ජනපති රනිල් ඉකුත් සති අන්තයේ සිය ආරක්ෂක අංශ දැනුම්වත් නොකොට හදිසියේම කොළඹ ප්‍රසිද්ධ හෝටලයකට ගියේ ප්‍රකට
ව්‍යාපාරිකයෙකුගේ පුතකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගීවීමටය. එම මංගල්‍යයට ජනපති සහභාගී වන බව දැන හුන්නේ ව්‍යාපාරිකයාත්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා හා ජනපති පමණකි.
 
neranjan de2රාජ්‍යතාන්ත්‍රිකයෙකු වූ නෙරන්ජන් දේවාදිත්‍යගේ ඥාතියෙකුගේ විවාහ උත්සවයට ගිය රනිල්
රාජ්‍යතාන්ත්‍රිකයෙකු වූ නෙරන්ජන් දේවාදිත්‍යගේ ඥාතියෙකුගේ විවාහ උත්සවයට ගිය රනිල් එය නිමවා එද්දී ආරක්ෂක අංශ වෙත කීවේ තමන්ට තවත් මංගල උත්සවයකට යාමට තිබෙන බවකි. එයින් ආරක්ෂක අංශ කලබලයට පත්වුවද ඒ වන විටත් රථ පෙළ අදාළ හෝටලය ආසන්නයේ වීම නිසා ලගම සිටින ආරක්ෂකයන් සමඟ ජනපති රනිල් විවාහ උත්සවයට ගියේ ඊට පැමිණ සිටි අයවළුන්ද පුදුමයට පත් කරමිනි.
 
ව්‍යාපාරික ෂම්මි මුතුමාල ඔහුව උත්සව ශාලාව වෙත කැදවාගෙන යද්දී අතරමඟ නතරවූ ජනපති එහි හුන් අයගේ පුදුමය නිමා කරමින් “මම මෙතනට එන බව කලින් කියලා තිබුණා නම් අපේ ආරක්ෂක අංශයෙන් මෙතනට ඇවිල්ලා ඔයාලව පරීක්ෂා කරනවා. නොකියා ආවම කිසි ප්‍රශ්නයක් නෑනේයි.” කියද්දී සැවොම අත්පොලසන් දුන්හ.
at weddingජනපති රනිල් විවාහ උත්සවයට ගියේ ඊට පැමිණ සිටි අයවළුන්ද පුදුමයට පත් කරමිනි.
 
ජනපතිට අසුන් ගන්න මේසයක් වෙන් කර තිබූ අතර ඔහු එහි සිටිනු දැක උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති සුරේෂ් රාඝවන් ද එහි පැමිණ අසුන් ගත්තේය. මෙලෙස පිළිවෙලින් මන්ත්‍රී ජයන්ත කැටගොඩ, පී හැරිසන් හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මෙන්ම ප්‍රකට ව්‍යාපාරික ෂම්මි මුතුමාල ද එහි අසුන් ගත්තෝය.
 
639b6a6c97bfe5c832d0837d3de74231 Lලංකාවේ විශ්ව විද්‍යාලයක උපාධියේ වටිනාකම එදා ඉදලම මම දැනගෙන හිටියා
 
විදෙස් විශ්ව විද්‍යාල ගැන හා ඒවායේ උපාධි ගැන කතා බහක් ඇදී ගියේ උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමතිවරයා ඒ ගැන කතාවක් ඇද ගත් අවස්ථාවේදීය. “මටත් උසස් අධ්‍යාපනය කරන්න විදෙස් විශ්ව විද්‍යාලවට යන්න යෝජනා ආවා. හැබැයි මම තීන්දු කළේ මෙරට විශ්ව විද්‍යාලයට යන්න නිසා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට මම ඇතුළත් වුනා. ලංකාවේ විශ්ව විද්‍යාලයක උපාධියේ වටිනාකම එදා ඉදලම මම දැනගෙන හිටියා.” ජනපති කිසිදා හෙළිනොකල කතාවක් හෙළි කළේ එලෙසිනි.
“ලංකාවේ විශ්ව විද්‍යාලයක උපාධියට ලෝකයේ ඕනෑම රටක පිළිගැනීමක් තියෙනවා. ජනාධිපතිතුමා එදා ගත්තු තීරණයේ වාසිය අදටත් ලැබෙනවානේ.” දිනිත් චින්තක කියද්දී ජනපති ද හිස සැලුවේය.
 
