''ඇත්ත නම් අප සියල්ලෝම හදවතක් නැති මහා ආර්ථීක පද්ධතියකට හසුවී ඇති බවය.'' - වුඩ්රෝ විල්සන්


කතාව ඇත්ත. 'වුඩ්රෝ විල්සන්'ගේ ඒ ප්‍රකාශයට අනුව අපි වගේ පුංචි රටවල් මහා බලවතුන්ගේ මහා ආර්ථීක කෙමනට අහුවෙලා ඉවරයි. බලවතා විසින් දුබලයා ගිලගෙන ගොදුරු කර ගන්නා ලෝකයක ලංකාව වගේ පුංචි රටක් මහ බලවතුන්ගේ ආර්ථීක උගුල්වලට ගොදුරක් වෙන එක පුදුමයක් නෙමෙයි.



ඔබ අන්ත අසරණ වෙලා ඉන්න වෙලාවක ගෙදරට එන සල්ලිකාර යාලූවෙක් බලන්නේ ගේ ඇතුල වටිනා කියන දේවල් මොනවද තියෙන්නේ කියලා. ඉතිං ඔබට උදව් කරන නාමයෙන් ඒ වටිනා කියන දේවල් ඒ යාලූවා අයිතිකර ගන්න එක වළක්වන්න බැහැ.



පසුගියදා විමල්ගෙ ''9 සැ`ගවුනු කතාව'' පොත පිටවුනා. විමල්ගෙ කතාව ඇතුලේ ඇත්ත වගේම නැත්තක් තියෙනවා. විමල් ඉන්දියාව සහ ඇමරිකාව ගැන කියපු දේවල් ගැන ඒ රටවල් දෙකම කනස්සල්ල නොසතුට ප්‍රකාශ කරලා තියෙනවා.

dfgsdg

මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙයි. ඉන්දියාව ඇමරිකාව,  චීනය වගේ රටවල් අපිට උදව් කරන්නෙ ඒ න්‍යායට අනුව බව අපේ රටේ නායකයො වුනත් දන්නවා.



රෝහණ විජේවීර හැත්තැව දශකයේදී තමන්ගේ කාඩරය දැනුම්වත් කරන්න කරපු පංති පහෙන් පළමුවැනි පන්තිය තමයි 'ඉන්දියානු ව්‍යාප්තවාදය'. එදාට වඩා අද ඒ ඉගැන්වීමේ ඇත්ත සනාථ වෙන කරුණු කාරණා බොහොමයක්ම අද එළිපිටම සිද්ද වෙනවා. ඉන්දියාවට අපේ රටේ පිහිටීම වැදගත් වෙනවා වගේම බටහිර රටවල් වලටත් ඒ වගේම අපේ රට වටිනා මර්ම ස්ථානයක් විශේෂයෙන්ම ඇමරිකාවට.

45456ghfg

මහින්ද රාජපක්ෂ මහත්තයට අනුව ඉන්දියාව අපේ 'ලොකු අයියා'. ඒත් ඉන්දියාව ඊටත් එහා ගිහින් රඟන්නේ 'තාත්තාගෙ භූමිකාව'. බලවත් කිසිම රටක් පුංචි රටකට හැදෙන්න දෙන්නෙ නැත්තෙ හැදුනොත් තමන්ට ඕන ඕන විදියට නටන්න බැරි හින්දා.

ඔය මහබලවත් රටවල් අපට ණය දෙන්නෙ ආදරයට එහෙම නෙමෙයි. ගිනිපොලිකාරයෙක් වුනත් පොලියට දෙන්නෙ පොලියට ගන්න මනුස්සයාට හැමදාම පොලියට ගැනිල්ලා පුරුදු කරවන්න. ඒක හරියට 'අබිං' කෑවා වගේ වැඩක්. අබිං කන එකා වගේම තමයි කුඩු ගැහුව එකත්. කුඩු නැති වුනොත් මර උණ හැදෙනවා.


අපිත් දැන් කවදාවත් ගොඩ එන්න බැරි විදියට ඉන්දියාවේ, චීනෙ, ඇමරිකාවේ ආර්ථීක උගුල්වලට නතුවෙලා ඉවරයි. මෙරට ඇතුලේ කවදාවත් ඉන්දියාවට, එරෙහි වන කිසිම දේශපාලන නායකයෙකුට කිසිම දේශපාලන පක්ෂයකට බලයේ ඉන්න ඉඩදිලා නැහැ වගේම බලයට එන්න ඉඩදීලත් නැහැ.

 

අපිට කවදාවත් අපේම දේශිය ආර්ථීකයක් හදා ගන්න කාර්මික නිෂ්පාදන ආර්ථීකයක් හදා ගන්න ඉඩදීලත් නැහැ.

