සාමාන්‍ය සමාජයේදී උගත් බුද්ධිමත් යැයි ආදී වශයෙන් මිනිසුන් වර්ග කිරීමක් දකින්නට ලැබේ.

උගත්කම ඉගෙන ගැනීම සම්බන්ධ සහතික පත්‍ර මත තීරණය කළ හැකි නමුදු බුද්ධිමත්කම ගැන එහෙම කිව නොහැක. එය මනින්න නිර්ණායකයක් නැත. උගතුන් බුද්ධිමත් යැයි කිව නොහැකි මෙන්ම නූගතුන් බුද්ධිමතුන් නොවෙතැයිද කිව නොහැක.

කොහොම නමුත් මේ මිනිස් බුද්ධිය යනු කුමක්දැයි තවමත් සොයා නොගත් අභිරහසක් යැයි කීවාට වැරදි නැත. මිනිසාට බුද්ධිමත්භාවය ලැබෙන්නේ කෙසේදැයි නිශ්චිත සොයා ගැනීමක් ද තවම නැත. බුද්ධිය ලැබෙතැයි කියන ඉන්ද්‍රියයක් හෝ ජානයක් හෝ ගැන පිළිගත හැකි අදහසක් නැත. ඒ ගැන එකඟතාවයකට පැමිණීමට තරම් ප්‍රවාදයක් හෝ නැතිතැන කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) ගැනද දැන් දශක ගණනාවත් තිස්සේ මිනිස්සු කතා කරමින් සිටී.

zdfsfge

කොහොම නමුත් මිනිස් බුද්ධිය ගැන කෙරෙන පර්යේෂණවලත් තාක්ෂණික ලෝකයේ කෙරෙන පර්යේෂණවලත් දායකත්වයෙන් මේ වන විට මිනිස් පරිණාමයේ සිව්වෙනි යුගයට මිනිසා ඇතුලු‍වන්නේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ කළ සොයාගැනීම් සමඟය. මිනිස් ඉතිහාසයේ තාක්ෂණික විප්ලව හතරක් ගැන කියවෙයි. පළමුව මිනිසා ගින්දර සොයාගැනීම සමඟ වූ පෙරළියය. දෙවනුව ගොවිතැන සහ රෝදය සොයාගැනීමත් සමඟ මිනිස් ප්‍රජාව යළි ඉදිරියට ලොකු පිම්මක් පැන ගත්තේය. තෙවනුව ලේඛන කලාව නැතිනම් විධිමත් භාෂාවක් සකසා ගෙන සන්නිවේදනයේ යෙදීම මඟින් තවත් වේගවත් පිම්මක ඉදිරියට පැන ගන්නා ලදී. සිව්වෙනි තාක්ෂණික විප්ලවය ලෙස සැලකෙන්නේ මේ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ සොයාගැනීම්ය.

කෘත්‍රිම බුද්ධිය ගැන මෙරට ප්‍රජාව තුළ යම් කතා බහකට එකතු වූයේ පසුගිය ජනාධිපතිවරණ සමයේදීය. එය මෙරට සංවර්ධනය ඉලක්ක කරගෙන භාවිත කරන බවට මැතිවරණ පොරොන්දු පත්‍රවල සඳහන්වීම එයට හේතු විය. එහෙත් මෙම කෘත්‍රිම බුද්ධිය යනු කුමක්දැයි ඒ පොරොන්දු ඉදිරිපත් කළ පාර්ශ්වවලටද ඒ හැටි අවබෝධයක් තිබුණාදැයි සැක සහිතය. මන්ද ඒ වන විට ඒ ගැන වූ සාකච්ඡාවල දී රටේ ලෝකයේ නැති ප්‍රබන්ධ දිග හැරෙමින් තිබූ නිසාය. එසේම මේ ගැන වන දැනුම තවමත් සංවර්ධනය වෙමින් තිබෙන්නෙකි.

