කඳුකර දෙමළ ජනතාවගේ වගතුග සොයා ගිය ගමනක් - 16 කොටස
වල්ලි අම්මා සිය ජීවිතය ම තේ ගස්වලටම උකස් කර ඇති බව වටහා ගන්නට ඇගේ දෑත දෙස බැලීමම ප්‍රමාණවත් විය. කාල වර්ණ ඇගේ සම දැඩි ලෙස වියළි වීම නිසා අළු පැහැයට හැරී සමේ කොරළ හටගෙන තිබිණි. පිටිඅත්ලේ නහර කොතරම් උඩට ඉල්පී තිබුණේදැයි කිවහොත් ගසක අතු මෙන් බෙදී වෙන් වී තිබුණු ඒ නහර ගණන් කිරීමට වුවත් කිසිදු අපහසුවක් නොතිබිණි. දෑතේ ඇඟිලි සහ නියපොතු තේ කහට බැඳී දුඹුරු පැහැ ගැන්වී පැවතියේය. නිතර බුලත් හපයක් කටේ තබාගෙන සිටි ඇගේ දත්වල පැහැය ද ඊට දෙවෙනි නොවිණි. වල්ලි අම්මාට වයස අවුරුදු හතලිහකට වඩා නැත. නමුත් හැටකට ආසන්න පෙනුමක් තිබිණි.
වල්ලි අම්මා සිය ජීවිතය ම තේ ගස්වලටම උකස් කර ඇති බව වටහා ගන්නට ඇගේ දෑත දෙස බැලීමම ප්‍රමාණවත් විය
දිළිඳු බව දායාද කරගෙන මෙලොවට උපන් වල්ලි අම්මා යන්තමට අකුරු සාස්තරය දැනගෙන සිටියත් එය පොතක් පතක් කියවන්නට තරම්වත් ප්‍රමාණවත් නොවීය. ඇයට වඩා වසර පහළොවක් පමණ වැඩිමහලු වූ සුන්දරම් සිය දෙවැනි බිරිඳ ලෙස වල්ලි අම්මාව සහේට ගන්නා විට ඇගේ වයස අවුරුදු දාහතකට වඩා වැඩි නැත. සුන්දරම් ගේ පළමු බිරිඳ මිය ගියේ වත්තේ දී සර්පයකු දෂ්ට කිරීම නිසා ය. ඒ විවාහයෙන් ඔහු ලද දියණියන් දෙදෙනාම කොළඹ ගෙවල් දෙකක මෙහෙකාර සේවයේ යෙදී සිටියහ. තේ වත්තේ කම්කරුවකු ලෙසින් ලැබූ ආදායමෙන් වැඩි කොටසක් සුන්දරම් වැය කළේ මත්පැන්වලට ය. වල්ලි අම්මා සුන්දරම් සමග දීග යන්නට කිසිසේත්ම කැමති වූයේ නැත. එක හේතුවක් ඔහුගේ මේ බීමත්කම ය. අනෙක් කාරණය නම් වල්ලි අම්මාට ආසාව තිබුණේ ම ටවුමේ ගෙදරක වැඩට යන්නට ය.
එවිට තේ ගස් අතර දහදුක් විඳින්නට සිදු නොවනු ඇත. වත්තෙන් එපිටට පය තබා නොතිබූ වල්ලි අම්මා ලස්සන ගෙවල් දැක තිබුණේ පින්තූරවලින් පමණි. එවන් නිවසකට වී වැඩපළ කරමින් මොන දුකක් වින්දත්, එය තේ වත්තක විඳින දුකට වඩා අඩු විය හැකි බව වල්ලි අම්මාට කීවේ වත්තේම වෙනත් එකියකි.
වත්තේ තරුණියන් ට කොළඹ නිවෙස්වල මෙහෙකාර රැකියා සොයා දෙන අතරමැදියෙකු වත්තේ ම සිටියේය.
වත්තේ තරුණියන් ට කොළඹ නිවෙස්වල මෙහෙකාර රැකියා සොයා දෙන අතරමැදියෙකු වත්තේ ම සිටියේය. නමුත් සුන්දරම් ඊට වඩා ඉස්සර විය. වල්ලි අම්මාට සිටියේ එක් සහෝදරියක් පමණි. මල්ලිලා දෙදෙනෙකුම පවුලට ලැබී තිබුණත් ඔවුහු අසනීපවලට ගොදුරු ව කුඩා වියේදී ම මියගොස් සිටියහ. ඇස් දෙක වන් දූවරු දෙන්නාගෙන් එකියක් ටවුමට යවන්නට වල්ලි අම්මාගේ මව මනාප වූයේ නැත. තේ වත්තට ඇගේ ජීවිතය දියවෙන්නට පටන් ගත්තේ ඉන් පසුව ය. මව ගේ වුවමනාව මත අවසානයේ ඇය සුන්දරම් සමඟ දීග ගියාය.
