මේ ෆොටෝ එකේ ඉන්නේ මෙවර තායිලන්ත මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය තනතුර සඳහා 'පෙරට යමු' (Move Forward) තරුණ ව්‍යාපාරය යටතේ තරඟවැදුණු පීටා ලිම්ජාරොනර්ට් (Pita Limjaroenrat).
මම මෙතන කතාකරන්නේ දේශපාලන දෘෂ්ටිවාද ගැනවත්, ප්‍රතිපත්ති ගැනවත් නෙවෙයි. තරුණ ජනප්‍රිය නායකයෙක් හැටියට පීටාගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩනැංවීම සඳහා බලපාල තියන එයාගේ ඇඳුම පැළඳුම ගැන.
ඒකට හේතුවුනේ අපේ ''මහ කුඹලා'' කියල කියන අජිත් පෙරේරා මහත්මයා ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයකට කොට කලිසමෙන් ගිය නිව්ස් එක දැකල.
අජිත් ඉතාම නිර්මාණශීලි, වෙනස්ම වැඩක් කරන, ලංකාවට ඩොලර් ගේන්න පුළුවන්, අතිශයින්ම වෙනස් ව්‍යාවසායකයෙක්. ඒ ගැන නෝ කතා නෝ සිනා.
එයා වගේ වෙනස් නිර්මාණශීලි අය තව තවත් මේ පොළොවට බිහිවෙන්න ඕනි. එහෙම කියන ගමන් තවත් දෙයක් මේකට එකතුකරන්න ඕනි.
මොකද විශ්ව විද්‍යාලයකට එහෙම ගිය එක ගැන ගොඩක් අය ගොඩක් දේවල් කියන නිසා සහ ඔය ''නිදහස් ඇඳුම'' ගැන මමත් යම් පක්ෂපාතී ස්ථාවරයක ඉන්න නිසා.
අපි ඒ ගැන පක්ෂපාතී උණාට පෙරදිග ලෝකයේ වගේම ලෝකයේ අනෙක් තැන්වලත් ගොඩ නැගෙමින් යන තරුණ දේශපාලන ව්‍යාපාරවල දකින්න තියෙන්නේ තරමක වෙනස් ප්‍රවේශයක්.
විශේෂයෙන් තායිලන්තයේ පීටා වගේ කෙනෙක් ඉතාම හොඳින් ෆෝමල්, කැෂුවල් සහ ස්මාට් කැෂුවල් කියන ඒවා තෝරා බේරා ගෙන අඳිනවා. ටිකක් මිලඅධික ඇඳුම් උනත් දකින්න පුළුවන්.
අනික් දෙය නම් දැන් දැන් විශ්ව විද්‍යාල වල තරුණ පරම්පරාව ඒ වගේ ෆෝමල් සහ කැෂුවල් ඇඳුම් අඳින්න යම් ප්‍රියතාවක් දැක්වීම අපිට නිරීක්ෂනය කරන්න පුළුවන්. අර අජිත්ගේ ෆොටෝ එකේම බලන්න අනිත් විශ්ව විද්‍යාල ප්‍රජාව දිහා. එයාල හොඳට අත්දිගට දාල ඇඳලා කරලා ඉන්නේ.
අනික පීටා ගත්තොත් හොඳට රැවුල කපල, කොන්ඩේ ට්‍රිම් කරලා, අත්ඔරලෝසු බැඳලා, ෆැෂනබල් ගතියක් තියන කෙනෙක්. අනුර සහෝදරයාගේ ප්‍රතිරූපය පරණ එකේ සහ අලුත් එකේ හයිබ්‍රිඩ් එකක් වෙනකොට චේ, ක්‍රස්තෝ, ලෙනින් වගේ ප්‍රතිරූප වලින් පීටාගේ පරම්පරාව සම්පුර්ණයෙන් විතැන්වෙලා වගේ පේනවා.
මම කියන්නේ ෂෝට් එකක් ටී ෂර්ට් එකක් අඳින එක නිදහසක්, තේරීමක් (choice) සහ යම් සමාජ උත්තේජනයක් කියන එක අපේ පරම්පරාවේ ෆැන්ටසි එකක් උනාට දෙදාහෙන් පස්සේ පරම්පරාවේ ෆැන්ටසි එක වෙනස් කියල හිතුණ නිසයි මෙහෙම ලිව්වේ.
අපි ස්ථාපිත ආයතනික සීමා වලට අභියෝග කළාට මම හිතන්නේ අලුත් පරම්පරාව ඒවා එක්ක එකඟතාවක් ඇතුලේ ගමන් කරනවා කියල. ඉතිං ඒක වෙනස්.
අජිත්, අනුර එක පරම්පරාවක්. පීටා නියෝජනය කරන්නේ වෙනස් පරම්පරාවක්. අපි පරම්පරා හැටියටම වෙනස්.
අනේ මන්ද...
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
සබැඳි පුවත් :
වම ෆැෂනබල් වීම....- (Mahesh Hapugoda)