මේ පාර හොඳම ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක කලේ කවුද කියල ඇහුවොත් ඒ තමයි මාලිමාව. ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක කියල
මම මෙතනදි කියන්නෙ රැලි පැවැත්වීම, ගෙයින් ගෙට කැන්වසින් සහ මාලිමාව කරපු දැන්වීම් දෙකක් යන කාරණා සැලකිල්ලට අරගෙනයි.
මාලිමාවෙ ගොඩක්ම ප්‍රචාරණය සිද්ද වුනේ සෙනග පෙන්නීම හරහායි.
මාලිමාවෙ කැම්පේන් එකට මම වැඩි ලකුණු දෙන්නෙ ගෝඨාභයට. මාලිමාව විසින් කැම්පේන් එකේ පාවිච්චි කරපු බොහොමයක් තාක්ෂණයන් ගෝඨාභය විසින් පාවිච්චි කරපු ඒවා. නමුත් ගෝඨාගේ තේමා ගීතය වගේ එකක් මාලිමාවට හදාගන්න බැරි වුනා.
තේමාවක් විදිහට හොඳම එකකින් තරගයට ආවෙ රනිල්. ඒ පුළුවන් කියන කැම්පේන් එක හරහා. අනිත් සියලු දෙනා බෑ කියද්දි පුළුවන් කියන්න හිටියෙ රනිල් විතරයි. ඒකෙ ඩිසයින්, ආර්ට්වර්ක් පැත්ත මාලිමාවෙ කැම්පේන් එකට වඩා ගොඩක් ඉස්සරහින් තිබුන.
එතනින් එහාට තැනින් තැන කරන ඉන්ටරෙස්ටින් වැඩ කීපයක් දැක්කා. ගෑස් ටැංකි තියාගෙන පාර හරහා ඉදගෙන ඉන්න තරුණ තරුණියන් කරපු ඇක්ටිවේෂන් එක, ටවුන්වල එක එක අයගේ නමින් ගෑස් ටැංකිය ගහපු හෝර්ඩින් (උදා විදිහට සමිතත් ගෑස් ටැංකියට) වගේ වැඩවල තිබුනා අලුත් බවක්. ඒවා ඒ තරම් ලොකුවට හැමතැනම සිද්ද වුනේ නෑ කියලයි මට හිතෙන්නෙ.
රනිල්ගෙ කැම්පේන් එකේ තිබුනා වෙන කිසිම කෙනෙකුට සම කරන්න බැරි ඉතාම නිර්මාණාත්මක තේමාවක්. ඒක ඒ කැම්පේන් එක ඇතුලෙ පාවිච්චි වුනෙම නෑ. ඒ තමයි ගෲෂාගේ වැල් පාලම. මං බලාපොරොත්තු වුනේ හුණුවටයේ කතාව එක්ක මේ වැල්පාලමේ උපමාව රට වටේම යයි කියල. මෑත කාලයේ තමන්ගේ ස්ථානගත වීම ගැන මං දැකපු හොඳම අයිඩියා එකක් ඒක. කවුරුවත් ඒක පාවිච්චි කරනවා පෙනුනෙ නෑ.
සජිත්ට කැම්පේන් එකක් තිබුනෙම නැති තරම්. දිනන සජිත් කියලා ස්ලෝගන් එකක් විතරක් එලියට ආවා. එතනින් එහාට තිබුනෙ සජිත්ගේ විහිලු එක්ක දිවෙන රස සාගරයක් වගේ වැඩක්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඒක හරි නෑ කියල. සජිත් අඳින ඇඳුමෙ ඉඳන්ම එයාගෙ කැම්පේන් එක වුනේ එයාමයි. එයාගෙ ඉංග්‍රීසි, එයාගෙ ජපන්, එයාගෙ මන්තර, එයාගෙ විහිලු. ඒ තරමට ඒක වැඩ කරපු නැති නිසාද කොහෙද අන්තිමට 'හොඳම පිරිස' කියලත් එකක් අරගෙන ආවා.
මැතිවරණ කැම්පේන්වලදි වැදගත් වෙන්නෙ ඇඩ්වර්ටයිසින් කොටස විතරක් නෙමෙයි. PR හෙවත් ප්‍රජා සම්බන්ධතා, මාධ්‍ය සම්බන්ධතා, ආපදා කළමනාකනාකරණය, උපාය මාර්ගික සන්නිවේදනය වගේ දේවල් අඩංගු මහජන සම්බන්ධතා කොටසෙදි මට අනුව මාලිමාව පෙන්නන්නෙ ඉතාම දුර්වල භාවිතාවක්. මේ අංශයෙන් වැඩිපුරම ඇදගෙන නාපු කැම්පේන් එක කලේ මාලිමාව බවත් පිලිගන්න වෙනවා. හඳුන්නෙත්තිගේ නෑම විතරක් නෙමෙයි මූලික ප්‍රතිපත්ති පවා කතාවෙන් කතාවට වෙනස් කරන්න සිද්ද වෙන තත්වෙට කැම්පේන් එක පත්වුනා.
ඒ වගේම මැතිවරණ කැම්පේන් එකකදි වඩා වැදගත්ම කොටස තමයි පහර දීමේ කොටස. මෙතනදි මාලිමාවට තිබුනෙ බුරා පනින සුනඛයන් සමූහයක් වැනි වූ මොබ් එකක් විතරයි. හොඳම පහරදීමේ කැම්පේන් මතුවුනේ සජබෙන් සහ රනිල්ගේ පාර්ශ්වයෙන්. අර නිරූපිකාවන් දෙදෙනකුව බුලි කිරීම නිසා නැවත කෙල්ලක් විසින් එල්ල කළ විවේචනය, මාලිමාව විසින් නිර්මාණය කරපු ඇඩ් නැවත ඉතාම සාර්තක අන්දමින් නැවත ඩබ් කරමින් හරවා යොමු කිරීම ආදිය තියුණු පහරදීම් විදිහට මං දකිනවා.
තමන්ගේ ප්‍රතිවාදියා විසින් වියදම් කරමින් නිර්මාණය කරන ආයුධයක් උදුරාගෙන නැවත තමන්ට රිසි සේ භාවිතා කිරීම කියන්නෙ මැතිවරණ සටනක අවශ්‍යම හැකියාවක්. ඒ වගේම අමු සිංදුවක් සහ අනුර සම්බන්ධ කිරීමත් මතක හිටින වැඩක් විදිහට ඉතුරු වෙයි. ගොඩක් අය මඩ විදිහට දැක්කට මම නම් මැතිවරණයකදී නිර්මාණශීලීත්වය බලන වැදගත්ම කොටසක් වෙන්නෙ මේ ගරිල්ලා කැම්පේන් කොටස.
ඉතින් මේ විදිහට අපි සරලව ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක කිව්වට ඒකෙ තව විවිධ විවිධ පැතිකඩ විමර්ශනය කරන්න වෙනවා. චන්දෙන් පස්සෙ අපිට බලන්න පුළුවන් වැඩිපුරම සාර්ථක වෙලා තියෙන්නෙ මොන විදිහෙ ප්‍රචාරක උපක්‍රමයන්ද කියන එක.
මේක මගේ අදහස වෙන අතර වෙන කෙනෙකුට මේ පාර්ශ්වයන්ගෙන් සිද්ද වුනු සන්නිවේදන ක්‍රියාවලීන් වෙනස් විදිහකට කියවන්න පුළුවන්කම තියෙනවා.
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)