1200 x 80 DMirror

ගුණරත්න කොට කළාම ගුණේ ය.



ගුණේට ගුණේ අයියා කියාද සමහරු අමතති.

එසේ අමතන්නේ ගුණේ වයසින් වැඩිමහල් නිසාද නැතිනම් නිහාල් නෙල්සන් ගේ ගුණේ අයියගේ කාමරේ සිංදුව නිසාදැයි කියන්න දන්නේ නැත.

ගුණේට අසූහාරදාහට නගී.

ගුණේගේ මලපන්නා ගත්තොත් අවාසි රැසකට මුහුණපෑමට සිදුවේ.

ගුණේ හිටියේ ෆීනික්ස් එකේය.

ෆීනික්ස් උත්සව, පාටි ආදියේ නිත්‍ය ජායාරූප ශිල්පීයා ද ගුණේ ය.

ගුණේට විහිළු කර තරහා වුණොත් ඒ අවුරුද්දේ කිසිම ජායාරූපයක එසේ විහිළු කළ එකාගේ මයිල් ගහක්වත් දක්නට නොලැබේ.

දිනක් ෆීනික්ස් එකට සපත්තු වෙළෙන්දෙක් පැමිණියේය.

සපත්තු ගැනීමට ගිය පිරිස අතරේ ගුණේ ද ඉදිරියෙන්ම විය.

" උඹට මොකටද සපත්තු දෙකක් ...? එකක් ඇතිනේ...!"

එසේ ඇසුවේ දයාන් කොට්ටච්චිය.

" අනිත් කකුළට දාන්නෙ උඹේ...."

ගුණේ විමසීය.

Smart Shoes Teaser

" උඹට දැන් වල පයයි ගොඩ පයයි නේ...
ගොඩ පයට විතරක් සපත්තුවක් තිබ්බාම මදැයි..."

දයන් හිනීයට කියා දැම්මේය.

ඒ අවුරුද්දේ කිසිම ජායාරූපයක දයාන් ගේ හෙවනැල්ලක් වත් වැටී තිබුනේ නැත.

ගුණේට මල පැනපු දිනයක ලබ්බ තමයි කියමින් එක දිගට බනින්න විය.

එදා පටන් ඔහු ' ලබු ගුණේ ' විය.

කාලයක් ගත විය.

ලබු වෙනුවෙන් L එකත්, ගුණේ යන්නෙන් G එකත් ගෙන ලබු ගුණේ LG යනුවෙන් මොඩ් කරනු ලැබීය.

එපමණක් නොව ගුණේ LG ඒජන්සියක් කරන බවත් ෆීනික්ස් සාමාජිකයන්ට 60% ඩිස්කවුන්ට් එකට LG බඩු ලබා ගතහැකි බවත් ප්‍රචාරය කරනු ලැබීය.

ෆීනික්ස් පමණක් නොව එවකට තිබූ ඔගිල්වි රූරල් සාමාජිකයන් පවා ගුණේ ගෙන් LG බඩු ඉල්ලා ගෙන පැමිණෙන්නට විය.

මෙය ගුණේට මළම වාතයක් විය.

ඉන්පසු ඔහු ලබ්බ තමයි කියා බැන වදිනු වැඩිපුර ඇසුනේ නැත.

ගුණේම  පසුව පැවසූ පරිදි අර්වින් වීරක්කොඩි හැරෙන්නට මුළු ෆීනික්ස් එකම LG බඩු ඉල්ලා ගෙන පැමිණ ඇත.

කෙසේ වෙතත් ඒ අවුරුද්දේ මගේ ජායාරූප ෆීනික්ස් ඇල්බම්වල තිබුනේ නැත.


(ඇඩ්ඩා විසින් ලියන ලදි.)


ඇඩ්වර්ටයිසිං ලෝකය වෙනත් ලිපි :

ඇඩ්වර්ටයිසිං ලෝකය (1) : කන්දප්පාට කුණුහරුප වරුසාවක්!


 

JW


WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය