“බ්ලැක් ලයිව්ස් මැටර්” විරෝධතා ව්‍යාපාරයෙහිදී ජනමාධ්‍යවේදීන්ට සැලකුව ආකාරය පිළිබඳ ඇමරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය විසින්

ට්‍රම්ප් රජයට තම විරෝධය පල කිරීමෙන් පසුව විරෝධතාවයන්හිදී තුවාල ලැබූ සිය රටේ මාධ්‍යවේදියෙකුගේ ප්‍රථිකාර පිළිබඳ ධවල මන්දීරය අවධානය යොමු කර ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය සවුත් වෙස්ට් ප්‍රවෘත්ති ඒජන්සියට සේවය කරන ඡායාරූප ශිල්පී ඇඩම් ග්‍රේ, පසුගිය සති අන්තයේ නිව්යෝක් නුවරදී නිලධාරීන් කිහිප දෙනෙකු විසින් බිම හෙළා අත් අඩංගුවට ගැනීමෙන්, විරෝධතා ආවරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පළමු මාධ්‍යවේදියා ඔහු බවට පත්විය.

 

එක්සත් ජාතීන්ගේ ප්ලාසා හි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඔහුට නිකුත් කරන ලද පුවත්පත් අවසර පත්‍රය නොතකා ඔහුව අත්අඩංගුවට ගත් පොලීසිය ඔහුට මාංචු දැමීය.

වොෂිංටන් ඩී.සී. හි පසු ගිය ඉරිදා කැරලි මර්දන පොලිස් නිලධාරියෙකු විසින් බීබීසී කැමරා ශිල්පියෙකු වෙත තම පලිහ ආරෝපණය කළේය. මේ ලියන මොහොත වන විට එක්සත් ජනපදයේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ විරෝධතා ආවරණය කිරීමේදී මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම් හෝ පහරදීම් පිළිබඳ සිදුවීම් 148 ක් වාර්තා වී ඇත.  

ගැටුම් කලාපවල සහ ඒකාධිපති රාජ්‍යයන්හි සේවය කරන මාධ්‍යවේදීන් ඒවායේ සේවය කරණු ලබන්නේ වසර ගණනාවක් තිස්සේ ඇති අනතුරු අඟවීම් මධ්‍යයයේ වන අතර ජනමාධ්‍ය වාර්ථාකරණය අද තවත් භයානක වෙමින් තිබේ.

කලකට පෙර සිරියාවේ යුධ පිටි වල, හොංකොංහි වීදිවල නැතිනම් ඉංදියාවේ කුඩා නගරයක හෝ ලංකාවේ පාරක පුවත්පත් අවසර පත්‍රයක් සහ කැමරාවක් ලබා දී ඇවිද යන විට ඇති වූ අනාරක්ෂික බව අද එක්සත් ජනපද නගරවල වල පාර වල් පුරා ගලායයි.

මිනියාපොලිස්හි සහ අනෙකුත් විරෝධතා පැවත්වූ ප්‍රාදේශවලට ජනමාධ්‍යවේදීන් ස්ථාන ගත නොවීනම්, ජෝර්ජ ෆ්ලොයිඩ් මරා දැමීමට වගකිව යුත්තෙකු නොසිටිය හැකි අතර මීට පෙර සිදුවූ පරිදි ඇමෙරිකානු බලධරයන් ඇස් කන් වසා සිටිය හැකිව තිබුනි.

දිනපතා අමෙරිකානු ජන ජීවිත අතර ෆ්ලොයිඩ් සිදුවීම වැනි සුදුවීම් වීථි පුරා සිදු වූවත් ඒවා ලේඛණ ගත නොවූ පහර දීම් හෝ අත් අඩංගුවට ගැනීම් පමණක් විය.

