රට වෙනස්වෙමින් පවතියි. සෑම තැනකම මහල් නිවාස සහ සහාධිපත්‍ය නිවාස බිහිවෙමින් පවතී.

තාක්ෂණය සහ වෙළෙඳපොළ වෙනස් වෙමින් පවතී. ගූගල් සිතියම් නොමැතිව වීදිවල සැරිසැරීම සිතාගත නොහැකි බව පෙනෙන්නට තිබේ. මීට වසර විසිපහකට පෙර මාසයක දී පරිභෝජනය කළ දත්ත ප්‍රමාණය දැන් පැය කිහිපයකින් පරිභෝජනය කරයි.

ලෝකය වෙනස් වෙමින් පවතියි. අපගේ මෝටර් රථ (සහ අපගේ රක්ෂණ සමාගම්) තවමත් එම තත්ත්වයේ නොවන බව අප දන්නා නමුත්, අපගේ තිරිංග රටා පිළිබඳව නිෂ්පාදකයාට සහ රක්ෂණ සමාගම් වෙත නැවත සන්නිවේදනය කරන වාහන පිළිබඳ කථා විද්‍යා ප්‍රබන්ධ ලෙස තව දුරටත් පෙනෙන්නේ නැත. අනාගතය දැනටමත් මෙහි ඇත. ලේඛක විලියම් ගිබ්සන් ප්‍රකාශ කළ පරිදි එය සමාන ලෙස බෙදී ගොස් නැතුවා පමණකි. අපගේ අණ පනත් අනාගතය සඳහා ප්‍රමාණවත් ද? ඒවා අඩු තරමින් වර්තමානය සඳහා ප්‍රමාණවත් ද?


සංශෝධන අනාගතය ඉලක්ක කරගෙන තිබේ ද?

 

එතරම් ඈත නොවන කලෙක දී, දුරකථන සම්බන්ධතාවයක් ලබා ගැනීම කොතරම් දුෂ්කරවීද යත්, සමහර විට එයට ඇති එකම මාර්ගය වූයේ දැනටමත් දුරකතනයක් ඇති නිවසක් මිලදී ගැනීම යි.
එතරම් ඈත නොවන කලෙක දී, දුරකථන සම්බන්ධතාවයක් ලබා ගැනීම කොතරම් දුෂ්කරවීද යත්, සමහර විට එයට ඇති එකම මාර්ගය වූයේ දැනටමත් දුරකතනයක් ඇති නිවසක් මිලදී ගැනීම යි. එම අතීතය පසුකර පැමිණීම සතුටට කරුණකි. දැන් ප්‍රශ්න වන්නේ මහල් නිවාස හිමියෙකුට ඕනෑ ම සැපයුම්කරුවෙකුගෙන් ෆයිබර් සම්බන්ධතාවයක් ලබා ගැනීමට අයිතියක් තිබේද? නැතහොත් එම තේරීම ඉදිකිරීම්කරුවන් හෝ කළමනාකරුවන් විසින් අත්සන් කරන ලද සුවිශේෂී ගිවිසුම් මගින් සීමා කර තිබේද? යන්න යි. ෆයිබර් දැමීමේ අයිතිය ඇත්තේ එක් සමාගමකට පමණක් නම් පාරිභෝගිකයින් සඳහා වන ආරක්ෂණ මොනවා ද? පැනවිය හැකි නීත්‍යානුකූල කොන්දේසි මොනවා ද?

