* හැංගිල්ලයි- කඩිමුඩියයි සැකසහිතයි
* අධ්‍යාපන අයිතිය ගැන වචනයක්වත් නෑ
* පාර්ලිමේන්තුවටත් හොරෙන් වැඩ අරඹලා
* පොකුරු පාසල්- සමාගම් යුගයට ආපසු යෑමක්


වසර 2048දී පූර්ණ සංවර්ධිත ශ්‍රී ලංකාවක් යන දැක්මට අනුකූලව සකස් කළේ යැයි පවසන 'ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව' නම් කෙටුම්පතක් රජය විසින් මාස කිහිපයකට පෙර එළිදැක්විණි. එය සකස් කර තිබෙන්නේ, ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් හා අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ද ඇතුළත් වන පරිදි සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල කමිටුවක් සහ ඊට සහාය වීම පිණිස පත්කර ගන්නා ලද සාමාජිකයන් 25 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මගිනි.

 

 

මෙම යෝජනා පාර්ලිමේන්තුවේ අධ්‍යාපන විෂය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අධීක්ෂණයට ලක් වූ බවත්, එම කාරක සභාවේ ප්‍රතිචාර අනුව සංශෝධනය කළ කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවත් ප්‍රකාශ වුවද මේ වන තුරු එවැන්නක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත. එහෙත් ''ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව'' මත අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත වෙනස්කම් පිළිබඳ අධ්‍යාපන ඇමතිවරයා සිදු කරන ප්‍රකාශ, ජනමාධ්‍යවල පුවත් මවමින් තිබේ. ඒ ප්‍රකාශවලින් කියැවෙන්නේ, අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ යෝජනා දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. 

මහජන අදහස් විමසීමකින් තොරව, අධ්‍යාපනයට සම්බන්ධ විවිධ පාර්ශ්වයන් සහභාගී කර නොගෙන, දේශපාලකයින්ගේ අභිමතය පරිදි පමණක් රටක අධ්‍යාපන ප්‍රතිපත්තිය තීරණය කළ හැකි ද? පාර්ලිමේන්තුවේ අනුමැතියකින් හෝ තොරව, එහි ඇතුළත් යෝජනා ක්‍රියාත්මක කළ හැකි ද? ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ එසේ කළ නොහැකි වුවද ඛේදජනක ලෙස සිදුවෙමින් පවතින්නේ එයයි. වඩාත් බරපතළ කාරණය වන්නේ, අධ්‍යාපනය ලැබීම සෑම දරුවකුගේම අයිතියක් බව පිළිගනිමින්, ඒ සඳහා පහසුකම් සැලසීමට රජයේ වගකීමක් ලෙස සැලකුණු, මෙතෙක් සම්මුතිගතව පැවති ප්‍රතිපත්ති රාමුවෙන් බැහැර වීමක් මෙම යෝජනාවලින් පිළිබිඹු වන බැවිනි.

හැංගිමුත්තම සහ කඩිමුඩිය

 

අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කෙරුණේ, විනිවිධභාවයකින් හෝ විවෘතභාවයකින් තොරව මෙන්ම එවැන්නකට නොගැළපෙන තරම් කඩිමුඩියකිනි.

අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කෙරුණේ, විනිවිධභාවයකින් හෝ විවෘතභාවයකින් තොරව මෙන්ම එවැන්නකට නොගැළපෙන තරම් කඩිමුඩියකිනි. එය සකස් කළේ යැයි කියන විශේෂඥ කමිටුවේ සාමාජිකයින් විසි පස් දෙනා කවුදැයි ආණ්ඩුව මේ වන තුරුත් නිල වශයෙන් ප්‍රකාශ කර නැත. ඔවුන් තෝරාගන්නා ලද්දේ කවර පදනමක් මත දැයි පැහැදිලි කොට නැත. මේ ගැන උනන්දුවක් දැක්වූ අය එම නාම ලේඛනය සොයාගෙන ප්‍රසිද්ධියට පත් කළ අතර, එහි සංයුතිය මෙන්ම ඇතැම් නියෝජන පිළිබඳවද විවේචන පළ විය. විශේෂයෙන් පෞද්ගලික පාසල් හා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපනයට සම්බන්ධ ව්‍යාපාර සහ වෙනත් ව්‍යාපාරික ක්ෂේත්‍රවල පුළුල් නියෝජනයක් ඊට ඇතුළත් වීමත්, විශ්වවිද්‍යාල ප්‍රජාවගේ නියෝජනය එකම විශ්වවිද්‍යාලයක ආචාර්යවරුන් දෙදෙනෙකුට පමණක් සීමා වීමත් කැපී පෙනුණු කාරණයකි.

