අප්‍රේල් 14 කියන්නේ ලංකාවට සුවිශේෂි දිනයක්. ඒ සීංහල හින්දු අලුත් අවුරුද්ද නිසා. ඉන්දියාවේ විවිධ පළාත් වල සාම්ප්‍රදායික අවුරුද්ද අප්‍රේල් 14 සමරනවා කේරළය තමින්නාඩු ඒ වගේ නැගෙනහිර

ඉන්දියාවේ ද  අලුත් අස්වැන්න ගෙදරට ගැනීමේ චාරිත්‍රය අවුරුදු ලෙස සලකනවා.

ඒ වගේම අප්‍රේල් 14  ඉන්දියාවට සුවිශේෂි දිනයක්. ඒ තමයි ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පියාගේ 132 වැනි ජන්ම සංවත්සරය. ඔහු ඉපනුනේ 1891 අප්‍රේල් 14 මධ්‍ය ප්‍රදේශ්හි අස්පර්ශනීය කුලයට අයත් කෙනෙකු ලෙසයි. අම්බෙඩ්කාර් ජයන්තිය ලෙස නම් කරන්නේ, ඉන්දියානු නීතිවේදියෙකු, ආර්ථික විද්‍යාඥයෙකු, සමාජ ප්‍රතිසංස්කරණවාදියෙකු සහ දේශපාලඥයෙකු වූ සහ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන නිර්මාපකාය ලෙස සිදු කළ දායකත්වය නිසා.

ඔහුගේ උපන්දිනයේ දී මල් පුදමින්, ඉටිපන්දම් දල්වමින් විවිධ සංස්කෘතික උත්සව සංවිධානය කරමින් ඔහුට ගෞරව කරති. අප්‍රේල් 14 ඊයේ ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල නිවාඩු දිනයක්.

2786 14 4 2023 15 5 46 3 PY14AMBEDKARBIRTHDAY3

 ඇත්තටම අම්බෙක්කාර් කියන්නේ සමරන්න ඕන කෙනෙක්. අද තියන නූතන ඉන්දියාව ගොඩනඟන්නට ඔහුගෙන් ලැබුණු දායකත්වය සුළුපටු නැහැ. විවිධ සංස්කෘතික විභවතාවයක් තියෙන නිදහස් ඉන්දියාව ගොඩනඟන්නට ඔහුට තිබුණු ඉදිරිගාමී අදහස් දායක වුණා.


විශේෂයෙන් ඔහු උපත ලැබූ මහර් කුලය නිසා ආර්ථික වශයෙන් සහ සමාජ වශයෙක් වෙනස්කම්වලට ඔහු ඇතුළු ප්‍රජාවගේ පීඩා ඔහු අත්විඳිනවා. කුලයත් එක්ක ආර්ථිකය ගැට ගැහිලා තියෙන විදිහ මෙවැනි අස්පර්ශණීය කුල දුප්පතුන් බවට පත්වන ආකාරය ඔහු නිරීක්ෂණය කරනවා. ඒ පිළිබඳව කතා කරනවා. ලියනවා.

දලිත් කියන්නේ හින්දු ආගමේ අස්පර්ශනීය කුලයට අයත්වන ප්‍රජාවක්. පීඩා විඳින සුවසහසක් දාලිත්වරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔවුන්ව ස්වාධීන කිරීමටත් බලගැන්වීම සඳහා බුද්ධිමය දායකත්වයක් ලබා දුන් නායකයෙක් ලෙස ඔහුව පිළිගන්නවා. පෞද්ගලිකව අත්විඳින්නට වන පීඩාව වගේම හින්දු ආගමෙන් ප්‍රචලිත කර තිබු මෙම සමාජ ව්‍යවසනය මුලිනුපාට දැමීමට ඔහුත් ඔහුගේ අනුගාමිකයෝත් සමඟ නාග්පුර්වලදී බුද්ධාගම වැළද ගන්නවා. එය අම්බෙක්කාර් බුදුදහම අදහන අය ලෙස අදටත් නම් කරනවා.

අම්බෙක්කාර්ගේ මෙම ප්‍රවේශය මඟින් හින්දු ආගමෙන් එන කුල පීඩනය නිසා මිනිසුන්ගේ ජීවිතය අර්ථයක් දෙන්නේ නැහැ කියන සිතුවිල්ල අස්පර්ශණීය කුල නියෝජනය කරන පිරිස් තුළ ප්‍රශ්න කරන්නට පටන් ගන්නවා. එක පැත්තකින් සමාජ ස්ථාරයනය එහෙමත් නැත්නම් සමාජය සකස්වෙලා තියෙන ව්‍යුහය ප්‍රශ්න කරන්නට ආන්තීක ජන කොටස් හුරු කරනවා. ඒ සඳහා අධ්‍යාපනය දෙනවා. සමාජයේ ස්ථීරසාර වෙනසක් සඳහා සමාජය බලමුළු ගන්වනවා.