අපගේ දත්ත භාවිතය සහ අපගේ උපාංගවල දත්ත භාවිතය වැඩි වන විට, විදුලි පහන් කණු වැනි වීදි උපකරණ මත ඇන්ටෙනා පිහිටුවීමේ අයිතිය, පහන් කණු හෝ එබඳු ස්ථාන හෝ දක්වා රැහැන් ඇදීමේ අයිතිය සහ වීදි උපකරණ මත සවි කල ඇන්ටෙනා වෙත විදුලිය සැපයීමේ අයිතිය, සේවා සැපයුම්කරුවන් සඳහා තීරණාත්මක වනු ඇත. මෙම කාරණා සම්බන්ධයෙන් නීතිය හා නියාමනය හරහා කටයුතු නොකළහොත්, අපගේ නගර නවීන තාක්ෂණයෙන් යුතු නොවන අතර අපට ලැබෙන සේවාවන් උපප්‍රශස්ත වනු ඇත. විදුලි සංදේශ ක්ෂේත්‍රය මධ්‍යම රජයේ පාලනය යටතේ පවතින අතර නගර වීදි පාලනය කරනු ලබන්නේ පළාත් සභා යටතේ වන පළාත් පාලන ආයතන මගින්ය. නීතිමය පාලනයේ පැහැදිලි බව සහ සම්බන්ධීකරණය පනත් මගින් සැපයිය යුතුව ඇත.

ශ්‍රී ලංකාව මැලේසියාවේ විදුලි සන්දේශ යටත් විජිතයක් වන ලකුණු?1991 අංක 25 දරණ ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතට දශක තුනකට පසුව සිදු කෙරෙන සැලකිය යුතු මට්ටමේ සංශෝධනවලින් එවැනි ගැටලුවලට විසඳුම් ලැබේ දැයි විමසීම සාධාරණ ය.

ඉහත උදාහරණ මගින් අපගේ ඩිජිටල් අනාගතය සම්පුර්ණයෙන් පැහැදිලි කරන්නේ නැත. එහෙත් 1991 අංක 25 දරණ ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතට දශක තුනකට පසුව සිදු කෙරෙන සැලකිය යුතු මට්ටමේ සංශෝධනවලින් එවැනි ගැටලුවලට විසඳුම් ලැබේ දැයි විමසීම සාධාරණ ය. ප්‍රකාශයට පත්කොට ඇති සංශෝධන මගින් එය සිදු වී නැති වීම කණගාටුවට කරුණකි.

ගැඹුරු සාගරයේ සිට ගොඩබිමට පැමිණෙන, මුහුද යටින් එන කේබල් ඒවායේ අවදානමට ලක්විය හැකි ස්ථානවල දී ආරක්ෂා කිරීමට අදාළ නීතියේ හිඩැස් පෙන්වා දීමට යමෙකු හොඳින් ක්‍රියා කර ඇත. නමුත් ප්‍රශ්නයේ ආර්ථික හා තරඟකාරීත්වය සම්බන්ධ පැති ගැන ද සිතා බැලීමක් කළ යුතුව තිබුණි. ශතවර්ෂයේ ආරම්භය දක්වා ම, පොදු පිළිගැනීම වුයේ කේබල් සම්බන්ධ කරන ස්ථාන (Landing Stations) අත්‍යවශ්‍ය පහසුකම් වන අතර, ඒවා එකකට වඩා ඉදි කිරීම නොකළ යුතු තරම් මිල අධික වන නමුත් සේවාවක් සැපයීම සඳහා අත්‍යවශ්‍ය අංග ලෙස සලකනු ලැබීම යි.

 

මෙම චින්තනය මත පදනම්ව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC), 2003 දී, පවතින කේබල් සම්බන්ධ කිරීමේ ස්ථාන සාධාරණ කොන්දේසි මත ක්‍රියාකරුවන් ගණනාවකට  භාවිතා කිරීමට හැකිවන ලෙස රෙගුලාසි නියම කිරීමට උත්සාහ කළේ ය. නමුත් වඩාත්ම තරඟ හිතවාදී නියාමන ආයතනයක් වන හොංකොං හි OFCA, කේබල් සම්බන්ධ කිරීමේ ස්ථාන අත්‍යවශ්‍ය පහසුකම් ලෙස නොසලකන ලද අතර අතිරික්තයේ අවශ්‍යතා සඳහා මිල අඩු ඉඩම් ලබා දීමෙන් බහු සම්බන්ධතා දිරිමත් කළේ ය. මා මේ මත දෙකෙන් එකක්වත් ප්‍රවර්ධනය නොකරන නමුත්, ප්‍රශ්න කරන්නේ, නීති කෙටුම්පත් කරුවන් ප්‍රවේශයන් දෙක සලකා බලා, තේරීම අනුව මතුවිය හැකි ගැටළු සඳහා ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන සපයා තිබේද යන්න යි. එවැනි කාරණා ඔවුන්ගේ සීමාවෙන් පිටත වන බව පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත්, තුන්වන වගන්තියෙන් හඳුන්වා දී ඇති සමහර තරග-විශේෂිත බලතල සහ රාජකාරි මෙන් ම, පනත් කෙටුම්පතේ ඇති නව පොදු තරගකාරීත්වයට අදාළ විධිවිධාන මගින්, අත්‍යවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නිර්මාණශීලී කොමිෂන් සභාවකට ඉඩ සැලසිය හැකි ය.

