මහජන චීන සමූහාණ්ඩුවේ සභාපතිවරයා වූ හූ ජින්ටාවෝගේ ධූරකාලයෙන් පසුව එම පදවියට පත්වූයේ වත්මන් නායක ෂී ජින්පින් ය.

2013 දී බලයට පත් ෂී ජින්පින් 2018 දී දෙවැනි ධූර කාලයක් සඳහා තෝරා පත් කර ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ මහජන සභාව ක්‍රියා කළේය.

 

මාඕ සේතූංගේ සිට මේ දක්වා චීනයේ වඩාත්ම ඒකාධිපති පාලකයා 

ජනාධිපතිධූරයේ අසීමිත කාලයක් රැඳී සිටීමට හැකිවන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ ෂී ජින්පින්, තම චින්තනය ඇතුලත්, "ෂී ජින්පින් චින්තනය" නමැති වැඩ පිළිවෙල කොමියුනිස්ට් පක්ෂයේ මූලධ්‍රමය බවට පත් කළේය.

ෂී ජින්පින් ජනාධිපති වන්නට පෙර මහජන චීන සමූහාණ්ඩුවේ උප සභාපතිවරයාව සිටි අවදියේ "චීන සිහිනය" නමින් ඉදිරිපත් කර තිබූ තේමාව,  ඔහු 2013 දී බලයට පත්වූ පසුව චීන කොමියුනිස්ට් පක්ෂයේ දෘෂ්ටිවාදය බවට පත් කළේය.

අතිශයින්ම ඔහු සතු පුද්ගලාරෝපිත බලය හේතුවෙන් මාඕ සේතූංගේ සිට මේ දක්වා චීනය තුළ බිහිවුණු වඩාත්ම ඒකාධිපති පාලකයා වන්නේ ෂී ජින්පින් ය.

China Leaders

 

"චීන සිහිනය" සහ චීන ණය

"චීන සිහිනය" යන සංකල්පය වටා ව්‍යුහගත කර ඇති ෂී ජින්පින් ගේ ජනාධිපති ධූරය වඩාත්ම කැපී පෙනෙන්න්නේ චීනය වැඩි වශයෙන් ජාත්‍යන්තර තලයේ පෙනී සිටීමෙන්ය.

 

බටහිර රටවල්, ලෝකයේ දුප්පත් හා සංවර්ධනය වෙමින් පවතින රටවලට ආධාර සැපයීමේ දී, බහු පාර්ශවීය ණය දෙන්නන් සහ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ කර ගනිති.

එහෙත් චීනය අන්තර් ජාතික සංවර්ධනයේ දී , වෙළඳාම, ආයෝජනය සහ ණය දීම දක්වා සියලු වාණිජ ක්‍රියාකාරකම් සිදු කරනු ලබන්නේ චීන රාජ්‍ය මැදිහත්වීම මත පමණි.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ආධාර හා ණය දීමේ දී බටහිර ආකෘතියට වඩා කැපී පෙනෙන වෙනසක් හා පරතරයක් චීන ණය ආකෘතිය තුළ පවතී.

චීනයේ අදහස වන්නේ තම වෙළඳාම, ආයෝජනය සහ ණය දීම නිසා, සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ ආර්ථික සංවර්ධන අවස්ථා ඇතිවන බවය. එසේම එම ආර්ථික සංවර්ධනය චීනයේම සමාජ හා පුළුල් දේශපාලනික ස්ථාවරත්වයකට යටත් වන බවට ඔවුන් තර්ක කරති.

බටහිර රටවල් සහ සංවිධාන විසින් සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය හා ආධාර ලබාදීමේ දී , අදාල රටේ මානව හිමිකම් , ප්‍රජාතන්ත්‍රවාදය, කම්කරු නීති ආදී බොහෝ කාරණා සොයා බලති.

එහෙත් චීන ප්‍රවේශය පදනම් වී ඇත්තේ, ඉහළ වර්ධනයක් ළඟා කර ගැනීමට සහ ද්‍රව්‍යමය ජීවන තත්ත්වයන් වැඩි දියුණු කිරීමට පශ්චාත් මාඕ පාලනයේ විධි ක්‍රමය වේ. එහිදී මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, කම්කරු නීති වැනි කාර්ණා කිසිවක් ඔවුන්ට අදාල නොවේ.

 

චීනයේ ණය අයකර ගැනීමේ කලාව

සැබැවින්ම චීනය, සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දෙන්නේ මොනවාද? ඒ සඳහා ඔවුන් නැවත ලබා ගන්නේ මොනවා ද? මෙය සියුම් හා පුළුල් ලෙස විමර්ශනය කළ යුත්තකි.