GPT

කොහොම නමුත් මේ වන විට යළි කෘත්‍රිම බුද්ධිය ගැන යම් කතාබහක් ඇතිව තිබේ. ඒ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ කළ පර්යේෂණවල ප්‍රතිපල ලෙස Generative Pre trained Transformer - GPT තාක්ෂණික ක්‍රියාකාරිත්වය මඟින් සිදු කෙරෙන විවිධ සංනිවේදන ක්‍රියාකාරකම් ලොව පුරා ජනප්‍රිය වෙන්නට පටන් ගැනීම නිසාය. එහි පරියේෂණ අවදි කිහිපයක් පසු කරමින් මේ වන විට Chat GPT4 නමින් එය පෙරළියක් කරමින් තිබේ.

වෙනදා සංනිවේදන කටයුතුවලට අදාලව, තොරතුරු ගවේෂණයට, ඉගෙනුමට, නිශ්පාදන කර්මාන්තයන්ට, වෛද්‍ය විද්‍යාවට, ඉංජිනේරු කටයුතු, විද්‍යාත්මක පර්යේෂණවලට, කර්මාන්තයන්ට ආදී වශයෙන් බොහෝ ක්ෂේත්‍ර ගණනාවක ගැටලු‍ නිරාකරණයට, කාර්යක්ෂමතාවයට මිනිසා සිය මානසික ශ්‍රමය වගුරුවමින් කළ කී බොහෝ දේවල් මෙම කෘත්‍රිම බුද්ධි මෙවලම් හරහා අධිවේගී ක්‍රියාකාරිත්වයක් රැගෙන ඒමට හැකිව තිබේ. අද බොහෝ දෙනා අතැති ස්මාර්ට් ජංගම දුරකතනය ද මෙම කෘත්‍රිම බුද්ධියේ සොයාගැනීම් සමඟ ක්‍රියාත්මක මෙවලමකි.

කෙසේ නමුත් මේ තාක්ෂණික විප්ලවය අද ඊයෙක ආරම්භ වූවක් නොවේ. මෙහි මුලිකම අවස්ථාව පරිගණකයේ සොයාගැනීම දක්වා වන කාලයට දිවයයි. 50 දශකයේදි කෘත්‍රිම බුද්ධිය පිළිබඳ මුලික සිද්ධාන්ත සකස්වුණු අතර අද වන විට මෙම සිද්ධාන්ත වර්ධනය කිරීමත් කෘත්‍රිම බුද්ධියට බාර දීමට හැකි තරමට මෙය සංවර්ධනය වී ඇත. නමුත් විප්ලවය තවම අවසන් නැත, තවම එහි ප්‍රථමික අවධිය පසු කළා පමණක් යැයි කීවත් වැරදි නැත.

කෘත්‍රිම බුද්ධිය යන පොදු නාමයෙන් හැඳින්වෙන පර්යේෂණ කාණ්ඩ ගණනාවක් දියත්ව තිබේ. කොහොම නමුත් මෙම පර්යේෂණවල අරමුණ මිනිස් බුද්ධිය හා සමාන ක්‍රියාකාරිත්වයක් ඇති කෘත්‍රිම යාන්ත්‍රණයක් ගොඩනඟාගැනීමය. හිතල මතල තීන්දු තීරණ ගත හැකි කෘත්‍රිම යන්ත්‍රණයක් බිහි කිරීමය. තවමත් කෘත්‍රිම බුද්ධිය ඇත්තේ යම් යම් කාර්යයන්වලදී මිනිස් බුද්ධියට වඩා කාර්යක්ෂම පරිගණක වැඩසටහනක් ලෙසය.