IMG 20240517 WA0018ලංකාවේ විශ්ව විද්‍යාලයට ගිහින් උපාධි ලැබූ අය සේම ලංකාවේ ව්‍යාපාර කොට ඉහළට පැමිණි අයත් සිටින බව ජනපති කීවේ ෂම්මි මුතුමාල පෙන්වමිනි.

ලංකාවේ විශ්ව විද්‍යාලයට ගිහින් උපාධි ලැබූ අය සේම ලංකාවේ ව්‍යාපාර කොට ඉහළට පැමිණි අයත් සිටින බව ජනපති කීවේ ෂම්මි මුතුමාල පෙන්වමිනි. විදෙස් උපාධි ගන්න යන දරුවන් ගැනත් එයින් පිටරටට ඇදී යන ඩොලර් ගැනත් මෙහිදි කතාවූහ. පෞද්ගලික විශ්ව විද්‍යාල මෙරට ඇතිවුවහොත් දෙමාපියන්ට දරුවන් පිටරට යවා උගන්නවන්න වැය වන මුදලින් කාලක්වත් වැය නොවනු ඇතැයි උසස් අධ්‍යාපන ඇමති රාඝවන් ගණන් හිලවු ඇතිව ජනපති රනිල් ඇතුළු පිරිසට පෙන්වා දුන්නේය.
 
ජනපති රනිල් ඉරිදා පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පළාත් සභා මන්ත්‍රීවරුන් මුණ ගැසුණු අතර එය සංවිධානය කර තිබුණේ පළාත් සභා මන්ත්‍රී සංසදයේ සභාපති කාංචන ජයරත්න විසිනි. වසර 5 ක කාලයක් මන්ත්‍රීධූර අහිමිව සිටියද තවමත් ගමේ ඔවුනට මන්ත්‍රීවරු ලෙස සලකන බව පෙන්වා දුන් මේ පිරිස පක්ෂයක් ලෙස පොහොට්ටුව තීන්දුවක් ගත් පසු ජනපතිට සහාය දෙන බව ද ප්‍රකාශ කළහ.
අස්වැසුම හා කෘෂි නවීකරණ වැඩසටහන් ගම තුළ ක්‍රියාත්මක කරන්නැයි මෙහිදි ජනපති ඔවුන්ට දැනුම් දුන්නේය. එහිදි 2022 මැයි 09 දින ප්‍රහාරයෙන් විනාශ වූ දේපලවලට තවමත් වන්දි ලැබී නැතැයි මන්ත්‍රීවරු මෙහිදි පෙන්වා දුන්හ. මේ ගැන සොයා බලන්නැයි ජනපති රනිල් පැවරුවේ එහි සිටි කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකටය.
 
The Leader | We Lead the Nation - Results from #6457මේ ගැන සොයා බලන්නැයි ජනපති රනිල් පැවරුවේ එහි සිටි කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකටය
කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ මේ පිළිබඳව කතා කළ අතර එහි පිළිතුර ද ඔහු මන්ත්‍රීවරුන්ට එම අවස්ථාවේදීම ලබා දුන්නේය. තමන් රට බාරගත් පසු පළමු අවුරුද්ද අමරුවෙන් ඉදිරියට ගෙන ගිය ආකාරයත්, දෙවෙනි වසරේ සිට ජනතාවට සහන දෙන්න පටන් ගත් ආකාරයත් ගැන දීර්ඝ විස්තරයක් කළ ජනපති රනිල් සිංහල අවුරුද්ද සේම වෙසක් පොසොන් ඇසල ද ජනතාව සමඟ එක්වී හොදින් සමරන්නැයි උපදෙස් දුන්නේය.

එසේම මන්ත්‍රීවරුන්ට පවතින ගැටළු පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මගින් ලැබෙන්නට සල්වන්නැයි ද දැනුම් දුන්නේය. සදුදා පෙරවරුවේ කාර්යාලයට පැමිණි ජනපති රනිල් සාකච්ඡා කිහිපයකින් පසුව පාර්ලිමේන්තුව බලා පිටත්ව ගියේ දේශපාලන කැබිනෙට්ටුවට මෙන්ම ඇමති මණ්ඩල හමුවට එක්වීමටය. ආර්ථික ප්‍රතිස්ථායිකරණ පනත් කෙටුම්පත එදින අනුමත වූ අතර එය ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත යුතු බව ජනපති දැනුම් දුන්නේය.
 
