''මිනිසා නිදහසේ උපදියි. ඉක්බිති ඔහු සෑම තැනකම සිටින්නේ දෙපයට දමන ලද දම්වැල් සහිතවය. අන් සියල්ලන්ගේම ස්වාමියා, පාලකයා තමන් යැයි සිතන්නෙකුවේද අන් සියල්ලන්ටම වඩා තවමත් ලොකුම වහලා වන්නේ ඔහුය .''
-(ජේ.ජේ. හවුසින්)

 

ජාතියක් මත ජාතියක් සිය බලහත්කාරය පටවන්නේද එම බලහත්කාරය ඉවසා දරා සිටින්නන්ගේ නිහඬ වෛරයට සැමදා පාත්‍ර වී සිටීමට එකී ජාතියට සිදුවෙයි.


එසේ වුවද යම් ජාතියක් තවත් ජාතියක් මත සමානාත්මතාව මුදාහරින්නේ ද එම සමානාත්මතාවයෙන් උත්තේජනය වන්නන්ගේ විවෘත සෙනෙහස, ආදරය සියළු කල්හි එම සමානාත්මතාව මුදාහල ජනතාව කෙරෙහි පවතින්නේය.

අප ඉතිහාසය තුළ හැසිරී ඇත්තේ කෙසේද? නිවැරදිම ප්‍රශ්න කිරීම නම් අප ඉතිහාසය තුළ හසුරුවා ඇත්තේ කුමනාකාරයෙන්ද යන්නයි.

ගෝත්‍රීකවාදී ඊනියා දේශප්‍රේමයේ කටු ඔටුන්න පැළඳගෙන සිටින අප ඉතිහාසය තුළදී වැඩ වරද්දාගෙන ඇත්තේ 'වමට' බියවී අන්ත දක්ෂිණාංශික දේශප්‍රේමී බලවේග වලට යටවීමෙනි.

'වම' ට බියවීම පසෙක තිබියේවා. අඩුම තරමින් ගෝත්‍රීක වාදී අන්ත දක්ෂිණාංශික දේශප්‍රේමී බලවේග නොගොස් ප්‍රගතිශීලී ධනේෂ්වරය පසුපස ගියද කම් නැති වග ඉතිහාසය අත්දැකීම් සහිතව අපට උගන්වා දී තිබේ.

සිංහල බෞද්ධ දේශප්‍රේමයේ සරණ ගිය අපට අද උරුම වී ඇත්තේ කිනම් ආකාරයක රටක් ද?

ජාතිවාදී ගැටුමට ලක්ව මියගියවුන්ගේ ජීවිතවලට වඩා අපට වටින්නේ 'ශ්‍රී' අකුර බව අප ඔප්පුකර තිබේ. EL, EY අකුරු වාහන නොම්බර තහඩුවලින් අයින් කර 'ශ්‍රී ' අකුර දමා ගැනීමේ පශ්චාද්භාගයේ අමාරුව, බණ්ඩාරනායකලාගේ එකී අමාරුව සමනය කරගත්තේ මිනිස් ජීවිත, මහජන දේපල, සුන්නද්දූලි කරගනිමින්ය.

 

1958, 1978, 1983 යන වර්ෂවලදී ජාතිවාදී ගැටුම් ඇති කළේ කවුරුන්ද? වරෙක බණ්ඩාරනායකලාගේ දේශප්‍රේමයයි. තවත් වරෙක සේනානායකලාගේ, ජයවර්ධනලාගේ දේශප්‍රේමයයි. 2017-2018 වසර දෙක වනවිට රාජපක්ෂලාගේ, විමල් වීරවංශලාගේ දේශප්‍රේමයයි. උග්‍ර මුස්ලිම් විරෝධයක් ඇති කළා වූ වඳ කොත්තු මිථ්‍යාව දැන් පුස්සන් බවට පත්ව තිබේ. නින්දනීය පාස්කු ප්‍රහාරය ද මෙම සිද්ධිදාමයේ ඵලවිපාකයකි.

 

13, රතු කබාය සහ සිවුර - (ජයසිරි අලවත්ත)

රටක උග්‍ර ආර්ථීක අර්බුදයක් මතුවී රටේ ජනතාව නැගී සිටීමේ තත්ත්වයක් තුළ සිංහල - දමිළ ජාතිවාදයේ වත්මන් පියවරු 13 වඩම්මවාගෙන පෙරහැරක් යන්නට සූදානම් වූහ. එහෙත් එයාලත් තැනම ලොප් වුනේ. එය දෙපැත්ත කැපෙන පිහියක් බවට පත්වීම නිසාය.

13 ට විරුද්ධ වීම හරහා දමිළ ජනතාව තුළ සිංහල බෞද්ධ ජනතාව ගැන වෛරය ඇතිකර වීම එක් පැත්තකි. අනෙක් පැත්ත සිංහල බෞද්ධ ජනතාව තුළ දමිළ ජනතාව කෙරෙහි දැඩි වෛරයක් ඇතිකර වීමය.

දෙස් විදෙස් බලවේගවලට මෙරට තුළ යළිත් යුදගිනි ඇවිලවීමේ චේතනාව මතු වී ඇත.

කළ යුත්තේ 13 පැලැස්තරය දැමීම නොව මෙම විධායක  බලතල සහිත ජනාධිපතිධූරයද අහෝසිකර දමමින් සියළු ජාතින්ට සමානාත්මතාව අයිතීන් ලබා දෙන නව ව්‍යවස්ථාවක්  නිර්මාණය කිරීමයි.

