2023 සඳහා මා ලියු පළමු ලිපියේ මෙසේ සඳහන් කළෙමි.

 
2022 වසර අපට පෙන්වා දුන් යමක් ඇත්නම්, එය වන්නේ, පක්ෂයට ඉදිරියෙන් රට තබාගෙන එකට වැඩ කිරීමට අපගේ දේශපාලන පන්තිය අසමත් බවයි. ඉදිරියේ ඇති අතිවිශාල අභියෝග හමුවේ මෙය අවාසනාවන්ත තත්ත්වයකි. මෙම අර්බුදය අවසන් වීමට බොහෝ දුර ය.
 
වසංගතයෙන් සහ අගුළු දැමීම්වල බලපෑම් මගින් සංයුක්ත වූ උද්ධමනය සහ හිඟවීම් නිසා 2022 වසරේ දී වඩාත් පීඩාවට පත්වුයේ දුප්පත් ජනතාවයි. අපට මෙම කනගාටුදායක තත්ත්වය උදාකළ අනුග්‍රහ කේන්ද්‍රීය ආර්ථිකයෙන් සමෘද්ධිමත් වුවන්ට ද, මෙම වසරේ දී මෙහි බලපෑම දැනෙනු ඇත. ඔවුන් තමන්ගේ වරප්‍රසාද රැක ගැනීමට උපරිම උත්සාහයක් දරනු ඇති අතර රට පාලනය කිරීම අපහසු තත්ත්වයට පත්වනු ඇත.  
 
අනුග්‍රහ කේන්ද්‍රීය ආර්ථිකයේ ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් මගේ පුරෝකථන හැකියාව පිළිබඳව මට යම් තෘප්තියක් ලැබීමේ හැකියාව ඇත. එසේ වුව ද, මට දැනෙන්නේ කණගාටුවකි. ඔවුන් ගැන කණගාටුවක් මෙන් ම, රට ගැන ද කණගාටුවකි. රට මෙන් ම, මොවුන් ද තමන්ගේ පමණ ඉක්මවා ජීවත් වෙමින් සිටියේ, බද්දට ගත් වාහන පුම්බන ලද චීන ණය යොදා ඉදිකළ අධිවේගී මාර්ගවල සහනාධාර සහිත ඩීසල් ඉන්ධන යොදා ධාවනය කරමින් ය. නොදැනුවත්ව ඔවුහු ශ්‍රී ලංකාවේ බංකොළොත් භාවයේ පාර්ශව කරුවෝ වූ හ. සමහර විට, එතරම් නොදැනුවත් නොවී, ඔවුන් පරිහානිය දිගට ම පැවතීමේ හේතුවේ කොටසක් විය හැකි ය.


සේවදායකවාදී රාජ්‍යය  


ශ්‍රී ලංකාව  වඩාත් හොඳින් විස්තර කෙරෙන්නේ ආධිපත්‍යධාරී මහනුවර රදළ සංස්කෘතියෙන් වර්ධනය වූ සහ ඒ මත ගොඩනැගුනු සේවදායකවාදී රාජ්‍යයක් වශයෙනි.
 
 
රාජ්‍ය කේන්ද්‍රීය යැපුම් සංස්කෘතිය ගැන බොහෝ අය දොස් නගන්නේ අපගේ ප්‍රජාතන්ත්‍රවාදී මතුපිට පෙනුමට යි. එසේ වුව ද, සුබසාධක රාජ්‍යය ලෙස හඳුන්වන දෙය මගින් සේවය ලැබී ඇත්තේ දුප්පතුන්ට නොව මධ්‍යම පන්තිය ලෙස පැවසිය හැකි කණ්ඩායමකට ය. ලර්න්ඒෂියා මගින් 2021 කළ සමීක්ෂණයකට අනුව (ශ්‍රී ලංකාවේ සියලු කුටුම්භවල, වයස අවුරුදු 15 ට වැඩි ජනයා නියෝජනය වන ලෙස සහ +/- 2.8% දෝෂ ආන්තිකයක් සහ 95 % විශ්වාස අන්තරයක් සහිතව. N = 2,501 ) පෙනී ගියේ, E කාණ්ඩය ලෙස හඳුනාගන්නා ලද සංඛ්‍යාත්මකව ජනගහනයේ වැඩි ම පිරිස වන සමාජ ආර්ථික වර්ගීකරණයේ දී දුප්පත් ම කාණ්ඩය වූ කුටුම්භ අතරින් සැලකිය යුතු ප්‍රතිශතයකට නිතිපතා සමාජ සුබසාධන ප්‍රතිලාභ නොලැබෙන නමුත් A කාණ්ඩයේ (පොහොසත් ම සහ කුඩා ම කාණ්ඩය) ඇතැමුන්ට එම ප්‍රතිලාභ හිමි වන බව යි.