xdfsg

Narrow AI, General AI, Super AI, Deep Learning ආදී ලෙස මෙම පද්ධති වර්ග ගණනාවක් අද මිනිස් බුද්ධියට ආසන්න ප්‍රතිපල ළඟා කරගෙන ද තිබේ. සාමාන්‍යයෙන් මිනිසෙක් කටයුතු කරන්නේ නැතිනම් හැඟීම දැනීම්වලට ප්‍රතිචාර දැක්වීමේ පදනම වන්නේ පෙර ගොඩනැගී තිබු දැනුමය. උපතේ පටන් ලබන අත්දැකීම් අනුසාරයෙන් ගොඩනගා ගන්නා දැනුම අනුව දේවල් තේරුම් ගැනීමත් ඒවාට ප්‍රතිචාර දැක්වීමත් සිදු කරයි. නැවත නැවත ඒ සියලු‍ අත්දැකීම් මිනිසාව දැනුමෙන් පෝෂණය කරයි. කෘත්‍රිම බුද්ධියේත් පදනම එයය. එයට මිනිසා ලබාදෙන දත්ත මඟින් එය පුහුණු කිරීමකට ලක් කර ඒ අනුව තීන්දු ගෙන වැඩට යෙදවීම සිදු කරයි. ස්වයංක්‍රීය මෝටර් රථ ආදිය බිහි වන්නේ ඒ අනුවය. එහි ඊළඟ පියවර වනු ඇත්තේ පවතින තත්වයන් තේරුම් ගෙන දත්ත රැස්කරගෙන තනිවම සිතා තීන්දු ගත හැකි යන්ත්‍රණයක් නිර්මාණය කිරීමය. එය මිනිසුන්ගේ හැඟීම්, විශ්වාසයන් සහ අවශ්‍යතා තේරුම් ගැනීමට සමත් වෙනු ඇත.

එතැනිනුත් එහාට මිනිස් බුද්ධිය අභිබවා ගොස් මිනිසාට වඩා කාර්යක්ෂම, වේගවත් සහ නිවැරදිව ක්‍රියාත්මකවීමේ යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම සිදුවෙනු ඇත. මේ කෘත්‍රිම බුද්ධිය ගැන පරිකල්පිත දේ පෙරදැරි කරගෙන බොහෝ විද්‍යා ප්‍රබන්ධ, කත්නදර, චිත්‍රපට විශාල සංඛ්‍යාවක් බිහි තිබේ. ඉතා ජනප්‍රිය ටර්මිනේටර් චිත්‍රපටය තුළින් කියවෙන්නේ මිනිස් පාලනයෙන් තොරව තනිව සිතා කටයුතු කරන රොබෝවරයකු ගැනය. කෘත්‍රිම බුද්ධියේ ඇති අනතුරුදායක බව ගැනද මෙම චිත්‍රපටය පෙන්වා දෙයි.

මේ අනුව කෘත්‍රිම බුද්ධියේ පර්යේෂණ මේ වන විට ලබාගෙන තිබෙන ජයග්‍රහණ මේ මිනිසාගේ පැවැත්මට කවර බලපෑමක් ඇති කරනු ඇතිදැයි සාකච්ඡාවක් දැන් ආරම්භ වී ඇත.

xcfgrt

විශේෂයෙන්ම මෙම තාක්ෂණය අවභාවිත කරමින් කවර විනාශකාරී තත්වයක් ඇති වෙනුදැයි සාධාරණ බියක් ඇතිවීම අද ලෝකයේ ප්‍රබලම රටවලට මුහුණ දීමට සිදුව ඇති තත්වයකි. පසුගිය සතියේ අමරිකාවේ උප ජනාධිපති කමලා හැරිස් එරට ආරක්ෂක ප්‍රධානින්, ප්‍රතිපත්ති සම්පාදකයන්, ඇතුළු තොරතුරු තාක්ෂණික ව්‍යාපාරික දැවැන්තයන්, ්ෂ පර්ය්ෂණ සමාගම් ප්‍රධානින් සියලු‍ම දෙනාම පාහේ කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණි. එහිදී අවධාරණය කර තිබුණේ මිනිසාගේ ආරක්ෂාව සහතික කිරීම විය යුතු බවය. නමුත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණවලට අරමුදල් සැපයීම සහ මෙම තාක්ෂණය රාජ්‍යයේ කටයුතු වෙනුවෙන් යොදාගැනීම සම්බන්ධ ප්‍රතිපත්ති තීරණ කිරීම ආදිය මේ වන විටත් අමරිකානු රජය සිදුකර තිබේ. එහෙත් මේ අතර ඇතැම් රටවල් කෘත්‍රිම බුද්ධිය රට තුළට වැද්ද ගැනීම ගැන බියෙන් පසුවීම නිසා නොයෙක් තහංචිද ක්‍රියාත්මක කර ඇත.

