මෙය පෙර නොඇසූ ආකාරයේ එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු කළ නිර්භීත සංචාරයක් විය.



දෛනිකව ප්‍රහාරයට ලක්වන යුද්ධ කලාපයක පෙනී සිටීම, එනම් ජෝ බයිඩන් අනපේක්ෂිත ලෙස යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත කළ සංචාරය "මෑත කාලයේ සිදු වූ පෙර නොවූ විරූ" සංචාරයක් ලෙස ධවල මන්දිර නිලධාරීහු විස්තර කරති.

ඔවුහු පවසන්නේ, මීට පෙර යුද්ධ සමයේ ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ සිදු කළ ජනාධිපතිවරයාගේ සංචාරවලට එක්සත් ජනපද මිලිටරි සාමාජිකයින්ගෙන් දැඩි ආරක්ෂාවක් ලැබුණු බව ය.

ඔහු පෝලන්තයේ සිටියදී බයිඩන් යුක්‍රේන සංචාරයක් සැලසුම් කරනු ඇතැයි මාධ්‍යවේදීන් අනුමාන කර තිබියදීත් මෙම සංචාරය සියල්ලෝ ම පුදුමයට පත් කළහ.

joe biden and volodymyr zelenskyy 1 6282090 1676954603478

ගුවන් ප්‍රහාර සිදු විය හැකි බවට අනතුරු අඟවන සයිරන් හඬ නිකුත් වෙද්දී ඔහු කියෙව් නගරය මධ්‍යයේ ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අසල පෙනී සිටීමෙන් පෝලන්තයේදී ඔහුට කිව හැකි ඕනෑම කථාවකට වඩා ප්‍රබල සහ බලවත් ප්‍රකාශයක් නිකුත් කොට තිබේ.

 



"එය අවදානම්සහගත වුවත් ජෝ බයිඩන් තම කැපවීම බැරෑරුම් ලෙස සලකන නායකයෙකු කියන බවට කිසිවෙකුගේ මනසේ සැකයක් ඉතුරු කර නැහැ " ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂ කේට් බෙඩිංෆීල්ඩ් පැවසීය.


දුරකතන තහනම්


ජෝ බයිඩන් සඳුදා (පෙබ. 20) සවස එක්සත් ජනපදයේ සිට වෝර්සෝ වෙත දින දෙකක සංචාරයක් සඳහා ගුවන්ගත වීමට නියමිතව තිබිණි.

අපේක්ෂිත දින ඇතුළත් කර සකසන ලද ඔහුගේ ගමන් විස්තරය සහිත කාර්යය සටහනේ සැක සහිත දිගු හිඩැස් දෙකක් තිබුණි. ඒ අනුව ඔහු යුක්‍රේනයට යනු ඇත්තේ කිනම් මොහොතක දැයි බොහෝ දෙනා කල්පනා කළහ.

 

230220121538 12 biden ukraine 022023

ධවල මන්දිරයේ දිනපතා පැවති මාධ්‍ය හමුවලදී වාර්තාකරුවන් සංචාරයක් ගැන නැවත නැවතත් විමසා තිබිණි. සෙලෙන්ස්කි සමග රැස්වීමක් සැලසුම් කර නොමැති බව ත් "මේ මොහොතේ" වෝර්සෝවෙන් පිටත නැවතීමක් සැලසුම් කර නොමැති බව ත් අපට [වාර්තාකරුවන්ට] පැවසීය.

ජනාධිපතිවරයාගේ සමීපතම සහයකයන් අතලොස්සක් සමග මාස ගණනාවක් තිස්සේ සංචාරය සැලසුම් කර තිබුණ ද, කියෙව් සංචාරය සිදු කිරීමට අවසන් තීරණය ගෙන ඇත්තේ සිකුරාදා ය.

ඉරිදා වන විට නිකුත් කොට තිබු , නිල ධවල මන්දිර කාර්යය සටහනේ ජනාධිපතිවරයා සඳුදා සවස 7:00 EST ( ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30ට පමණ) වෝර්සෝ බලා පිටත්ව යන බව සටහන්ව තිබුණි. නමුත්, 'එයාර් ෆෝස් වන්' (Air Force One) ඉරිදා උදෑසන 04:15 EST ( ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.45 ට පමණ) ගුවන්ගත විය.

