පුද්ගලික ව්‍යවසායන් නීති ගත කොට, චීන ජාතිකයන් "රතු ධනපතියන්" බවට පත් කළ ඩෙන් ෂියාඕපිං ට රජය සතු ව්‍යවසායන්

ප්‍රතිසංස්කරණය කිරීමේ දී විශාල ගැටළුවකට මුහුණ දෙන්නට සිදු විය.

 

මහජන චීනය ලිබරල් ආර්ථිකයට...

කුඩා සේද කර්මාන්ත ශාලාවල සිට විශාල වානේ කම්හල් දක්වා වූ රජය සතු ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීමේ දී භාණ්ඩ මිල, වැටුප් ආදිය නියම කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ඒවායේ කළමණාකරුවන්ට ලබා දුන්න ද, පුද්ගලික ව්‍යවසායන් සමඟ තරඟ කිරීමට එම ආයතනවලට නොහැකි විය.

විශාල සේවකයන් ප්‍රමාණයක් ඉවතට වැටුණු අතර, රජය සතු මෙම ව්‍යවසායන්, පුද්ගලික ව්‍යවසායකයන් විසින් මිල දී ගණු ලැබිණ.

අඩු මුදලට ශ්‍රමය ලබා දීමට සහ බදු සහන ලබා දීමට වූ පොරොන්දුව මත, චීනයේ නැගෙනහිර වෙරළබඩ පළාත්වල විදේශ ආයෝජකයන් සඳහා විශේෂ ආර්ථික කලාප පිහිට වූ ඩෙන් ෂියාඕපිං, එමඟින් විදේශ ආයෝජකයන්ගේ ආකර්ෂණය ලබා ගත්තේ ය.

ඒ අනුව ඇඳුම්, පාවහන්, සෙල්ලම් බඩු වැනි අපනයන නිෂ්පාදන සඳහා විදේශිකයෝ චීනය තුළ ආයෝජනය කරන්නට විය.

Deng Xiaopings famous billboard in Shenzhen

 

සමාජවාදී වෙළඳ පොල ආර්ථිකය  

1997 දී ඩෙන්ෂියාඕපිං මිය ගියේ ය. ඉන් පසුව බලට පැමිණියේ ජියැංග් සෙමින් ය. ඩෙන්ගේ ධනවාදී ප්‍රතිසංස්කරණ දිගටම ඉදිරියට ගෙන ගිය ජියැංග්, "සමාජවාදී වෙළඳපොල ආර්ථිකය" යන පදය නිල වශයෙන් හඳුන්වා දුන්නේය. එම ප්‍රතිපත්තිය සංශෝධනයක් මඟින් චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කළේය.

"සමාජවාදී වෙළඳ පොල ආර්ථිකය" ප්‍රකාශ කළ සැනින්, ජියැංග් තම ආධාරකරුවන් විශාල පිරිසක් රජයේ උසස් තනතුරුවලට උසස් කළ අතර, පැරණි මධ්‍යම උපදේශක කමිටුව අහෝසි කළේ ය.

"සමාජවාදී වෙළඳ පොල ආර්ථිකය" ප්‍රකාශ කළ සැනින්, ජියැංග් තම ආධාරකරුවන් විශාල පිරිසක් රජයේ උසස් තනතුරුවලට උසස් කළ අතර, පැරණි මධ්‍යම උපදේශක කමිටුව අහෝසි කළේ ය.

Jiang Zemin Deng Xiaoping

 

The reign of Jiang Zeminධනපතියන්ට කොමියුනිස්ට් පක්ෂ සාමාජිකත්වය...

ඉන් අනතුරුව ජියැංග් සිදු කළේ, තම නායකත්වය යටතේ පැවැති කොමියුනිස්ට් පක්ෂයට සාමාජිකයන් ලෙස චීන ධනපතියන් විශාල ප්‍රමාණයක් බඳවා ගැනීමය.

ජියැංග්ගේ "නායකත්වයේ හරය" ප්‍රවර්ධනය කිරීම සහ තම දේශපාලන විරුද්ධවාදීන් කිහිප දෙනෙකු මර්දනය කිරීම අරමුණු කර ගනිමින්, රාජ්‍ය පාලිත මාධ්‍ය ප්‍රතිසංස්කරණ මාලාවක් 1996 සිට ක්‍රියාවට නැංවීය.