වඩාත් පුදුමසහගත කාරණයක් නම්, එළිදක්වන ලද ප්‍රතිපත්ති රාමුව පිළිබඳව බරපතළ ගැටලුකාරී තත්ත්වයක් පැනනැගී තිබියදීත් එහි සම්පාදනය කළේ යැයි කියන විශේෂඥයින් කිසිවකු ඒ ගැන පැහැදිලි කිරීමට හෝ වගකීම බාර ගැනීමට ඉදිරිපත් නොවීමය. ධාතු කරඬුවක් සේ මෙය හිස් මුදුනේ තබාගෙන යන අධ්‍යාපන ඇමතිවරයා පවා, ඊට එල්ල වූ විවේචන සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නැත.


ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටීමට ඉදිරිපත් වන එකම චරිතය, එම ක්‍රියාවලියට දායක වී ඇති ආචාර්ය සුජාතා ගමගේ පමණි. යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙහි ගැටලු පිළිබඳව මහජනතාව දැනුවත් කරමින් ඒ සම්බන්ධ පුළුල් සංවාදයක් ගොඩනැගීම සඳහා පුරෝගීමී මැදිහත්වීමක් සිදු කළ මහාචාර්ය අර්ජුන පරාක්‍රමට අනුව, මෙම ලියවිල්ල අවිධිමත්, අසම්පූර්ණ මෙන්ම සැබෑ අරමුණු සඟවාගත් වංචනික එකකි. එහි ඉංග්‍රිසි මුල් පිටපත සහ සිංහල පරිවර්තනය අතර පරස්පරතා රැසක් මහාචාර්යවරයාගේ තියුණු ප්‍රශ්න කිරීමට ලක් විය.

සමස්තයක් ලෙස මෙම යෝජනාවලියේ අරමුණ අධ්‍යාපනය සම්බන්ධයෙන් රජය දැරූ වගකීමෙන් බැහැර වීම බවත්, යෝජනාවලිය සම්පාදනයට දායක වූ ව්‍යාපාරික පන්තියේ අවශ්‍යතාව මත අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීම බවත් මේ පිළිබඳ විරෝධය පළ කරන පාර්ශ්ව රැසක් අවධාරණය කොට තිබේ.

නිදහස් අධ්‍යාපනය ඉවර ද?

 

නිදහස් අධ්‍යාපනය, මෙරට ජනතාව සතු අගනාම උරුමයක් ලෙස සැලකිය හැකිය.
නිදහස් අධ්‍යාපනය, මෙරට ජනතාව සතු අගනාම උරුමයක් ලෙස සැලකිය හැකිය. ඊට මූලික අඩිතාලම දමනු ලැබුවේ නිදහස ලැබීමටත් පෙර, එවකට ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පැවැති කාරක සභා ක්‍රමයෙහි අධ්‍යාපන කාරක සභාව මගිනි. නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සම්භාවනාවට පාත්‍ර වන සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා එවක එහි සභාපතිවරයා විය. එකල ප්‍රබලතම කොමියුනිට්ස්වාදියෙකු වූ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, එවකට සිටි ධන කුවේරයකු වූ හෙන්රි අමරසූරිය වැනි විවිධ දේශපාලන අදහස් නියෝජනය කළ පිරිසක් එම කාරක සභාව නියෝජනය කළ අතර එදා 1943දී නිදහස් අධ්‍යාපනය සඳහා අඩිතාලම දැමුණේ එබඳු බහුවිධ නියෝජනයක් තුළිනි. 1947දී එය නීතිගත කෙරිණි. වරින් වර විවිධ උත්සාහයන් දියත් වුවද නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියෙන් බැහැර වීමට මේ දක්වා බලයේ සිටි කිසිදු ආණ්ඩුවකට හැකි වී නැත. ජනතාවට වග නොකියන, අදෘශ්‍යමාන කණ්ඩායමකගේ උවමනාවට එවැනි උරුමයක් අහෝසි කළ හැකි ද?