මෙහි අනෙක් ගැටලු‍වක් ලෙස ඇත්තේ කෘත්‍රිම බුද්ධිය යොදවාගැනීම නිසා ලොව පුරා වැඩ කරන ජනතාවගෙන් මිලියන 83කට වැඩි පිරිසකට රැකියා අහිමිවීම කෙටි කාලයක් තුළ සිදුවීමේ අනතුරය. නමුත් කෘත්‍රිම බුද්ධිය නිසා නව රැකියා මිලියන 69කට වැඩි ප්‍රමාණයක් බිහි වෙනු ඇති බවට පුර්වකථනයන් ද තිබේ. ලොව පුරා සමාගම් 800කින් පමණ ලබාගත් තොරතුරු මත ලෝක ආර්ථික සංසදය මෙම පුරෝකථනය සිදුකර ඇත. එසේම පසුගිය කාලයේ එංගලන්තයේ ආයතන කිහිපයක් තුළ කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම මගින් සේවා කාර්යක්ෂමතාවය ගැන කළ පර්යේෂණයකින් පෙන්වා දී තිබුණේ ඵලදායිතාව සියයට 35කින් තරම් ඉහළ දැමීම සිදුවන බවය. එසේම සේවා සඳහා ගත වන කාලය සියයට 14කින් පමණ අඩුවන බවය. ලෝකයේ ප්‍රබලතම තොරතුරු තාක්ෂණික ආයතන වන මයික්‍රොසොෆ්ට්, ඔපන් AI, ඇන්ත්‍රොපික් ආදී සමාගම් කෘත්‍රිම බුද්ධිය යොදවා සිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට ගෙන තිබෙන පියවරයන් අනුව මෙම තාක්ෂණික විප්ලවයේ තරම පෙනෙන්නට තිබේ. දැනට මයික්‍රොසොෆ්ට් ආයතනය කෘත්‍රිම බුද්ධිය මගින් ක්‍රියාත්මක කරන සේවා ගැන ගූගල් ආයතනය පවසන්නේ තමන්ගේ නවතම (Bard) නිමැවුම හරහා එයට වඩා 80 ගුණයකින් ඉහළ ගුණාත්මකභාවයක් පෙන්නුම් කරනු ඇති බවය.

Ai 4

මේ අනුව ඉතා වේගයෙන් මෙම තාක්ෂණය වර්ධනය වෙනු ඇත. ඒ අනුව මේ කෘත්‍රිම බුද්ධියේ යුගය මිනිසා ඉක්මවා යෑම ද නොවැලැක්විය හැකි වෙනු ඇත. ලෝකයේ එතරම්ම වේගයකින් ඉදිරියට යන අතරතුර මේ තාක්ෂණික විප්ලවයේ ජයග්‍රහණයන්ගෙන් මෙරටට ලබා ගත හැකි ප්‍රතිලාබයන් අත්පත් කරගැනීමට රටට හැකි විය යුතුය. අඩුම තරමින් රජයට, රාජ්‍ය පරිපාලනය සඳහා කෘත්‍රිම බුද්ධිය යොදාගැනීමෙන් නිරවද්‍යතාවය, වේගය සහ වියදම අඩුකරගැනීම වෙනුවෙන්වත් ක්‍රියාත්මක විය හැකිය.