සංශෝධන මගින් අඩුපාඩු සඳහා විසඳුම් ලැබේ ද?

 

මාධ්‍ය නියාමන ප්‍රමිතීන්ට පටහැනි සාකච්ඡා ලියවිල්ලක් - (මහාචාර්ය රොහාන්  සමරජීව)විදුලි සංදේශ නියාමන කොමිසමේ වෘත්තීය වර්ධනයේ දී හමු වූ ආකාරයේ, මාරු කළ නොහැකි, පිරමිඩාකාර සංවිධාන ව්‍යුහයක් තුළ ස්වභාවිකව ම සීමා පවතී.
කෙටුම්පත්කරුවන්ගේ අනන්‍යතා සහ සුදුසුකම් මහජනයාට දැනගන්නට ලැබී නැත. නමුත් විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන්ගේ උපදෙස් ලබාගැනීමේ අවස්ථාව ඔවුන්ට තිබුණු බව අපට උපකල්පනය කළ හැකි ය. කෙටුම්පතින් පෙනී යන්නේ උපදෙස් ලබා දී නැති බව හෝ එසේ නැතිනම් දුන් උපදෙස් නොසලකා හැර ඇති බවයි. ප්‍රශ්නය පළමුවැන්න නම් එය ධාරිතාව පිළිබඳ ප්‍රශ්නයකි. දෙවැන්න නම්, කොමිසමට පිළිගැනීමක් නොමැති වීම පිළිබඳ ප්‍රශ්නයකි.

හේතුව පුද්ගලයන් පිළිබඳ ප්‍රශ්නයක් නොව ආයතනික ව්‍යුහය තුළ හෝ නිලධාරීන්ට ලබා දී ඇති ගෙවීම් පැකේජවල ප්‍රශ්නයකැයි කෙනෙකුට තර්ක කළ හැකි ය. මෙම අඩුපාඩු 1998 දී මා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීමට පෙර සිට දැන සිටි කාරණා ය. විදුලි සංදේශ නියාමන කොමිසමේ වෘත්තීය වර්ධනයේ දී හමු වූ ආකාරයේ, මාරු කළ නොහැකි, පිරමිඩාකාර සංවිධාන ව්‍යුහයක් තුළ ස්වභාවිකව ම සීමා පවතී. මුදුනේ දී පිරමිඩය වඩාත් පටු වෙයි. එය පිරමිඩයක ස්වභාවයයි.

නියාමන ආයතන අතර කාර්ය මණ්ඩලය මාරු කිරීමේ හැකියාව මා ගවේෂණය කළ නමුත් එය සාර්ථක වුයේ නැත. එවකට අමාත්‍යාංශ ලේකම්/කොමිසමේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වැටුප් යෝජනාව වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබී ය. එනිසා නිලධාරීන්ට වුනු අඩුව පියවීම සඳහා කොමිසම, එවක රාජ්‍ය සංවිධානයක පෙර නොවූ විරූ ලෙස, ත්‍යාගශීලී, පුද්ගලික සෞඛ්‍ය ප්‍රතිලාභ ක්‍රමයක් ලබා දුන්නේය. කෙසේ වෙතත්, යෝජිත නීති සම්පාදනයේ ගුණාත්මක භාවය තුළින් ප්‍රකාශ වන පරිදි, කොමිෂන් සභාව පිළිබඳව දැනට පවතින අඩු පිළිගැනීමට හෝ එහි ධාරිතාවේ ඌනතාවයට මෙම ගැටලු හේතු වුවා වන්නට ඇත.