පාර්ලිමේන්තුවේදි ජනපති රනිල් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු 20 ක් පමණ හමුවූ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ද ඒ අතර විය. මහාචාර්ය ආශු මාරසිංහ මුණ ගැසීමට පැමිණි දියණියක් ජනපති ඉදිරියේ ඉතා සංවේදී කතාවක් දිග හැරියේය. ඇය කීවේ පාසල් බෑගයේ බර ගැනය. එම නිසා යළිත් ටැබ් දෙන්නැයි කළ ඉල්ලීමට ජනපති එකඟතාවය පළ කළේ එය වැළැක්වූ අය ගැනත් සිහිපත් කරමිනි.
 
එදින සවස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා රගර් කණ්ඩායම එක අවස්ථාවේදී මුණ ගැසීමට යොදා ගෙන තිබුණ ද රගර් කණ්ඩායම ප්‍රමාදවීම නිසා මුලින්ම විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට ඇමරිකාවට යාමට නියමිත ක්‍රිකට් කණ්ඩායම මුණ ගැසිනි. ජනපති ක්‍රීඩකයන්ට කීවේ ලංකාවේ කොඩිය ඉහළට ඔසවන්නට කටයුතු කරන ලෙසයි.

මෙහිදි ක්‍රිඩකයන් කිහිප දෙනෙකුට මතුව තිබෙන විසා ගැටලූව විසදීමට මැදිහත් වූවේ කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකය. රග්බි කණ්ඩායම ඉන් පසුව පැමිණියේ ඔවුන් ජයග්‍රහණය කළ කුසලානය ද රැගෙනය. රගර් ක්‍රිඩාව කොළඹ හා මහනුවරට සීමා නොකර අනෙක් පළාත්වලට ද ව්‍යාප්ත කරන ලෙස ජනපති මෙහිදි කී අතර ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු කීවේ පළමු පියවර ලෙස ගාල්ල, කුරුණෑගල හා කෑගල්ලේ එය ක්‍රියාත්මක කරන බවයි.
 


ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ජනපති රනිල් මුණ ගැසුණේ ඉන් අනතුරුවය. ඊට පෙර ඔහු කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මුණ ගැසී කලාපයේ නාවුක කටයුතු ගැන ඔවුනොවුන් සාකච්ඡා කිරීමෙන් පසු ජනපති හමුවුණේය. ආර්ථිකයට අමතරව එහිදී ද කළාපයේ සාගර ආරක්ෂක කටයුතු ගැන කතා බහ කෙරිනි. මෙහිදි ජනපති රනිල් අනවසරයෙන් පැමිණෙන සබ්මැරීන් වැළැක්වීමේ හැකියාව ගැන ද කතා කර තිබුනි.
 


එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව අගහරුවාදා හා බදාදා යන දින දෙක තුලදීම ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර දැනට පත්කර සිටින කළාප සංවිධායකවරුන්ගේ හැකියාව හා නොහැකියාව ගැන ජනපති රනිල් විමසා සිටියේ කළමනාකරණ මණ්ඩලයෙනි. එහි වාර්තාවක් සංඛ්‍යාත්මකව මහලේකම් රංගේ විසින් ඉදිරිපත් කලේ ජනපති නියමය පරිදිය. 

ඒ අයගේ හැකියාව ගැන මහලේකම් රංගේ විසින් වාචිකව ද කරුණු ඉදිරිපත් කළ අතර එම කරුණු ජනපති සෑහීමකට පත් කළේය. බදාදා යළි ඔවුන් රැස්වී දිස්ත්‍රික්කවලට අලුතින් එන පිරිසට අදාළව ලැයිස්තු සකස් කර තිබුනි. ඉන් පසු මහලේකම් රංගේ විසින් සියලු කළාප සංවිධායකවරුන්ට උපදෙස් දුන්නේ ජූනි 01 දා වන විට ඔවුන් සියලු දෙනා කලාප කාර්යාල විවෘත කොට වැඩ ආරම්භ කළ යුතු බවටය.
 
ජනපති රනිල් බදාදා පෙරවරුවේ තෙල්දෙණියට ගියේ නව අධිකරණ සංකිර්ණය විවෘත කිරීමටය. එහිදි ඔහු කී කතාවක් සමාජ මාධ්‍ය තුළ හිට් විය. එනම් හොරු ආරක්ෂා කරනවා කියන ආණ්ඩුව විසින් වසර දෙකක් තුළ දී හොරු අල්ලන පනත් 75 ක් ගෙනවිත් ඇති බවට කළ කතාවය. බ්‍රහස්පතින්දා ජනපති මුදල් අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ එහි සිටි මැති ඇමතිවරු ද මේ කතාව ඇද ගත්තේය.
 