මේ වෙනුවෙන් රජය පියවර ගන්නා බව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. ඒ වෙනුවෙන් මුලික කාර්යභාරයන් වෙනුවෙන් රුපියල් බිලියනයක් වෙන් කරන බවද පැවැසීය. මේ ඉදිරිගාමී පියවර රටේ අනාගත සංවර්ධනය සම්බන්ධයෙන් වැදගත්ය. ලෝකයේ නූතන තාක්ෂණික ජයග්‍රහණ වූ පරිගණකය ජංගම දුරකථන, අන්තර්ජාලය ආදී බොහෝ දේ මෙරටට ‍රැගෙන ආවේ රනිල් වික්‍රමසිංහ යුගයන්වලදී බවත් මතක් කළ යුතුය. ලෝකය සමඟ සමගාමී ගමනක් යෑම මිස රට අභිවෘද්ධියට වෙනත් පාරවල් නැති බව ඔහු හැමදාම පෙන්වා දුන් දෙයකි.

එහෙත් මේවා මෙරටට ගෙන එන විට ඊට විරුද්ධව ගොඩනැගුනු විරෝධයන් මෙන්ම යම් දේශපාලන ක්‍රියාකාරිත්වයන්ද සුබල දසුනක් විය. රුපවාහිනිය ගෙනෙන විට ජාතිය, ආගම, සංස්කෘතිය ඉවර වෙතැයි කියැවිනි, ළමා පරපුර විනාශ වෙතැයි කියැවිනි. අන්තර්ජාලය සම්බන්ධ කෙරෙන විටත් එහි ආදීනව ගැන කතා කළා මිස එහි ප්‍රතිලාබ ගැන කතා කළේ නැත. පාසල් දරුවන්ට ටැබ් ලබාදීමට ගත් පියවරට ගෙන ආ විරෝධය මෑත අත්දැකීමකි. පරමාණුක බලශක්ති ආයතනය බිහිකරන විට පරමාණු බෝම්බයක් අටවනවා වැනි මතවාද ප්‍රචාරය කෙරිනි. විකිරණවලින් රට විනාශ වෙන හැටි ගැන කතන්දර කියැවිනි.

Screenshot 2023 05 14 222707

මේවා දේශද්‍රෝහී, බටහිර අධිරාජ්‍ය ගැති කුමන්ත්‍රණ බව හඳුන්වනු ලැබු දේශපාලන ව්‍යාපාර තිබිණි. කෘත්‍රිම බුද්ධිය ගැනත් දැනටම ඊනියා දේශප්‍රේමීන් කතා කරන්න පටන් ගෙන තිබේ. කොහොම නමුත් කුමාරතුංග මුනිදාසයන් කීවේ අලු‍ත් අලු‍ත්දෑ නොතකන ජාතිය ලොව නොනගි යනුවෙනි. නමුත් එය ඊනියා දේශප්‍රේමින් තැකුවේ නැත. ලංකාවට වැරදුනේම මේ ලෝකය සමඟ සමගාමීව යායුතු මාර්ගයෙන් පිට පැන ව්‍යාජ දේශප්‍රේමී ජාතිකවාදී සළුපිළි පොරවාගෙන ගෝත්‍රික සිතුම් පැතුම් සමඟ කැළෑ පැනීම නිසාය. ඒ බුද්ධි හීනකම නිසාය. අඩුම තරමින් කෘත්‍රිම බුද්ධියට හෝ මේ නොමගගිය වුන් නිවැරදි මාර්ගයට ගත හැකි නම් එයම පමණක් මේ රටට දැවැන්ත ජයග්‍රණයක් වෙනු ඇත.

 

ජයතුංග බණ්ඩාර
Chatham Street journal 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්