එහෙත් පාරාජිතත්වයට පත්ව ඇති බලකාමී දේශපාලන හොර නඩයට අවශ්‍යව ඇත්තේ වාර්ගික ගැටුම් මතින් යළිත් බලය ශක්තිමත් කර ගැනීමය.
යළි යළිත් සනාථ කරමින් අප ප්‍රකාශ කරණු ලබන්නේ 'ලී ක්වාන් යූ' ගණයේ සොඳුරු ආඥාදායකයෙකුගේ පාලනය මේ රටට අවශ්‍ය වී ඇති බවයි.

 

ජනතාව ආර්ථීක අතින් පීඩනයට පත්ව සිටියදී, පාලකයින් විසින් අත්තනෝමිතික බදු ගසා, විදුලි බිල වැඩි කරන විටදී දේශප්‍රේමී, ජාතික චින්තනවාදීන්, දේශ හිතෛශීන් නිහඬව මුනිවත රකිති. දැන් මේ එළැඹි ඇත්තේ ඔවුන් නින්දට පිවිස ඇති යාමයයි. ඔවුන් තවත් 13 ක් ඔසවන විටදී නින්දෙන් නැගිටිනු ඇත. ඔවුන්ට ජනතාවගේ සාගින්දර දුක් කන්දරාව ආදියෙන් ඇති වැඩක් නැත. ඔවුන් සැමවිටම පෙනී සිටින්නේ වඳ කොත්තු කාරයින් වෙනුවෙනි.

 

ගෝඨාභය කරළියට වඩම්මවාගෙන ආවේද එම පිරිසමය. රට අද පත්ව ඇති තත්ත්වයට ඔවුන්ද වගකිව යුතුය.

ධනවාදීන් හෝ වේවා සමාජවාදීන් හෝ වේවා අප රටට අවශ්‍යව ඇත්තේ නිදහස-සමානාත්මතාව- ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ හැකි නායකයෙකි. ඔහු සමාජයට එරෙහි මත්ද්‍රව්‍ය පිළිලය මුලිනුපුටා දැමීම සදහා මරණ දඬුවමට අත්සන් කිරීමට වුවද නොපැකිලෙන නායකයකු විය යුතුය.

සිංගප්පූරුව, වියට්නාමට පසෙක තිබියේවා, එදා මිහිපිට අපායක් බඳු වූ 'රුවන්ඩාව' අද කොපමණ දියුණු රටක්ද, අද අප සිටින්නේ 'රුවන්ඩා' වටත් පහළිනි.

 

172265 rcuquxgjzl 1648576695

අද යල්පැන ගිය දර්ශනවාද වලින් වත් දේශප්‍රේමයේ ඊනියා කයිවාරුවලින්වත් අපේ රට ගොඩ නැගිය නොහැක. අද අපේ රටට අවශ්‍යව ඇත්තේ නූතනවාදී කාර්මික රාජ්‍යයකි. එය ගොඩනැගිය හැකි නූතනවාදී ආර්ථීකවාදී දැක්මක් අවශ්‍ය නායකත්වයක් අපට සිටිය යුතුය. අපේ රට පෙළෙනු ලබන ආර්ථීක - දේශපාලන - සාමාජීය ව්‍යාධින්ගෙන් ගලවා ගත හැකි දක්ෂ වෛද්‍යවරයකු උවමනා කර තිබේ. ඒ උවමනාව ගැන පමණටත් වඩා වෙහෙස වී ඇති අප මහා ගත්කරු 'බර්නාඩ් ෂෝ' වෙතට මොහොතකට හැරෙමු.

''දුප්පත් වෛද්‍යවරයෙකුට වඩා මහා අනතුරක් තවත් නැත. දුප්පත් සේවකයකු හෝ දුප්පත් ඉඩම් හිමියෙකුටත් වඩා දුප්පත් වෛද්‍යවරයා රටකට ඛෙහෙවින් අනතරාදායකය.''
-බර්නාඩ් ෂෝ-



මීටත් වඩා තවත් ස්වර්ණමය කියමනක් කුමට ද?

සැබැවින්ම අද අපේ රටට අවශ්‍ය වී ඇත්තේ නූතනවාදී විවෘත ආර්ථීක ක්‍රමයේ නව විද්‍යාත්මක තාක‍ෂණයෙන් ස්ථාපිත කළ හැකි නව මානූෂීය චින්තනයකින් යුත් පාලකයකු මිස සැමවිටම සාගින්දර උරුමකරගත් ජනතාවකට කඳුළු ගෑස්ම උරුමකරදෙන නායකයකු නොවේ. ගජමිතුරු ධනවාදයෙන් බැහැරව මානූෂීය ධනවාදයේ පිළිබිබුවක් විය හැකි නායකත්වයකි.

ශ්‍රී ලංකාව පෙරදිග ලෝකයේ සමෘද්ධිමත් රටක් බවට පත්කළ හැක්කේ සිංහල - දමිළ - මුස්ලිම් - බර්ගර් සකල ජනතාවම දෙස සැබෑ ලෙසම සමානාත්මතාවෙන් බැලිය හැකි නායකයකුට  පමණි. එසේම ජාතික සමගිය උදෙසා දැඩි තීරණ ගත හැකි ජාතික සමගියට එරෙහි බලවේග දැඩි ලෙස මර්දනය කළ හැකි සුන්දර ඒකාධිපතියෙකි. රටේ ධනය සාධාරණව ජනතාව වෙත ඛෙදා හැරීමට සලස්වන නිදහස, බලය ප්‍රජාතන්ත්‍රවාදය ජාති ආගම් කුළ බේද ආදීයෙන් තොරව සමසේ ඛෙදා දෙන විශිෂ්ට නායකත්වයකි.

''වචන වලින් පමණක් ඔබට රජය පාලනය කළ නොහැකිය.''
-(නිකොලායි මැකියාවෙල්ලි)



mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්