Screenshot 2023 02 16 at 10.04.52 PM

මෙය නිදහසින් පසු ශ්‍රී ලංකාවේ වර්ධනය වූ සහ බ්‍රිටැනිකා විශ්වකෝෂයේ එබඳු රාජ්‍යයන් ගැන ඇති විස්තර කිරීමට ගැළපෙන, සේවාදයකවාදී රාජ්‍යයේ ප්‍රතිඵලයකි.

රාජ්‍ය සහ පළාත්පාලන බලධාරීන්ගේ මැදිහත්වීම් ප්‍රසාරණය වීමත් සමග රාජ්‍ය සම්පත් පාලනයට සහ එසේ කිරීම මගින් මැතිවරණ සහය වර්ධනය කර ගැනීමට දේශපාලනඥයින්ට නව හැකියාවක් උත්පාදනය කොට තිබේ. සමාජ ප්‍රතිපත්ති, නාගරික අලුත්කිරීම් සහ ආර්ථික සංවර්ධනය සඳහා සහනාධාර ආදී සියලු දේ මෙම “දේශපාලන යාන්ත්‍රණ” ශක්තිමත් කිරීමට යොදා ගත හැකි ය. එය 20 වැනි ශතවර්ෂයේ මුල් භාගයේ දී ඇමෙරිකානු නගරවල සිදු වුව ද, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඉතාලියේ දකුණු පළාත්වල සිදු වුව ද, මෙම යාන්ත්‍රණ මගින් සිදුකරන ලද්දේ ප්‍රාදේශීය “ලොක්කන්” ට සහය ලබා ගැනීම සඳහා සාමුහික භාණ්ඩ (නිවාස, රැකියා, සහනාධාර) විශාල පරිමාණයෙන් සේවාදායකවාදී ලෙස බෙදාහැරීම සම්බන්ධීකරණය යි. 
 
 
සේවාදායකවාදී රාජ්‍යයේ ප්‍රතිලාභීහු ශ්‍රී ලංකා දේශපාලනයේ තීරණාත්මක ක්‍රියාකාරීහු වෙති. ඔවුහු ගෝඨා සමග ගියහ. ගෝඨා ජයග්‍රහණය කළේය. ඔවුන්ගේ සහය නොමැතිව බලය ලබා ගැනීමට බැරි බව ජවිපෙද නිගමනය කර ඇති  බව පෙනෙන්නට තිබේ. මා පුරෝකථනය කළ අයුරින් ම ඔවුන්ගේ බරපතළ විරෝධය සහ අවධානය යොමු වුයේ පුද්ගල ආදායම් බදු වෙනස්කම් කෙරෙහි ය. වැට් හෝ වෙනත් වක්‍ර බදු වැඩිකිරීම ගැන නොවේ. ඔහු පොරොන්දු වූ සහ එයට එරෙහිව එවකට සිටි මුදල් ඇමතිවරයා 2019 ඔක්තෝබරයේ පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක දී සහ මතකයේ රැඳෙන ට්විටර් පණිවිඩයක් මගින් රටට පැහැදිලිවම අනතුරු අඟවනු ලැබ තිබු, බදු කපා හැරීම් නිසා මෙම කණ්ඩායම 2019 දී ගෝඨාට ඡන්දය දුන් බව සිතිය හැක.
 