සංශෝධන මගින් මෙම ව්‍යුහාත්මක ප්‍රශ්නවලට විසඳුම් ලබා දී තිබේ ද? මහ බැංකුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වත්මන් ගෙවීම් පැකේජ පෙන්නුම් කරන්නේ සුදුසුකම් හා වගකීම්වලට සරිලන ලෙස ගෙවීම් කිරීමට ඇති ප්‍රතිරෝධය ජයගත හැකි බව යි. විදුලි සංදේශ නියාමන කොමිසමේ අරමුදල් හිඟයක් නැත. පසුගිය වසර 10 තුළ සෑම වසරක ම එය සාමාන්‍යයෙන් රුපියල් බිලියන 15.5ක් රජයට උපයා දී ඇත. 

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ සහ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ සුදුසු වැටුප් ගෙවීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් ය. ජ්‍යෙෂ්ඨ නිලධාරීහු බොහෝ දෙනෙක් දැන් විශ්‍රාම යාමට ආසන්න තත්ත්වයේ සිටිති. උසස් තත්ත්වයේ නිලධාරීන් ආකර්ෂණය කර ගැනීමට හැකි නම් හොඳ දෙයකි. ඒ සඳහා මෙම පනතේ සක්‍රීය ප්‍රතිපාදන නැත්තේ ඇයි? අඩුපාඩු සහිත කොමිසමක් ඉස්සරහට දමා තමන්ට රිසි දේ කරන්නට ආණ්ඩුවට වුවමනා නිසා ද?

 

පුවත් වෙබ් අඩවි ලියාපදිංචියට නිර්දේශයක් !විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අන්තර්ජාලය වසා දැමීමට සහ වෙබ් අඩවි අවහිර කිරීමට, විනිවිද භාවයෙන් තොර, ඒක පාර්ශවික නියෝග නිකුත් කරමින් සිටියි.

අතුකෝරළ සහ තවත් අය එදිරිව නීතිපති (1997) 2 BHRC 610) යන සුවිශේෂී තීන්දුවෙහි සඳහන් වූයේ ගුවන්විදුලි සංඛ්‍යාත වර්ණාවලිය මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සඳහා සම්බන්ධ වූ පොදු සම්පතක් බවත්, එබැවින් එය දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොර ස්වාධීන ආයතනයක් විසින් කළමනාකරණය කළ යුතු බවත් ය. මේ වන විට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව 1990 ගණන්වලටත් වඩා, මූලික අයිතිවාසිකම්වලට බලපාන තීරණවලට සම්බන්ධ වී, අන්තර්ජාලය වසා දැමීමට සහ වෙබ් අඩවි අවහිර කිරීමට, විනිවිද භාවයෙන් තොර, ඒක පාර්ශවික නියෝග නිකුත් කරමින් සිටියි.

ඔන්ලයින් ආරක්ෂණ කොමිසමේ සාමාජිකයින් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගැනීමට රජය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර එය විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට වඩා අඩු වැදගත් කමකින් යුතු සහ අඩු බලයක් සහිත ආයතනයකි. වඩා ප්‍රශස්ත විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ සාමාජිකයින්ගේ පත්වීම් ක්‍රියා පටිපාටියක් මෙම සංශෝධනවලට ඇතුළත් නොවන්නේ ඇයි?