Sujata Gamageආචාර්ය සුජාතා ගමගේමෙම අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව වෙනුවෙන් පෙනී සිටින ආචාර්ය සුජාතා ගමගේ පවසන්නේ මෙය මූලික ප්‍රතිපත්ති සැකැස්මක් පමණක් බවය. මෙය සාකච්ඡාවට ලක් කිරීමෙන් අනතුරුව අවශ්‍ය සංශෝධනවලට ඉඩ ඇති බව ඇය මේ පිළිබඳව කළ අදහස් දැක්වීම්වලදී සඳහන් කළ කරුණකි. එහෙත් අධ්‍යාපන ඇමතිවරයාගේ ක්‍රියාකලාපයෙන් පෙනෙන්නේ, කිසිවකුගේ අදහස් සැලකිල්ලට නොගෙන ජනාධිපතිවරයාගේ අභිලාෂය අනුව සැකසුණු මෙම ප්‍රතිපත්ති රාමුව කෙසේ හෝ ක්‍රියාත්මක කිරීම ඔහු සිය වගකීම ලෙස සලකන බවයි.

 
මෙම ප්‍රතිපත්ති රාමුව අධ්‍යයනය කොට, ඒ පිළිබඳ දැඩි විවේචනයක් පළ කළ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ අවධාරණය කරන්නේ, නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීම මුලික කොන්දේසියක් විය යුතු බවයි.
 
''නිදහස් අධ්‍යාපනය යන්න නිර්වචනය කළොත්, එය ජනතාව විසින් පත් කරනු ලබන රජයක පාලන ක්‍රමය විසින් ළදරු වියේ සිට විශ්වවිද්‍යාලය දක්වා හැකි සෑම අයෙකුටම නොමිලේ මුදල් නොගෙවා ඉහළ මට්ටමේ අධ්‍යාපනයක් ලබා ගැනීමට අවස්ථාවක් සැකසීම යි. මේ රටේ අධ්‍යාපනය ව්‍යාප්ත වීමට එය ප්‍රධාන වශයෙන් හේතු වුණා. ඒ වගේම මානුෂීය සමාජ දර්ශකවලින් ලංකාව රටේ ආර්ථික දර්ශකයට සමානුපාතිකව ඉහළ මට්ටමක ඉන්නට ප්‍රධාන හේතුවක් වන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනය පැවතීම බව ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි සංවිධානවලින් පවා පිළිගෙන තිබෙනවා'' වෛද්‍ය අමරසිංහ පැවසීය.
 
ස්මාට් සහ ඩොටේ ඉස්කෝල!
 
පාසල් දහසක්' ව්‍යාපෘතියෙන් කුඩා පාසලට කණකොකා හඬන ලකුණුපරිගණක අධ්‍යාපනය සම්බන්ධයෙන්ද බරපතළ විසමතාවක් පවතින අතර එක් අන්තයක ස්මාර්ට් පන්තිකාමර සහිත සුපිරි පාසල්ද අනෙක් අන්තයේ විදුලිය පවා නොමැති පාසල්ද ඇත.
ශ්‍රී ලංකාව අධ්‍යාපනය අතින් එවන් ප්‍රගතියක් අත් කර ගෙන තිබෙන්නේ, අධ්‍යාපන පද්ධතියෙහි බරපතළ විෂමතා තිබියදී බවද විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු කරුණකි. 2022 වසරේ පාසල් සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත රජයේ පාසල් සංඛ්‍යාව 10,126කි. එයින් පාසල් 396ක් හෙවත් සියයට 3.9ක් ජාතික පාසල් නමින් හැඳින්වෙන මධ්‍යම රජයේ පාලනය යටතේ පවතින වරප්‍රසාදිත පාසල් වන අතර ඒවායේ අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය හිමිව ඇත්තේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 21කට පමණි. සෙසු පාසල් පළාත් සභා යටතේ පාලනය වේ. විද්‍යා සහ ගණිත විෂයධාරාවන් හැදෑරීම සඳහා පහසුකම් සලසන පාසල් ඇත්තේ පාසල් 1008ක් හෙවත් සමස්ත පාසල් සංඛ්‍යාවෙන් සියයට 10ක් පමණි. ඉංග්‍රිසි මාධ්‍යයෙන් විෂයයන් කිහිපයක් හෝ ඉගැන්වෙන්නේ රජයේ පාසල් 765ක පමණක් වන අතර ද්විභාෂා මාධ්‍ය අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය හිමිව ඇත්තේ සමස්ත පාසල් සිසුන්ගෙන් සියයට 2.9කට පමණකි. පරිගණක අධ්‍යාපනය සම්බන්ධයෙන්ද බරපතළ විසමතාවක් පවතින අතර එක් අන්තයක ස්මාර්ට් පන්තිකාමර සහිත සුපිරි පාසල්ද අනෙක් අන්තයේ විදුලිය පවා නොමැති පාසල්ද ඇත. මහාචාර්ය අර්ජුන පරාක්‍රම, එම තත්ත්වය සිය අත්දැකීමක් ඇසුරින් මෙසේ විස්තර කළේය.
 
