ඡන්දයට බය කවුද? ඡන්දයකින් තමන් පරදිතියි සිතන්නා ය.

වැඩියත්ම එසේ සිතෙන්නේ කාටද? වැඩියත්ම පැරදී ඇති සහ නැවතත් එසේ වෙතියි සිතන්නාට ය. 

දිනුම පැරදුම, සාමාන්‍ය ක්‍රීඩාවකදී නම් විඳ දරාගත හැකිය. එහෙත්, දිනුම හෝ පැරදුම සමග බලය යන කාරණයත් බැඳී ඇත්නම්, එවැනි තරඟයකින් පරාජය වීම වඩාත් දරාගත නොහැක්කේ වඩාත් බලයට කෑදර කෙනාටයි. ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු නැති බවට තවමත් ඉඟිකරන සියල්ලන් අයත් වන්නේ මේ කියන කාණ්ඩයටයි. 

ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය, මැතිවරණ කොමිසම විසින් ළඟකදී තීරණය කරන බව මැතිවරණ කොමිසම මේ වන විට කියා ඇත.

 

ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය, මැතිවරණ කොමිසම විසින් ළඟකදී තීරණය කරන බව මැතිවරණ කොමිසම මේ වන විට කියා ඇත. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එම දිනය, වර්තමාන ජනාධිපතිවරයාගේ (එනම්, ගෝඨාභය රාජපක්ෂගෙන් වර්තමාන ජනාධිපතිවරයාට ලැබුණු) ධුර කාලය අවසන් වීමට මාසයකට නොඅඩු කාලයක් සහ මාස දෙකකට නොවැඩි කාලයක් අතර යම් දිනයක් වනු ඇත. 

කෙසේ වෙතත්, මීට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසම මේ ආකාරයටම කැටතියා ප්‍රකාශයට පත්කර තිබුණත්, මුදල් නැතැයි යන අවසරය යටතේ, අවසානයේ එවැන්නක් නොපවත්වා සිටීමට මේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව වගබලාගෙන තිබේ. 

 

විධායක ජනාධිපති ධූරයෙන් රට සහ ජනතාව බේරා ගනිමු. -ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේජනාධිපති ධුර කාලය අවුරුදු පහකි.
ජනාධිපති ධුර කාලය අවුරුදු පහකි. එය ඉතා පැහැදිලියි. ඊට කලින් අවුරුදු 6 ක් වශයෙන් පැවති ජනාධිපති ධුර කාලය අවුරුදු 5 ක් දක්වා අඩු කෙළේ, 2005 බලයට පත් යහපාලන ආණ්ඩුව යටතේ ගෙනා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ය. ඊට කලින්, එනම් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කලින් ජනාධිපතිවරයාගේ ධුර කාලය අපේ ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය යටතේ සඳහන්ව තිබුණේ මෙසේ ය: ''ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කරගත යුත්තේය. ජනාධිපතිවරයා සාවුරුදු කාලයක් බලය දරන්නේය.''

ඉන්පසු ඇති කෙරුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්, එම 30 (2) වගන්තිය වෙනස් කෙරුණේ (සංශෝධනය කෙරුණේ) මෙසේ ය: ''ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කරගනු ලැබිය යුතු අතර, පස් අවුරුදු කාලයක් ධුරය දරන්නේය.''

මේ කරන ලද වෙනස නොතේරෙන කිසිවෙකු සිටිය හැකිද? ඒ වෙනස ඇති කිරීමට හේතු වූවා යැයි සිතිය හැකි හේතුව වටහාගැනීමට නොහැකි කෙනෙකු සිටිය හැකිද? නැත. මොන භාෂාවකින් හෝ මෙහිදී කියා ඇත්තේ, ජනාධිපතිවරයෙකුගේ අවුරුදු 6 ක ධුර කාලය, අවුරුදු 5 ක් දක්වා කෙටි කරන බවයි. එසේ කිරීමේ එකම ආධ්‍යාශය විය හැක්කේ, අවුරුදු 6 ක් තරම් දීර්ඝ කාලයක් තනි ජනවරමක් යටතේ කිසි ජනාධිපතිවරයෙකුට එක දිගට බලයේ රැඳී සිටීමට ඉඩ නොදිය යුතුය යන්නයි. (ප්‍රංශයේ අවුරුදු 7 ක් වශයෙන් පැවති දීර්ඝ ජනාධිපති ධුර කාලය පසුව අවුරුදු 5 දක්වා කෙටි කරන ලදි). 

