මේ පිලිබඳව තවමත් ගොඩක් අය අතරෙ තියෙන්නෙ වැරදි වැටහීමක්. බොහෝ අය විශ්වාස කරන්නෙ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව
හොරකම් කිරීම කියලයි. ඇත්තටම ආර්ථික අර්බුදයේ නිදන්ගත හේතුව තමයි අපි ආදායමට වඩා වැඩියෙන් වියදම් කිරීම. ඉතිරි කිරීමක් නෑ. ගොඩක් රාජ්‍ය ආයතන පාඩුවට දුවන්නෙ. මේව නඩත්තුකරන්න ආදායමට වඩා වැඩියෙන් වියදම් කරන්න වෙනව. ඒකට අපි කාගෙන් හරි මුදල් ණයට අරගන්න ඕන. මේ වැඩපිලිවෙල දීර්ග කාලයක් තිස්සේ කරගෙන යනකොට ක්‍රම ක්‍රමයෙන් ණය ප්‍රමාණය වැඩිවෙමින් ගොස් එය තවදුරටත් කළමනාකරණය කරගත නොහැකි තත්ත්වයකට පත්වෙනව. විශේෂයෙන් යම් හේතුවක් නිසා අපිට ලැබෙමින් තිබූ ආදායම් ක්ෂනිකව අඩූවුවහොත් ණය වාරික ගෙවා ගත නොහැකිව ලොකු අමාරුවක වැටෙනව. ඒක තමයි 2021 ලංකාවට සිද්ධවුනේ.
පසුගිය දශකයේ ලංකාවට වැඩිපුර ඩොලර් ලැබුනේ සංචාරක ව්‍යාපාරය, අගලුම් කර්මාන්තය සහ පිටරටවල රැකියා කරන ශ්‍රීලාංකිකයින් එවන සම්ප්‍රේෂන හරහායි. 2019 පාස්කු ප්‍රහාරය නිසා සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම වගේ කඩාවැටුනා. ඊට පස්සෙ කෝවිඩ් වසංගතය පැතිරුනා. ඇගලුම් කර්මාන්තය කඩා වැටුනා. විදේශීය සම්ප්‍රේශන අඩුවුනා. මේ නිසා ලංකාවෙ ඩොලර් ආදායම් බලාගෙන ඉදිද්දී අඩුවුනා. අපිට තවදුරටත් ණය වාරික ගෙවීමට, ඉන්ධන, බෙහෙත් ආදී අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිර්‍ර්මට අවශ්‍ය ඩොලර් නැතිව ගියා. මේක තමයි ලංකාවට වූ ඇබැද්දිය.
මෑත කාලයේ හොරකම් වංචා ඉතා වැඩිවූ බව සත්‍යයක්. ඒවා වහාම නැවත්වියයුතු බවත් හොරකම් කල දේපල සොයාබලා නැවත ලබාගැනීමත්, හොරුන්ට දඩුවම් කිරීමත් අත්‍යාවශ්‍යයි. ඒ ගැන විවාදයක් නෑ. නමුත් රට බංකොලොත් වුනේ හොරකම් වංචා නිසාම නොවන බව බොහෝ ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. අපිට වඩා ඉදිරියෙන් සිටි යුරෝපයේ රටවල් පවා මෙසේ බංකොලොත් උනා. ඒත් හොරකම් වංචා නිසා නොවෙයි. කළමනාකරණය කරගත නොහැකි මට්ටමකට ණය ලබාගැනීම තමයි හේතුව.
අපේ හිටපු ජනාධිපතිවරයා ඉතා ඉක්මනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතුවනම් බංකොලොත් බාවයට යෑම වලක්වාගැනීමට හැකියාවක් තිබූ බව ඇත්තකි. නමුත් ඒ අපේ ණය අර්බුදය තාවකාලිකව පස්සට දා ගැනීම සදහා පමනයි. නව ජනාධිපති වරයත් දැන් කරල තියෙන්නෙ ඒකම තමයි.
පොරොන්දු දේශපාලනය:
ශ්‍රී ලංකාවෙ දේශපාලන සංස්කෘතිය නිර්මානය වෙලාතියෙන්නෙ පොරොන්දු මතයි. සෑම මැතිවරණයකදිම නොයෙකුත් දේ ලබාදෙන්න දේශපාලකයන් පොරොන්දු දෙනවා. ඒවාට මුදල් ලබා ගන්නේ කෙසේද කියල ඔවුන් කියන්නෙ නෑ. ඒ වගේම ජනතාවත් කිසිම ප්‍රස්න කිරීමක් කරන්නෙත් නෑ. දේශපාලකයන් දෙන මේ පොරොන්දු බොහෝවිට ඉතා ආකර්ෂණීයයි. ඒ නිසා ජනතාව ඒ පොරොන්දු ලබාදෙන පක්ශයට චන්දය දෙනවා. ඕක තමයි කාලයක් තිස්සේම සිද්ධවුනේ. 1970 දි හාල් සේරු හතක් නොමිලේ ලබාදෙනව කියල එක පක්ශයක් බලය ගත්තා. ඒක කොහොමද කරන්නෙ කියල ප්‍රස්න කරාම අපි හඳෙන් හරි හාල් ගෙනත් දෙනව කියල තමයි කීවෙ. ජනතාව ඒවට ඔල්වරසන් දීල, ඡන්දෙත් දුන්නා. ඊලගට තවත් පක්ශයක් ධාන්‍ය රාත්තල් අටක් නොමිලේ දෙනව කියල බලයට ආවා. තවත් අය දහස් ගනන් රජයේ රැකියාවල් දෙන බවට පොරොන්දු දුන්නා. ඒ වගේම පාඩුලබන රජයේ ආයතන පවා පෞද්ගලිකකරණය නොකරන බවට පොරොන්දු දීල, නැත්නම් නොයෙකුත් සහනාධාර ලබාදෙන බවට පොරොන්දු දීල, රැකියා දහස්ගණන් දෙන බවට පොරොන්දු දීල බලයට ආවා.