සැමට ඉංග්‍රිසි මාධ්‍ය අධ්‍යාපනය සුරංගනා කතාවක් ද?- (හර්ෂා සුගතදාස)ද්විභාෂා මාධ්‍ය අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය හිමිව ඇත්තේ සමස්ත පාසල් සිසුන්ගෙන් සියයට 2.9කට පමණකි.
 
''මම ගියා වතුකරයේ එක ඉස්කෝලෙකට. ඉස්කෝලේ භූමි ප්‍රමාණය පර්චස් හතළිහයි. එක පන්ති කාමරයක්වත් නෑ. නිකම්ම නිකන් පොඩි ශාලාවක් විතරයි තිබුණේ. ළමයි ඉන්නෙ පනස් පහයි.'' මේ විෂමතාවලට රජය මෙම ප්‍රතිපත්ති රාමුව තුළින් දක්වා තිබෙන විසඳුම කුමක්ද?

අධ්‍යාපන සංවර්ධන සංධානය යනු අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය සඳහා දායක වීමට පුරවැසියන්ට ඇති අයිතිය හා අධ්‍යාපනයේ ප්‍රමිතීන් පිළිබඳව කටයුතු කරන සිවිල් සමාජ සංවිධාන 57ක් සාමාජිකත්වය දරන සංවිධානයකි. එහි ප්‍රමුඛ ක්‍රියාධරයකු වන කමල් හේරත් මහතා මෙම අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ තිබෙන ඇතැම් යෝජනා මගින් දුර බැහැර දුෂ්කර පාසල්වල දරුවන්ට විශාල අසාධාරණයක් සිදුවන බව පෙන්වා දෙයි.
 
Kamal Herathකමල් හේරත්''අපේ රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කරන්නේ සියයට 1.9යි. නමුත් සංවර්ධනය වෙන රටක එය සියයට 6ක් වත් විය යුතුයි. මේ මුදලිනුත් වැඩි ප්‍රමාණයක් වැය වන්නේ පාසල් සිසුන්ට පොත්පත් ලබාදීම ඇතුළු සුබ සාධන  කටයුතු, ගුරුවරුන්ගේ වැටුප් ආදිය සඳහායි. අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වෙනුවෙන් යොදන පිරිවැය සීමිතයි. මෙම සියයට 1.9ක මුදල් ප්‍රතිපාදන ලැබෙන්නේත් වසරේ දෙවන කාර්තුව අවසානයේ හෝ තුන්වන කාර්තුව මුලදී  පමණ. එවිට ඒ මුදලින්වත් යමක් කරන්නට තරම් කාලයක් ලැබෙන්නේ නෑ. ඉන් පසුව සිදුවන්නේ වසර අවසානයේ ඉතිරි වී ඇති මුදල් නැවත භාණ්ඩාගාරයට යාමයි. එයින් පැහැදිලි වන කරුණ නම් අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදනවලින්වත් උපරිම ප්‍රයෝජනයක් ගන්නට අවකාශ නොලැබෙන බවයි.''
 
පොකුරු පාසල් විසඳුමක්ද?
 
