ලංකාවේ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් ලෙස ඉස්මතු කිරීම පසුගිය කාලය පුරාම දකින්නට ලැබුනු තත්ත්වයක් වූ අතර ඒ නිසාම සිදුවූ සාධනීය දේවල් ද තිබේ.



නමුත් එම සාධනීය දේවල් මත පරායත්තව ආර්ථික අර්බුදය කෙරෙහි බර තබා ක්‍රියා නොකරන පාර්ශවවලට දේශපාලන බලය හුවමාරු කිරීම රටක් වශයෙන් විනාශකාරී ය.

 

කෙසේ නමුත් ලංකාවේ මෙම ආර්ථික අර්බුදය සමග ලෝක බලවතුන්ගේ සිය බල ව්‍යාපෘති ද නැවත සක්‍රීය ලෙස පෙරමුණට පැමි තිබේ. IMF ණය ප්‍රදානයේ දී ඉල්ලූ “ණය ගෙවීම පහසු කිරීමේ එකඟතා ලිපිය” චීනය විසින් ප්‍රමාද කිරීමත්, එය නොමැතිව වුව ද IMF ප්‍රදානය පිළිබඳව සැලකිය හැකි බවට ලද පණිවිඩයත් හරහා මෙම බාහිර සාධකවල චලනයන් පිළිබඳව අදහසක් ලබාගත හැකි ය.

 

ඉතාම මෑතකදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ද චීනයෙන් ඉල්ලා සිටියේ මෙම ණය මුදල් ආපසු ගෙවීම පිළිබදව වන “ප්‍රමාද කිරීමේ එකඟතා ලිපිය” ලබා දෙන ලෙස යි. නමුත් ඊට චීනය දුන් පිළිතුර කුමක්දැයි අපහැදිලි ය.

අනිත් පැත්තෙන් රටේ අභ්‍යන්තර දේශපාලන කැළඹීම් කියාපාන්නේ IMF හි මඟපෙන්වීම පිළිබඳව නොපැහැදිලි චිත්‍රයකි. ආණ්ඩුවේ සෑම දෙයකටම විරුද්ධ වන විපක්ෂයක් තුලින් මෙම නිර්දේශ සමග එකගතාවයකින් කටයුතු කිරීම අපහසු ය.

 

c1 4663776

මේ වන විට දේශපාලන පක්ෂවලටත් වඩා බලවත් වෘත්තීය සමිති ගණනාවක් මෙම IMF නිර්දේශ අනුව ක්‍රියාත්මක නව ආදායම් බදු පනතට සිය විරෝධය දක්වා ඇත. ඉදිරියේදී තමන් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් කැඳවන බව කියමින්, ඔවුන් රාජ්‍ය ත්‍රස්ත්‍ර කිරීමට පටන්ගෙන තිබේ.

 

රටේ අභ්‍යන්තරයේ ඇති නොසන්සුන්තාව මත බාහිර බල ව්‍යාපෘතීන්වල අදුරු සෙවනැලි වැටී ඇති බව පැහැදිලි ය. ඇතැම් පාර්ශවයන් සිය ආණ්ඩු විරෝධය සමග සමපාත කරන කැම්පේන් එක වෙනුවෙන් වියදම් කරන මුදල් ප්‍රමාණය පුදුම සහගත ය. IMF හරහා එන බටහිර හා ඉන්දියානු ඒකාබද්ධ ආර්ථික ස්ථායි කිරීමේ වැඩපිළිවෙලේ විරුද් අන්තය වන්නේ චීනය යි. මේ බල කදවුරු දෙකම එකිනෙකාට “දිනුම” ලබාදී පසුබසී යැයි යන්න ප්‍රශ්නකාරී ය.

 

රට අභ්‍යන්තරයෙන් කුමන ආකාරයක දේශපාලන තීන්දු මත යැපුන ද, මෙම ඉන්දියානු-බටහිර අක්ෂය හෝ චීන අක්ෂය යන දෙකම කළමනාකරණය කරගැනීම වැදගත් ය.

 

රනිල්, කීවා සේ සැබෑ වැල්පාලමේ ගමන ඇත්තේ මෙය අතරමැදිනි.

(carbonnews.lk)


 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්