ඇය තේ වත්තේ නැහී ගෙන වැඩ කළේ දරුවන් වෙනුවෙන් ය.
උදේ සිට රෑ වනතුරුම මත්පැන් පානය කරමින් වැඩ කරන සුන්දරම් වෙතින් ඇය යම් දෙයක් ලැබුවා නම් ඒ දරුවන් තිදෙනෙකු පමණි. වැඩිමහල් දෙදෙනාම පිරිමි දරුවන්ය. තමන් ගෙවනු ලබන මේ දුක්බර ජීවිතය දරුවන්ට උරුම නොකරන්නට වල්ලි අම්මාට ලොකු වුවමනාවක් තිබිණි. නමුත් ඒ සඳහා ඇයට සුන්දරම්ගෙන් සහයක් ලැබුණේ නැත. පිරිමි දරුවන් ටවුමේ කඩයක වැඩට හෝ යවන්නට ඔවුන්ට අකුරු ලියන්නට කියවන්නට සහ ගණන් සාස්තරය ඉගැන්විය යුතුය. වත්තේ ඉස්කෝලේ පහේ කැලෑසියට යනකල්වත් උගන්වා ගන්නට ලැබුණොත් ඒ ටික කරගන්නට බැරි වෙන්නේ නැතැයි වල්ලි අම්මා විශ්වාස කළාය. ඇය තේ වත්තේ නැහී ගෙන වැඩ කළේ දරුවන් වෙනුවෙන් ය.
''අම්මේ. රාමන්වයි, පෙරුමායිවයි ඉස්කෝලේ යවපං" නමුත් ලොකු කොලුවා වූ පෙරුමාල් ඉගෙනීමට කම්මැලි ය. පොඩි එකාට නං යම් දස්සකමක් ඇතැයි වල්ලි අම්මාට දැනෙයි.
" මං ටවුමට ගිහින් මොනවා හරි කරලා උඹට කීයක් හරි දෙන්නම් අම්මේ. රාමන්වයි, පෙරුමායිවයි ඉස්කෝලේ යවපං"
ඉගෙන ගන්නට හැකියාවක් නොතිබුණත් ලොකු එකාට තමාගේ දුක තේරුම් ගන්නට හැකි වීම ගැන වල්ලි අම්මාගේ දෑසේ කඳුළු පිරිණි. ඔහුට තම නංගී සහ මල්ලි ගැන කැක්කුමක් ඇත. තාත්තා කෙනෙක් වාගේ උන් ගැන හිතන්නේ ඒ නිසාය. වත්තේ ඉස්කෝලේ තුනේ කැලෑසියෙන් එහාට පෙරුමාල්ට යන්නට නොහැකි වූයේ ඔහු තුනේ විභාගයෙන් අසමත් වීම නිසා ය. ඉන්පසු පෙරුමාල් වත්තේ කුලී වැඩ කළේය. හොයා ගන්නා කීයක් වුවද අම්මාට දුන්නේ ලෝබ නැතිව ය.
යන්තම් අවුරුදු දහසය පිරෙනවිට පෙරුමාල් වත්තෙන් පිටවී හෝටලයක දර පලන්නට ගියේය. රාමන් පහ සමත් වූ පසු නගරයේ පාසලකට යවන්නට හැකි විය. ඒ වෙනුවෙන් වියපැහැදම් කළේ පෙරුමාල් ය.
" කොල්ලො දෙන්නව රට අල්ලන්න යවන්න හදන්නේ නැතුව මෙන්න මෙහෙට වෙලා තියෙන වැඩක් කරන්න කියාපිය"
රාමන් පහ සමත් වූ පසු නගරයේ පාසලකට යවන්නට හැකි විය. ඒ වෙනුවෙන් වියපැහැදම් කළේ පෙරුමාල් ය.