 

සමාජ අපරාධ රැල්ල හමුවේ ආර්ථිකය ෂු රොංජි අතට...

ආර්ථිකය සම්බන්ධයෙන් ජියැංගේ ලොකුම ඉලක්කය වූයේ ස්ථාවරත්වයයි. ඉහළ කේන්ද්‍රීය බලයක් සහිත ස්ථාවර රජයක් පූර්ව අවශ්‍යතාවයක් බව ඔහු විස්වාස කළ අතර, ඒ වෙනුවෙන් දේශපාලන ප්‍රතිසංස්කරණ කල් දැමීමට ක්‍රියා කළ නමුත්, පාලනයේ බොහෝ පැතිවලින් ගැටළු උග්‍ර විය.

jiang zemin Zhu Rongjiසංවිධානාත්මක අපරාධ ඉස්මතුවන්නට විය. අපරාධ අනුපාතය ඉහළ යමින් නගර පීඩාවට පත් වන්නට විය. පරිසරය විනාශ කිරීම පිළිබඳව දැක්වූ නොසැලකිල්ල ගැන බුද්ධිමතුන්ගෙන් විවේචන එල්ලවන්නට විය.

ආර්ථික විද්‍යාව පිළිබඳව විශේෂඥ දැනුමක් නොතිබුණු ජියැංග්, 1997 දී රටේ ආර්ථිකයේ පාලනයේ වැඩි ප්‍රමාණයක් අගමැති වූ ෂු රොංජි වෙත භාර දුන්නේ ය.

මෙම ඒකාබද්ධ නායකත්වය යටතේ චීනය වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයේ 8% ක සාමාන්‍ය වර්ධනයක් පවත්වා ගෙන ගිය අතර, ලෝක ආර්ථිකය තුළ චීන ඒක පුද්ගල ආර්ථික වර්ධනය ඉහළ ගියේ ය. වෙළඳපොල ආර්ථිකයට මාරුවීමේ ක්‍රියාවලිය දිගටම අඛණ්ඩව සිදු විය.

ජියැංග් ඇමරිකාවේ නිල සංචාරයකට සහභාගී වූ අතර, චීනය සහ ඇමරිකාව ලෝකයේ හවුල්කරුවන් මිස විරුද්ධවාදීන් නොවන බව ඔහු ඇමරිකාවට ප්‍රතිඥාවක් දුන්නේය.

 

ජියැංග් ඉවත්වීම සහ හූ ජින්ටාවෝ රට භාර ගැනීම...

Hu Jintao Jiang Zemin

වර්ෂ 2002 දී දේශපාලන මණ්ඩල ස්ථාවර කමිටුවෙන් හා ප්‍රධාන ලේකම් ධූරයෙන් ඉවත් වූ ජියැංග් සෙමින්, හූ ජින්ටාවෝගේ නායකත්වයෙන් යුත් සිව් වැනි පරම්පරාවේ නායකත්වයට මඟ පාදනු ලැබුව ද, 2005 දක්වා ඔහු තමන් වෙත තිබූ තනතුරු සියල්ලම අත් නො හැරියේ ය.

2006 වන විට චීනය තුළ ආර්ථික නිෂ්පාදිතයේ හරි අඩක් පුද්ගලික ව්‍යවසායන්ට අයත් විය. කාර්මික නිෂ්පාදිතයේ තුනෙන් දෙකක් පුද්ගලික ව්‍යවසායන් විය.

චීනය තුළ දේශීය සහ විදේශීය ධනපතියන් සතුව පැවති පුද්ගලික ව්‍යවසායන්, චීනයේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන වේගය වැඩි කිරීමට සමත් වූ අතර, 2007 දී එය ඇමරිකාවේ වර්ධන වේගය මෙන් දෙගුණයක් බවට පත් විය.

චීන ආදායමේ සහ ජීවන තත්ත්වයේ විශාලතම දියුණුව සිදු වූයේ, ප්‍රධාන ලෙස නැගෙනහිර වෙරළබඩ පළාත්වල සහ ඩෙන් ෂියාඕපිං විසින් පිහිට වූ විශේෂ ආර්ථික කලාප සහිත නගරවල පමණය.

 

පුද්ගලික ව්‍යවසාය සහ කම්කරු පීඩනය...

