මීට වසර 15ට පෙර ( මැයි 22) වැනි දිනයක ජේෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර්ව පැහැරගෙන ගොස් තිබුණි.

දවසක් මුලුල්ලේ ඔහුට එල්ල කළ ත්‍රාසජනක ප්‍රහාරයකින් පසු  ඊයේ (23) වැනි දිනයක ඔහුව මුදා හැර තිබුණි.

විසිහතරකට වඩා වැඩි ගණනක් මාධ්‍යවේදීන් ඝාතනය වූ, තවත් එවැනිම වූ ගණනක් පැහැර ගැනීම්, ශාරිරික පීඩාවනට ලක්වූ රාජපක්ෂ පාලනය මාධ්‍යවේදින් අරභයා දියත් වූ එම මාධ්‍ය මර්දනයට අදාළ සිදුවීම් මාලාව පෙළගස්වත්දී කීත් නොයාර්ව හා සම්බන්ධ සිදුවීමට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි.

දෙහිවල වෛද්‍ය පාරෙහි පිහිටි තම නිවෙස ඉදිරිපිට දී 2008 මැයි 22 වැනිදා පැහැර ගැනීමට ලක්ව, ඉන් පැය කිහිපයකට පසු 23 දා යළි හමුවෙත්දී ඔහු දරුණු වධ බන්ධන රැසකට ලක්ව තිබිණි. පැහැර ගැනීම සිදුවෙත්දී කීත්, සේවය කළේ “ද නේෂන්” පුවත්පතේ සම කර්තෘවරයා ලෙසිනි.

රිවිර සහ නේෂන් ආරම්භ කරන්න මුල් වෙන්නේ මාධ්‍ය පිළිබඳව අවබෝධයක් තිබූ කණ්ඩායම කි. විශේෂයෙන්ම එහි අර්ථපතියා සේන යද්දෙහිගේ මහතාය. හෙතෙම ස්වාධීනව නිදහස්ව පුවත්පතක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන සහයෝගය නිර්භීතව සහ දෙගිඩියාවකින් තොරව ලබා දුන් අපූරු චරිතයකි.  වූයේ රිවිර ප්‍රධාන විධායක නිළධාරියා වෙන්නේ ක්‍රිශාන්ත කුරේ ය. එක් අතකින් ඔහුට මාධ්‍ය පිළිබඳව හසල දැනුමක් තිබූ අතර අනෙක් අතට ඔහු කාර්‍යශූර කලමනාකරුවෙකි.

xfdger6කීත් නොයාර් පැහැර ගැනීමේ ක්‍රියාදාමයේ දී ඔහුගේ ජීවිතය බේරා ගන්නට ක්‍රිශාන්ත සහ ඔහුගේ කණ්ඩායම තමන්ගේ මාධ්‍ය සගයා වෙනුවෙන් කළ කැපවීම අසාමාන්‍ය ය. විශේෂයෙන්ම ක්‍රිෂාන්ත තුල තිබූ සූක්ෂම සහ ස්ථානෝචිත නුවන කීත්ගේ ජීවිතය රැක ගන්නට හේතු විය.



"ක්‍රිෂාන්ත කියන්නේ මා සුරක්ෂිත කළ දිව්‍යමය ගැලවුම්කරුවෙක්" කියා වරක් කීත් පවසා තිබුණි. 'ද නේෂන්' හා එක්වීමට පෙර කීත් ඩේලී මිරර් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස කටයුතු කළේය.

පැහැර ගැනීමට ලක්වීමට පැය කිහිපයකට පෙර කීත්, “රිවිර මීඩියෝ කෝපරේෂන්” හි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ හා “ද නේෂන්” හි ප්‍රධාන කර්තෘ ලලිත් අලහකෝන් සමඟ තම රාත්‍රී භෝජනය ගෙන තිබේ. ඩුප්ලිකේෂන් පාරෙහි පිහිටි ක්වින්ස් කැෆේහිදී එදින රාත්‍රී ආහාරය ගනිත්දී කථා කිරීමට බොහෝ දෑ තිදෙනාට විය.


