ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දත්තයන්ගේ ඉතාමත් ඉහළට ළඟාවනුයේ මාතෘ මරණ, ළදරු මරණ අනුපාතිකය පහළ අගයකට ගෙන යාමට තුළය.

ඒ සඳහා පුහුණු සෞඛ්‍ය ආරක්ෂණය සපයන්නන්ගේ මැදිහත්වීම නැතහොත් සංරක්ෂණය ලැබීම ඉතාමත් වැදගත්ය. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමේදී ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයන් මඟින් ඉටුවන ප්‍රධානතම කාර්යය කරනු ලබන්නේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියයි. අප රටේ පවතින සමස්ථ රාජ්‍ය සේවා වෘත්තීන් අතර කාන්තාවන්ගෙන් පමණක්ම හෙබි එකම වෘත්තීයද, පවුල් සෞඛ්‍ය සේවාව ලෙස සඳහන් කළ හැකිය.

කාන්තාවන්ගෙන්ම පමණක්ම පවුල් සෞඛ්‍ය සේවාව ලබාදීමේදී මූලික වන්නේද කාන්තාවන්මය. පීතෘ මූලික ජන සමාජයක මෘතෘ ප්‍රමුඛ කරගත් පවුල් ඒකකයේ සෞඛ්‍ය රඳා පවතින්නේ මෙම කුටුම්බයේ දිවිගෙවන සමස්ථය යොමු කරවීම උදෙසා සෞඛ්‍ය කරුණු පිළිබඳව දැනුමින් සන්නද්ධ විය යුතුය. එලෙසින් ගෘහයක කාන්තාව සෞඛ්‍ය පිළිබඳ නව කරුණු වලින් පෝෂණය කරමින් සන්නද්ධ කිරීමේ වගකිම හිස මත හුවාගෙන කටයුතු කරනුයේ පවුල් සෞඛ්‍ය නිලධාරිණියයි.

zdfsdfwe



විවාහය නැමැති නෛතිකමය සුරක්ෂාව යටතේ ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවන්ගේ එකම ගැලවුම්කාරිය නැතහොත් මැදිහත්කාරිය වනුයේද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියයි.



කාන්තාවන්ගේ සෞඛ්‍ය හා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමේදී ස්වකීය වර්ගයා බෝ කරන්නන් රැකබලා ගන්නත්, ලිංගික අවශ්‍යතා සපුරන්නත් හා පවුලේ යහපැවැත්මේ හා සෞභාග්‍යෙය් නියෝජිතවරිය ලෙස කන්තාවන්ගේ උපකාර වටිනාකම හුවා දක්වනු ලබයි. කාන්තාවන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය, මාතෘත්වය සහ ලිංගික වශයෙන් සම්ප්‍රේෂණය වන ආසාදන හා රෝග සහ සීමිත සන්දර්භය තුළ නොව පුළුල් ලෙස සැලකිල්ලට ගැනීම අවශ්‍යවේ.

අවිවාහක කාන්තාවන් විවාහක කාන්තාවන් රටටම වැදගත් වන අතර, තෝරා ගැනීම් කිරීමට ඔවුන්ගේ කැමැති ජීවන රටා අනුගමනය කිරීමට නිදහස සහ සෞඛ්‍ය ආරක්ෂණ සහ සහාය සේවා කරා සමාන ප්‍රවේශ තිබිය යුතුය.

මාතෘ හා ළමා පෝෂණය වැඩිදියුණු කිරීමට පමණක්ම සීමා නොවී පරම්පරා අතර පෝෂණ ගැටලු චක්‍ර බිඳදැමීම, ආර්ත්‍යවය, නව යොවුන් ගැහැණු ළමුන් හා වැඩිහිට කාන්තාවන් වෙනුවෙන් පෝෂණ අවශ්‍යතා හා දත්ත ඒකරාශී කර විශ්ලේෂණය කරගැනීම සඳහාද මේ මොහොතේ දැඩි අවශ්‍යතාවයක්ව පවතී.

මෙවැනි තත්ත්වයක් මුදුන්පත් කරගැනීමට උදෙසා සමාජය සමග බද්ධ වූ පවුල් ඒකකයේ සෑම හුස්ම බින්දුවක්ම පිළිබඳව මනා අවබෝධයක් ගොඩනඟා ගෙන සිටිය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය, නිරන්තරයෙන් නව දැනුමින් පෝෂණය විය යුතුය.



නව සහස්‍රයේ දැනුම එකතු කරගැනීමට නව දැනුම සොයායන්නට, සොයාගත් දැනුම සමාජගත කරන්නට පහසුම සහ වේගවත්ම ක්‍රමවේදය වන ඩිජිටල් තාස්ෂණය භාවිතාවට යොමු වීමයි. ඒ සඳහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය නිර්මාණය කිරීමේදී, එනම් පවුල් සෙඛ්‍ය සේවා නිලධාරිණිය පුහුණු කාල සීමාවවේදී ඇගේ ඩිජිටල් තාක්ෂණ භාවිතය පුහුණු කළ යුතුව ඇත. ඒ සඳහා පුහුණු කාළසීමව තුළ එයට ඩිජිටල් තාක්ෂණය විෂයයක් ලෙස ඇතුලත් කොට පුහුණුවක් ලබාදිය යුතු වේ. යල්පැනගිය පොත්, ලේඛණ, වාර්තා පුරවා ගොඩ ගැසීමේ ක්‍රමවේදයෙන් මිදිය යුතුය.