එදා බැරි වුනු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද කරන්න පුළුවන් ඇයි? - (ආචාර්ය සුජාතා  ගමගේ )අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ තිබෙන එක් ප්‍රමුඛ යෝජනාවක් වන්නේ පාසල් පොකුරු වශයෙන් එක් කොට, අධ්‍යාපන සංවර්ධන මණ්ඩල නමින් පිහිටුවන ඒකකවලට ඒවායේ වගකීම පැවරීමයි
දක්ෂ ව්‍යාපාරිකයෝ අදක්ෂ රාජ්‍ය පාලකයෝය (ධම්මිකගේ සිහින) - විශේෂඥ වෛද්‍ය  අජිත් අමරසිංහඅධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ තිබෙන එක් ප්‍රමුඛ යෝජනාවක් වන්නේ පාසල් පොකුරු වශයෙන් එක් කොට, අධ්‍යාපන සංවර්ධන මණ්ඩල නමින් පිහිටුවන ඒකකවලට ඒවායේ වගකීම පැවරීමයි. එම ඒකකවලට යම් ස්වයං පාලනයක් ලබා දීමටද යෝජනා කොට තිබේ. මෙය ඉතා භයානක යෝජනාවක් බව විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහගේ අදහසයි.
 
''මේ විදිහට පාසල් පද්ධතිය ස්වාධීනව පාලනය වන ආයතන බවට පත්කොට ඒවාට තමන්ගේම අරමුදල් සොයා ගැනීමේ හැකියාවක් ලබාදීමේ කටයුත්තෙහි අවසානය මා දකින්නේ 40 - 50 වැනි දශකවල අප රටේ තිබුණු, පාසල් සමාගම් යුගයට ආපසු යාමක් හැටියටයි. ඒ කාලයේ මෙවැනි සමාගම් අතර මහාබෝධි සමාගම, පරම විඥානාර්ථ බෞද්ධ සමාගම වගේ ප්‍රසිද්ධ සමාගම් වගේම කවුරුත් හරිහැටි නොදන්නා ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වුණු සමාගම්ද තිබුණා. එක උදාහරණයක් තමයි මාතර රාහුල විද්‍යාලය. සමහර අය කියන්න පුළුවන් ඒ කාලයේ  ඉතා හොඳ ඉහළ පෙළේ අධ්‍යාපනයක් ලබා දුන්නා කියලා. මේක අමූලික බොරුවක්. එවැනි ඉහළ පෙළේ අධ්‍යාපනයක් ලබා දුන්නේ සමාජයේ සුළු පිරිසකට. අධ්‍යාපනය අපේ රටේ නිසියාකාරව ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ 1943දී ඇති වුණු ප්‍රතිසංස්කරණවලින් පසු මේ සමාගම් පාසල් හැටේ දශකයේදී රජයට පවරා ගැනීමෙන් අනතුරුවයි. ඒ කියන්නේ අධ්‍යාපනය සාමාන්‍ය ජනතාව අතට පත්වෙන්න පටන් ගත්තෙ මෙන්න මේ ක්‍රියාදාමයෙන් පස්සේ. මේ ක්‍රියාදාමය ආපස්සට හැරවීමේ ප්‍රයත්නයක් තමයි මේ ලියවිල්ල තුළ මා දකින්නේ. මෙය ඉතාමත් බරපතළ තත්ත්වයක්.''
 
මෙම කෙටුම්පතෙහි දැක්වෙන කරුණු මැනවින් විමසා බලන විට පැහැදිලි වන්නේ, මෙය වරප්‍රසාදිත මධ්‍යම පන්තික නාගරික ශිෂ්‍යයන්ට හා ඒ පවුල්වලට වැඩි අවකාශ, වැඩි වරප්‍රසාද, වැඩි පහසුකම් ලබාදෙන, ග්‍රාමීය දිළිඳු වරප්‍රසාද අඩු ශිෂ්‍යයන්ට සහ දෙමාපියන්ට තිබෙන ටිකත් අඩු කරන ප්‍රතිපත්ති රාමුවක් බවයි. උසස් හා පාසල් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන මහා දැවැන්ත පියවරක් මේ තුළ තිබෙන බව මහාචාර්ය අර්ජුන පරාක්‍රම පෙන්වා දෙයි.
 
