''මංගල, ඔබ කසාද නොබැඳේ ඇයි" ?  මංගල සමරවීර සමග පසුගියදා පැවති 'මුහුණට මුහුණ' දේශපාලන වැඩසටහනේ දී

SL VLOGE මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ විමසා සිටියේය.

එහිදී ක්ෂණිකයෙන් ප්‍රතිචාර දැක්වූ මංගල, ''දර්ශන ඔබ කාසද බැන්දේ ඇයි ?'' දැයි විමසා සිටියේය. ඊට ප්‍රතිචාර නොදැක්වූ දර්ශන, වෙනත් ප්‍රශ්නයක් විමසමින් එම වැඩසටහන අඛණ්ඩව සිදුකරනු ලැබුවේ මෙසේය.

 

''විවාහ වීම හෝ නොවීම පුද්ගලයෙකුගේ තෝරා ගැනීමකි.''  -දීප්ති කුමාර

එම සංවාදයේදී විවාහය සම්බන්ධයෙන් මතුවූ දෙබස ගැන අදහස් දක්වන ප්‍රවීන දේශපාලන විචාරක දීප්ති කුමාර ගුණරත්න පවසන්නේ, විවාහ වීම හෝ නොවීම පුද්ගලයෙකුගේ තෝරා ගැනීමක් බවයි.

ලිංගිකත්වය කෙනෙකුගේ කායික විද්‍යාව සමග ඍජු ලෙස සම්බන්ධ නොමැති බවත්, ඒ නිසා, කෙනෙකුගේ ශරීරය මඟින් ඔහුගේ හෝ ඇයගේ දෛවය තීන්දු නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, 'දේශපාලනය ආත්ම ප්‍රකාශනයක් ද?' යන ශීර්ෂයෙන් යුතුව 3mana.com හි පළකර ඇති දේශපාලන විශේෂාංගයකය.

එම ලිපියේ වැඩි දුරටත් මෙසේද සඳහන් වේ.

''ෆ්‍රොයිඩ් අනුදත් මනෝවිශ්ලේෂණයට අනුව ස්ත්‍රී-පුරුෂ වෙනස බිහි වන්නේ, ධනාත්මක අනන්‍යතාවයක් මගින් නොවේ. තල දර්පණයක් ඉදිරිපිට දී තමන්ගේ ස්ත්‍රිත්ව ශරීරයේ ”හැඩය මදි” යැයි සිතන ස්ත්‍රියක් රූපලාවණ්‍ය විද්‍යාවක් ආශිර්වාද කොට ගනිමින් ‘වඩා-ස්ත්‍රියක්’ වෙයි. මෙම ක්‍රියාව මගින් හැඟවෙන්නේ, ශරීරයක් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වීම සොබාදහම හෝ හුදු බාහිර සංවාද භාෂාව හරහා පමණක් සිදු නොවන බව ය.

ලිංගික-Sex- සහ ලිංගිකත්වය- Sexuality- යනු, මනෝවිශ්ලේෂණයේ මෞලික සංකල්පයන් ය. මෙම සංකල්ප දෙක හරහා විද්‍යාමාණ වන්නේ, යමක් ‘නම්’-naming- කිරීම හෝ යම් යම් ක්‍රියාවන් හඳුනා ගැනීම පමණක් නොවේ.

කොටින්ම ලිංගිකත්වය යනු, ධනාත්මක හෝ කිසියම් හිස් භාජනයකට වතුර පුරවනවා වැනි අදහසක් නොවේ.

සිග්මන් ෆ්‍රොයිඩ්ට අනුව ලිංගිකත්වය බොහෝ ගැටලුවලට පාදක වන මූල හේතුවක් වන අතර එය උත්තරයක් නොව සංකීර්ණ ගැටලුවකි.

‘ලිංගිකත්වය’ යනු, ඕනෑම මිනිස් ආත්මයකට සටන් කිරීමට අදාළ වන ඉබේ පහළ නොවන නිශේධනාත්මක (තමා විසින් ම පොදු අවකාශයක හෙළා දකින) දෙයකි. එහි පදනම ධනාත්මක නැත.