 

fgdrgr19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය ද සහය දුන්නේය

19 වැනි ව්‍යස්ථා සංශෝධනය ගෙනා දේශපාලනික අවශ්‍යතාව පසුපස පැහැදිලිව තිබුණේ, ජනාධිපතිවරයාගේ බලතල හැකිතාක් අඩු කරන ගමන්ම, ඔහුගේ ධුර කාලයත් අඩු කිරීමට තිබූ සමාජ උවමනාවයි. ඒ සමාජ උවමනාව එදා කෙතෙක් තදබල ලෙස සමාජ විඥානය තුළ අරක්ගෙන තිබුණේද යත්, අවුරුදු 6 ක ධුර කාලයක් සඳහා 2015 ජනවාරි 8 වැනිදා මෙරට ජනතාව විසින් පොදු ජනවරමකින් තෝරා පත්කරගෙන සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමත් මේ ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන්, එනම්, තමාගේ ධුර කාලය කප්පාදු කරන සංශෝධනය වෙනුවෙන් තමාම පෙනී සිට, එය සම්මත කරගැනීම සඳහා උරදුන්නේය. 

එපමණක් නොව. ජනාධිපති ධුර කාලය අවුරුදු 6 ක් විය යුතු යැයි ඊට කලින් හැමදාමත් කියා සිටිමින් කටයුතු කළ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු කඳවුරත් මේ කියන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීම සඳහා එදා තමන්ගේ ඡන්දය පාවිච්චි කළහ.    

 

නීතිය අතට ගැනීම එකමුතු කම ද?ව්‍යවස්ථාමය නීතිරීති සහ අණපනත් ආදිය අර්ථගැන්වීමේදී, අනුගමනය කරන සම්භාව්‍ය නෛතික චින්තන ක්‍රමය වන්නේ, නීතියක් ලියා ඇති අකුරු උඩ පමණක් නොව, ඒ අකුරු පසුපස තිබි‚ යැයි සිතිය හැකි, එකී නීතියේ 'ආත්මය' හෝ 'හරය' හෝ 'සාරය' කුමක්දැයි සැලකිල්ලට ගැනීම වැදගත් කොට සලකන බැවිනි.
අපේ මාතෘකාවේ ඊළඟ කොටස පැහැදිලි කරගැනීම සඳහා, ඉහතින් කී සංශෝධනයේ පැවති 'ආත්මය' හෙවත් 'හරය' හෙවත් 'සාරය' හොඳින් කල්පනාවේ තබාගැනීම ඉතා වැදගත් ය. මන්ද යත්, ව්‍යවස්ථාමය නීතිරීති සහ අණපනත් ආදිය අර්ථගැන්වීමේදී, අනුගමනය කරන සම්භාව්‍ය නෛතික චින්තන ක්‍රමය වන්නේ, නීතියක් ලියා ඇති අකුරු උඩ පමණක් නොව, ඒ අකුරු පසුපස තිබි‚ යැයි සිතිය හැකි, එකී නීතියේ 'ආත්මය' හෝ 'හරය' හෝ 'සාරය' කුමක්දැයි සැලකිල්ලට ගැනීම වැදගත් කොට සලකන බැවිනි.

සිරිසේනගේ ආශාවට ඉඩක් නොදුන් ශ්‍රේෂ්ඨාධිකරණය රනිල්ගේ ආශාවට ඉඩක් දෙයි ද?

