එයා දැන් බැඳලා ටෙලිනාට්‍යය මෑත කාලයේදී දේශපාලනික කලාකාමී ප්‍රජාව අතර ජනප්‍රිය විය. ඒ ගැන බොහෝ කතාබහ ද ඇති විය.
එයා දැන් බැඳලා ජනප්‍රිය වූයේ එහි සිනමාත්මක රූප රචනය, කතාවේ නැවුම්බව, පරිසරය හා රංගනය නිසාය.
රංගනය ගැන බොහෝ අය කතා කළ ද එහි ඇත්තෙන්ම විශිෂ්ට රංගනයක යෙදුණේ සේමිනි ඉද්දමල්ගොඩයි. මහේන්ද්‍ර පෙරේරා ද යම් සාර්ථක රංගනයක් සිදු කළේය. ප්‍රදීප් රාමවික්‍රම නැගී එන තරුවක ලකුණු පෙන්වූ අතර සරත් කොතලාවල කළේ ජනප්‍රිය අධි රංගනයකි.
ටෙලි නාට්‍යයේ අවසාන කොටසේ පැවති අප්පච්චි කවුරුදැයි ඇසූ කල ළමයා පිංතූරය පෙන්වන ජවනිකාව රංගනයෙන් අති විශිෂ්ටය.
ළමයා හා අප්පච්චි අතර සම්බන්ධය පිංතූරයකට සම්බන්ධ වන හැටි ද, පිංතූරයේ සිටින පුද්ගලයාගේ සැබෑ ස්වරූපය හා ළමයාගේ මනස් රූපය නොපෑහෙන හැටි ද, ළමයාගේ අප්පච්චි කවුද යන ගැටුම නිර්මාණය කරන කේන්ද්‍රීය ප්‍රශ්නය හා අවසානයේදී අප්පච්චි කඩදාසියක තිබෙන රූපයක් පමණක් බවට පත්වීමේ හිස්බව එයා දැන් බැඳලා ටෙලි නාට්‍යයේ කූටප්‍රාප්තියයි.
කෙසේ වෙතත්, මෙම ටෙලි නාට්‍යය අතාර්කික අභව්‍ය සිදුවීම්වලින් ගහණය. විශේෂයෙන්ම නායයාමෙන් පසු දර්ශන ටික ඉතා දුර්වල එකලස් කිරීම් ටිකකි. ඉන්පසු ඇත්තේ ඉතා දුර්වල කතා කලාවකි. එහි නොවිසඳුණු ප්‍රශ්න රාශියකි.
නායයාම සුද්දිගේ පතිව්‍රතාව ඔප්පු කිරීම සඳහා උදා වූ මායාමය අවස්ථාවකි. එතැනින් කතාව ඉවර කළා නම් වඩා වඩා සාර්ථක යයි සිතේ.
එයා දැන් බැඳලා ටෙලිනාට්‍යය 28 චිත්‍රපටය සමග ගැටගසන්නට යාම අනවශ්‍ය විකාරයකි. පහත දැක්වෙන්නේ කලකට ඉහතදී මා 28 චිත්‍රපටය ගැන ලියන ලද විචාරයකි.
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය ගැන උගන්නපු නැති පාඩම: 28(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)