 
tax

ගෝඨාගේ බදු සැලසුමට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලංකාව බංකොලොත්භාවය, ණය ගෙවීම් පැහැර හැරීම සහ ග්‍රීක ආකාරයේ ණය අර්බුදයක් වෙත යන සීග්‍රගාමී දුම්රියකට නැංවීමට ය. වැට් වෙනස්කම් පමණක් සෞඛ්‍ය, ආරක්ෂක හෝ විශ්‍රාම වැයට සමාන ය. එබැවින් මෙය තේරුම් ගැනීමට ‘ව්‍යාපාරික ප්‍රජාවේ’ අදහස් ප්‍රකාශ කරන මහජන සම්බන්ධතා ආයතනයක උපදෙස් කිසිසේත් අවශ්‍ය නැත.  

මෙම මැද පන්තික තට්ටුව ගෝඨාට ඡන්දය දුන්නේ පුර්වෝක්ත අවවාදයෙන් සති කිහිපයකට පසුව ය. ජනාධිපතිවරණය ජය ගැනීමෙන් සති කිහිපයකට පසු බදු වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට ගෝඨා කටයුතු කළ අතර ශ්‍රී ලංකා රාජ්‍යයේ ආදායම් පදනම විනාශ කිරීම ගැන කිසිවකු විරෝධය දැක්වුයේ නැත. ගෝඨාගේ විනාශකාරී ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 2020 අගෝස්තුවේ ඔවුහු නැවතත් ඡන්දය දුන්නෝ ය.

වසර ගණනක් පැවති ද්විත්ව හිඟයන් නිසා දුර්වලව පැවති ආර්ථිකය බදු කපා හැරීම් මගින් බංකොළොත් තත්ත්වයට පත්කරන බව හඳුනාගත් විට විවාද කරන්නන්ගේ ප්‍රතිචාර නිහඬ කරනු ලැබීය. බදු කැපීම ගැන මගේ විවේචනවලට දෙරණ සාකච්ඡා මගින් සතිපතා පිළිතුරු සැපයු ආර්ථික විද්‍යාව පිළිබඳ කොළඹ ජෙෂ්ඨ මහාචාර්යවරයෙකු, බදු කැපීම නොමැති නම් වසංගතයේ අභියෝගවලට මුහුණ දීමට පෞද්ගලික අංශයට නොහැකි වනු ඇතැයි ප්‍රකාශ කළ බව මගේ මතකයට නැගෙයි.
 
 
EKnj7nqUEAAakxP

කෙසේ වෙතත්, 2019 පැවති බදු නැවත හඳුන්වා දුන් විට නැගුනු ප්‍රතිරෝධය දරුණු ය. ප්‍රශ්නය වී ඇත්තේ විචල්‍ය පොලී අනුපාත මත ගත් ණය  සඳහා පොලී ඉහළ යාම නිසා, ණය මත රැඳුනු ජීවන රටාව පවත්වාගෙන යාමේ නොහැකියාව බව පෙනෙන්නට තිබේ. එසේ වුව ද, ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ණය දුන් ආයතනවලින් ඉල්ලා සිටිනවා වෙනුවට මෙම කණ්ඩායම කල්පනා කරන්නේ බදු අඩු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටීම වඩා පහසු බව ය. මෙම පිරිස සියලු ආණ්ඩුවලින් දොල පිදේනි ලබා ගෙන පුරුදුය . මෙය පැහැදිලිව ම අඩු ම ප්‍රතිරෝධයේ මාවත යි. ඇත්ත වශයෙන්ම, ප්‍රතිලාභ සඳහා බදු අයකරන ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුව දැනටමත් සහන ලබා දී ඇත.  