 

මෛත්‍රි රනිල් සහ ටිප්ටොප් - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්නඅලූතෙන් ඇති කරගත් සංශෝධනය වලංගු විය යුත්තේ තමාට නොව, ඊළගට බලයට පත්වන ජනාධිපතිවරයාගේ සිට නොවේදැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදහස් විමසා සිටියේය. 
කෙසේ වෙතත්, මේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 5 දක්වා අඩු කිරීමෙන් යම් කාලයකට පසු, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට තවත් අදහසක් හිතට ආවේය. එනම්, අදාළ ව්‍යවස්ථා සංශෝධයේ එකී කෑල්ල (එනම්, අවුරුද්දක් අඩු කිරීම) තමාට බලනොපවත්වන බවයි. ඒ සඳහා කීමට ඔහුට හොඳ තර්කයක්ද තිබුණි. එය මෙසේ ය: එම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනුණේ, 2015 මැයි මාසයේදී ය. එහෙත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තනතුරට පත්වුණේ, ඒ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට කලින්, එනම් 2015 ජනවාරි 5 වැනි දා  ය. එසේ හෙයින්, අලූතෙන් ඇති කරගත් සංශෝධනය වලංගු විය යුත්තේ තමාට නොව, ඊළගට බලයට පත්වන ජනාධිපතිවරයාගේ සිට නොවේදැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදහස් විමසා සිටියේය. 

තමාටත් ඒ කප්පාදුව බලපැවැත්වීම, තමා වෙනුවෙන් අවුරුදු 6 ක ධුර කාලයක් සඳහා ජනවරමක් දුන් ඡන්දදායකයාගේ ස්වෛරී කැමැත්ත උල්ලංඝණය කිරීමක් නොවන්නේද යන කාරණය, ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස මෙසේ විමසා සිටීම පසුපස තිබුණාට සැකයක් නැත. එදා සිටි අගවිනිසුරු ප්‍රියසත් ඩෙප් ඊට පැහැදිලි පිළිතුරක් එවා තිබුණි. එනම්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලයත් අවුරුදු 5 ක් පමණක් වන බවයි. එය, ඔහු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ පංචපුද්ගල විනිසුරු මඩුල්ලක ඒකමතික තීන්දුවක් විය.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට තව වැඩිපුර අවුරුද්දක්, එනම්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ලැබුණු ජනාධිපති පුටුවේ තවත් වැඩිපුර අවුරුද්දක් සිටිය හැකිය යන තර්කයක්, ඔහුගේ සමහර අනුගාමිකයන් විසින් මේ වන විට මතු කරනු ලැබ තිබේ. එසේ කීම සඳහා ඔවුන් එල්ලෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිඛෙන, එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනස් කර නොමැති (සංශෝධනය කර නොමැති) එක් වගන්තියක් මතයි. 

 

තවත් රහස් 'ගේමක්'! -රනිල්, ජනාධිපතිවරණ සංශෝධන හංගලා!!වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට තව වැඩිපුර අවුරුද්දක්, ඔහුගේ සමහර අනුගාමිකයන් විසින් මේ වන විට මතු කරනු ලැබ තිබේ.
මේ වගන්තියෙන් කියැවෙන්නේ, යම් ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම සඳහා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයට අමතරව, ජනමත විචාරණයකුත් අවශ්‍ය වන කාරණා ගැන ය. ඒ කියන, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තිය මෙසේ ය: ''30 වැනි ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ නැතහොත් 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම සඳහා වූ, නැතහොත් ඒ විධිවිධානවලට අනනුකූල වන්නා වූද, අවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයාගේ ධුර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ, නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද පනත් කෙටුම්පතක්'' සම්මත කරගැනීම සඳහා ජනමත විචාරණයකුත් අවශ්‍ය කරන බව ය.  

මේ වාක්‍ය ඛණ්ඩය පදනම් කරගෙන විවිධ උපාමාරු ගැන මේ වන විට ඉඟිබිඟි කෙරේ. ජනාධිපතිවරණයක් මේ මොහොතේ නොපවත්වා, ජනමත විචාරණයක් මගින් වර්තමාන ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලය තවත් වසර පහකින් එහාට දමාගත හැකිද යන ප්‍රශ්නයත්, ඊටත් එහා කොණේ සිට සමහරු මතු කරති. 