IMF යනවා වෙනුවට ණය නොගෙවා ඉන්න පුළුවන් - මහාචාර්ය අර්ජුන පරාක්‍රමමහාචාර්ය අර්ජුන පරාක්‍රම
 
''මෙහි තිබෙන නිර්දේශ ගැන බැලුවොත් පෞද්ගලික ආයතනවලට  විශේෂිත වරප්‍රසාද ලබාදෙන, සහන ලබාදෙන කොන්දේසි කිහිපයක්ම දක්නට ලැබෙනවා. ඒ අයට බදු පවා අඩු කරනවා. රජයේ පාසල් පද්ධතියට කිසිම සහනයක්, කිසිම දෙයක් ලැබෙන්නේ නෑ. සමස්තයක් විදිහට බැලුවොත් අපේ රටේ අධ්‍යාපනය තුළ දැනට තිබෙන විෂමතා තව තවත් වැඩි කරන ලියවිල්ලක් මේක''
තාක්ෂණයේ බුද්ධත්වය කාත්‍රිම බුද්ධියයිමෙවැනි තත්ත්වයක් තුළ කෘත්‍රිම බුද්ධියක් වැනි දේ ගැන කවර කතාද?
 
අපේ රටේ සෑම පාසලකටම කෘත්‍රිම බුද්ධිය හඳුන්වා දීමේ යෝජනාවක් මෙහි සඳහන් වෙයි. නමුත් මෙම කෙටුම්පත සකස් කළ අය ''සෑම පාසලක්'' යන්නෙන් අර්ථ දක්වන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත. අපේ රටේ තවමත් විදුලිබලය පවා නැති පාසැල් තිබේ. මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් ගැන පමණක් සැලකුවහොත් එයින් සියයට 7කටම විදුලිබලය නොමැති බව අර්ජුන පරාක්‍රම මහාචාර්යවරයා පවසයි. දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලත් කොතෙකුත් මෙබඳු පාසල් තිබෙනු ඇත.

ඔහු තවදුරටත් අදහස් දැක්වූ අන්දමට අපේ රටේ පාසල්වලින් සියයට 16කට ජලය කිසිසේත්ම නොමැත. සියයට 24කට පිරිසිදු පානීය ජලය නොමැත. මෙවැනි තත්ත්වයක් තුළ කෘත්‍රිම බුද්ධියක් වැනි දේ ගැන කවර කතාද? මෙයින් සිදුවන්නේ සීමිත පාසල්වලට තව තවත් වරප්‍රසාද දීම සහ ඒ කිසිවක් නැති පාසල් අවසානයේ වසා දමන තත්ත්වයටම පත්වීමය.
 
කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී එහි අරමුණු පිළිබඳව තියුණු විග්‍රහයක් ඉදිරිපත් කළේය.
 
Nirmal Ranjith Dewasiriමහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි''ලංකාවේ නිදහස් අධ්‍යාපනය ආරම්භ වුණු 1943 වැනි කාලයක මගේ මතකයට අනුව අපේ රටේ සිටියේ මිලියන හතක පමණ ජනගහනයක්. එයිනුත් අතිවිශාල ප්‍රමාණයක් සිටියේ ග්‍රාමීය ජනගහනයයි. නාගරික ජනගහනය සිටියේ ඉතාම සුළු ප්‍රතිශතයක්. අද ජනගහනය මිලියන 22ක්. ජනගහන සංයුතියේත් මූලික වෙනසක් අද වන විට සිදුවෙලා තිබෙනවා. එයට හේතුව අධ්‍යාපනය සහ ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒ වකවානුවේ අධ්‍යාපනයට තිබුණු ඉල්ලුම අඩුයි. ඊට හේතුව එකල ජනතාවට අධ්‍යාපනය මගින් ඉටු කරගන්නට ලොකු බලාපොරොත්තු නොතිබීමයි. නමුත් අද වන විට අධ්‍යාපනය තුළින් අතිවිශාල බලාපොරොත්තු ප්‍රමාණයක් ඉටු කර ගැනීමට අද සිසුන් යොමු වී සිටිනවා. ඒ නිසාම අද අධ්‍යාපනයත් අතිවිශාල ව්‍යාපාරයක් බවට පත් වෙලා. අද ටියුෂන් ව්‍යාපාරිකයන්ට සියලුම දේශපාලන පක්ෂ පාලනය කිරීමේ හැකියාවක් තිබෙනවා. අද වන විට ගහක් ගලක් ගාණේ තිබෙන පෞද්ගලික විශ්වවිද්‍යාල කියන්නේ විශාල ව්‍යාපාර.
 
