ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කොට සතියක් ඉක්ම ගොස් හමාරය. මැතිවරණ සටහන ඇරඹී තිබෙන්නේ අපේක්ෂකයන් හතරදෙනෙකු මතය.


ජනපති රනිල් ද ඒ අතර වන බැවින් ඔහු වැඩි කාලයක් මේ දිනවල ගත කරන්නේ දේශපාලන කාර්යලයේය. විවිධ මන්ත්‍රීවරුන්, විවිධ කණ්ඩායම් මුණ ගැසෙමින් මැතිවරණ සැලසුම් සකස් කිරීමට ඔහු වැඩි කාලයක් ගත කරන්නේය.

ජනපති රනිල් ඉකුත් සති අන්තයේ ගත කළේ යාපනය, ත්‍රිකුණාමලය හා මඩකපුව දිස්ත්‍රික්කවල පැවැති රැස්වීම්වලය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී මෙන්ම කාරක සභා සභාපති අංගජන් රාමනාදන් ගේ නිවසේ රැස්වීමක් සංවිධානය කර තිබූ අතර ඊට ජනපති රනිල් ද එක්වූවේය. කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද ඊට එක්ව සිටියේය.

xdrtw5
උතුරේ ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම විද්වතුන් හා තරුණ කණ්ඩායම් ද ජනපති හමුවූ පිරිස අතර වූහ. යාපනය රදගරු, නල්ලූර් කෝවිලේ ප්‍රධාන පූජකතුමන් මෙන්ම නාගදීපයේ විහාරාධිපති හිමියන් ඇතුළු සැවොම කීවේ එකම කතාවකි. එනම් “ඔබතුමා තමයි මේ රට බේර ගත්තේ. අපිට යුතුකමක් තියෙනවා ඔබතුමාට ආශිර්වාද කරන්න.“ යනුවෙනි.

මඩකලපුවට පැමිණි ජනපති රනිල් එහි නිතීඥ ප්‍රජාව මුණ ගැසුණු අතර එය සංවිධානය කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහිර් මවුලානා විසිනි. එස්. වියලේන්ද්‍රන් මන්ත්‍රීවරයාගේ පක්ෂයේ තරුණ හමුවකට ද එක්වූ ජනපති රනිල් ඉන් පසුව ගියේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි ශානික්‍යන් රාසමානික්කම් සංවිධානය කර තිබූ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ හමුවකටය.

ojzpoet6yt65
මඩකලපුවට ගිය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකට දසතින් ඉල්ලීම් ලැබෙන්නට වූවේ ඔවුන්ට ද ජනපති රනිල් සමඟ සාකච්ඡා කරන්නට අවශ්‍ය බව කියමිනි. ඒ අනුව ඔහු බැංකු නිලධාරීන් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරී හමුවක් සංවිධානය කළ අතර ජනපති සහභාගී වූ සාර්ථක හමුවක් බවට එය පත්වූවේය.

ත්‍රිකුණාමලය මහජන හමු කිහිපයක් සෙන්දිල් තොණ්ඩමන් විසින් සංවිධානය කර තිබුනි. හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥාණීස්සර හිමියන් අපවත්වූ බව ජනපති දැන ගත්තේ උතුරු නැගෙනහිර සංචාරයේ නිතරව සිටින අවස්ථාවේදීය.

එම නිසා ඉරිදා සවස යොදාගෙන තිබූ වැඩකටයුතු කිහිපයක් පෙරවරුවට ගෙන එදිනම සවස කොළඹ පැමිණිමට ජනපති රනිල් කටයුතු කළේ එය සිය පවුලේ විහාරස්ථානයක් වු බැවිනි. ඉරිදා සවස ඇමති බන්දුල ගුණවර්ධන ද විහාරස්ථානය වෙත ගියේ නාහිමිගේ දේහයට අවසන් ගෞරව දක්වන්නටය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ඒ මොහොතේ විහාරස්ථානයට පැමිණි අතර ඔහු සෘජුව විමසා තිබුණේ අදාහන පූජෝත්සවයේදි විපක්ෂ නායකට කතාවක් තිබේද යන්නය.

rtye5y
ආදාහන පූජෝත්සය කෙටි කළ යුතු බැවින් ගිහි කතා දෙකකට පමණක් සීමා කිරීමට ආදාහන පූජෝත්සව කමිටුව කලින් සුදානම්ව සිටියද මෙම ඉල්ලීම නිසා තවත් කතාවක් වැඩි කිරීමට කමිටුවට සිදුවිය.