 

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්? -(ගාමිණී වියන්ගොඩ)ප්‍රශ්නය වන්නේ, සියලූ තර්ක විතර්ක එක පැත්තකට තිබියදීත්, අවසාන මොහොතේ අනිත් පැත්තට හැරී වැඩ කර ඇති රාජ්‍ය බලයන් පිළිබඳ අතීතයේ අපට අත්දැකීම් තිබීමයි.

කෙසේ වෙතත්, එවැනි පියවරක් ගැනීම ගැන මේ වන විට රජයේ අදහසක් ඇති බවක් පෙනෙන්ට නැති වීම යහපත් දෙයකි. ප්‍රශ්නය වන්නේ, සියලූ තර්ක විතර්ක එක පැත්තකට තිබියදීත්, අවසාන මොහොතේ අනිත් පැත්තට හැරී වැඩ කර ඇති රාජ්‍ය බලයන් පිළිබඳ අතීතයේ අපට අත්දැකීම් තිබීමයි. අප ඉහතින් කී, පළාත් පාලන මැතිවරණය නොපවත්වා සිටීම, ඊට දිය හැකි ඉතා මෑතකාලීන උදාහරණයයි. ඒ නිසා, හොරාට කලින් මුට්ටිය දමන අවස්ථාවන් ගැන විපරමින් සිටීම කොහොමත් නරක දෙයක් නොවේ.

ඉහත කී වාක්‍යාංශය, එනම්, ''අවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයාගේ ධුර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ'' යන වාක්‍යාංශය, ඊටත් කලින් අප කී වාක්‍යය, එනම් ''ජනාධිපතිවරයා පස් අවුරුදු කාලයක් බලය දරන්නේය'' යන්නත් සමග නොපෑහෙන බව පෙනේ. පස් අවුරුද්දක් දක්වා ධුර කාලය සීමා කර තිබේ නම්, ''සාවුරුදු කාලයක් ඉක්ම යාම'' ගැන කතා කරන්නේ ඇයි? 

 



19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සකස් කළ කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටි අප මිත්‍ර ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, මේ ''නොපෑහීම'' පැහැදිලි කිරීමට උත්සාහයක් ගෙන තිබුණි. ඔහුගේ හේතුවාචකය වන්නේ, ජනමත විචාරණයක් අවශ්‍ය නොකරන සංශෝධන පමණක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කළ යුතු බව තම කණ්ඩායමේ උවමනාව වූ බවයි. ඔහු කියන ඒ පසුබිම් කතාව ඇත්තයි. එහෙත්, ඒ මගින්, මේ කියන වචනාර්ථයන්හි 'නොපෑහීම' පෑහෙන්නේ නැති බවද කිව යුතුයි. 

මෙහිදී කෙනෙකුගේ හිතට නැඟෙන ප්‍රශ්නය මෙයයි: ''ජනාධිපතිවරයා පස් අවුරුදු කාලයක් බලය දරන්නේය'' යන වාක්‍යය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොකෙළේ නම්, ''ජනාධිපතිවරයාගේ ධුර කාලය පස් අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ'' යනුවෙන් වෙනස් කෙළේ නම්, එය පමණක් ජනමත විචාරණයක් පැවැත්වීමට හේතුකාරක වෙතැයි සිතුවේ, එම වාක්‍යාංශය ලියැවී ඇත්තේ ජනමත විචාරණයක් අවශ්‍ය කෙරෙන ව්‍යවස්ථා උපශීර්ෂය යටතේ වන නිසාම පමණක්ද? 

