theleaderlk 01

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වන දා පැවැත්වේ.


මෙරට මිලියන 22ක් වන ජනතාවගෙන් මිලියන 17කට ආසන්න සංඛ්‍යාවක් නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇත.

ඡන්ද දායකයින්ට තමන් කැමති අපේක්ෂකයින් තිදෙනෙකු කැමැත්තේ අනුපිළිවෙළ අනුව නම් කිරීමට ඡන්ද පත්‍රිකාවේ ඉඩ සලසා ඇති අතර ඔවුන් ප්‍රකාශ කරන ඡන්දයෙන් 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගන්නා අපේක්ෂකයා ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස තේරී පත් වේ.

 

f3ebf710f11f562bede75b1a58a10af4 XLඅපේක්ෂකයින් 38 දෙනෙකු තරග වදින මෙම ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් කුමක් විය හැකි ද?

කෙසේ වෙතත්, අපේක්ෂකයින් 38 දෙනෙකු තරග වදින මෙම ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් කුමක් විය හැකි ද?

මේ ඒ පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.

ඉතිහාසය දෙස හැරී බලමු...

1982 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ ජනාධිපතිවරණ ඡන්ද විමසීම් 8ක් පවත්වා තිබේ.

එතැන් පටන් රට ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන විධායක ජනාධිපතිවරුන් යටතේ පාලනය වී ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනතාව විසින් ධූරයෙන් පළවා හරිනු ලැබීමෙන් පසු පාර්ලිමේන්තු ඡන්දයකින් අනුප්‍රාප්තික ජනාධිපති ධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මේ වන විට මෙරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරයි.

විධායක ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා 1982 වසරේ සිට 2019 වසර දක්වා පැවති ඡන්ද විමසීම්වලදී ඒවා ජයග්‍රහණය කළ කිසිදු අපේක්ෂකයෙකු 50% අඩු ප්‍රතිශතයක් ලබා නොතිබීම මෙරට මැතිවරණය ඉතිහාසයේ කැපී පෙනෙන සිදු වීමකි.


ඉතිහාසය දෙස බැලීමේදී මේ දක්වා පැවති ජනාධිපතිවරණවලින් වැඩි ම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත්ව ඇත්තේ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ය. 1994 පැවති ඡන්ද සටනින් ඇය ලබා ගෙන තිබුණු ඡන්ද ප්‍රතිශතය 62.28%කි.


election

මෙම ජනාධිපතිවරණයේ කැපී පෙනෙන තරගකරුවන් කවුද?

මේ වන විට ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට තරග කරන්නේ, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ය.

75 වන වන වියේ පසුවන ඔහු 1977 වසරේදී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුත්, මේ වනට විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය පක්ෂයෙන් ජනාධිපතිවරණයට තරග කරයි.

57 වන වියේ පසුවන ඔහු 2000 වසරේදී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය.

එම වසරේදී ම පාර්ලිමේන්තුවට තේරී පත් වුණු අනුර කුමාර දිසානායක ජාතික ජනබල වේගයෙන් මෙවර ජනාධිපතිවරණයට තරග කරයි. ඔහුගේ වයස අවුරුදු 55කි.

මේ වන විට 38 වන වියේ පසුවන, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මෙරට දෙවරක් ජනාධිපති ධූරයට පත්වූ මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුත්‍රයා ය.

ඔහු 2010 වසරේදී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ඡන්දය පළ කරන්නේ කොහොම ද?

මැතිවරණයකදී ඡන්දය පළ කිරීම සම්බන්ධයෙන් විවිධ මත පැවතුණ ද ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව ඊට අදාළ නීතිරීති නිල වශයෙන් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරණයකදී තමන් ඡන්දය පළ කරන්නේ එක් අපේක්ෂකයෙකුට පමණක් නම්, ඔහුගේ හෝ ඇයගේ නම ඉදිරියෙන් එකේ ඉලක්කම සටහන් කළ හැකියි.

නොඑසේ නම්, තමන් වඩා ත් ම කැමති අපේක්ෂකයා සඳහා 1 සටහන් කර අනෙක් අපේක්ෂකයා සඳහා 2 සටහන් කිරීමෙන් තම මනාපය පළ කිරීමට අවස්ථාව හිමි වේ.