''ලිංගිකත්වය කෙනෙකුගේ කායික විද්‍යාව සමග ඍජු ලෙස සම්බන්ධ නැත. ඒ නිසා, කෙනෙකුගේ ශරීරය මඟින් ඔහුගේ හෝ ඇයගේ දෛවය තීන්දු නොවේ. අනන්‍යතාවය සහ ශරීරය අතර පීලි පැනීමක් සිදු විය හැකිය. ජීව විද්‍යාව, කායික විද්‍යාව යනු, කරුණු පමණි. කෙනෙකුගේ ලිංගය තීන්දු වන්නේ, ඔහු හෝ ඇය අනුසාරිකයෙක් (පොදු යහපතට යටත් නොවන්නෙක්) නොවන  තැනදී ය.''

ලිංගිකත්වය කෙනෙකුගේ කායික විද්‍යාව සමග ඍජු ලෙස සම්බන්ධ නැත. ඒ නිසා, කෙනෙකුගේ ශරීරය මඟින් ඔහුගේ හෝ ඇයගේ දෛවය තීන්දු නොවේ. අනන්‍යතාවය සහ ශරීරය අතර පීලි පැනීමක් සිදු විය හැකිය. ජීව විද්‍යාව, කායික විද්‍යාව යනු, කරුණු පමණි. කෙනෙකුගේ ලිංගය තීන්දු වන්නේ, ඔහු හෝ ඇය අනුසාරිකයෙක් (පොදු යහපතට යටත් නොවන්නෙක්) නොවන  තැනදී ය.

ජීව විද්‍යාව සහ සමාජය යනු, එකිනෙකට පරස්පර ප්‍රපංච දෙකක් නොවේ. ‘සමාජය’ යනු, ජීව විද්‍යාත්මක ශරීරයේ සරල විරුද්ධ පැත්ත නොවේ. ශරීරය පැත්තෙන් හෝ ව්‍යුහවාදී පැත්තෙන් ගත් විට සමාජය යනු, අවම වශයෙන් සමීපතාවයක්වත් නොවේ.

‘සමාජය’ යනු, ශරීරයට ඇති රැඩිකල් තවත් එක සම්බන්ධයක් පමණි. මේ අර්ථයෙන් ගත් විට, ශරීරය සහ සමාජ කතිකාව අතර යම් පරතරයක් (Gap), අන්තරාවක්, නො පෑස්සිය හැකි බවක් ඇත.

පුද්ගලයෙක් ‘තමා’ යැයි හඳුනා ගැනීම තුළ පවා රැඩිකල් පරතරයක් තිබේ. මේ අර්ථයෙන්, කෙනෙකුට අනෙකා සම්බන්ධයෙන් පමණක් නොව තමා සම්බන්ධයෙන් ද ෆැන්ටසි වර්ෂාවක් සම්මුඛ වෙයි.   ‘අනන්‍යතාවය’ ඒ අර්ථයෙන් අවිඥාණක තේරීමකි.

‘මම’ මම වීම මටවත් සවිඥාණක නැත. මෙම රැඩිකල් සන්දර්භය මත ජීව විද්‍යාත්මක ලිංගික අනන්‍යතාවය යනුවෙන් දෙයක් නැත. ෆ්‍රොයිඩ්ගේ න්‍යායට අනුව කුඩා දරුවන් තමන්ව ලිංගික කරණය කර ගන්නේ මේ නිසා ය.

''මනෝවිශ්ලේෂණ න්‍යාය අප විශ්වාස කරන්නේ නම් ඊට අනුව අප
‘ගැහැණු-පිරිමි’ භේදය වටහා ගන්නේ, සාමාන්‍ය මහජන මතය පරිදි නොවේ.''

මිනිස් ජීවියා උචිතෝන්නතිගත වන්නේ, ස්වභාවයට අනුව නොව සමාජ යථාර්ථයට අනුව යැයි කියන්නේ ද මේ නිසාය. පරිණත වූ වැඩිහිටි මනස තුළ ‘කුඩා දරුවෙකුගේ’ ෆැන්ටසි ලෝකය ෆ්‍රොයිඩ් විසින් කල්පනාවට ගන්නේ ද ඉහත පසුබිම නිසා ය. වැඩි පුද්ගලයාව වැඩිහිටි ජීවිතය තුළ පීලි පන්නවන්නේ මේ කුඩා නො දරුවා ය.

අනෙක් පැත්තෙන්, මනෝවිශ්ලේෂණ න්‍යාය අප විශ්වාස කරන්නේ නම් ඊට අනුව අප ‘ගැහැණු-පිරිමි’ භේදය වටහා ගන්නේ, සාමාන්‍ය මහජන මතය පරිදි නොවේ.