ගෝලීයකරණය, විශ්ව ගම්මානය, විශ්ව පවුල, විශ්ව මිනිසා යනාදී ලෙස ක්‍රමාණුකූලව සංවර්ධනය වූ සමාජ පරිසරයක් තුළ තවමත් පොත්පත්, ලේඛණ වාර්තා වලට සීමා නොවී ඉන් ඔබ්බට ගොස් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන්ගේ කාර්යභාරය සමග ඩිජිටල් තාක්ෂණය බද්ධ විය යුතුය.

කාලය සමඟ පොර බදමින් ආර්ථිකය ගොනැඟීම උදෙසා දිව යන සමාජයක ස්ථානීය වශයෙන් පුද්ගලයන් ඒකරාශී කර සමාජ යහපැවැත්ම උදෙසා සෞඛ්‍ය හුරුපුරුදු සමාජගත කරවීමට උත්සහ දැරීමට වඩා ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් සමාජීය සෞඛ්‍ය අවශ්‍යතාවයන් සැපරීම උදෙසා ක්‍රමවේද සැකසීම කාලෝචිතය.

නව සහස්‍රයේ ස්මාට් ෆොන් එකක් අත නොදරන්නන් සොයාගැනීම නොමළ ගෙයකින් අබ ඇට සෙවීමට සමය. මෙවන් යුගයක තවමත් තාක්ෂණය පවුල් සෞඛ්‍ය සේවාව සමඟ බද්ධ කිරීමට නොහැකිවීමට කණගාටුවට කරුණකි.

පවුල් සෞඛ්‍ය සේවාව සමඟ ඩිජිටල් තාක්ෂණය බද්ධ කළේ නම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය හරහා ඒකරාශි කරගනු ලබන සංවර්ධනය මැනීම සඳහා භාවිතාවන සෞඛ්‍යමය දත්තයන් ඉතාමත් පහසුවෙන් වේගයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරන්නන් දක්වා ගලා යාමට සැලැස්විය හැක.

df4545


එමඟින් මුළු දිවයින පුරා පැතිරී සිටින සමස්ත පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් විසින් ලබාදෙනු ලබන දත්තයන් තත්පර කිහිපයක් තුළ කේනද්‍රගත කරගත හැත. එසේම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන්ගේ සේවාව ලබන සේවාලාභීන් අතර ප්‍රමුඛස්ථානයක් හිමිවන සමස්ත සමාජයේ කාන්තාවන්ද තම සෞඛ්‍ය, පවුලේ සෞඛ්‍ය නඟා සිටුවාගැනීම උදෙසා ඩිජිටල් තාක්ෂණය භාවිතයට ඉගැන්වීම තුළ සමස්ත කාන්තාවන් බලගැන්විය හැකිය.



තමන්ගේම ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධ කරුණු සහ ඔවුන්ගේ ජීවිත, සබඳතා, ලිංගික්තවය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ අනාගතය පිළිබඳ දැනුවත් තීරණ ගැනීමට කුසලතා සම්බන්ධයෙන් මිත්‍යාවෙන් හා වැරදි වැටහීම් වලින් තොර විද්‍යාත්මකව නිවැරිදි තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තරුණියන් අතර ඇති අල්ප දැනුම පුළුල් කරවීම උදෙසා ඩිජිටල් තාක්ෂණය භාවිතය මහඟු පිටුවහලක් වනු ඇත.



පරිපූර්ණ ලිංගිකත්වය හා ප්‍රජනන සෞඛ්‍ය අද්‍යාපනය අත්‍යාවශ්‍ය වූවද එය තහනම් දෙයක් ලෙස සැකෙන මෙම සමාජයේ ලාබාල වයසේදී ලිංගික ක්‍රියාවන්හී නිරතවීම, ලාබාල වියේදී ගැබිණි වයට හා මාතෘත්තවයට පත්වීම, නව යොවුන් සබඳතා තුළ බලත්හත්කාරය, ප්‍රචාන්ඩත්වය සහ අපයෝජනය හා ලිංගික වශයෙන් සම්ප්‍රේෂණය වන රෝග වැළඳීමට මඟ පැදීම ඉඩ ඇති ලිංගික හවුල්කරුවන් කිහිප දෙනෙකු සමඟ සබඳතා හෝ අවදානම් චර්යාවන් වැනි නව යොවුන් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යයට සම්බන්ධ වැඩිවෙමින් පවතින ගැටළුවලට විසඳුම් සැපයීමේ වැදගත් මෙලමක් ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් ඩිජිටල් තාක්ෂණය සමග බද්ධ කරවමින් ඔස්සේ සමස්ත කාන්තාවන් බලගැන්වීමත් සමග එහඟින් යහලත් සමාජයක් ගොඩනැංනීමත් සිදුකළ හැකිය.


Awanthi Livera‍(අවන්ති ලිවේරා)
රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය

 

 

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්