xfdgdgrr

රිවිර ආරම්භ වී දෙවසරකට පසුව එහි හිමිකාරිත්වය රාජපක්ෂලාට අනුගත වන මට්ටමට පරිවර්තනය වෙද්දි ඉන් ඉවත්වන්නට ක්‍රිෂාන්ත තීන්දු කොට තිබුණි. පෞද්ගලික ප්‍රශ්නයකට වඩා එය ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයක් විය. විශේෂයෙන්ම ක්‍රිෂාන්ත කුරේ දැඩි රාජපක්ෂ විරොධීයෙක් විය. රාජපක්ෂලාගේ ජාතිවාදී, ගෝත්‍රවාදී, ත්‍රස්ත පන්නයේ පාලනය පිළිබඳව ක්‍රිෂාන්ත බරපතළ විරෝධයක සිටි අතර රිවිර "රාජපක්ෂලාගේ ගොදුරක්" බවට පත්වන බව ඔහුට වැටහී තිබුනි.
 


අවංහලක හමුවී ලලිත්, කීත් හා ක්‍රිෂාන්ත රෑ කෑම ගනිමින් බොහෝ දෑ කථා කළෝය. පිරිස පිටව යෑමට සැරසෙත්දී හෝරා යන්ත්‍රයේ වේලාව රාත්‍රී දහයට ආසන්න වී තිබිණි.

තිදෙනා වෙන වෙනම පිටත් වූ අතර කීත් නිවසට පැමිණියේ නැත. මේ බව සැලවූ වහාම ක්‍රිෂාන්ත, ලලිත් අලහකෝන් ඇතුලු රිවිර පිරිස සුළු මොහොතක් ඇතුළත කීත්ගේ නිවෙසට එකතු විය.

“තාත්තා කොහේද? එයාව ගෙදර එක්කන් එන්න අන්කල්” කියමින් කීත්ගේ කුඩා දියණිය ක්‍රිෂාන්ත කුරේගේ දෑතේ එල්ලී හඬන ආකාරය රැස්ව සිටියවුන්ගේ දෙනෙතට කඳුළු ගෙන ආවේ නිරායාසයෙනි.

මේ අතරවාරයේ සිදුව ඇති දේ පිළිබඳ දේශපාලනඥයන්, රාජ්‍ය නොවන සංවිධාන, විදෙස් තානාපති කාර්යාල, දෙස් විදෙස් මාධ්‍ය ආයතන දැනුවත් කිරීමට ද පිරිස කටයුතු කළහ. ක්‍රිෂාන්ත ඇමැති කරු ජයසූරියට දුරකථන ඇමතුමක් ගනිත්දී රෑ එකොළහ පසුව තිබුණ මුත්, එවකට රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා ලෙස කටයුතු කළ, ඒ මහතා දුරකථනයට එකවර පැමිණියේය. කරූ ජයසූරිය හා ක්‍රිෂාන්ත සමීප හිතවතුන් වනමුත්, රිවිර ප්‍රධාන විධායක නිලධාරියාගේ හඬ තුළ වූයේ සෑහෙන වේගවත් බවකි.



 “සර්, වගේ ශිෂ්ටසම්පන්න මිනිහෙක්, මේ වගේ ආණ්ඩුවක ඇමැතිකමක් දරන්නෙ කොහොමද?” කියමින් සිදුවීම පැහැදිලි කළ ක්‍රිෂාන්ත වහා මේ පිළිබඳ මැදිහත් වීමක් සිදුකරන ලෙස ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. කරු ජයසූරිය හරහා මේ බව දැනගත් මහින්ද රාජපක්ෂ මහතා මේ ගැන වහා සොයා බලන බවට පොරොන්දු විය. ජේෂ්ඨ මාධ්‍යවේදී ලලිත් අලහකෝන් ද මේ කටයුත්තේ දී සුවිශේෂී සුවිශේෂී මැදිහත්වීමක් සිදු කළේය.
 


මේ සිද්ධිය පිළිබඳ තමන්ගේ ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස ක්‍රිෂාන්ත කුරේ දෙහිවල පොලිස් ස්ථානයේ සිටි ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමුත්, ඒ සඳහා අවසර ලැබුණේ නැත. එවකට දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේ රන්ජිත් කොට්ටච්චිය. තනි තීරණයක් නොගත් ඔහු සෑම දේකටම ඉහළින් උපදෙස් පැතුවේය.