මින් අදහස් වන්නේ, ස්ත්‍රී සහ පුරුෂයන් අතර ඇත්තේ වෙනස්කමක් බවයි. මනෝවිශ්ලේෂණ සහ හේගලියානු අර්ථයෙන් ගත් විට ‘ලිංගික වෙනස’ යනු, පුද්ගලයන් අතර ඇති වෙනස්කමක් නොව පුද්ගලයන් තුළම ඇති වෙනස්කමකි.

''මනෝවිශ්ලේෂණ සහ හේගලියානු අර්ථයෙන් ගත් විට ‘ලිංගික වෙනස’ යනු, පුද්ගලයන් අතර ඇති වෙනස්කමක් නොව පුද්ගලයන් තුළම ඇති වෙනස්කමකි.''

ඉහත අර්ථයෙන්, ‘ලිංගිකය’ (Sex)  යනු, අන්තර් (Inter) නොව අන්තරස්ථ-immanent- දෙයකි. ලිංගිකය ධනාත්මක නොවන අතර එය නිශේධනයකි.[negation] පුද්ගලයා යන අනන්‍යතාවය නැතහොත් වෙස් මුහුණ යනුම මෙම නිශේධනයෙන් ගැලවීමට මිනිසා දරන වෑයමකි.

සමහරුන්ට මනෝවිශ්ලේෂණය මර්ධනකාරී ගැටලුවක් වන්නේ එමඟින් ලිංග දෙකක් අතර ගැටුම පමණක් ප්‍රාථමික කරන නිසා ය. මනෝවිශ්ලේෂණයට අනුව ඇත්තේ, ස්ත්‍රී සහ පුරුෂ ලිංග දෙක පමණි. අන් ඕනෑම ලිංගයක් (සමලිංගික, සංක්‍රාන්ති ලිංගික, ලෙස්බියන්, කලු, දුඹුරු, කහ- කෙටියෙන් LGBT+) ස්ත්‍රී-පුරුෂ පසමිතුරුභාවයේ විපාකයක් පමණි.

මින් අදහස් වන්නේ, ‘ලිංගික වෙනස’ බහුත්වයක් නොවන බව ය. බහුත්වය තුළදී ඔබට හමු වන්නේ, ‘වෙනස්කම්’ පමණි. නමුත් ‘ලිංගික වෙනස’ තුළ වෙනසට අමතරව ‘නිශේධනයක්’ ද ඇත. ‘වෙනස’ නිර්මාණය කරන්නේ මෙම නිශේධනය විසිනි. එවිට, ලිංගික අනන්‍යතාව සමමිතික ප්‍රපංචයක් නොවේ. එය අසමමිතික ය. අසංගතය. අසම්පූර්ණය.

Sexual identity

මනෝවිශ්ලේෂණ අර්ථයකින් ගත් විට, ‘ලිංගික වෙනස’ අසමමිතික නිසා ම ඒ තුළ විමුක්තිකාමී අදහසක් ද ගැබ්ව පවතියි. ලිංගික වෙනස මඟින් ගම්‍යමාණ වන අසමමිතික මානය යනු, අන්කවරක්වත් නොව මේ ‘වෙනස’ නිෂ්පාදනය කරන සංකේත ලෝකය ද එම ගුණයෙන් යුතු බවයි.

අප මෙතන සාකච්ඡා කරන්නේ, ලිංගික සමානාත්මතාවය පිළිබඳව නොවේ. ‘ලිංගික වෙනස’ දෙදෙනකු අතර පවතින දෙයක් නොව ‘කෙනෙකු’ තුළම පවතින දෙයක් නම් එය ‘ආත්මීය ගැටලුවක්’ (සද්භාවාත්මක- Ontological) මිස බාහිර සමාජ යථාර්ථය (Reality- Epistemological) තුළ පවතින බාධාවක් නොවේ.

‘ලිංගික වෙනස’ දෙදෙනකු අතර පවතින දෙයක් නොව ‘කෙනෙකු’ තුළම පවතින දෙයක් නම් එය ‘ආත්මීය ගැටලුවක්’ (සද්භාවාත්මක- Ontological) මිස බාහිර සමාජ යථාර්ථය (Reality- Epistemological) තුළ පවතින බාධාවක් නොවේ.