ඡායාරූප මාධ්‍යවේදියෙකු වන ලින්ඩා ටිරාඩෝ පසුගිය සෙනසුරාදා මිනියාපොලිස් හි පැවති විරෝධතා ආවරණය කරමින් සිටියදී පොලීසිය ඇයට “අඩු මාරාන්තික” වෙඩි තැබීමක් කර ඇති අතර, ඇගේ වම් ඇසෙහි ස්ථිර පෙනීම නැති වී ගියේය.

වයිස් නිව්ස් වාර්තාකරුවෙකු වන මයිකල් ඇඩම්ස්ට බිම දිගාවීමට අණකල පොලිසිය ඔහු දිගා වී පුවත් පත් හැඳුනුම් පත හිසට උඩින් පෙන්වමින් සිටියදී ඔහුගේ ඇස්වලට ගම්මිරිස් වතුර ස්ප්‍රේ කරන ලදි.

කෙන්ටකි හි වේව් 3 රූපවාහණියේ සජීවී ප්‍රවෘත්ති විකාශය කරමින් කයිට්ලින් රස්ට් වෙත ගම්මිරිස් බෝලවලින් පහර දීමට පෙර නිලධාරියෙකු ඉලක්කයක් ගත් අතර “මට වෙඩි තියනවා,” ඇය රූපවාහිනී සජීවීව විකාශය අතර කෑගැසුවාය. පසුව ඇගෙන් පොලිසිය සමාව ඉල්ලා සිටියේය.

රාජ්‍ය නොවන සංවිධානයක් වන ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුවේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ රොබට් මහෝනි පවසන්නේ “ප්‍රචණ්ඩත්වයේ පරිමාව නිසා එය අප සැවොම කම්පනයට පත් කරවන” බවයි.

 “පසුගිය සතියේ මාධ්‍ය නිදහස උල්ලංඝණය කිරීම් 300 කට අධික සංඛ්‍යාවක් අප විසින් වාර්තා කර ඇති අතර ඉන් බහුතරය ශාරීරික පහරදීම්, මම පෙර නොවූ විරූ වචනය භාවිතා කිරීමට අකමැතියි, නමුත් මට නිසැකවම කිව හැකියි,  එය, 1960 සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ විරෝධතාවෙදි විරෝධතාකරුවන් පමණක් නොව ජනමාධ්‍යවේදීන් ද ගොදුරු වූ ප්‍රචණ්ඩ මර්දනය වැනි දෙයක්. 

සිද්ධීන්ගෙන් බහුතරයක් පෙනී යන්නේ, මාධ්‍යවේදීන් ලෙස පැහැදිලිව හඳුනාගත හැකි මාධ්‍යවේදීන්ට පොලීසිය පහර දුන් බවයි. බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත් පත විසින් විශ්ලේෂණය කරන ලද පහර දීම් සිද්ධීන් 10 න් 7 ක්ම (148 න් 106 ක් හෝ 72% ක්) මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ හැඳුනුම් පත් දෘශ්‍යමාන කල විට හෝ තමන් මාධ්‍ය සේවකයින් ලෙස හඳුනා ගැනීමෙන් පසුව පහර දෙන සිදුවීම් බව පැහැදිලිවේ.

පීඩාවට පත් මාධ්‍යවේදීන් 143 දෙනාගෙන් වැඩි දෙනෙක් එක්සත් ජනපද පුවත් පත් සඳහා වැඩ කරති. කෙසේ වෙතත් විරෝධතා අතරතුර පොලීසිය සහ වෙනත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් අත් අඩංගුවට හෝ පහර කෑමට ලක් වූ මාධ්‍යවේදීන් අතර එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ස්වීඩනය, නෝර්වේ, ජර්මනිය, ප්‍රංශය, කැනඩාව යන රටවල මාධ්‍ය ප්‍රකාශන සඳහා සේවය කරන මාධ්‍යවේදීන් සහ ජාත්‍යන්තර වයර් සේවා සඳහා සේවය කරන මාධ්‍යවේදීන්ද ඇත.