අනුර සේනානායක එහි ළඟා වූයේ “කවුද මේ මිස්ටර් කුරේ කියන්නෙ” යැයි විමසමිනි. ඉන් අනතුරුව ක්‍රිෂාන්ත සහ අනුර සේනානායක අතර සිදුවූ සංවාදය සෑහෙන උණුසුම් එකක් විය. පැය කිහිපයකට පෙර තමන් සමඟ රාත්‍රී ආහාරය ගත් කීත්ව පැහැර ගැනුම ක්‍රිෂාන්තව වඩාත් නොඉවසුම් කර තිබිණි.

ක්‍රිෂාන්ත සාමාන්‍යයෙන් එහෙමය. ඔහු උණුසුම් හදවතක් ඇති අති සංවේදී මිනිසෙකි. ඔහුට අවශ්‍ය වූයේ කෙසේ හෝ හැකි ඉක්මනින් කීත්ව යළි ජීවග්‍රහයෙන් සොයා ගැනීමය. පැහැර ගැනීමක් බව පැහැදිලිව ඇස් පනාපිට පෙනෙන්නට තිබියදී පොලිසිය එය සැහැල්ලුවට ගෙන තිබුණි.


කීත්ව සොයා ගැන්ම වෙනුවෙන් ක්‍රිෂාන්ත ඇතුළු පිරිස  “වෙනම මෙහෙයුමක්” දියත් කළේය. පැහැර ගැනීම දැනගත් මොහොතේ කීත්ගේ ජංගම දුරකථනයට ඇමතුම් ගණනාවක් ක්‍රිෂාන්ත, ලලිත් ඇතුළු හිතවතුන් ගත් මුත් දුරකථනය විසන්ධි කර තිබිණි. කෙසේ වෙතත්  නොනවත්වා ඇමතුම් දෙන අතරතුර කෙටි පණිවිඩ කිහිපයක් කීත්ගේ දුරකථනයට යැවීමට ද ක්‍රිෂාන්තලා කටයුතු කරන ලදී. සංඥා හුවමාරු වන කුලුන හරහා දුරකථනය ඇති ප්‍රදේශය සොයා ගැන්ම එහි අරමුණ විය. ඒ අතර ක්‍රිෂාන්ත මෙරට ප්‍රකට ජංගම දුරකථන සේවා සැපයුම්කරුවකු වන සමාගමක ප්‍රධානියාට ඇමතුමක් ගනිමින් උදවුවක් ඉල්ලුවේය.  ක්‍රිෂාන්තගේ සමීපතම මිතුරකු වූ හෙතෙම මධ්‍යම රාත්‍රියේ වුවද දුරකථනයට පැමිණියේය.


 “මේක ජීවිතයක් පිළිබඳ ප්‍රශ්නයක්. මේ වෙලාවේ මේ උදවුව කරලා දෙන්න” කියමින් අදාළ පණිවිඩ හුවමාරු වූ දුරකථන කුලුන පිළිබඳ විස්තර ලබා දෙන ලෙස ක්‍රිෂාන්ත ඉල්ලා සිටියේය. ප්‍රමාදයකින් තොරව ඉල්ලා සිටි විස්තර ලැබුණු අතර ඒ අනුව දුරකථන සංඥා ඔස්සේ යෑමට ක්‍රිෂාන්තලා විසින් පොලිසිය පොළඹවනු ලැබීය. එමෙන්ම ඔවුන් අදාල සංඥා අනුව කීත් නොයාර්ව රඳවා ගෙන සිටින ප්‍රදේශයට කිට්ටු වෙමින් සිටියහ.

මේ තත්ත්වය දැනගත් වහාම ඔහුව පැහැර ගත් කල්ලිය කලබලයට පත් වීය. සමහරවිට තමන් විසින් සිදු කළේ වැරදුණු ගොදුරකට කුරුමානම් ඇල්ලීම බව ඔවුන්ට පැහැදිලි වන්නට ඇත.