අප්‍රිකාවේ, ලතින් ඇමරිකාවේ සහ ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් සඳහා ණය ප්‍රවර්ධනය කිරීම චීනය විසින් ආරම්භ කරනු ලැබුවේ 2013 දීය.

මෙම කලාපවල පවතින සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ වන විට දැඩි මූල්‍ය අර්බුද වලට ගමන් කොට තිබේ. තමන්ගේ අභිලාෂයන් සඳහා හොඳ ගැලපීමක් චීන ණය ප්‍රවේශය තුළ නොමැති බව මෙම රටවල් මේ වන විටත් වටහාගෙන සිටිති.

වෙළඳ භාණ්ඩ වලින් පොහොසත්  බ්‍රසීලය වැනි දකුණු අප්‍රිකානු රටවල්, චීනය සමඟ පවත්වනු ලබන වෙළඳ හා ආයෝජන සබඳතා පිළිබඳව දීර්ඝ කාලයක් පුරා කනස්සල්ලෙන් පසුවෙති.

වඩා ලාභදායී නිමි භාණඩ හා සේවා වෙනුවට, අමුද්‍රව්‍ය සහ කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කිරීමට දැඩි ලෙස නැඹුරු කිරීම මෙවැනි රටවලට ලබා දෙන චීන ණය ක්‍රමය මගින් බල කර තිබේ.

China Dream

 

චීනය සිය ධනය හා බලය ගෝලීය වේදිකාවට

යම් රටක් සමස්ත අපනයනයෙන් 60% කට වැඩි ප්‍රමාණයක් වෙළඳ භාණ්ඩ අපනයනය කරන්නේ නම්, එම රට, අපනයන වෙළඳ භාණ්ඩ මත යැපෙන රටක් ලෙස සලකයි. එවැනි රටක ආර්ථික සංවර්ධනයට සෘණාත්මක බලපෑම් ඇති විය හැකි බැවින්, ලොව පුරා රටවල් වල එවැනි යැපීමේ ප්‍රමාණය නිරීක්ෂණය කිරීම සිදුවේ.

වෙළඳ හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCTAD) සෑම වසර දෙකකට වරක් , වෙළඳ භාණඩ අපනයනය මත යැපෙන රාජ්‍යයන් පිළිබඳව වාර්තාවක් ප්‍රකාශයට පත් කරනු ලබයි. 2019 දී ප්‍රකාශයට පත් කළ වාර්තාවට අනුව රටවල් 189 ක තොරතුරු එලිදක්වා තිබේ.

චීනය සිය ධනය හා බලය ගෝලීය වේදිකාවට යොදවන ආකාරය, සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධනයට කිසිසේත්ම නො ගැලපෙන බවට, බොහෝ ජාතීන් මේ වන විට අවබෝධ කර ගෙන සිටිති.

චීනයේ ණය ආකෘතියට හසුවූ අග්ණිදිග අසියාවේ මියන්මාරය වැනි රටවල්, මේ වන විට එක්සත් ජනපදය වැනි විකල්ප වාණිජ හා රාජ්‍ය තාන්ත්‍රික හවුල්කරුවන් සොයා ගැනීමට දරණ උත්සාහයන් දෙගුණ කිරීමට පටන් ගෙන තිබේ. චීනය මත අධික ලෙස යැපීමෙන් ඉවත් වීමට ඔවුන් උත්සාහ කරමින් සිටී.

වෙළඳාම, ආයෝජනය සහ ණය හරහා චීනයේ සංකීර්ණ මැදිහත්වීම, සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ සුවිශේෂී ගැටළු රාශියක් මතු කර ඇති බවත්, එවැනි රටවල් ඉමහත් කරදර වලට මුහුණ දී ඇති බවත්, යමෙකුට දැක ගැනීමට අවැසි නම්, වෙනිසියුලාව සහ මියන්මාරය යන රටවල් දෙස බැලීම ප්‍රමාණවත් වේ.

China Global governance

 

චීනයේ ජාත්‍යන්තර සංවර්ධන මොඩලය...

චීනයේ ජාත්‍යන්තර සංවර්ධන ප්‍රතිපත්තිය පදනම් වී ඇත්තේ , යතාර්ථවාදී නොවන උපකල්පනයන් මතය. චීන - මියන්මාර ආර්ථික කොරිඩෝව සංවර්ධනය ඊට එක් උදාහරණයකි.