සිදුවීම් විශලේෂණය කරන විට පෙනෙන දෙයක් නම් බහුලව බාවිතා කර ඇත්තේ “අඩු මාරාන්තික” රබර් හෝ ⁣ෆෝම් උන්ඩ සහිත ආයුධය වන අතර, මාධ්‍යවේදීන් 40 කට ඒවායින් වෙඩි තබා ඇත.

 නිලධාරීන් විසින් මාධ්‍යවේදීන්ට ශාරීරිකව පහර දුන් අවස්ථා 34 ක් ද දත්ත වලින් දැක්වේ. සිදුවීම් 20 කට වැඩි සංඛ්‍යාවක් කඳුළු ගෑස් භාවිතය හා 15 ක් ගම්මිරිස් ඉසින භාවිතය සම්බන්ධ විය. විශ්ලේෂණය කරන ලද සිද්ධීන් අතුරින්, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගත් හෝ රඳවාගෙන සිටි අවස්ථා 33 ක් විය.

මෙම විමර්ශණයේදී විරෝධතාකරුවන් හෝ මහජනතාවගේ ආයුධ රැගෙන යාමේ සිද්ධීන් බැහැර කරනු ලැබූ අතර එවැනි සිදුවීම් 11 ක් හඳුනාගෙන ඇත.

පුහාරයන් වැඩි ප්‍රමාණයක් ප්‍රාදේශීය පොලිස් දෙපාර්තමේන්තු විසින් සිදු කරන ලද නමුත් රාජ්‍ය හමුදා භටයන් සම්බන්ධ සිද්ධීන් 15 ක් සිදුවිය. මිලිටරි සංචිත බලකායක් වන ජාතික ආරක්ෂක හමුදාව ආක්‍රමණිකයන් ලෙස නම් කරන ලද තවත් වාර්තා තුනක්.

මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින්නන් පවසන්නේ මෙම සිදුවීම් ප්‍රජාතන්ත්‍රවාදය තුළ නිදහස් මාධ්‍යයක් සඳහා ඇති ස්ථානය ඛාදනය වන බවයි. “ජනමාධ්‍යවේදීන් සැමවිටම විවේචනයේ ඉලක්කයන් වී ඇති අතර 1960 දශකයේ දී ඔවුන් ද පොලිසිය විසින් ඉලක්ක කරන ලදී” යැයි මහෝනි පවසයි. “නමුත් ජනමාධ්‍යවේදීන් අවශ්‍ය බවට අවබෝධයක් තිබූ අතර ඔවුන්ට ඔවුන්ගේ රාජකාරිය කිරීමට ඉඩ දීම පොලිස් බලකායේ වගකීමකි. ඒක වෙනස් වෙලා. ”

තම පුවත් පත් සාකච්ඡා හා රැලිවලදී මාධ්‍ය ප්‍රතික්ෂේප කරමින් වාචාල ලෙස වාර්තාකරුවන්ට “වංචාකරුවන්”, “ව්‍යාජ ප්‍රවෘත්ති” සහ “ජනතාවගේ සතුරන්” යනුවෙන් ලේබල් කරන එක්සත් ජනපද ජනාධිපතිවරයා ඔහුගේ ආධාරකරුවන් කිහිප දෙනෙකුගේ ප්‍රතිරාවයක්ය..

එහෙත් මාද්‍ය කරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ට්‍රම්ප්ට පෙර කාලයට යන අතර එය පිළිබඳ ෆ්‍රීඩම් ඔෆ් ප්‍රෙස් පදනමේ විධායක අධ්‍යක්ෂ ට්‍රෙවර් ටිම් පවසන්නේ “2014 ෆර්ගියුසන් කෝලාහලයට ආපසු යද්දී මාධ්‍යවේදීන් දුසිමකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන කඳුළු ගෑස් හෝ රබර් උණ්ඩ යොදා පොලීසිය වෙඩි තබා ඇත” යනුවෙනි.