සුන්දරම් බීගෙන ඇවිත් වල්ලි අම්මා සමග දබර කළේය. නමුත් "කැත්තට පොල්ල මෙන්" හිටියා විනා වල්ලි අම්මා සුන්දරම් ට නැමුණේ නැත. උදේට කහට කෝප්පය වෙනුවට රා ටිකක් හෝ කසිප්පු ටිකක් උගුරේ හලාගන්නා සුන්දරම් ස්වාමිපුරුෂයෙකුගේ යුතුකමක් ලෙස සැලකුවේ වැඩිපුර කීයක් හෝ ලැබුණු දාකට එය වල්ලි අම්මා අතට දීම පමණි.
පෙරුමායි මේ වන විට වයස අවුරුදු දහතුනක පමණ නව යොවුන් තරුණියකි. වත්තේ ඉස්කෝලේ හතර වැනි පන්තියෙන් පසු පාසල් නොගිය පෙරුමායි, වල්ලි අම්මා සමග ඇගේ උදව්වට ගියාය. ඇතැම් දිනක ඇය තනිව නිවසේ රැඳුණේ රෙද්දක් මත ඇඳුමක් තබා කපා අතේ ම මසාගන්නට තරම් යම් හැකියාවක් ඇයට තිබූ නිසා ය.
මෙලෙස ටික කලක් ගතව තිබිණි.
අත්බෙහෙත්වලින් පලක් නොවූ නිසා වල්ලි අම්මා පෙරුමායි කැටුව වත්තේ ඩිස්පැන්සරියට ගියේ දොස්තර බේත් ටිකක් ගන්නට ය.
පෙරුමායි උදරාබාධයකින් පෙළෙන්නට වූවාය. දිනක් දෙකක් ඇයට වමනය ද ගොස් තිබිණි. අත්බෙහෙත්වලින් පලක් නොවූ නිසා වල්ලි අම්මා පෙරුමායි කැටුව වත්තේ ඩිස්පැන්සරියට ගියේ දොස්තර බේත් ටිකක් ගන්නට ය.
පෙරුමායිව පරීක්ෂා කළ දොස්තර මහත්තයා ප්‍රශ්න අසන ආකාරයෙහි අමුත්තක් වල්ලි අම්මාට දැනිණි. මඳ වෙලාවකට පසු ඔහු පැවසූ දෙයින් වල්ලි අම්මා ක්ලාන්ත වූවාය.
පෙරුමායි ගැබ්ගෙන ඇත.
යන්තම් සිහි එලවා ගත් පසු පිටතට පැමිණි වල්ලි අම්මා අසල තිබූ වියළි තේ ඉපලක් අතට ගත්තාය. ඊළඟට සිදුවන දේ පෙරුමායි දනියි.
" ගහන්න නං එපා අම්මා, මේක මගේ වැරැද්දකින් වෙච්ච දෙයක් නෙමෙයි"
" කවුද තොට ඔය අපරාදෙ කළේ? කියාපිය මට"
" මං ඇත්ත කිව්වොත් අම්මව මරයි"
" කවුද යකෝ මාව මරන්නේ? මට ඇත්ත කියාපිය නැත්නම් මම තෝව මෙතනම මරනවා"
හැබැයි ඊට පස්සේ අපි දෙන්නම මේ වත්තෙන් පිට වෙලා කොහේ හරි යමු
එසේ කී වල්ලි අම්මා තේ ඉපලෙන් පෙරුමායි ට වැරෙන් පහරක් ගැසුවාය.
" බුදු අම්මෝ ගහන්න එපා අම්මේ, මම ඇත්ත කියන්නම්. හැබැයි ඊට පස්සේ අපි දෙන්නම මේ වත්තෙන් පිට වෙලා කොහේ හරි යමු" පෙරුමායි කීවේ හඬමිනි.
"යනවද නැද්ද කියන එක මං බලාගන්නම්. කියපිය ඔය අපරාදෙ කරපු එකා කවුද කියලා. මම තෝව කම්බස් කරන්න කලින්"
" අ..ප්..පා " පෙරුමායි වෙව්ලුම් හඬින් පැවසුවාය.
" අප්පා? තෝ ඔය ඇත්තමද කියන්නේ? එහෙම නැත්තං උඹ ඉන්නේ හොඳ සිහියෙන් නෙමෙයිද?"
වල්ලි අම්මා එහෙමම බිම ඉන්දවිණි.
වල්ලි අම්මා එහෙමම බිම ඉන්දවිණි.
" සුන්දරම් තමන්ගේම දරුවට එහෙම අපරාධයක් කළා?"
වල්ලිඅම්මා මුමුණමින් අසා ගත්තේ තමාගෙන්ම ය. අසරණ ලෙස සිය මව දෙස බලා සිටි පෙරුමායි අවසානයේ සිදුවූ සියල්ල ඇයට පවසන්නට වූවාය.