මේ ක්‍රියාවලිය තුළ ඉන්න අය තමයි මේ ප්‍රතිපත්ති රාමුව හදන්නෙත්. මේක ඇතුළේ තියෙන්නේ ඒ අයගේ චින්තනය. ඒ වගේම මේක ඇතුළේ අර ව්‍යාපාරික ජාලයට විශාල අවස්ථාවන් නිර්මාණය කර තිබෙනවා. මේ විකෘතිය කිසිම විදිහකින්වත් වෙනස් කිරීමක් ගැන මෙහි අදහසක් නෑ. අඩු තරමින් අද පාසල්වල තිබෙන විෂමතාව වෙනස් කරන්නේ කොහොමද කියලවත් මේ ලියවිල්ලේ සඳහනක් නෑ. ජාතික පාසල්, පළාත් පාසල් බවට පත් කරනවා කිව්වට ඕක හැම එකකටම කරන්න පුළුවන්ද? උදාහරණයක් විදිහට කොළඹ රාජකීය විද්‍යාලයට ඔය දේ කළ හැකිද? ඒ වගේම අපේ රටේ දෙමාපියන් දරුවන්ගේ ටියුෂන් වෙනුවෙන් මාසිකව වැය කරන මුදල අතිවිශාලයි. ඒ සම්බන්ධයෙන් මොකුත් කරන්න පුළුවන්ද? බෑ. මේ ඇතිවෙලා තියෙන අතිවිශාල අර්බුදය යම්කිසි උනන්දුවක් දක්වන පාර්ශ්වයකට අවශ්‍ය විදිහට කළමනාකරණය කිරීම කියන රාමුව ඇතුළේ තමයි මේකට විසඳුම් හොයන්න හදන්නේ.''
 
රජය අත පිසදා ගැනීම
 
Lacille de Silvaදූෂණ වංචා කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා

මේ සියලු දේවල් තුළින් ඉතා පැහැදිලිවම ගම්‍ය වන්නේ දුෂ්කර පාසල් තව තවත් ප්‍රපාතයකට වැටෙන බවට පෙර නිමිත්තකි. අධ්‍යාපනය හැසිරවීමේ අයිතිය ව්‍යාපාරික පන්තියට පවරා දී ආණ්ඩුව වගකීමෙන් අත පිසදා ගැනීමේ වෑයමක් එමගින් පිළිබිඹු වෙයි. මෙය කෙතරම් හානිකර විය හැකිද යන්න බරපතළ දූෂණ වංචා කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා අපට පැහැදිලි කළේය.

''අධ්‍යාපනය සම්බන්ධයෙන් රජය දරන වගකීම කියන එක ඉතාම වැදගත් කාරණයක්.1977 වසර වන විට අපේ රටේ සාක්ෂරතාව සියයට 90කට ආසන්නයි. ඒ වන විට චීනයේ සාක්ෂරතාව සියයට 65යි, ඉන්දියාවේ 36යි. ඉන්දියාවේ එවකට පැවති ක්‍රමයට අනුව දරුවන් පාසල් යවන වගකීම පැවරී තිබුණේ දෙමව්පියන්ට. නමුත් එදා අපේ රටේ පැවති ක්‍රමය අනුව දරුවන් පාසලට ගෙන්වා ගැනීමේ වගකීම පැවරී තිබුණේ ආසන්නයේම පිහිටි පාසලේ විදුහල්පතිවරයාටයි.
 