ජනාධිපතිවරයා විසින් විදුලි සංදේශ නියාමන කොමිසම පවරනු ලබන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිල බලයෙන් කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ සභාපතිවරයා වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ විශ්‍රාමික ජෙනරාල්වරයෙකි. කිසිදු හේතුවක් නොදක්වා දේශපාලන අධිකාරියට සභාපතිවරයා පත් කිරීමට සහ ඉවත් කිරීමට හැකියාව ඇත. 

කොමිසමේ එක ම පූර්ණ කාලීන සාමාජිකයා අධ්‍යක්ෂ ජනරාල්වරයා ය. ඔහු/ඇය ඇමතිවරයාගේ කැමැත්ත මත සේවය කරයි. ඉවත්කිරීම සඳහා කිසිදු හේතුවක් ලබාදිය යුතු නැත. අනෙක් සාමාජිකයින් තිදෙනා ඉවත් කිරීමට හේතු දැක්විය යුතු නමුත් ඔවුන් ඉල්ලා අස්වීමට පොළඹවන විට එය අවශ්‍ය නොවේ. 2000 වසරේ සිට ඉහළ ම තැන්වල විශාල අස්ථාවර බවක් තිබූනද කිසිවෙකු ඇත්ත වශයෙන් ම ඉවත් කර නැත. ඉල්ලා අස්වන්න කිව්වා පමණි. ස්වාධීනත්වය එතරම් වැදගත් වන්නේ නැති විය හැකි වුවත්, මෙවැනි ආයතනයක ස්ථාවරත්වය තිබිය යුතු ය.

 

රාජ්‍ය නිලධාරීන් මාධ්‍යවලට අදහස් දැක්වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව  මෙන්නමෙතරම් දේශපාලනීකරණය වූ ආයතනයකට, සාමාන්‍යයෙන් අධිකරණ බලධාරීන්ට ලබා දී ඇති පුළුල් බලතල ක්‍රියාත්මක කිරීමට, ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ දෙනු ඇති ද?

තීරණ ගැනීමේ මණ්ඩලයේ දුර්වලතාවය තවත් අර්ථයකින් ගැටළු සහගත ය. උදාහරණයක් ලෙස, පනත් කෙටුම්පතේ 8වන වගන්තිය මගින් කොමිෂන් සභාව වෙත ලබා දී ඇති යෝජිත නව තරග බලතල මගින් එයට “එවැනි ඕනෑම තත්වයක පැවැත්ම අඩු කිරීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අහිතකර ප්‍රතිවිපාක සඳහා පිළියම් යෙදීම හෝ වැළැක්වීමේ අරමුණින් සුදුසු නියෝගයක් නිකුත්  කිරීමට” ඉඩ දී ඇති අතර, ඒ සඳහා ඒකාබද්ධ කිරීම් ඇතුළු තරග විරෝධී භාවිතයන් යන තත්ත්වය නිශ්චිතව දක්වා ඇත. මෙතරම් දේශපාලනීකරණය වූ ආයතනයකට, සාමාන්‍යයෙන් අධිකරණ බලධාරීන්ට ලබා දී ඇති පුළුල් බලතල ක්‍රියාත්මක කිරීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අධිකරණ මගින් ක්‍රියාත්මක කරන ජනතාවගේ අධිකරණ බලයේ ආරක්ෂකයා වන ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ දෙනු ඇති ද?

මැතිවරණයක් ආසන්නයේ තිබිය දී සිල් රෙදි මිල දී ගැනීම සඳහා කොමිසමේ “ආවරණ අනුමැතියට” යටත්ව රුපියල් මිලියන 600 ක් කොමිසමේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ලබා දීමේ සිදුවීමෙන් පෙන්නුම් කළ පරිදි, කොමිසමේ අරමුදල් සම්බන්ධයෙන් ද ප්‍රශ්නයක් ඇත. මෙය සංශෝධන මගින් ආමන්ත්‍රණය කල යුතු ප්‍රශ්නයක් බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. අපේක්ෂකයකුගේ මුහුණ සටහන් කළ ආගමික භාණ්ඩ අයිතම මිල දී ගැනීම, විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවක බලතල සහ කාර්යභාරය තුළට නීත්‍යනුකුලව නොවැටෙන බව පෙනෙන්නට තිබේ. නමුත් එය සිදුවිය. මහාධිකරණයෙන් පුද්ගලයින් දෙදෙනකු වැරදිකරුවන් කළ ද, තීන්දුවට එරෙහි අභියාචනය සාර්ථක වී ය.