" දවසක් මම තනියම ගෙදර ඉන්නකොට අප්පා හොඳටම බීලා ආවේ. ඊට පස්සේ මාව ඇදගෙන ගිහින් දැඟලුවොත් හරි කෑ ගැහුවොත් හරි බෙල්ල මිරිකනවා කියලා ලණු ඇඳේ බැන්දා. ඊට පස්සේ මට මොන මොනවදෝ කළා. මට කිව්වා තෝ මේක අම්මට හරි වෙන කාට හරි කිව්වොත් එහෙම මම මරන්නෙ තෝව නෙමෙයි තොගෙ අම්මව කියලා. අම්මාව මරයි කියන බයට මම කිව්වේ නැත්තේ."
" අපොයි දෙවියනේ.....එක දවසයිද ඒකා එහෙම කළේ"
" කීප දවසක් කළා"
තොට තිබුණා නේද මාත් එක්ක වත්තේ වැඩට එන්න
" ඉතින් බැල්ලියේ තොට තිබුණා නේද මාත් එක්ක වත්තේ වැඩට එන්න"
" මාත් එහෙම තමයි හිතන් හිටියේ අම්මේ. අප්පා මට උදේට කතා කරලා කියනවා, තෝ අද ගෙදර හිටු වත්තට ගියොත් අම්මව මරනවා කියලා. අප්පා හැම දෙයක්ම කළේ අප්පට කැමති වුණේ නැත්නම් අම්මව මරනවා කියලයි. මට බය හිතුනා අප්පා බීලා ඇවිත් අම්මගේ බෙල්ල මිරිකයි කියලා. පහුගිය කාලෙ මම ගොඩක් දවස්වලට හීනෙන් දැක්කෙත් අප්පා අම්මගේ බෙල්ල මිරිකන හැටි. ඒ හින්දා අප්පා කියන හැමදේටම මම කැමති වුණා අම්මා......අනේ අම්මා අපි ගෙදර යන්නේ නැතුව දැන්මම අයියලා ඉන්න දිහා හොයාගෙන යමු. නැත්තං අප්පා අම්මව මරයි"
පෙරුමායි හඬා වැළපෙන්නට වූවාය.
හිසේ දෙඅත් ගසා ගත් වල්ලි අම්මා දැඩි සේ වියරුවට පත්ව ක්ෂණයකින් සිත දැඩි කර ගත්තාය.
තෝ පොලිසියේ මහත්තුරුන්ට සේරම ඇත්ත කියන්න ඕනෙ. තේරුණාද?
" වරෙන් යන්න" පෙරුමායි ගේ අතින් ඇදගෙන වල්ලි අම්මා වේගයෙන් යන්නට වූයේ ලැයිම් කාමරයට නොවේ.
" කොහෙද අම්මේ මේ යන්නේ? අප්පාව මරන්නද? අපි දෙන්නව කූඩුවෙ දායි අම්මෙ" පෙරුමායි බියෙන් තැතිගෙන වෙව්ලන්නට විය.
" මම ඕකව මරන්නෙ නෑ. හැබැයි උඹට කරපු අපරාදෙට මම ඕකට යහතින් ඉන්න දෙන්නෙත් නෑ. මේ යන්නෙ පොලිසියට. තෝ පොලිසියේ මහත්තුරුන්ට සේරම ඇත්ත කියන්න ඕනෙ. තේරුණාද?"
" පොලිසියේ මහත්තුරු මාව කූඩුවෙ දාන එකක් නෑ නේද අම්මේ ?"
" මොකටද යකෝ තෝව කූඩුවේ දාන්නෙ? මෙන්න මෙහාට වර යන්ඩ"
" හා එහෙනං"
එදායින් පසු නැවත ඔහු වත්තට ආවේ නැත.
සුන්දරම් එදින ම පොලිසියෙන් කුදලාගෙන ගියේය. එදායින් පසු නැවත ඔහු වත්තට ආවේ නැත.
සත්‍ය කතාවකි. මෙහි සියලු පුද්ගල නාම පමණක් මනඃකල්පිත ය.
වසර ගණනකට ඉහතදී සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු සපයා ගැනීමේ දී සහාය වූ මහනුවර මහ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන මහතාට ස්තුතියි.
ඡායාරූප අන්තර්ජාලයෙනි. මුල් හිමිකරුවන්ට ස්තුතියි.