China women

ඇතැම් රාජ්‍ය ව්‍යවසායන් වසා දැමීම හේතුවෙන් මිලියන ගණනකට රැකියා අහිමි වූ අතර, එම කම්කරුවන් විශාල ලෙස නැගෙනහිර නගරවලට සංක්‍රමණය වන්නට විය.

කම්හල් තුළ අනතුරු සහ ගිණි ගැනීම් නිතරම සිදු වූ අතර,  කළමණාකරුවන් තමන්ට රිසි අයුරින් වියදම් කපා හරිමින්, අතිකාල දීමනා වංචා කරමින්, සේවක හා පාරිභෝගික ආරක්ෂාව නොසලකා හරිමින් කටයුතු කළ ද, රජය ඒ කිසිවක් දෙස ඇසක් හැර නො බැලුවේය.

ජනතාව ගොවිපොලවල් තුළ වැඩ කළ ද, නිදහස් වෙළඳපොලේ තම නිෂ්පාදන අලෙවි කළ ද, ඔවුන්ට ඉඩම්වල අයිතියක් ලබා ගන්නට නොහැකි විය.  වඩා ලාභදායි දේපල වෙළඳාම් සඳහා ගොවියන් භුමියෙන් එළවා දැමීමට වයවසායකයන් ක්‍රියා කළ අතර, ඒ සඳහා ඔවුන් ප්‍රාදෙශීය නිළධාරීන් ට අල්ලස් ලබා දුන්හ.

පුද්ගලික ව්‍යවසායන් චීන වඩාත් සමෘධිමත් රටක් බවට පත් කරමින් සිටිය ද, නව ආර්ථිකයෙන් උපයන ධනය චීන ජනතාව අතර බෙදී ගියේ අතිශය අසමානතාවයකින් යුක්තවය.

නැගී එන ධනවාදී ආර්ථිකයේ වැඩි ප්‍රතිලාභ ලබා ගත්තේ, පුද්ගලික ව්‍යවසායකයින්, ආයෝජකයින්, නගර සේවකයින් සහ කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් ගේ පවුල්වල අය පමණය.

නැගී එන ධනවාදී ආර්ථිකයේ වැඩි ප්‍රතිලාභ ලබා ගත්තේ, පුද්ගලික ව්‍යවසායකයින්, ආයෝජකයින්, නගර සේවකයින් සහ කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් ගේ පවුල්වල අය පමණය.

චීනයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% ක ප්‍රතිශතයක් දූෂිත නිලධාරීන් විසින් අපයෝජනයට ලක් කරන බව නිල වාර්ථා වලින් කියැවිණි.

එසේම සිවිල් හා හමුදා නිලධාරීන් විසින් කරනු ලබන නීති විරෝධී බැඳුම්කර හේතුවෙන් දූෂිත ධනයෙන් විශාල ප්‍රමාණයක් විදේශ රටවලට ඇදී යන බවද එම වාර්ථාවල දක්වා තිබුණි.

ඇස්තමේන්තු කර තිබූ පරිදි චීන ධනයෙන් 60% ක් හිමිකර ගන්නේ 1% ක් වූ ඉහළ පෙලේ කුටුම්භයන් විසින්ය. ආර්ථික සමනාත්මතාවයේ ඉලක්කයක් ඇති මාක්ස්වාදය, චීනය තුළ අවසන් වී ඇති බව එයින් මනා ලෙස පැහැදිළි විය.

 

ප්‍රභූ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය

ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත් කල ද තත්ත්වය ඉතා අමිහිරිය. මාඕ සේතුං ගේ අභාවයෙන් පසුව සමහර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදුවී ඇතත්, තවමත් දේශපාලන බලය පිළිබඳව ඒකාධිකාරියක් දරන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය පමණි. සියළු තීරණ ගනු ලබන්නේ කොමියුනිස්ට් පක්ෂයේ තෝරාගත් ප්‍රභූ නායකයන් කිහිප දෙනකු විසිනි.

පොදු කාරණා විවෘතව සකච්ඡා කිරීමට සහ රජය විවේචනය කිරීමට ජනතාවට වැඩි නිදහසක් නොමැත. කොමියුනිස්ට් පක්ෂ පාලනයට හෝ සමාජ ස්ථාවරත්වයට තර්ජනයක් ලෙස ඔවුන් සලකන පුද්ගලයන්ට හා කණ්ඩායම් වලට එරෙහිව දැඩි මර්දනයක් රජය විසින් දියත් කරයි.