මේ අතර කීත්ව ආපසු ගෙනත් දමා ඇති බව පණිවිඩය ක්‍රිෂාන්තලාට ලැබෙන විට උදෑසන පහ පමණ වී තිබිණි. එම පණිවිඩයත් සමඟ ඉක්මනින්ම දෙහිවල බලා පැමිණි ඔවුන් ඒ වන විට ශාරීරිකව හොඳ තත්ත්වයක නොසිටි කීත්ව කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමට කටයුතු කරන ලදී.

පැහැර ගැන්මට ලක්වූ කීත් නෝයාර් යළි පැය කිහිපයකට පසු හමුවූ කථාවේ “ඇතුළත කථාව” එයයි.

රාජපක්ෂ සමයේ මෙවැනි ත්‍රාසජනක " චිත්‍රපට"ඕනෑ තරම් තිබුණි. මාධ්‍යවේදීන් විශාල පිරිසක් මිය ගියෙත්, තවත් පිරිසක් තවමත් අතුරුදන්ව ඇත්තේත් එහි ප්‍රතිඵලයක් ලෙස ය.


කීත් නොයාර්ව පැහැරගැනීමේ සිදුවීමට වඩා විශ්මයජනක සිදුවීම වූයේ ඔහුව නැවත සොයා ගැනීමේ මෙහෙයුම යි. එහි කැපී පෙනෙන භූමිකාව ඉටු කළේ ක්‍රිෂාන්ත කුරේ ය. ඔහු රාජපක්ෂ මර්ධනයෙන් සෘජුව සහ වක්‍රව බැට කෑවේය.

xdfgder63

හෘද සාක්ෂියක් ඇතිව වැඩ කරන මිනිසුන්ට ඇත්ත වශයෙන්ම ගන්නට තිබුණෙ තීරණ තුනකි.. එක්කෝ රට හැර යාම. එක්කෝ රාජ්‍ය ත්‍රස්තවාදයට මුහුණ දී මිය යාම. එක්කෝ ආණ්ඩුවේ එහෙයියෙකු වීමය. ක්‍රිශාන්ත රට තෝරා ගැනීමට සිදුව තිබුණේ පළමු තීරණය ය. දෙවැන්න තෝරා ගත් අයට අත්වූ ඉරණමට සාක්ෂිය ලසන්තලා ය.

2019 ගෝඨාභය ජනාධිපති වූ පසු පළමු පලිගැනීමට ලක්වූ පුද්ගලයින් කිහිපදෙනා අතර සිටින්නේ ක්‍රිෂාන්ත කුරේ, ශානි අබේසේකර, ධරීෂා බැස්ටියන්ට් වැනි අය ය. සහමුලින්ම පදනම් විරහිත චෝදනා මත ක්‍රිෂාන්තලාට සිය මව් පොළව අනාරක්ෂිත වී ඇත.අහිමි වී ඇත. එහෙත් සත්‍ය වශයෙන්ම නිවැරදි ප්‍රකාශය වන්නේ මව් පොළොවට ඔවුන් අහිමි වී ඇත යන්නය. ඔවුන් දක්ෂ මාධ්‍යවේදීන් ය. ඔවුන් දක්ෂ වෘත්තීයවේදීන් ය. ඔවුන් දක්ෂ පරිපාලකයින් ය. රට ගොඩනැගීමට අවශ්‍යම වන චරිතය.

ඔවුන් නිරන්තරයෙන් අරගල කළේ මේ රට දුර්දාන්ත තැනකට තල්ලු කරගෙන යමින් සිටි පාලනය පෙරළා දමන්නට ය.

රටට වැඩ කළ හැකි සහ මේ මොහොතේ රටට අවශ්‍යම චරිත ලෙස ක්‍රිෂාන්තලාට, රාජපක්ෂලා පරාජය වූ රටේ පවා දොරටු විවර නොවීම බරපතළ ඛේදවාචකයකි.

බිහිසුණු පැහැර ගැනීමෙන් අනතුරුව ටික කලක් ඉක්ම ගිය තැන කීත් නොයාර්ද රට හැර ගියේය. ඉන් අනතුරුව ඔහුගේ පන්හිදෙන් කිසිවක් ලියැවුණු වගක් මතක නැත. එහෙත්, මීට දෙවසරකට පෙර ක්‍රිෂාන්ත කුරේගෙ උපන් දිනය නිමිත්තෙන් සියල් ළබැඳි මිතුරා පිළිබඳව ඔහු අපූරු සටහනක් ලීවේය. නායකයෙකු සිය පිරිසට රැකවරණය දෙන්නේ කෙසේද යන්න වටහා ගන්නට ඒ සටහනම ප්‍රමාණවත් ය.


