පසුගියදා බංග්ලාදේශයේ සිදුවූ තරුණ අරගලයත් සමග අග්‍රාමාත්‍ය ෂෙයික් හසිනාට ඉන්දියාවට පලා ගොස් බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටීමට සිදුවන
තත්ත්වයක් උදාවී ඇත.
කලාපීය වශයෙන් ගත්විට ඉන්දියාවට මෙම කලාපයේ සිටි හොඳම මිතුරු රාජ්‍යය අහිමි වීමේ අවදානමක් ඇතිවී තිබේ. බංගලාදේශ භාරකාර රජයේ අග්‍රාමාත්‍ය මොහොමඩ් යුණුස් “ තම රටේ අභ්‍යන්තර කටයුතුවලට ඉන්දීය අත පෙවීම් පිළිබඳව” අප්‍රසාදය පළ කළේය.
අගෝස්තු එකොළොස්වනදා ඉන්දියාවේ සිට ප්‍රකාශයක් නිකුත් කළ බංගලාදේශ හිටපු අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ඇමරිකා එක්සත් ජනපදය තමා බලයෙන් පහ කිරීම පිටුපස සිටින බවත් බෙංගාල බොක්කේ පිහිටි ශාන්ත මාටින් දිවයින පිළිබඳව ඔවුන්ගේ ඇති අභිලාෂයන්ට එරෙහිව කටයුතු කිරීම තමා ධූරයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කිරීමට හේතුව වූ බවත් ඇය ප්‍රකාශ කළාය.
වර්ග කිලෝමීටර් තුනක භූමියකින් යුතු යි මෙම දිවයින බංග්ලාදේශය සතු එකම කොරල් දූපතයි. 5500 ක ජනගහණයක් ඇති මෙම දිවයින බංග්ලාදේශයට හිමිවූයේ 2012 වසරේ international tribunal for the law of sea (ITLOS) ලබා දුන් තීන්දුවක් හේතුවෙනි. මෙම දූපත ඇමරිකානුවන්ට චීනයේ එක් මාවතක් එක් තීරයක් ව්‍යාපෘතියට (BRI -Belt and road initiative) එරෙහිව උපායමාර්ගිකව භාවිතා කළ හැකි ස්ථානයකි.
ෂෙයික් හසිනා සිය පියා වූ මුජබර් රහුමන් ඇතුළු පවුලේ සාමාජිකයන් ඝාතනය සිදුවූ අවස්ථාවේ සිටම ගාන්ධි පවුල සමඟ මෙන්ම ඉන්දියාව සමග ඉතා සමීප සබඳතා පවත්වාගෙන ගියේය. භාරතීය ජනතා පක්ෂ රජය යටතේද එම සබඳතා තවත් වර්ධනය විය.
ඉන්දියාවේ Jharkhand හි පිහිටි අදානි සමාගමට අයත් Godda plant බලාගාරයෙන් ගල් අඟුරු මගින් නිපදවන විදුලිය මෙගාවොට් 1600 ක් මිලදී ගැනීම පිළිබඳ වසර විසිපහක ගිවිසුමකට බංග්ලාදේශය එළඹුණේ 2017 වසරේදීය. ඉන්දියාවට දකුණු ආසියාව තුළ සිටින විශාලතම වෙළඳ සහකරු බංග්ලාදේශයයි. 2022 වසරේ ඉන්දියාව ඩොලර් බිලියන 13.8 ක අපනයන බංග්ලාදේශයට සිදු කොට ඇත. අරගලකරුවන්ගේ ඉන්දීය විරෝධය හමුවේ බංග්ලාදේශයේ ඇති ඉන්දීය ආයෝජන පිළිබඳ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පැමිණ ඇත.
නේටෝ සංවිධානයේ (NATO) 75 වන සංවස්තරය පසුගිය ජූලි මස 11 වන දින වොෂින්ටනයේදී පැවති අතර එයට ආරාධිතයකු ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කොට නොතිබිණි. එම කාලසීමාවේම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාවේ සංචාරයක් යොදාගත් අතර එහිදී ඔහුට රුසියානු ජනාධිපති වැඩිමීර් පුටින් විසින් එරට පුරවැසියෙකුට පිරිනැමෙන උසස්ම සම්මානය ඔහුට පිරිනමන ලදී.
ලෝකයේ අනෙකුත් රටවල් රුසියානු ඛණිජ තෙල් සඳහා සම්බාධක පනවා තිබියදී ඉන්දියාව සිය ඛනිජතෙල් අවශ්‍යතාවයෙන් 36% පසුගිය වසරේ ලබා ගත්තේ රුසියාවෙනි. ද්වීපාර්ශ්වික ගිවිසුමක් මගින් සමාගමක් පිහිටුවා klasnikov AK 203 වර්ගයේ තුවක්කු 35000 ක් මිලදී ගැනීමට මෙන්ම න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුම් වලටද ඉන්දියාව සහ රුසියාව එළඹී ඇත.
කලාපීය රටවල දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවන වෙනස් වීම් සියුම්ව අධ්‍යයනය කිරීම අනාගතයේ පත්වන දේශපාලන නායකයන්ගේ දේශපාලන සෞඛ්‍යයට බෙහෙවින් වැදගත්ය.
සටහන :
(නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)