මේ සංඛ්‍යා නම් අතිශය බියකරුය.

 

හිතන්න පුළුවන්ද එක අවුරුද්දක අවුරුදු 16 ට අඩු බාල වයස්කාර දැරිවියන් 56,783 ක් දූෂණය කරන රටක්?

ළමා හිංසන 90,400 ක්? මේ ලැබුණු පැමිණිලි සංඛ්‍යා පමණයි. බොහෝ දූෂණ, අතවර, අපයෝජන පැමිණිළි කෙරෙන්නේ නැහැ. තව තවත් කරදර ඇතිවෙයි, බාල්දුවට ලක්වෙයි කියන බයට.

මේ සංඛ්‍යා කියන්නේ ශිෂ්ට, ශීලාචාර සමාජයක කතාවක් නෙවෙයි.

මේ ගැන ළමා ආරක්ෂක අධිකාරය පියවර ගනු ඇතැයි සිතීමත් විහිළුවක්. නමුත් කාන්තා සංවිධාන, ළමා අයිතීන් සුරැකීමේ සංවිධාන, මානව හිමිකම් සංවිධාන, ගුරු සංගම්, මාධ්‍ය හා මාධ්‍යවේදීන් නිසි අවධානයක් යොමු නොකිරීමත් බරපතල ප්‍රශ්නයක්.

එළෙස නිහැඬියා තිබුණත් මේ ශ්‍රී ලංකාව ශිෂ්ට, ශීලාචාර දේශයක් ලෙස නැවත දකින්නට කැමැත්තක් ඇත්නම්, මේවා පුළුල් සමාජ කතිකාවකට ගැනීම අනිවාර්ය කාර්යක්.

මේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කළ “බරපතල අපරාධ සංක්ෂිප්ත ප්‍රකාශනය - 2019 වසර” වාර්තාවෙන් උපුටා ගත් සංඛ්‍යාවන්ය. (එය 2021 මැයි මස දක්වා පොලිස් වෙබ් අඩවියේ තිබිණ)

වයස අවු. 16 ට වැඩි ස්ත්‍රීන් දූෂණය - 1,674

වින්දිතයාගේ කැමැත්තෙන් තොර (වයස අවු. 16 ට අඩු) නෛතිකව සැළකෙන ස්ත්‍රී දූෂණ - 56,783

වින්දිතයාගේ කැමැත්ත ඇතිව වූවත් (වයස අවු. 16 ට අඩු) නෛතිකව සැළකෙන ස්ත්‍රී දූෂණ - 10,765

(බාල වයස්කාර දැරිවියන් ලිංගිකව සේවනය කිරීමේදී ඔවුන්ගේ කැමැත්ත නෛතිකව වලංගු නැත)

ලිංගික ළමා අපචාර - 256

ළමා හිංසන - 90,400

අස්වාභාවික අපරාධ/බරපතල ලිංගික අපයෝජන - 8,921

kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image