ස්වාධීන ශිෂ්‍ය සංවිධාන සහ කම්කරු සමිති පිහිටුවීමට දරන උත්සාහයන් ව්‍යර්ථ කිරීමට රජය ක්ෂණිකව ක්‍රියා කරයි.

බෞද්ධ අධ්‍යාත්මික භාවිතයක් මත පදනම් වූ ශාරීරික අභ්‍යාස පවත් වන ෆ්ලුන් ගොං නමැති සංවිධානය මර්දනය කිරීම සඳහා නීති විරෝධී දෙපාර්තමේන්තුවක් පිහිටවූ කොමියුනිස්ට් නායකයෝ, එම පිරිස් දහස් ගණනින් අතිත්ඩංගුවට ගෙන සිරගත කිරීමටත්, බලහත්කාරයෙන් සේවයේ යෙදවීමටත් එසේම මරා දැමීමටත්, ක්‍රියා කළහ.

චීන ජාතිකයන්ට පුවත් පත්, රූපවාහිනිය සහ ගුවන්විදුලිය ට පවා පුළුල් ප්‍රවේශයක් නැත. චීන රජය අන්තර්ජාල වෙබ් අඩවි අවහිර කරන අතර, " ප්‍රජාතන්ත්‍රවාදය" සහ " චීනයේ සාගත" වැනි මාතෘකා සාකච්ඡා කරන්නේ නම්,  රජය කරන්නේ වහාම බ්ලොග් සහ චැට් රූම් වසා දැමීමය.

හූ ජිටාවෝ, ජනතාවගේ "වැඩි සහභාගිත්වය" ගැන කතා කරනු ලැබුව ද, ජාතික මට්ටමේ පමණක් නොව, පලාත් මට්ටමේ සහ ප්‍රාදේශීය මට්ටමේ තරඟකාරී මැතිවරණ පුළුල් කිරිමක් ගැන කිසිදු බැරෑරුම් සාකච්ඡාවක් සිදු කළේ නැත.

Refworld | Democracy campaigners propose nomination system for ...

ඔවුන්ට අවශ්‍ය වූයේ ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂයට අයිති කර ගැනීමට මිස ජනතාවට අයිති කර දීමට නොවේය.\

ඔවුන්ට අවශ්‍ය වූයේ ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂයට අයිති කර ගැනීමට මිස ජනතාවට අයිති කර දීමට නොවේය.

චීනය අද ප්‍රජාතන්ත්‍රවාදය ස්වකීය නියමයන් අනුව අර්ථ දැක්වීමට උත්සා දරයි. කොමියුනිස්ට් පක්ෂය අවධාරණය කරන්නේ , කතා කිරීමේ නිදහස වැනි බටහිර පන්නයේ පුද්ගල අයිතිවාසිකම් වලට වඩා සෞඛ්‍ය රැකවරණ වැනි අයිතිවාසිකම් ගැන පමණි.  එය  " චීන  ලක්ෂණ සහිත ප්‍රජාතන්ත්‍රවාදය " යි.

ධනවාදී සමාජයක ධනය වැඩි දියුණු කරන විට පුළුල් වන මධ්‍යම පංතියක්, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටිනු ඇතැයි දෙශපාලන විද්‍යාඥයින් දිගු කලක් තිස්සේ උපකල්පනය කර තිබුණි.

එහෙත්, චීනය රුසියාව වැනි රටවල් ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිවම ධනවාදය පිලිගෙන ඇති තත්ත්වයක් තුළ මෙම උපකල්පනය අභියෝගයට ලක් වී තිබේ.

චීනයේ වසර 30 ක ධනවාදී ප්‍රතිසංස්කරණවලින් පසුව, පෞද්ගලික ව්‍යවසායකයින් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටීමට වඩා වැඩි කැමැත්තක් දක්වන්නේ තම ව්‍යාපාර පවත්වාගෙන යෑමට සහ මුදල් ඉපැයීමට බව මෑතක දී කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

හූ ජින්ටාවෝ ගෙන් පසුව බලයට පැමිණි වත්මන් නායක ෂී ජින්පින්, කොමියුනිස්ට් පක්ෂයට ලබා දුන් "චීන සිහිනය" ගැන මීළඟට විමසා බලමු.

- සුනිල් ගාමිණී

subscribeYT

නවතම පුවත්

ඇට මැස්සා