1901 වසර වන විට අපේ රටේ පාසල් යන වයසේ දරුවන් හයලක්ෂ පනස්දහසක් සිටි අතර අධ්‍යාපනය ලබා ගැනීමට හැකියාව තිබුණේ එයින් 1/4කට, එනම් මුදල් තිබූ අයගේ දරුවන්ට පමණයි. නිදහස් අධ්‍යාපනය අපේ රටට හඳුන්වා දුන් පසු සැතපුම් දෙකක් ඇතුළත ප්‍රාථමික පාසල්, සැතපුම් පහක් ඇතුළත මහා විද්‍යාල, තෝරාගත් නගරවල මධ්‍ය මහා විද්‍යාල පිහිටුවනු ලැබුවා. රටේ සියලුම දරුවන් පාසල්  අධ්‍යාපනය ලබන තත්ත්වයට පත් වුණා. අපේ රටේ සාක්ෂරතාවය දියුණු මට්ටමකට පත් වුණේ මේ අනුවයි. නමුත් නැවත පාසල් පුද්ගලීකරණය කිරීමට දරන උත්සාහය ඒ ජයග්‍රහණ ආපසු හැරවීමක්.''
බඩගිනි දරුවන් අතරේ නිදහස් අධ්‍යාපනය සොයා ගියෙමි - (ෂබීර් මොහොමඩ්)අපේ රටේ සාමාන්‍ය පවුලක දරුවෙකුට ඉහළට යාමට තිබෙන එකම මාර්ගය අධ්‍යාපනය පමණි. 
 
අධ්‍යාපන සංවර්ධන සංධානයේ සාමාජික කමල් හේරත් මහතා පවසන්නේ යෝජිත ප්‍රතිපත්ති රාමුව අධ්‍යාපන පද්ධතියේ පවතින විසමතා තවදුරටත් පුළුල් කිරීමට හේතු වන බවයි.
 
''මෙම අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් පාසල් සඳහා අයවැය වෙන් කරන්නට යන්නේ ඒ ඒ පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව මත හා කාර්යසාධනය මතයි. අපේ රටේ ශිෂ්‍ය සංඛ්‍යාව පහළොවක් තරම් වූ කුඩා පාසල් ද තිබෙනවා. එවිට එම පාසලට ප්‍රතිපාදන ලැබෙන්නේ කොතරම් කුඩා ප්‍රමාණයක්ද? සිසුන් තුන්දහසකට අධික පාසලක් පිළිබඳව සැලකුවහොත් එම පාසලට ලැබෙන මුදල් ප්‍රතිපාදන කොතෙක්ද? මෙයින් සිදුවන්නේ දැනට පාසල්වල තිබෙන විෂමතාව තවත් විශාල ප්‍රතිශතයකින් ඉහළ යාමයි. නමුත් කළ යුත්තේ එහි අනික් පැත්ත නොවෙයිද?''
 
ලංකාවේ පැලවෙන්නෙ නිදහස් අධ්‍යාපනය නෙමෙයි, නොමිලේ අධ්‍යාපනය' - (චින්තන  ධර්මදාස)මේ සියලු තත්ත්වයන්ගේ ප්‍රතිඵලය වනු ඇත්තේ දිළිඳු පවුල්වල දරුවන් අධ්‍යාපනයෙන් තව තවත් ඈත්වීම ය.
 
මේ සියලු තත්ත්වයන්ගේ ප්‍රතිඵලය වනු ඇත්තේ දිළිඳු පවුල්වල දරුවන් අධ්‍යාපනයෙන් තව තවත් ඈත්වීම ය. අපේ රටේ සාමාන්‍ය පවුලක දරුවෙකුට ඉහළට යාමට තිබෙන එකම මාර්ගය අධ්‍යාපනය පමණි. එහි ද දොර වැසී යන්නේ නම් අනාගතයේ  කිසිදු අධ්‍යාපන හැකියාවක් නැති, එනිසාම පෞරුෂයේද විවිධ අඩු ලුහුඬුකම් සහිත පුරවැසියන් පිරිසක් බිහි වීම හා එමගින් අනාගතයේ තවත් බිහිසුණු ප්‍රතිඵල නිර්මාණය කෙරෙනු ඇත. රජයේ මේ වෑයම හකුලා නොගතහොත් සිදු වන්නේ නිදහස් අධ්‍යාපන අයිතිය මෙන්ම සමාජයක් ලෙස ඒ ඔස්සේ අත් කරගත් ජයග්‍රහණයන්ද රටේ අනාගත පරපුරට අහිමි වී යෑම නොවේ ද?
 
සටහන - ඉන්දු පෙරේරා
 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්