වෙන්දේසිය දිගටම


ආණ්ඩුවට තම ස්ථාවරයේ රැඳී සිටීමට හැකිවේද යන්න සැක සහිත ය. බදු නිදහස් සීමාව ඉහළ දැමීමට සහ උපරිම බදු අනුපාතය සියයට 24 ට සීමා කිරීමට ජවිපෙ යෝජනා ඉදිරිපත් වීමෙන් පසු, ප්‍රධාන විපක්ෂයේ ලන්සුව ඉදිරිපත් වූ අතර එය ඉදිරිපත් කරන ලද්දේ 2017 සහ 2018 දී ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ගිණුම් ශේෂයේ ධන අගයක් වාර්තා කිරීමට දායක වූ කණ්ඩායමේ කොටස්කරුවකු වූ හිටපු මුදල් රාජ්‍ය ඇමතිවරයා විසිනි. උපරිම බදු ප්‍රතිශතය ගැන ප්‍රකාශකයා කිසිවක් කියා නැති බැවින්, විග්‍රහය ඉදිරිපත් කරනු ලබන්නේ විකල්ප දෙකක් වශයෙනි. එනම්, ඉහළ ම කොටසේ (කාණ්ඩයේ) බදු අනුපාතය සියයට 24 ක් යන ජවිපෙ ලන්සුව සමග සජබ එකඟ වන විකල්පය සහ වර්තමාන කොටස (කාණ්ඩය) එලෙස ම තබා ගන්න විකල්පය වශයෙනි.


Screenshot 2023 02 16 at 10.07.31 PM

සජබ යෝජනා හොඳින් ම තේරුම් ගත හැක්කේ නැති සම්පත් වෙන්දේසියේ ලන්සුවක් වශයෙනි. බදු නිදහස් සීමාව මසකට රුපියල් 100,000 වන වර්තමාන මට්ටමේ සිට ඉහළ නැංවීමේ දී ප්‍රතිලාභ ලැබිය හැකි සාපේක්ෂ වශයෙන් විශාල ඡන්දදායකයින් සංඛ්‍යාවක් සඳහා සජබය ජවිපෙ සමග තරඟ වදියි. බල්තසාර් නගරාධිපති තනතුරට පත්කර ගැනීම සඳහා ජවිපෙ  තම ලන්සුව රුපියල් 200,000 ක තබයි. රහුමාන්ගේ ඡන්ද ව්‍යාපාරය රැක ගැනීමට සජබය ලන්සුව 250,000 දක්වා ඉහළ දමයි.

ඉහළම බදු අනුපාතය සියයට 24 ක තබා ගැනීමේ ජවිපෙ ලන්සුව සම්බන්ධයෙන් කරන්නේ කුමක් ද? සජබය යොදා ගන්නේ දේශපාලඥයන්ගේ පොතේ ඇති පැරණි ම උපක්‍රමය යි. කිසිවක් නොකීම යි. ජවිපෙ ලංසුවට විශාල අවධානයක් ලැබුණහොත් ප්‍රතිචාර දැක්වීමේ නම්‍යතාවය එමගින් රැකගනියි. එමෙන් ම, සැකයේ වාසිය ඔවුන්ට ලබා දීමට මා වැනි අයට ඉඩ හරියි.

ඇත්ත ප්‍රශ්න වන්නේ නිතිපතා පවත්වන අපගේ මැතිවරණ වල දී (බදු සම්බන්ධයෙන් කිසිදු බලයක් නැති පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ පැවැත්වෙන අවස්ථාවල දී පවා) නැති සම්පත් වෙන්දේසි කිරීම අප දිගට ම සිදු කරන්නේ ද යන්න යි. ඔවුන්ගේ වාසීන් රැක ගැනීමට ඔවුන් කරන උත්සාහයේ දී අප සියලු දෙනාගේ ද අනාගතය විනාශ කරන්නට ඉඩ දී, සේවාදායක රාජ්‍යය තවත් ජයක් ලබනු ඇත් ද?  


Rohan Samarajiva LIRNEasia 1x1(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


සබැඳි ලිපි :
ජවිපෙ/ පරිපාලන සේවා සමිති ආදායම් බදු යෝජනා ප්‍රෙහෙලිකාව - (මහාචාර්ය රොහාන් සමරජීව)

බලශක්ති ක්ෂේත්‍රයෙන් විදේශ ආයෝජකයින් බැහැර කිරීමේ ජවිපෙ සැලසුම අර්ථවත්ද ?


Anida



JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්