නීතියට ගරු කිරීම යන්නෙන් අදහස් වන්නේ ඉහළ ම අධිකරණයෙන් තීරණය කළ කරුණක් පිළිබඳව නැවත නඩු කීම කෙනෙකු නොකළ යුතු බව යි. එසේ වුවත්, සිල් රෙදි සිද්ධියක් නැවත සිදුවීම වැළක්වීම සඳහා නීතිමය ප්‍රතිපාදන සහ අභ්‍යන්තර ක්‍රියාවලිය වෙනස් කිරීම සඳහා ප්‍රබල හේතු ඇත. සංශෝධනයේ දී එය කළ හැකිව තිබිණි. එසේ නොකිරීම කණගාටුදායක ලෙස තවත් අවස්ථාවක් අත්හැර දැමීමකි.

මට තවත් බොහෝ දේ කිව හැකි ය. එසේ වුවත්, මෙම උදාහරණ දැනට ප්‍රමාණවත් වේ.

කළ යුතුව ඇත්තේ කුමක් ද ? 

 

සයිබර් මෙහෙයුම් සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධ කිරීමේ සැලසුම්නැවතත්, සයිබර් ආරක්ෂණ කෙටුම්පත උපදේශනය සඳහා විවෘතව ඇත.

 

වේගයෙන් වෙනස් වන ක්ෂේත්‍රයක දැනුම, නිලධාරීන්ගේ සහ නියාමකයින්ගේ ඒකාධිකාරයක් වන්නේ නැත. මෙවැනි ක්ෂේත්‍රවල නව නීති සම්පාදනය පුළුල් උපදේශන මගින් සිදු කරන්නේ එම නිසා ය. පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත (2022 අංක 9) තුළ තවමත් යම් අඩුපාඩු ඇතත්, එහි මුල් රාමුව මහජන අදහස් සඳහා විවෘත කළ අවස්ථාවේ සිට සැලකිය යුතු ලෙස වැඩි දියුණු වී ය. නැවතත්, සයිබර් ආරක්ෂණ කෙටුම්පත උපදේශනය සඳහා විවෘතව ඇත. විදුලි සංදේශ පනතේ සංශෝධන ප්‍රකාශයට පත් කරන පළමු අවස්ථාව මෙය යි. දැන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබිය දී වැදගත් වෙනස්කම් කිරීමට කාලයක් තිබේ ද?

කැබිනට් මණ්ඩලයේ ඔහුගේ සගයින් අවස්ථා ගණනාවක දී කර ඇති පරිදි, රාජ්‍ය ඇමතිවරයා මෙම පනත විවාදයට ගැනීමෙන් ඉවත් කර ගත යුතු ය. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනම්‍ය ක්‍රමවේදය මගින් මහජන උපදේශනයකට ඉඩ දෙන්නේ නැති නම්, මහජන උපදේශනයට සහ මහජන දැනුම් දීමේ  ක්‍රියාමාර්ග සඳහා ඉඩ සලසන ප්‍රතිපාදන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ ඇත. ඇමතිවරයාගේ ම අමාත්‍යංශයට මහජන උපදේශන පිළිබඳ අත්දැකීම් තිබේ. ඒවා ක්‍රියාවට නගමින් කෙටුම්පත නිවැරදි කළ යුතු ය.

අර්ධ වශයෙන් සකස් කළ නීති වලට වඩා අපගේ ඩිජිටල් අනාගතය වැදගත් ය. 

සේවාදායකවාදී රාජ්‍යය නැවත ජය ගනියි ද?- (මහාචාර්ය රොහාන් සමරජීව)(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්