පත්වෙන්න."

'ව්‍යක්ත ලෙස බස හසුරුවන නිර්භීත පුද්ගලයෙක්'


බීබීසී සංස්කෘතික සහ මාධ්‍ය සංස්කාරක කේටි රසල්ගේ විශ්ලේෂණය

බුකර් ත්‍යාගය දිනූ ඔහුගේ මිඩ්නයිට්ස් චිල්ඩ්‍රන් (Midnight's Children), බ්‍රිතාන්‍ය නවකතාවේ විප්ලවීය වෙනසක් ඇති කළ දා සිට ඔහුගේ නිර්මාණ ගැන මවිතයට පත්වූ අප සැමට, වෙන කවරදාටත් වඩා සිනහ උපදවනසුළු, බලවත් ලෙස ව්‍යක්ත, කල්පනාකාරී සහ තීරණාත්මක, නිර්භීත රුෂ්ඩිගේ කටහඬ ඇසීම සතුටකි.


මෙම විශිෂ්ට නවකතාකරුවාට සෑම විට ම අවශ්‍යවූයේ ඔහුගේ ලිවීම පිළිබඳව අන් අයගේ අදහස් ය. එහෙත් ඔහුගේ ජීවිතයේ සිදුවීම් එය කිරීමට ඉඩ ලබා නොදුන්නේ ය.


එහෙත්, ඔහු සිය 21 වන නවකතාව වන 'වික්ටරි සිටි' (Victory City) ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ, කලාකරුවෙකු ලෙස ඔහුව විනාශ කිරීමට, ඔහුව නිහඬ කිරීමට සිදු වූ දේ ගැන සිතීමට වත් ඔහුට කිසිදු අදහසක් ඇත්තේ නැත.


"මට බිය දනවනසුළු පොත් ලියන්න පුළුවන්," කල්පනාබරිතව ඔහු කියයි. "මිනිස්සු ඒවාට මොන විධියේ ප්‍රතිචාර දක්වාවි ද කියලා ඔබව කනස්සල්ලට පත් කරන ඔබ කරන්න බිය වන දේවල් ගැන කියන පොතක්."

මේ වන විට එවැනි පොත් රාශියක් ඇති බව රුෂ්ඩි පවසයි.


වත්මන් ඉන්දියානු රජයට පහරක් එල්ල කිරීමට ගන්නා ප්‍රයත්නයක් සමග, බීජවලින් නගරයක් නිර්මාණය කර වයස අවුරුදු 247ක් දක්වා ජීවත් වන දේවතාවියක පිළිබඳ ඉන්ද්‍රජාලික යථාර්ථවාදී වීරාඛ්‍යානයක් වන වික්ටරි සිටි කෘතියේ (Victory City) ලේඛකයාගේ අවධානය යොමුවී ඇත්තේ, ඔහු උපන් රට ගැන ය.

VictoryCity

මෙම පොත ප්‍රහාරයට පෙර ලියා අවසන් විය.


කලාවේ පරමාර්ථය ප්‍රීතිය ගෙන දීමයැ යි විශ්වාස කරන මෙම අතිදක්ෂ කතාන්දර කියන්නාගේ අනාගත නවකතාවක් ලෙස දැන් ප්‍රහාරය අවසන් විය හැකි ය.


ඇතැම් විට එය නැවුම්වූ හැඟීම් සමුදායක් ගෙන දෙනු ඇත. "සිද්ධිය ගැන ලිවීම මට ඒ ගැන හිතන්න කලාත්මක හේතුවක් ලබා දෙනවා," ඔහු පවසයි.


රුෂ්ඩි ඔහුට අවැසි ලෙස එහි අර්ථය සොයා ගනු ඇති අතර ම්ලේච්ඡත්වයෙන් තොර ප්‍රීතිය අප වෙත ගෙන එනු ඇත.


'වික්ටරි සිටි' (Victory City) නවකතාවට ඔහුගේ ජීවිතයේ සැබෑ ලෙස මෑතකදී සිදුවූ ජීවිත නාට්‍යය සමග තරග කිරීමට සිදුවන බව රුෂ්ඩි දනියි.


"යම් තාක් දුරකට ඒකට මාතෘකාව වෙනස් කරන්න පුළුවන් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. මම හැම වෙලේම හිතුවේ මගේ පොත් මගේ ජීවිතයට වඩා රසවත් කියලා," ඔහු පැවසීය. "අවාසනාවකට, ලෝකය එකඟ වෙන්නේ නෑ කියලා පේනවා"


දහහතරවන සියවසේ දකුණු ඉන්දියාව ආශ්‍රිතව සැකසුණු මෙම කෘතිය, බලය අවභාවිත කිරීම සහ නිකායවාදයේ ශාපය පිළිබඳ උපමා කතාවක් ලෙස කියවිය හැකි ආකාරය ගැන ඔහු කතා කරයි.


රුෂ්ඩි , රටේ වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි විවේචනය කරන්නෙකි.

63146147 605
ආර්ථික සංවර්ධන පොරොන්දු සමග ඒකාබද්ධ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ දැඩි හින්දු ජාතිකවාදී දෘෂ්ටිවාදය ඡන්දදායකයින් සමග නොවෙනස් විශාල ආකර්ෂණයක් පවත්වා ගනියි,


"මෝදි රජය ඉතා ජනප්‍රිය යි. එයාට විශාල සහයෝගයක් තිබෙනවා. ඒක ඔවුන්ට හැම දෙයකින් ම ගැලවෙන්න ඉඩ සලසනවා...

මිනිස්සු ගොඩක් බයෙන් ඉන්න, සුළු ජාතීන්ට අකාරුණික වන මේ ඒකාධිපති රාජ්‍යය නිර්මාණය කරන්න. ඒක දැඩි ලෙස මාධ්‍යවේදීන්ට පීඩා කරනවා."


"එය ප්‍රජාතන්ත්‍රවාදයක් කියලා හඳුන්වන්න තරම් දුෂ්කර වෙමින් තියෙන්නේ."


ඔබට 'ද නිව් යෝර්කර්හි' සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව කියවන අතරතුර ඒ සමග ඇති පොඩ්කාස්ට් එකට ද සවන් දිය හැකි ය.

 

(BBC සිංහල සේවය)

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්