ඉතිං මෙන්න මේ කල නොහැකි දේවල් සියල්ල කරන්න දේශීය සහ විදේශීය ණය ගන්න සිද්දවුනා. එහෙම ලොකු ණය බරක ඉන්න ගමන් තව තවත් ණය ගනිමින් අපට ඔරොත්තුදෙන්නේ නැති ව්‍යාප්පෘති කරන්න පටන් ගත්තා. අධිවේගී මාර්ග, ක්‍රීඩාංගණ, ගුවන්තොටුපළවල්, වරායන් යනාදී වශයෙන්. ඒ වගේම දේශීය කර්මාන්ත ගොඩනැගීමට හෝ ආනයන පාලනය කරන්නට උනන්දුවක් ගත්තෙ නෑ. සෑම දෙයක්ම පාහේ ආනයනය කරන්න පුරුදු වුනා. මේව බලමින් ඡන්ද දායකයොත් විශාල විනෝදයකින් තමයි කාලෙ ගෙව්වෙ. ඒ ගොල්ලොත් රටේ ඇතිවී තියෙන දියුනුව ගැන පුරසාරම් දෙඩුවා. සාමාන්‍ය ඡන්ද දායකයා පවා අත පය දිගහැරල වියදම් කලා. කව්රුවත් ඉතුරු කිරීමට ඒ තරම් උනන්දුවක් ගත්තෙ නෑ.
මෙන්න මේ මිරිගුව පස්සෙ තමයි මිනිස්සු ගියේ. තවදුරටත් පයින් හෝ බයිසිකල් පැදගෙන පාසැල් යන ලමුන් අපි දැක්කෙ නෑ. මීටර් සීයක දුරක් උනත් ත්‍රීවීල් එකක යන්න පුරුදු වුනා. මෙන්න මේ ආකාරයේ අපට නොගැලපෙන පුහු ආටෝප සහිත ජීවන රටාවකට අපි පුරුදු උනා. අපේ දේශපාලකයනුත් අපේ ඒ අශාවන් ඉශ්ට කරන්න අත පය දිගහැරල ණය ගත්තා. අපිව අමාරුවෙ වැටෙන බව දැන දැනම සමහර රටවල් අපිව ණය උගුලේ හිරවෙනකම්ම ණය දුන්නා. ඒ, ඒ ගොල්ලොන්ගෙ විවිධ ඕනෑ එපා කම් අපි ලවා ඉෂ්ඨ කරගන්න.
ඉතිං මේ ආර්ථික අර්බුදයට දේශපාලකයන්, ඡන්ද දායකයින්, ණය කරුවන් යන සියල්ලම වගකියන්න ඕන. අපි කවදාවත් ණය ගෙවන්න බැරි අමාරුවෙ වැටිල ඉන්න කෙනෙකුට ආපහු ගන්න බලාගෙන නම් ණයක් දෙන්නෙ නෑ. දෙනවනම් දෙන්නෙ මුදල්වලට තියෙන ආශාව අතහැරලයි. එහෙම නැත්නම් වෙන යටි අරමුනක් මුල්කරගෙනයි. සමහර රටවල් සහ ආයතන ශ්‍රී ලංකාවට ණය දුන්නෙත් අන්න ඒ තේරුමෙන් තමයි.
ඉතිං ලංකාව මේ වැටිල ඉන්න තැනින් ගොඩ ගන්න නම් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ගනනාවක් කරන්න අවශ්‍ය වනවාසේම විනාශකාරී පොරොන්දු දේශපාලනයට තිත තියන්න ඕන. ඒ වගේම හිතු මතේට ණය ගැනීමේ ප්‍රතිපත්තිය අත හැරල ඉතා සුපරීකශාකාරී ලෙස ඒව කරන්න අවශ්‍ය වනවා. ආධායම් උපද්දවන ව්‍යාප්පෘති වලට විදේශ ආයෝජන ලබාගන්න ඕන. අපනනයන ආර්ථිකයක් ගොඩ නගන්න ඕන. මේ සියල්ල සිද්ධවෙන්න නම් විශාල පරිවර්තනයක් වෙන්න අවශ්‍යයි.
අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිහිපයක්.
1. රටේ නීතියේ ආධිපත්‍යය ඇතිකිරීම.