'එයාර් ෆෝස් වන්' යන ලෝක ප්‍රසිද්ධ ගුවන් ගමන් පාලක සංඥාව භාවිත කරනු ලබන්නේ [ගුවන් යානයක් සඳහා], ජනාධිපතිවරයා [එම] ගුවන් යානයේ සිටින විට පමණි.

යානයේ සිටියේ ඔහුගේ සමීපතම සහයකයින්, වෛද්‍ය කණ්ඩායමක් සහ ආරක්ෂක නිලධාරීන්ගෙන් සමන්විත කුඩා කණ්ඩායමකි.

 

b25lY21zOjdjYjU2N2ExLWRlNDItNGNkNy1iMTUxLTgwZTBmYmE3ODg2MjplNzI0OTQ4NC05NTQwLTRjY2QtOGJlMC0wMDFmOTUxNzdkMTk

ජනාධිපතිවරයා සමග ගමන් කිරීමට අවසර ලැබී තිබුණේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පමණි. ඔවුන් රහසිගතව කටයුතු කරන බවට දිවුරා තිබුණු අතර ඔවුන්ගේ ජංගම දුරකතන ඔවුන්ගෙන් ඉවත් කර තිබිණි. බයිඩන් කියෙව් වෙත පැමිණෙන තෙක් සංචාරය පිළිබඳව වාර්තා කිරීමට ඔවුන්ට අවසර නොලැබිණි.

එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් පවසන පරිදි, බයිඩන් පිටත්ව යාමට පැය කිහිපයකට පෙර සංචාරය පිළිබඳව රුසියාවට දැනුම් දී ඇත.

"එක්සත් ජනපදය එසේ කළේ, ගැටුම්කාරී තත්ත්වය අවම කර ගැනීමේ අරමුණින්... ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ කෙසේ ද යන්න ගැනත්, අපේ පණිවිඩයේ නිශ්චිත ස්වභාවය කුමක් ද යන්න ගැනත් මම නොදන්නා නමුත් අපි එම දැනුම් දීම ලබා දුන් බව මට තහවුරු කළ හැකියි," ඔහු ප්‍රකාශ කළේ ය.


ප්‍රබල පණිවිඩයක්

gettyimages 1245772843 1671660309g9MUF 1080x1080

ජනාධිපති බයිඩන් පසුව කියෙව් වෙත යාමට පැය 10ක දුම්රිය ගමනක නිරත විය. ඔහුට යුක්‍රේනයේ ඇති පහසුවෙන් යා හැකි වෙනත් ස්ථාන වෙත ගමන් කිරීමට හැකියාව තිබුණු නමුත් ඔහුට අවශ්‍ය වූයේ සිය සංකේතාත්මක ගමන කියෙව් වෙත සිදු කිරීමට ය.

ජනාධිපතිවරයාගේ සංචාරය, යුක්‍රේනයට උදව් කිරීමට බයිඩන් පරිපාලනයේ කැපවීම පිළිබඳව මොස්කව් වෙත නිකුත් කරන සංඥාවක් වන අතර, එය තම රටේ සිටින එක්සත් ජනපද ඡන්දදායකයින්ට සිදු කළ ප්‍රදර්ශනාත්මක ක්‍රියාවකි.

ඔහුගේ මාධ්‍ය ලේකම් කරීන් ජෝන්-පියර් ගෙන් පසුගිය සතියේ විමසන ලද්දේ, යුක්‍රේනයේ තත්ත්වය සමනය කිරීම සඳහා අමෙරිකානු සහයෝගය පෙන්වන ඡන්ද විමසීම් ගැන ය.

ඇය පිළිතුරු දුන්නේ, ජනාධිපතිවරයා අමතන ඕනෑම අවස්ථාවක ඔහු අමෙරිකානු පුරවැසියන්ට මෙන් ම ලොව පුරා සිටින පුරවැසියන් සියල්ලන්ටම ඇමතීමක් කරන බවයි. ඒ අනුව සඳුදා පණිවිඩය සැලසුම් කර ඇත්තේ, එක්සත් ජනපදයට කොපමණ කාලයක් යුක්‍රේනයට අඛණ්ඩව සහය දිය හැකි ද යන්න ප්‍රශ්න කරන සුළුතර රිපබ්ලිකන් හඬට ප්‍රබල ලෙස ප්‍රතිවිරෝධය දැක්වීම සඳහා ය.



සාරා ස්මිත්
උතුරු අමෙරිකානු සංස්කාරක
(BBC සිංහල සේවය)


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්