 

රාජ්‍ය නිලධාරීන් මාධ්‍යවලට අදහස් දැක්වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව  මෙන්නජනාධිපති ධුර කාලය පස් අවුරුද්දකට සීමා කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය යැයි නොකී ශ්‍රේෂ්ඨාධිකරණය, ඊට අනුකූලව, '' ධුර කාලය පස් අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ'' යනුවෙන් වෙනස් කෙළේ නම් ඊට එරෙහි නොවනු ඇති බව, සාධාරණ මට්ටමක සිට, අපට සිතිය හැකිය.
කෙසේ වෙතත්, දැන් ආපසු හැරී බලන විට, ජනාධිපති ධුර කාලය පස් අවුරුද්දකට සීමා කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය යැයි නොකී ශ්‍රේෂ්ඨාධිකරණය, ඊට අනුකූලව, '' ධුර කාලය පස් අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ'' යනුවෙන් වෙනස් කෙළේ නම් ඊට එරෙහි නොවනු ඇති බව, සාධාරණ මට්ටමක සිට, අපට සිතිය හැකිය. එසේ ශ්‍රේෂ්ඨාධිකරණය විරුද්ධත්වයක් ප්‍රකාශ කළත්, ඉන්පසුව, කාරක සභා අවස්ථාවකදී, එම 'කෑල්ල' වෙනස් නොකර සිටීමටත් හැකියාව තිබුණි.

කාරණා දෙකක් මෙහිදී පිළිගත යුතුව තිබේ. එකක් වන්නේ, මොන හේතුවක් නිසා හෝ, තැන් දෙකක ඇති වචනවල පැහැදිලි නොගැළපීමක් නිවැරදි කිරීම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධකයන්ගේ අතින් මඟහැරී ඇති බවයි. ඊටත් වඩා වැදගත් දෙවැනි කාරණය වන්නේ, ඒ නොගැළපීම කෙරෙහි එදා ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත්කමක් දී නැති බවයි. හේතුව කුමක්ද? 'අවුරුදු පහක්' යැයි ව්‍යවස්ථාවේ කලින් තැනක වෙනස් කර තිබියදී සහ සමස්ත වෙනසේ සාරාර්ථය, හරය සහ ආත්මය වන්නේ, 'අවුරුදු පහක ධුර කාලයක් පමණක්ම' වන නිසා, ඉන්පසු තැනක සඳහන් ''සාවුරුදු කාලයක් ඉක්ම යාම'' යන්න අර්ථශුන්‍ය වන බැවිනි. 

ඒ සාවුරුදු කාලය ගැළපෙන්නේ, සංශෝධනයට කලින් පැවති පැරණි‚ 'අවුරුදු හයේ කාලය' සමග පමණක් වන බැවිනි. දැන්, 19 යටතේ ඒ කාලය අඩු කර ඇත්නම්, මේ කියන ''සාවුරුද්දක් ඉක්මවා'' යන්නත්, ''පස් අවුරුද්දක් ඉක්මවා'' යනුවෙන් වටහාගැනීම, බැවහැර ඥානයෙන් මෙන්ම, අදාළ සංශෝධනයේ මූලික හරය හෙවත් ආත්මය තුළ කරන ලද වෙනස අරභයා අත්‍යාවශ්‍ය වටහාගැනීමක් විය යුතුව තිබුණු බැවිනි.

 

නව ජනවරමක් වෙනුවෙන් වහාම පාර්ලිමේන්තුව විසුරවා හැරිය යුතුයි -රටේ රාළ
මේ නිසා, වර්තමාන ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට, අවුරුදු පහකට වඩා එක දවසක්වත් බලයේ සිටීමේ කිසි අයිතියක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිවැරදි අර්ථකථනයක් තුළ කිසිසේත් පැවරෙන්නේ නැති බව කිව යුතුයි. ඒ නිසාමදෝ, මේ නෛතික කාරණයට අමතරව, මේ දිනවල ඔවුන්ගෙන් වෙනත් මාදිලියක හේතුවාචක අපට අසන්නට ලැබේ. ඒවා වෙනත් සාකච්ඡාවකට නිමිති විය යුතුව ඇත.

ඔහු කුරුසයේ තබා ඇණ ගසමු ද? - (ගාමිණී වියන්ගොඩ)(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්