බන්දුල ගුණවර්ධන ඇමතිවරයා තමන් ඉදිරිපිට වූ මේ කාරණය ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මැතිවරණ මෙහෙයුම් කමිටුවක දී ප්‍රසිද්ධියේම කීවේය. නාහිමිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනපති රනිල් ගියේ සදුදා පෙරවරුවේය.

සවස ආදාහන පූජෝත්සවයේදි විපක්ෂ නායකවරයා මහා සංඝ රත්නයෙන් අවසර ගනිද්දි හරියට කීවේ නැතැයි එ.ජා.ප නියෝජ්‍ය නායක රුවන්ට කීවේ ඒ අසල සිටි හිටපු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසාය. නාහිමිගේ අවසන් කටයුතු නිසා සවස යොදාගෙන තිබූ රැස්විම් ගණනාවක් ජනපති රනිල් අවලංගු කර තිබුනි.

ජනපති රනිල් සදුදා අගහරුවාදා මෙන්ම බදාදා දිනයේත් වැඩි ඉඩක් වෙන් කර තිබුණේ මැතිවරණ මෙහෙයුම් කටයුතු වෙනුවෙනි. ඒ වෙනුවෙන් නොයෙක් රැස්වීම් පැවැතුනේ මල් පාරේ ජනපති රනිල්ගේ දේශපාලන කාර්යාලයේය. ඡන්ද ලකුණ, වර්ණයන් ගැන මෙන්ම මහජන රැලි ගැන නොයෙක් කතා බහ ඇදී ගියේය.

එසේම ජනාධිපතිවරණයෙන් පසුව මහ මැතිවරණයට තරඟ කරන සන්ධානයේ නම සහ ලකුණ ගැන ද මෙම සාකච්ඡාවල මාතෘකාවක් වී තිබින. බ්‍රහස්පතින්දා දහවල් ජනපති රනිල් කාර්යාලයට පැමිණෙද්දී මැති ඇමතිවරු රැසක් එහි පැමිණ සිටියෝය.

“ජනාධිපතිතුමා රටත් ජනතාවත් ගැන කතා කරද්දී අනෙක් අපේක්ෂකයෝ කතා කරන්නේ තමන් ගැන.“ මන්ත්‍රී වජිර කතාව ආරම්බ කළේය.

“මේ අපේක්ෂකයන් අතරින් ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගිහිල්ලා අධ්‍යාපනය ලබපු අපේක්ෂකයෝ දෙන්නයි ඉන්නේ. අනෙක් දෙන්නා ජනාධිපති පුත්තු හැටියට එන්නේ. එයාලා කොයි රටේ ඉගෙන ගත්තද කියලා කියන්න කවුරුත් දන්නේ නෑ.“ ඇමති මනූෂ කීවේ සිනහ සෙමිනි.

“පුත්තු දෙන්නගෙන් එක්කෙනක් තාත්තා පෙන්නනවා කියන එක ඇත්ත. අනෙක් කෙනාගේ තාත්තව දෝෂාභියෝගයෙන් බේර ගත්තේ මම.“ ජනපති රනිල් කීවේ ඇගට පතට නොදැනීය.

“එතකොට ජනාධිපතිතුමා ලංකාවේ විශ්ව විද්‍යාලයට ගිය අනෙක් කෙනා.“ මන්ත්‍රී දොලවත්ත විමසීය.

“මම තඹුත්තේගමට මධ්‍ය මහා විද්‍යාලයක් හදලා දුන්න නිසා එයාට විශ්ව විද්‍යාලයට යන්න පුළුවන් වුනා.“ ජනපති කියූ ආකාරයට එහි සිටිය වුන්ට සිනහව නතර කරගත නොහැකි වූහ.

xft46h

“සජබ සන්ධාන ගතවූ මන්ත්‍රීවරු සියලු දෙනාම එතන හිටපු අයමනේ. දයාසිරිත් කාලයක් සජිත් එක්ක ඉදලනේ ශ්‍රී ලංකා එකට හේත්තු වුනේ. දෙමළ මුස්ලිම් පක්ෂ කියන්නේම සජබෙන් පාර්ලිමේන්තු ආපු අය. අපේ කට්ටිය නම් හේත්තු වුනේ අරගලයෙන් පස්සේ. ඉතින් මේක හරියට සජිත් ජලනි ව ආයෙත් විවාහ කරගත්තා වගේ වැඩක්.“ ප්‍රසන්න රණතුංග කිවේ පිරිස සිනා සයුරක ගිල්වමිනි.

“සෙනඟ නෑ පුටු හිස්. සජිවී විකාශයේදි මේක හොදටම පෙනුනා. සජිත් මාධ්‍ය සංදර්ශනයක් කරන බව නම් මේකෙන් පැහැදිලි වෙනවා.“ ඇමති මනූෂ යළි කතාවට එකතු විය.