ambedkar lead

 සමාජය තුළ මුල්බැසගෙන තිබූ අධිපති මානසිකත්වයක් වෙනස් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. බොහෝ දලිත්වරුන්ට පවා ඔවුන්ට පරම්පරාවෙන් ඇවිල්ලා තියෙන්නේ අපි පාද වලින් ඉපදුණු අය කියන සිතුවිල්ල. මේ මනෝභාවය තුළ ඔවුන් ජීවත් වෙනවා ඉහළ කුල වල අයගේ පීඩාවන් උපතේ සිට මිය යනතුරා ලක්වෙනවා. නමුත් ඔහුගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුවිශේෂි වෙන්නේ පවතින සමාජ සම්මුතීන් බිඳ දමා සෑම පුද්ගලයෙකුගේම ගෞරුත්වය සහ වටිනාකමට අවස්ථාවක් ලබා දීම නිසායි. අධ්‍යාපනයට රැකියා අවස්ථාවන් වලට සෑම පුද්ගලයෙකුටම ලඟා විය හැකි ලෙස ගොඩනඟා තිබු සමාන අයිතිවාසිකම් ලැබෙන ලියවිල්ලක් ලෙසයි.


අම්බෙක්කාර්ගේ ඉන්දියාවට ලැබූ දායකත්වය වැදගත් වෙන්නේ, බුද්ධාගමෙන් මතුකරන හර පද්ධතිය ප්‍රායෝගික භාවිතයට හුරු කිරීම සහ නීතිමය වශයෙන් වශයෙන් ඇති කල රාමුව මඟින් ලබාදෙන ආලෝකයයි.

හින්දු පුවත් පත (2023.04.14) වාර්තා කරන පරිදි , සඟරා ගණනාවක් ප්‍රකාශයට පත් කිරීම සහ දාලිත්වරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ සිට ඉන්දීය ප්‍රාන්තය පිහිටුවීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දීම, ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම, ඉන්දියානු සංචිත බැංකුවේ (RBI) පදනම ලෙස ක්‍රියා කළ අදහස් ලබා දීම සහ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීම දක්වා ද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීමේ දී ආචාර්ය බීආර් අම්බෙඩ්කාර් සිය ජීවිතයේ වැඩි කාලයක් කැප කළේ පීඩිතයන් සඳහා බලගැන්වීමට සහ ප්‍රකාශ කිරීමට ය.

thumb 1 scaled

ඇත්තටම සමාජ වැඩකරුවන් විදිහට අපි අම්බෙක්කාර් දර්ශනය සමඟ එකඟ වන්නේ ඇයි? සමාජ වැඩ කියන විෂයේ නිර්චවනය ගත්තොත් එම නිර්වචනයේ තිබෙන, පවතින සමාජ ව්‍යුහයන්ට අභියෝග කරමින් ආන්තීකරණයට ලක් වූ ප්‍රජාවන් බලගැන්වීම. සමානාත්මතාවය සහ සංහිඳියාව. ඔවුන් ස්වාධීන කිරීම. ඔවුන්ගේ මනෝ සමාජීය යහපැවැත්ම වෙනුවෙන් වැඩකිරීම කියන සියල්ලම ඔහුගේ දර්ශනය තුළ ඇතුළත් වෙනවා.

අම්බෙක්කාර් සඳහන් කරනවා "මම කැමතියි නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය උගන්වන ආගමට." සමාජ වැඩ ගොඩනැගිලා තියෙන්නේ විවිධ ආගම් වලින් පෝෂණය වෙමින් එහි සදාචාරාත්මක කොටස් සැමට ගැළපෙන පරිදි උකහාගෙනයි. විෂයේ ඇති විද්‍යාත්මකභාවයට අමතරව වටිනාකම් සහ ආචාර ධර්ම පද්ධතියට ලැබෙන වැදගත්කම ඒ සමානව වැදගත් වෙනවා. සමාජ වැඩ වලින් ද උගන්වන්නේ නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය. ඒ නිසා සමාජ ප්‍රතිසංස්කරණවාදීයෙක් ලෙස ඔහුගේ දර්ශනය සමාජ වැඩ වලට සමපාතයි.

Ambedkar Dalit 2023.4.15

 ඔහු පැහැදිලිව සඳහන් කරනවා ශ්‍රේෂ්ඨ මිනිසෙක් සහ කීර්තිමත් මිනිසෙක් අතර වෙනස. මනුස්සයෙක් ධනයෙන් බලයෙන් සමහර විට දැනුමෙන් ලබා ගන්න කීර්තිය ඔහුව හෝ ඇයව ශ්‍රේෂ්ඨ මිනිසෙකු බවට පත් නොකරයි. ඒ සමාජයට සේවය කරන්නට ඔහුට තිබෙන සුදානමක් නැත්නම් පුද්ගල කීර්තිය නිෂ්ළුල දෙයක්. ඒ කැමැත්ත ලේසියෙන් ඇති වෙන්නේ නෑ. ඒ සඳහා බලපාන්නට තව සාධක බලපානවා. සැබෑ අධ්‍යාපනයේ අරමුණත් අපි කොච්චර සුදානම් ද අනෙකා වෙනුවෙන් සේවය කරන්න කියන එකම තමායි.