පහත ඇත්තේ ඒ සටහනේ සිංහල පරිවර්තනය!
 xfgdfty
 
කෘතවේදිත්වය සළකුණු කරමින් ක්‍රිෂාන්ත ඔබට මාගේ ආචාරය පුද කරමි!

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් බලය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්වතට මවිසින් ලියන ලද ගවේෂණාත්මක තීරු ලිපියක් සම්බන්ධයෙන් ගොනු කරන ලද දැවැන්ත අපහාස නඩුවකට මා පෙරදී සේවය කළ ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත හා මා වෙන් වෙන් වශයෙන් වග උත්තරකරුවන් ලෙස නම්කොට තිබූ අවස්ථාවේදී ‘සත්‍ය ප්‍රකාශ කොට එහි ප්‍රතිවිපාකයනටද මුහුණ දෙනු’ යනුවෙන් 1824 වර්ෂයේදී වෙලින්ටන් ආදිපාදවරයා විසින් කරන ලද ප්‍රකාශය මා විෂයයෙහි අරුත් පිරි වැකියක්ම විය. විත්ති පාර්ශ්වය උදෙසා ශක්තිමත් නඩුවක් සපයා දෙනු පිණිස සාක්ෂි සහ ලේඛන දුසිම් ගණනක් ගොනු කරමින් මගේ ස්ථාවරයේ නොසැලී සිටියෙමි.

කෙසේ වුවද, ලේඛන කලාව ලේ නහර පුරා විහිදී ගිය පුද්ගලයෙකු වූ නිර්භීත රිවිර පුවත්පත් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන්ත කුරේ මහතා යටතේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ප්‍රවෘත්ති ලේකම් ලෙස කටයුතු කළ ඔහුගේ මාමා වූ එවන්ස් කුරේ මහතාද සමගින් ‘ද නේෂන්’ පුවත්පතෙහි කටයුතු කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව එම වාක්‍ය ඛණ්ඩය මා විෂයයෙහි යම් වැදගත්කමක් එක්කොට තිබිණි.‍

රණසිංහ ප්‍රේමදාසගේ රසිකයෙකු නොවූ ඔහු විසින් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ ඔහුගේ මාමාගේ කෝපයට බොහෝ සෙයින් බඳුන් වූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ (DUNF) සම නිර්මාතෘ ලලිත් ඇතුලත්මුදලි මහතා හට සහාය ලබාදෙන ලදී. විශිෂ්ට ලේඛන කුසලතාවනට අමතරව, පළමුව ‘ද නේෂන්’ හා ‘රිවිර’ ආරම්භ කරමින්ද විශිෂ්ට ව්‍යාපාරික ඥානයකින් යුතුව මෙම නවක පුවත්පත් පෝෂණය කරමින්ද සංතෘප්ත මුද්‍රිත මාධ්‍ය වෙළඳපලකට පිවිසීම උදෙසා දරන ලද ප්‍රයත්නය තුළින් ක්‍රිෂාන්ත විසින් තමා නිර්භීත ප්‍රකාශකයෙකුය යන කරුණ සනාථ කරන ලදී.

කෙසේ වුවද, මා සම්බන්ධයෙන් ගත්කල නිර්භීත ලෙස කම්පනය දනවන සුළු කරුණු අනාවරණයන් මගින් හා සිය කතුවරුන්, ලේඛකයන් හා වාර්තාකරුවන් වෙතද රජය පාර්ශ්වයෙන් සිදුවන බලය අයථා පරිහරණයන් හා දූෂණ ක්‍රියාවන්ද අනාවරණය කිරීම සඳහා අවශ්‍ය වූ නිදහස භුක්ති විඳීමට ලබාදුන් දිරිගැන්වීම් මගින් අවදානම් භාර ගැනීමට ඔහු විසින් දක්වන ලද කැමැත්ත තුළ ඔහුගේ විශිෂ්ටත්වය රඳා පැවතිණි.