“මෙහි ඇති විශාලතම ප්‍රශ්නය වන්නේ පොලිසිය හමුදාකරණය කිරීමයි. එය සැබෑ සුවිශේෂ ගැටළුවක් වන අතර එය දැන් දශක දෙකක් තිස්සේ ව්‍යාප්ත වෙමින් තිබේ.යථාර්තයනම් ආරක්ෂක දෙපාර්තමේන්තුව යුද්ධය සඳහා නිශ්පාදණය කරන හමුදා උපකරණ වචනානුසාරයෙන් ප්‍රාදේශීය පොලිසියට විකුණයි. ”

කිසියම් බරපතල ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුවීමට පෙර දැඩි ලෙස ආයුධ සන්නද්ධ නිලධාරීන් විරෝධතා සඳහා යෙදවීම විසින් ප්‍රකෝපකාරී වාතාවරණයක් ඇති කළ හැකි අතර එමඟින් විරෝධතාකරුවන්ගේ සහ මාධ්‍යවල නිදහසේ කතා කිරීමේ අයිතියට ගරු කිරීම අඩු විය හැකි බව අපරාධ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් වන ලෝරි රොබින්සන් පවසයි. ඇය පොලීසිය සහ මහජනයා අතර සබඳතා වැඩිදියුණු කිරීම සඳහා උපදෙස් දීම සඳහා ජනාධිපති බරක් ඔබාමා විසින් පිහිටුවන ලද කාර්ය සාධක බලකායේ උප සබාපතිනියයි.

“අපි කතා කරන්නේ වඩා වැදගත් වන්නේ පොලීසිය සටන්කාමී හෝ තම ආධිපත්‍ය පැතිරවීමේ මනසකින් නොව ආරක්ෂකයෙකුගේ මනසින් කටයුතු කිරීමයි.”

මෙම පහරදීම් විසින් විරෝධතා ව්‍යපාරයක් අතරතුර මාධ්‍ය හැසිරිය යුතු ආකාරය පිළිබඳ අමතර පුහුණුවක් අවශ්‍ය බව පෙන්නුම් කෙරෙන අතර, විශේෂයෙන් මේ නව මාධ්‍ය යුගයේ දී ,මාධ්‍යවේදීන්ව තම ස්මාර්ට් ෆෝන් වල රූගත කරන සාමාන්‍ය ජනයාගෙන් වෙන්ව හඳුනා ගැනීම වැනි කාරනා ඉස්මතු කරයි.

වසර ගණනාවක් තිස්සේ විශ්ලේෂකයින් පවසා ඇත්තේ තරාතිරම නොබලා පොලිස් නිලධාරීන් සහ ඔවුන් මුර සංචාරයේ යෙදෙන ප්‍රජාවන් අතර වර්ධනය වන සංස්කෘතික පරතරය ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට දායක වන බවයි. බොහෝ නගරවල සහ නගරවල ප්‍රවෘත්ති කාමර හැකිලීම හා අතුරුදහන් වීමත් සමඟ මාධ්‍යවේදීන් සහ පොලිස් දෙපාර්තමේන්තු අතර පෞද්ගලික සම්බන්ධතා අඩු වීමට හේතු වන බව සමහරු අනුමාන කරති.

“ජනමාධ්‍යවේදීන් කවුරුන්ද, ඔවුන්ගේ සේවා ස්ථාන වොනවද, ඔවුන් ප්‍රජාව තුළ ජීවත් වූවාද යන්න පොලිසිය දැන සිටියේය” යනුවෙන් මහෝනි පවසයි. “එබැවින් යම් මට්ටමක හුරුපුරුදුකමක් මෙන්ම වගවීමක් ද තිබුණි. නමුත් ජනමාධ්‍යවේදීන් දවසෙන් දවස  එම සබඳතා දුරස් වූ අතර එම සබඳතා තවදුරටත් නොපවතීම තුල  ‘අප සහ ඔවුන්’ ගතිකය වඩාත් වෙනස් වී ඇත. ”

මූලාශ්‍ර :-  CPJ, The Guardian and Politics home

(උපුටා ගැනීම : සුළඟේ දිසාව - winddirectionlanka.com )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්