“බංග්ලාදේශයේ මන්ත්‍රීවරු මරලා පාලම්වල එල්ලනවා. පාරවල්වල තරුණයෝ නඩු අහනවා. ලංකාවෙත් මෙහෙම තත්ත්වයක් ඇතිවීම තමයි ජනාධිපතිතුමා රටේ වාසනාවට මේක අරන් නතර කළේ.“ මන්ත්‍රී මහන් ප්‍රදීප් කීවේ නළල රැළි ගන්වමිනි.

“බංග්ලාදේශයේ විපක්ෂයත් මේක බාර ගන්න ආවේ නෑ. ලංකාවේ අනුර - සජිත් දිවුවා වගේ එහේ අයත් හැංගිලා ඉන්න බව නම් ආරංචියි.“ කෝකිලා මන්ත්‍රීවරිය ද කීවාය.

පාර්ලිමේන්තුවේදි හර්ෂ මන්ත්‍රීවරයා අයි.එම්.එෆ් ගිවිසුම සංශෝධනය කරන බවට කළ ප්‍රකාශය ද මෙහිදි ඇදී ආවේය.

“තානාපති කාර්යාල මේ ප්‍රකාශය නිසා කලබල වෙලා තියෙනවා. ඒ අය අපට කීවේ නම් අයි.එම්.එෆ් එක එහෙම ගිවිසුම් සංශෝධනය කරලා නැති බවයි. ගිවිසුමක් ඒක පාර්ශවිකව සංශෝධනය කරනවා කියන්නේම ගිවිසුම අහෝසි වෙනවා කියන කාරණයයි. අයි.එම්.එෆ් එක ගිවිසුමෙන් ඉවත් වුනොත් යළිත් ආර්ථිකය කඩා වැටෙනවා. මොකද රට තාමත් හොද තත්ත්වයක නොවෙයි තියෙන්නේ.“ මහාචාර්ය ආශු කීවේ බැරෑරුම්වය.

 

“අයි.එම්.එෆ් නිසා තමයි ජපන් ව්‍යාපෘති ටික එන්නේ. මේ වගේ ව්‍යාපෘති ගණනාවක් එන්න තියෙනවා.“ දොළවත්ත ද හඩ අවදි කළේය.

“සජිත් ලඟට ගිය කට්ටිය කොන්දේසි දාලා තමයි ගිහින් තියෙන්නේ. මේ අය එක්ක ජනාධිපතිතුමා රහසින් ගණුදෙනු කරන බව ප්‍රසිද්ධ කතාවක්නේ. ජනාධිපතිතුමාට ෂූවර් නැත්නම් මේ ඡන්දේ කවදාවත් තියන්නේ නෑ. ජනාධිපතිතුමා වෙලාවට මේ අය ඇදලා ගනිවි. කියලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කතා වුනා. එතන රිෂාඩ් ඇමතිතුමත් හිටියා. ලොක්කා නිෂ්ශබ්දව ගේමක් ගහනවා කියලා තමයි අපේ අය කතා වෙන්නේ.“ ඇමති ශෙහාන් සේමසිංහ කියද්දී සැමොව හිස සැලූහ.

මේ කතා අසා සිටි ජනපති රනිල් සිනහා සුනා මිස කිසිවක් කියන්නට හදිසි වූවේ නැත.

මේ අතර ජනාධිපතිවරණ මාධ්‍ය උපමාන සැකසීමේ කටයුතු මෙන්ම මාධ්‍ය ස්වාධීනව හැසිරෙන්නේ ද යන්න ගැන සොයා බලා වාර්තා කිරීමේ වගකීම මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් විසින් පවරා තිබුණේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නටය. මේ බව ඔහු ජනපතිට මෙන්ම ජනපති ලේකම් සමන් ඒකනායකට ද දන්වා තිබුනි.

රාජකාරිය නිසි ලෙස කරන්නැයි කී ජනපති රනිල් අපෙනුත් පැමිණිලි ලැබෙතැයි විහිළුවක් ද කළේය. බ්‍රහස්පතින්දා සවස ජනපති සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණියේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරඟ කිරීමට අවසර ලබාගැනීමටය. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමටත් එම ස්වාධීන අපේක්ෂකයාට සහාය දීමටත් කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව අනුමැතිය දුන්නේය.

සති අන්තයේ මහනුවර හා නුවරඑළිය බලා ජනපති පිටත්ව ගියේ යොදාගත් වැඩකටයුතු කිහිපයක් වෙනුවෙනි.

සටහන :
(ලසන්ත වීරකුලසුරිය)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky sin

නවතම පුවත්