 2008 වසරේදී සිවිල් යුද්ධය පෙර නුවූ විරූ මට්ටම්වලින් ඇවිලී යමින් පැවතියදී පවා යුධ හමුදාවනට ඔහුගෙන් ගැලවීමක් නොලැබිණි. මෙම කාල වකවානුව තුළදී පෙරකී ‘සත්‍ය ප්‍රකාශ කොට එහි ප්‍රතිවිපාකයනටද මුහුණ දෙනු’ යනුවෙන් වෙලින්ටන් ආදිපාදවරයා වන ෆීල්ඩ් මාර්ෂල් ආතර් වෙලෙස්ලි විසින් ප්‍රකාශ කරන ලද වාක්‍ය ඛණ්ඩය වඩ වඩාත් අදාළ වන්නට විය. (එකී තර්ජනයනට බිය නොවූ ආදිපාදවරයාට එරෙහිව 1825 වසර තුළ පළ කරන ලද ලිපි පෙළ මගින් 19වන සියවසේ බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ හමුදා හා දේශපාලන චරිතයක් වූ ඇන්ග්ලෝ අයර්ලන්ත සොල්දාදුවෙකු වූ ජනරාල් වෙලෙස්ලිගේ කීර්ති නාමයට බලපෑමක් සිදු නොවීය. ඔහු ටෝරියානු අග්‍රාමාත්‍යවරයෙකු ලෙස දෙවතාවක් සේවය කළේය).


ආපසු මාගේ කථාවට සම්බන්ධ වන්නේ නම්, සේනාපති නමැති අන්වර්ථ නාමයෙන් මවිසින් ‘හමුදාවක් යනු එහි අණදෙන නිලධාරියාගේ පුද්ගලික දේපළක් නොවේ’ යන ශීර්ෂයෙන් සන්නද්ධ හමුදාවනට අදාළ කරුණු ඇතුළත් ගැඹුරු විශ්ලේෂණයන්ගෙන් සමන්විත ආරක්ෂක තීරු ලිපියක් පළ කිරීම සඳහාද ක්‍රිෂාන්තයන් විසින් අවසර ලබාදෙන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස මා ශාපයට ලක්වූ නමුත් විනාශ නොවිණි. එකී මතභේදාත්මක ලිපිය පළවී දින ගණනකට පසු 2008 මැයි මස 22වන දින මා පැහැරගෙන ගොස් වධ හිංසාවට ලක් කරන ලදී. මා පැහැරගත්තවුනට හා වධ හිංසාවට ලක් කළවුනට අනුව මා මරා දැමීමට නියමිතව තිබිණි. එනමුදු මා මුදාගනු පිණිස ඉහළම බලධාරීන්ද ඇතුළුව අදාළ බලධාරීන් සියලු දෙනාද යොමු කරවමින් තමා ප්‍රධානියා ලෙස කටයුතු කළ පුවත්පත් සමාගම දෙවැනි තැන ලා සලකමින් එම අවස්ථාවේ කටයුතු කළ මනුෂ්‍ය වේෂයෙන් පෙනී සිටි ක්‍රිෂාන්ත කුරේ නම් වූ දෙවියෙකු වැඩ සිටි බව මේ අවස්ථාවේ සඳහන් කළ යුතුය. තමාගේ තවත් එක් සේවා නියුක්තිකයෙකු, පවුලේ මිනිසෙකු වෙනුවෙන් දක්වන ලද සැලකිල්ල තුළ මෙම මිනිසා හට සිය සමාගමේ පැවැත්ම හෝ සිය තනතුර එතරම් වැදගත් සාධක වූ බවක් නොපෙණිනි. සැබැවින්ම මා වෙනුවෙන් පෙනී සිටිමින් (අදාළ නිලධාරීන් වෙත දැනුම් දීමෙන් අනතුරුව) දෙහිවල පොලිස් ස්ථානයේ සිට දුරකථන කුලුනු ඔස්සේ පැහැරගෙන ගොස් මා රඳවාගෙන සිටි ඉතා දුර බැහැර ප්‍රදේශය හඳුනා ගනිමින් එම ස්ථානය වෙතම රිය පදවාගෙන පැමිණ මා ආරක්ෂා කිරීමට කටයුතු කළ සේවා ප්‍රධානියෙකු නොවන්නට මා හට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන්නට තිබිණි.