 
අම්බෙක්කාර් ස්ත්‍රීපුරුෂ සමාජභාවය, කාන්තාවන් බලගැන්වීම සඳහා ඔහුගේ දායකත්වය ගැන කතා කරනවා. ඇත්තටම ඔහුගේ විශ්ෂ්ඨ වැකියක් තියනවා. “මම ප්‍රජාවක ප්‍රගතිය මනින්නේ එම ප්‍රජාවගේ කාන්තාවන්ගේ ප්‍රගතිය මඟින් කියලා”.  ඉන්දියාව නූතන ඉන්දියාවක් කරන්න  ඔහු සිදුකළ දායකත්වය අතර කාන්තාවන්ට තිබූ දේවදාසී ක්‍රමය අහෝසි කිරීම.

ආන්තීක කොටස් සඳහා විශේෂ නීති හඳුන්වා දීම නිසා කාන්තාවන්ටත් අධ්‍යාපනයට රැකියාවලට යෑමට අවශ්‍ය පරිසරයක් ගොඩනැගීම මෙහිදි සාකච්ඡා කළ හැකියි. ආන්තීක කොටස්වල ආත්ම අභිමානය හෘද සාක්ෂිය අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය ඇති කරන්නට සිදුකළ දායකත්වය පහසුවෙන් කළ හැක්කක් ද නොවේ. ආන්තික කොටස් සඳහා සමාජ සුබසාධන නීති හැදීන්වීම මේ අතර වෙනවා.



Gandhi 20231

 එක් පැත්තකින් ගාන්ධි ආන්තික කොටස් වන දුප්පතුන් ළමයි කාන්තාවන්ගේ උනන්තිය වෙනුවෙන් වැඩ කරද්දි එහි නීත්‍යානුකූල පදනම රැගෙන ආවේ අම්බෙක්කාර් විසිනි. “සැමට යුක්තිය යන නීතිමය පදනම මඟින් කුලය අධිපති මානසිකත්වයක් ගොඩනඟා තිබූ සමාජයට “, අනෙකාව පිළිගැනීම සඳහා සිත දියුණු කිරීම යන යෝජනාව ගෙන ලද්දේ අම්බෙක්කාර් විසිනි. "සිත දියුණු කිරීම මිනිසාගේ පැවැත්මේ අවසාන අරමුණ විය යුතුයි යන දියුණු අදහස සඳහන් කරමිනි."


සමාජ වැඩකරුවන් වන අපිට, ඔහු‌ගෙන් උගත ගත හැකි පාඩම් බොහොමයක්ය. සමාජ ප්‍රතිසංස්කරණවාදියෙකු ලෙස අයිතිවාසිකම් මූලික කරගත් ප්‍රවේශය අනුගමනය කිරීම. සමාජයේ පිළිල බවට පත් වී ඇති බොහෝ සමාජ ගැටලුවලට ව්‍යවස්ථානූකූල උත්සාහයන් මඟින්  ඹෟෂධ ප්‍රතිකාර ලබා දීමයි. ආන්තික ජන කොටස් වල සුබසාධනය මෙන්ම ඔවුන්ගේ ස්වාධීන චින්තනය ඉහළ නැංවීම සඳහාද ඔහුගෙන් ලැබුණු දායකත්වය ප්‍රබලයි.

ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවලට ගොස් ඔවුන්ගේ ජන ජීවිතය පිළිබඳව ඇති ප්‍රායෝගික අත්දැකීම් ලද මා වැන්නෙකුට සනාථ වන්නේම ඔවුන් ඉන්දියානුවන් ලෙස ගැට ගසන ලද මනෝවිද්‍යාත්මක බැඳීම ගොඩනැඟී ඇත්තේ ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා බවයි. ආචාර්ය අම්බෙක්කාර් වැන්නන් පිදිය යුත්තේ එබැවිනි.

ලංකාවේ බොහෝ ප්‍රශ්නවලට මුල බෞද්ධාගමේ මූලික සංකල්ප අවබෝධ කර නොගැනීමයි. ලංකාව සැබවින්ම ගොඩනගන්නට නම් නිදහස් මනසක් ඇති ශ්‍රී ලාංකියන් වඩ වඩා බිහිවිය යුතුයි. අම්බෙක්කාර්ගේ වැකියකින්ම අවසන් කරනවා නම්, "සිතෙහි නිදහස සැබෑ නිදහසයි."

අපිටත් අවුරුදු සැමරිය හැක්කේ සිතෙහි නිදහස අර්ථපුර්ණ වූ විටයි. මිනිස් ජීවිතය ශ්‍රේෂ්ඨත්වයට පත් කර ගන්නා පාඩම ආචාර්ය අම්බෙක්කාර්ගෙන් ඉගෙන ගමු.

Chandima Jayasena

 

 

 

 


(චන්දිමා ජයසේන)
Social Work Educator and Social Worker
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2023.04.14

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්