2. ආගමික සහ ජාතික සංහිඳියාව ගොඩනැගීම.
3. සෑම අංශයකම විනිවිදභාවය සහ වගවීම ඇතිකිරීම.
4. හොරකම් වංචා දූශන නැවත්වීම.
5. පැහැදිලි ආනයන අපනයන ප්‍රතිපත්ති සකස් කිරීම.
6. තරගකාරී වෙලදපොල ආර්ථිකයක් ඇතිකිරීම.
7. ආදායම් උපයන ව්‍යාප්පෘති ආරම්භ කිරීම සහ ඒ සදහා ආයෝජන ලබාගැනීම.
8. අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත දිරිමත් කිරීම.
9. දේශීය කෘෂිකර්මාන්තය දියුනු කරමින් ආහාර සුරක්ෂිත බාවය ඇතිකිරීම.
10. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීම.
11. ආර්ථිකය ඩිජිටල් කරනය කිරීම
12. සරල බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සහ බදු එකතුකරගැනීම කාර්යක්ෂම කිරිම.
13. ත්‍රිවිද හමුදාව අවශ්‍ය ප්‍රමාණයට අඩුකර අතිරික්ත සේවකයන්ගේ ශ්‍රමය පලදායී ලෙස යොදාගැනීම.
ඉහත කී කරුනු වාමවාදී හෝ දක්ශිනාංශික වැඩපිලිවෙලක කාර්‍යබාරයන් නොවෙයි. මේවා ඉෂ්ට කිරීමට අවශ්‍ය වන්නේ සුවිශේෂ දක්ෂකම් තියෙන ආචාර්ය මහාචාර්ය වරුන් නොවෙයි. අවශ්‍ය වන්නේ දේශපාලන කැපවීම පමනයි. අවශ්‍ය දැනුම තියෙන බුද්දිමතුන් ලංකාව තුල ඕනෑවටත් වඩා සිටී. ඒ වාගේම ලෝක වෙළදපොලත් සමග ප්‍රායෝගිකව මැදිහත්වීමේ දැනුම සහ දක්ශතාවය අපේ ව්‍යාපාරික ප්‍රජාව සතුව තියෙනව. ව්‍යාපාර සදහා අවශ්‍ය තාක්ශනික සහය ලබාගන්නා ක්‍රමවේදයද ඔවුන් හොදින් දනී. රජයේ වගකීම වන්නේ ඒවාට අවශ්‍ය පහසුකම් සැපයීම මිස ව්‍යාපාර කිරීමට මැදිහත්වීම නොවෙයි.
ඇත්තටම ශ්‍රී ලංකාව වගේ කුඩා ආර්ථිකයක් ගොඩ ගැනීමට මහා පරිමාණයේ වැඩ අවශ්‍ය වන්නේ නෑ. දැනට ලෝකයේ පර්යේෂණ සහ නව නිපයුම් වැඩිපුර සිදුවන්නේ ඇමරිකාවෙ සහ යුරෝපයේ. ධනවාදී ආර්ථික ක්‍රමයේ සංවර්ධනයේ ප්‍රතිපලයක් ලෙස තමයි මේ රටවලට පර්යේෂණ සදහා විශාල මුදලක් ආයෝජනය කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ. නමුත් අඩු දියුනු රටවලය මේව කරන්න අමාරුයි. ඕස්ට්‍රේලියාව වගේ දියුනු රටවලත් ඇමරිකාව වගේ රටවලට සාපේක්ෂව අඩු ප්‍රතිපාදන තමයි පර්යේෂණ වලට ආයෝජනය කරන්නෙ. ඒ නිසා ලංකාව ඇතුලු දියුනු වෙමින් පවතින රටවල බුද්ධි ගලනය මේ ප්‍රාග්ධනය වැඩිපුර තියෙන රටවල්දෙසට යොමුවෙලා තියෙනව. ඒක වලක්වන්න අමාරුයි. ඒ නිසා අපි මූලිකත්වය දෙන්න ඕන අපිට කලහැකි දේටයි. එසේ නැතිව යථාර්ථවාදී නොවන වැඩපිලිවෙලකට නොවෙයි. අපේ ආර්ථික මොඩලය සකස්කර ගත යුත්තේ ඒ අනුවයි.
ඒ වගේම අපි ගෝලීය සහ කලාපීය අවශ්‍යතාවයන් හොදින් හදුනාගෙන ඉතා පරිස්සමෙන් වැඩකල යුතුයි. එසේ නොවුනොත් අපි ලෝක බලවතුන්ගේ පාපන්දුවක් බවට පත්වෙන්න පුලුවන්. අපේ අසල්වැසි බලවතා වන ඉංදියාව සමග මිත්‍රත්වය දියුනු කරගන්න අවශ්‍ය වගේම ඒ මිතුදම අපට වාසිදායක ලෙස යොදාගන්න අපි දක්ශ වෙන්න ඕන. ඒ සදහා ශක්තිමත් සහ දූරදර්ශී නායකත්වයක් අත්‍යාවශ්‍ය වනවා.
(අජිත් රාජපක්ෂ)
Ajith Rajapaksa