“එදා ඉදලම මේ අය ෆයිල් පෙන්න පෙන්න හොරු ආරක්ෂා කරනවා කියලා චෝදනා කළා මිස හොරෙක් අල්ලන්න පුළුවන් නීති හදන්න එක යෝජනාවක්වත් ගෙනාවේ නෑ. ජනාධිපතිතුමා තමයි මොන චෝදනා ආවත් රටට අවශ්‍ය දේ කළේ.” ඇමති ශෙහාන් කීවේ මුදල් අමාතයාංශයේදීය.

“ඔය ෆයිල් අපි ඉන්න කාලෙත් තිබ්බා නේ. එකේ හිටියා වැලිඅමුණ, ආනන්ද විජේපාල වගේ අය. තමන්ගේ පක්ෂෙම කෙනෙක් ඉදලත් ඒ ෆයිල් ටික උසාවියට හරියට ගෙනි යන්න බැරිවුන කට්ටියෙන් දැන් මිනිස්සු රවටන්න ආයෙත් ෆයිල් උස්සගෙන එන්නේ.” මන්ත්‍රී වජිර කීවේ උපහාසයෙනි
 
“අවුරුදු දෙකකින් අපි මේ නීති ටික හැදුවේ. තව කිහිපයක් ගේන්නත් තියෙනවා. යුක්තිය පසිදලීමට අවශ්‍ය කාරණා 3 ක් අපි ගෙනල්ලා තියෙනවා. මුලින්ම ව්‍යවස්ථාව සංශෝධනය කළා. ආර්ථික පනත් 3 ක් තව ගේන්න තියෙනවා. අනෙක අපි ආණ්ඩුවේ මූල්‍ය කටයුතුවලට අවශ්‍ය පනත් විශාල සංඛ්‍යාවක් ගෙනල්ල ඉවරයි. අපරාධයකින් උපයාගත් දේපළ පිළිබද පනත් කෙටුම්පතත් ඇමති මණ්ඩලයට ගෙනල්ලා තියෙන්නේ. මේ සියලු පනත් ගෙනාවා වගේම ඒවා ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් පුහුණු කරන්නත් ඕනේ. මේ කටයුතුවලට ටික කාලයක් යයි.” ජනපති රනිල් පැහැදිලි කළේය.
 
“මේක ඉතිහාසගත වාර්ථාවක් නේද?” ඇමති සියඹලාපිටිය ඇහුවේ ජනපතිගෙනි. “මම සභානයක කාලෙත් අවුරුදු කිහිපයක් තුළ පනත් ගණනාවක් ගෙනාවා. නමුත් අවුරුදු දෙකක් තුළ මෙලෙස පනත් 75 ක් ගෙනාපු පළමු අවස්ථාව මේක වෙන්න ඕනේ.” ජනපති පිළිතුරු දුන්නේ සැහැල්ලුවෙනි.
 
තවත් රාජ්‍ය ආයතන 2 ක් මුදල් අමාත්‍යංශය යටතටඅවුරුදු දෙකක් තුළ මෙලෙස පනත් 75 ක් ගෙනාපු පළමු අවස්ථාව මේක වෙන්න ඕනේ
මහමැතිවරණයක් කැදවනවා කියමින් යන කට කතාවට කොටස් වෙළෙද පොලද සම්බන්ධ කර ගනිමින් ජනපති දුන් පිළිතුර ගැනද මෙහිදි කතා විනි. “මේක වැඩියෙන්ම දැම්මේ එක පුවත් පතක්. ඒකේ ප්‍රධානියෙකුට කොටස් වෙළෙද පොලේ අය හොදට සලකලා තියෙනවා කියලත් ආරංචියි.” මන්ත්‍රී කෝකිලා කියද්දී සැවොම කොක් හැඩලූහ.

ජනපති රනිල් බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ මාධ්‍යවේදීන් පිරිසක් මුණ ගැසුණේ රජයේ ප්‍රවෘති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නගේ සංවිධානයෙනි. මාධ්‍යවේදීන්ට පැවැති ප්‍රශ්න ගණනාවකට ජනපති රනිල් පිළිතුරු බැන්දේ උසුළු විසුළුද එකතු කරමිනි.

සටහන ;
(ලසන්ත වීරකුලසුරිය)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්