මා ආපසු පැමිණෙන තුරුම ඔහු විසින් දේශීය හා ජාත්‍යන්තර තලයේ මාධ්‍ය මගින් ඇතිකරන ලද පීඩනය අත් නොහරින ලදී. බයිබලයේ එන යහපත් සාමාරිතයා සේ පෙනී සිටිමින්, ඔහු මා හට ලබාදිය හැකි ඉහළම සත්කාරය ලබාදෙනු ලබන බවට වග බලාගනු පිණිස මා පහරකෑම්, තැලීම් හා ලේ වැගිරීම්වලටද ලක්ව වැතිර සිටි මහ රෝහල වෙතද පැමිණියේය.

 මා රජයේ රෝහලින් නිදහස් කරගත් ඔහු විසින් මා වෙත පුද්ගලික ආරක්ෂක සේවාවන්ද සපයමින් ඉහළම තලයේ පුද්ගලික රෝහලක් වෙත මා යොමු කරවන ලදී. මා වෙත අවශ්‍ය සහනයන් සම්පාදනය කරනු පිණිස වචනාර්ථයෙන් අදාළ බලධාරීන් හෙළි කිරීමේ උපරිම නිදහසක් කර්තෘ මණ්ඩලයට ලබාදීමට වගබලා ගැනීමටද ක්‍රිෂාන්ත පසුබට නොවීය. පළමු පිටුවේ අදාළ ආරක්ෂක තීරු ලිපියේ ප්‍රචාර පාඨයක්ද සමගින් අදාළ බලධාරීන් කුපිත කරවන සුලු වූ ‘හමුදාවක් යනු එහි අණදෙන නිලධාරියාගේ පුද්ගලික දේපළක් නොවේ’ යන ශීර්ෂ පාඨය නැවතද පළ කිරීමට ඔහු විසින් අවසර ලබාදෙන ලදී.

ආරම්භයේ පටන් තමා විසින් ඉතා සූක්ෂ්ම ලෙස ගොඩනගන ලද පුවත්පත් සමූහ ව්‍යාපාරයේ පාලනය ගිලිහී ගියද සිය කණ්ඩායමේ සේවකයෙකු ආරක්ෂා කිරීම උදෙසා ඔහු තුළ වූ අදිටන එවැන්නක් විය. සැබැවින්ම එම පුවත්පත පෙරකී ශාපයට හසුවී ක්‍රිෂාන්තයන් හට සිය තනතුරින් ඉල්ලා අස්වීමට සිදුවිය. සත්‍යය උදෙසා දම්වැලින් වෙළන ලදුව සිටි පීටර් නමැති පළමු පාප් වහන්සේ වෙතද, නැව විනාශයට පත්වූ අවස්ථාවේදී මුදවන ලද පෝල් නමැති සුවිශිෂ්ටතම දේවදූතයා වෙතද නිදහස ප්‍රදානය කරන ලද බයිබල් දේවදූතයා මෙන් මා මුදවා ගැනීමට උපකාර කළ නිර්භීත දේව දූතයෙකුගේ කාර්ය භාරය ඉටු කිරීම වෙනුවෙන්, කෘතවේදිත්වයේ සළකුණක් ලෙස, ක්‍රිෂාන්තයෙනි ඔබගේ උපන් දිනයේදී ඔබට මෙලෙස ආචාර කරමි.

අප අතර වූ සමාගමයෙන් වෙන් වන්නට සිදුවූ අවස්ථාවේ ඔබ විසින් ඉටු කරන ලද මෙම කාර්ය භාරය උදෙසා ස්තුතිය පළ කිරීමට මා හට කිසිදු අවස්ථාවක් නොලැබිණි. ඔබට හා ඔබගේ පවුලේ සාමාජිකයන් වෙතද නිරෝගිමත් හා ප්‍රීතිමත් අනාගතයක් ප්‍රාර්ථනා කිරීම සඳහාද මෙය අවස්ථාව කරගනිමි.

(කීත් නොයාර්)
Keith Noyar
Senior Journalist,
Former Associate Editor of The
Nation & Daily Mirror

සටහන :
Ranjith kumaraරංජිත් කුමාර සමරකෝන්
මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්