අවශ්‍ය නම් මේ ආකාරයට තමන් කැමති තිදෙනෙකුට මනාප ලකුණු කළ හැකි ය.

ඡන්ද දායකයින්ට තමන් කැමති අපේක්ෂකයින් තිදෙනෙකු කැමැත්තේ අනුපිළිවෙළ අනුව නම් කිරීමට ඡන්ද පත්‍රිකාවේ ඉඩ සලසා ඇත්තේ, කිසිදු අපේක්ෂකයෙකු 50%ක ප්‍රතිශතය ඉක්මවා ඡන්දය ලබා ගැනීමට අසමත් වුවහොත් දෙවන වර ඡන්දය ගණනය කිරීමෙන් ජයග්‍රාහී අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ය.

 

1000121053තමන් වඩා ත් ම කැමති අපේක්ෂකයා සඳහා 1 සටහන් කර අනෙක් අපේක්ෂකයා සඳහා 2 සටහන් කිරීමෙන් තම මනාපය පළ කිරීමට අවස්ථාව හිමි වේ.

50% නොලැබුණොත් ආයෙත් ඡන්දයක් තියන්න වේවි ද?

නැත. එවැනි අවස්ථාවක අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් තිබේ.

අපේක්ෂකයින් කිසිවෙකුට හෝ 50% ඡන්ද ප්‍රතිශතය ලබා ගැනීමට නොහැකි වුවහොත් ජයග්‍රාහකයා මේ ආකාරයෙන් තෝරා ගැනේ.

වැඩි ම ඡන්ද ගණනක් ලබා ගෙන ඇත්තේ A සහ B යන අපේක්ෂකයින් දෙදෙනා නම් ඔවුන් ලැබූ ඡන්ද සංඛ්‍යාව මුල් වටයේදී ම දැන ගැනීමට හැකියාව තිබේ.

ඉන් අනතුරුව අනෙක් අපේක්ෂකයින්ට ඡන්දය ලැබුණු ඡන්ද පත්‍රිකාවල දෙවන මනාපය Aට හෝ Bට ලැබී ඇති දැයි බැලීම සිදු කරයි.

එහිදී දෙවන මනාපය Aට ලැබී ඇති නම්, එම සංඛ්‍යාව Aට අයත් ඡන්ද ගොඩට එකතු වන අතර දෙවන මනාපය Bට ලැබී ඇති නම් එම සංඛ්‍යාව Bගේ ඡන්ද ගොඩට එකතු වෙයි.

අනෙක් අපේක්ෂකයින්ට ඡන්දය ලැබුණු ඡන්ද පත්‍රිකාවල දෙවන මනාපය Aට හෝ Bට ලැබී නොමැති නම් එම ඡන්ද පත්‍රිකාවල තුන්වන මනාපය සලකා බැලීම සිදු වේ.

එලෙස තුන්වන මනාපය Aට හෝ Bට ලැබී ඇත්නම් ඒවා අදාළ අපේක්ෂකයාගේ ඡන්ද ගොඩට එකතු වෙයි.

එවැනි අවස්ථාවක වැඩි ඡන්ද ගණනක් ලබා ගත් අපේක්ෂකයා 50% ප්‍රතිශතය ඉක්මවා ගොස් ඇතැයි ද යන්න නොසලකයි.

Aට හෝ Bට කිසිදු අමතර මනාපයක් නොමැති නම්, ඡන්ද ගණන වැඩි අපේක්ෂකයා ජනාධිපති ධූරයට තේරී පත් වෙයි.


කෙසේ වෙතත්, ඡන්ද සමාන වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවට කුසපත් ඇදීමකින් ජයග්‍රාහකයා තෝරා ගැනීමට හැකියාව පවතී.

 

50අපේක්ෂකයින් කිසිවෙකුට හෝ 50% ඡන්ද ප්‍රතිශතය ලබා ගැනීමට නොහැකි වුවහොත් ජයග්‍රාහකයා මේ ආකාරයෙන් තෝරා ගැනේ.

( BBC සිංහල සේවය)

pe2024 2

worky sin

නවතම පුවත්