මෙම සැලසුමට අනුව එම කලාපය තුළ පවතින ජනවාර්ගික හා ආගමික ආතතීන් ඉතාමත් කටුක යතාර්ථයක් නිර්මාණය කිරීමට ඉවහල් වී තිබේ.

ජයග්‍රාහී සංවර්ධනය පිළිබඳව චීනය වාචාල ලෙස කතා කළ වෙනිසියුලාවේ තත්ත්වය ද ශෝචනීය ය. මේ වනවිට බීජිං - කැරකස් සබඳතා විසංධි වී ගොස් තිබේ.

යටිතල පහසුකම් දියුණු කිරීම නමැති මං මුලා සහගත සංවර්ධනයක් උදෙසා චීන ණය ලබා ගෙන ඇති , සංවර්ධනය වෙමින් පවතින රටවල් අතරින් ශ්‍රී ලංකාව ද ප්‍රමුඛ ස්ථානයක සිටී.

තිරසාර නොවන සංවර්ධනයක් සඳහා වූ ණය බරක් ශ්‍රී ලංකාවේ ජනතාවට උරුම වී තිබේ. ණය ගෙවීමට නොහැකි වූ විට ,ඒවා පියවීමට තව ණය ලබා දීමත්,  ණය උගුලේ හසුවූ විට ණය යොදවා තැනූ වත්කමේ ස්වෛරීභාවය චීනයට අත්පත් කර ගැනීමත් චීනයේ ණය දීමේ මුලෝපාය මාර්ගය වී තිබේ.

මේ සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති හොඳම උදාහරණය නම් හම්බන්තොට වරාය වේ. කිසිදු ආදායාමක් නොමැති වීම හේතුවෙන් ණය වාරික ගෙවීමට නොහැකි වූ විට , චීනය නැවතත් 6% ක් තරම් වූ ඉහළ පොලියකට ඩොලර් බිලියන 8 ක ණයක් ලබා දීමට සූදානම් විය.

2017 බලයේ සිටි යහපාලන ආණ්ඩුව ඊට අකමැති වූයෙන් , එම ණය උගුල තව දුරටත් සංකීර්ණ නොවූ නමුත්, චීනයට ගෙවිය යුතු ණය වාරික වෙනුවෙන් හම්බන්තොට වරායේ කළමනාකරණය වසර් 99 කට චීනයට පවරාදීමට සිදුවී තිබේ.

 

ෂී ජින්පින් දෙවැනි වරටත් ජනාධිපති වීම 

Xi Jinping 2

චීන ජනාධිපති ෂී ජින්පින් සිය දෙවැනි ධූර කාලයට අවතීර්ණය වූයේ ජාත්‍යන්තර මැදිහත්වීමේ උපායක් ද අතැතිවය.

2017 දී පැවැති 19 වැනි පක්ෂ සම්මේලනය තුළ "සාකච්ඡාවන් සහ සහයෝගීතාවය තුළින් හවුල් වර්ධනයක් අත්පත් කර ගැනීම" නමැති යෝජණාවක් සම්මත කර ගැනීමට ෂී ජින්පින් ක්‍රියා කළේය.

ගෝලීය යටිතල පහසුකම් හා සම්බන්ධතා වැඩසටහන ( Belt And Road Initiative) නොහොත් BRI ලෙස හඳුන්වනු ලබන මෙම වැඩසටහන යටතේ යටිතල පහසුකම් සැපයීමට ඩොලර් ට්‍රිලියන ගණනක් ලබා දීමට ෂී ජින්පින් සැලසුම් සකස් කළේය.

ආසියාවේ ,යුරෝපයේ සහ අප්‍රිකාවේ ණය ගැනුම් කරුවන්ට ණය දීම මෙහි ප්‍රමුඛතම කටයුත්තය.

ශ්‍රී ලංකාව ඇතුළුව BRI යටතේ ණය ලබාගත් රටවල් 68 ක් ලොව පුරා ඇති අතර, 2017 සිට මේ දක්වා ගෙවී ඇති කාලය තුළ පමණක්, එයින් රටවල් 8 ක් ණය පීඩාවේ ඉහළම අවදානමකට පත්වී ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධනයට සහය දක්වන බවට පවසන චීනය විසින් එම රටවලට සිදු කර ඇති බලපෑමත්, එම බලපෑම ඉදිරියේ බටහිර බලවතුන්ගේ සූදානම කුමක් ද යන්නත් පසුවට විමසමු.

- සුනිල් ගාමිණී

subscribeYT

නවතම පුවත්

ඇට මැස්සා