අපිට කවදාවත් අපේම දේශිය ආර්ථීකයක් හදා ගන්න කාර්මික නිෂ්පාදන ආර්ථීකයක් හදා ගන්න ඉඩදීලත් නැහැ. ඉඩ දෙන්නෙත් නැහැ.

sirima neru

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දේශිය නිෂ්පාදන ආර්ථීකයක් හදන්න පටන් ගත්තම ඒකට අංචි ඇදලා ඇයව ගෙදර යැවුවත් මහින්ද කියන ලොකු අයියමයි. අපට බොක්කෙන්ම උදව් කරපු සෝඩියට් රුසියානු සමුහාණඩුව අපට වානේ කම්හල දුන්නා වානේ හදන්න, ටයර් කම්හල දුන්නා ටයර් හදන්න, ඒ කාලේ CTB  එකේ දිව්වේ 'ටාටා'බස් නෙමෙයි 'ඛෙන්ස්' බස්. චීනෙත් එක්ක ගහපු රබර් සහල් ගිවිසුමට අනුව අපි රබර් දුන්නම චීනෙ අපට සහල් දුන්නා.

xfgret64

xfdgrtr4

එදා ඉන්දියාව හිටියේ ඇමරිකාවත් එක්ක නෙමෙයි. නේරුලගෙ කාලෙ ඉන්දියාව හිටියේ රුසියාව එක්ක. පස්සේ ඉන්දියාව රුසියාවත් එක්ක දික්කසාද වෙලා ඇමරිකාව සහේට ගත්තා. දැන් ඉන්දියාවෙ 'රෝ' එකයි ඇමරිකාවේ 'සී අයි ඒ' එකයි මිත්‍රශිලියි.


ඉන්දියාව අපේ රටේ මොනම දේ ගත්තත් ඇමරිකාවට කමක් නැහැ චීනය ගන්නෙ නැතුව. මොකද චීනේ ඉන්නේ රුසියාව එක්ක. රුසියාව යුක්‍රේනයට ගහන්නෙ ඇමරිකාවට රිදෙන්න. ඉතින් චීනයත් එක්ක ඇමරිකාව තියෙන විරසකයට අනුව ඇමරිකාව ඉන්නේ ඉන්දියාවත් එක්ක. ඒ හින්දා තමයි 'මෝදිලා' 'ගාන්ධි'ලාට ඔලූව උස්සන්න දෙන්නෙත් නැත්තේ.

fgdgdf44

මේ ලිපියෙන් වීරවංශ කියපු දේවල් පුනරුච්ඡාරණය කරන්න අදහසක් නැහැ.

ඒත් ඉන්දියාවයි, චීනෙයි තරඟෙට අපේ භෞතික සම්පත් අයිති කරගන්න හදනකොට ඇමරිකාවත් ඉන්දියාවට සපෝට් එක දෙන්නේ ඇමරිකාව ඉන්දියාවේ ගජයා හන්දා. අද අපේ රටේ ආණ්ඩු හදන්නෙත් පෙරළන්නෙත් 'රෝ එකයි, සී අයි ඒ එකයි කියන ඒක ඇත්ත.


එල් ටී.ටී.ඊ. එකත් ඉන්දියාවෙයි ඇමරිකාවෙයි සමනිෂ්පාදනයක්. පසුගිය ගෝල්ෆේස් අරගලේ පිටිපස්සේ හිටියෙත් මේ අයම තමයි. ලංකාව බංකොලොත් කරවලා ආධාර කරන මුවාවෙන් හැම භෞතික සම්පතක්ම කොල්ල කන්න පටන් ගත්තේ මේගොල්ලොම තමයි.



චීනය එක්ක මහින්ද අරඹපු නව ගමන ආරම්භ කරලා ශ්‍රී ලංකාවේ ආර්ථීක වර්ධන වේගය 6.8 කට ළං වෙනකොට මහින්දට ගෙදර යන්න පාර හැදුවෙත් මහින්ද කියන විදියට ලොකු අයියම තමයි.

fgdsgdsg

අදානිට අද වරායේ කොටසක් තියෙනවා තව පුනර්ජනනීය බලශක්ති බලාගාර හැදීමේ කොන්ත්‍රාත්තුවක් දීලා තියෙන්නේ අදානිටයි.

මේ යන විදියට ඉන්දියාවට එරෙහි වන පාලකයෙක් අපේ රටේ බිහිවුනොත් එහෙම ඉන්දියාව අදීන්නේ 'රාමා'ගේ කැරැට්ටුවට. ලංකාවේ රාවණලාට ඉන්දියාවේ රාමාලා ඉඩ දෙයිද?

ඒ අතින් බලපුවාම රෝහණ විජේවීර හරි ඉන්දියානු ව්‍යාප්තවාදයත් හරි.


mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්