පුද්ගලයෙක් (එසේ සිටින බවට අප කල්පිතයක් ගොඩ නගන්නේ නම්) ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වීමට ලිංගික වෙනස තුළ දී නිශේධනය සමඟ සටන් කළ යුතුය. මෙම සටන හෝ අරගලයේ දෘෂ්ටිකෝණයෙන් ගත් විට පුද්ගලයෙකුගේ ලිංගික අනන්‍යතාවය තෝරා ගැනීමකි (Choice). එය ජීව විද්‍යාත්මක කරුණක් නොවේ.

මංගල සමරවීරගෙන් මේ මෑතක දී නිවේදකයෙක් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අසයි. “ඇයි ඔබ විවාහ නොවුණේ?” ඊට පිළිතුරු දීම වෙනුවට මංගල පෙරළා ප්‍රශ්නයක් අසයි. “ඇයි ඔබ විවාහ වුණේ?[2]”  ඉන්පසු දෙදෙනා අතර එකඟතාවයක් ඇති වෙයි. ඊට අනුව, විවාහ වීම හෝ නොවීම පුද්ගලයෙකුගේ තෝරා ගැනීමකි.

 

අමතක නොකළ යුතු කරුණක් :

ලිබරල් තෝරා ගැනීමක් ලෙස ලිංගික අනන්‍යතාවය අප පිළිගන්නා විට අමතක නොකළ යුතු කරුණක් ඇත. පුද්ගලයෙකු තම ‘ලිංගය’ තෝරා ගැනීමේ දී එය කරන්නේ සංකේත ලෝකය තුළ සංඥාවන් සමග ක්‍රීඩා කිරීමෙන්  නොවේ. පුද්ගලයෙක් තම ‘ලිංගය’ තෝරා ගන්නේ, අවිඥාණකවය (Unconscious choice) තුලය.

පුද්ගල ආත්මමූලික අන්තර්ගතය තීරණය කරන්නේ මෙම අවිඥාණය විසිනි. පුද්ගලයෙකුගේ ‘ලිංගය’ තීන්දු වන්නේ අවිඥාණය ( මම දන්නවා මම ආශා කරන්නේ ස්ත්‍රියකට කියලා. නමුත් මම එය විස්ථාපනය කරනවා පිරිමියෙකුට. ඔහු පිරිමියෙක්. මම ස්ත්‍රියක්- මේ තමයි සමලිංගික පුරුෂයෙකුගේ ෆැන්ටසිය. මෙම යථාර්ථය ජනමාධ්‍ය වලට නිරූපණය කරන්න බැහැ.) මඟින් යනුවෙන් අදහස් වන්නේ, විරුද්ධ ලිංගිකයා (පිරිමියා හෝ ස්ත්‍රිය) පවතින්නේ බාහිර ලෝකයක නොව තම ආත්මීයත්වය (Subjectivity) තුළම බව වටහා ගැනීමයි.

ලිංගිකත්වය තුළ පරමත්වය (Absolute) යනුවෙන් අදහස් වන්නේ මෙය යි.

Deepthi Sexual identity

ජර්මන් විඥාණවාදය මඟින් විස්තර වන ජර්මානු දර්ශනය මඟින් ගවේෂණය කරන ‘පරමත්වය’ යනුවෙන් අදහස් වන්නේ කුමක් ද? ‘මිනිසා ද’ ගස්, ගල්, මල්, පලතුරු සේ බාහිරව පවතින ද්‍රව්‍යමය වස්තුවකි. ඒවා කාල-අවකාශය තුළ ගිලී පවතින අතර අනෙක් වස්තුවලට මෙන් මිනිසා නම් ද්‍රව්‍යමය වස්තුවට ද ස්වභාවික නීති රීති අදාළ වෙයි (ජාති, ජරා, මරණ).

මේ අර්ථයෙන් ගත් විට, අනෙක් මිනිස්සුන්ට අපව පෙනෙන්නේ ද වස්තූන් අතර තවත් වස්තුවක් ලෙසින් ය. මෙහි තව පැත්තක් ද ඇත. අනෙක් මිනිසුන් අපව සිතන මිනිසෙක් ලෙස ද (Subject) සලකා බලයි. ලෝකයේ සිටින අනෙක් මිනිසුන් අප දෙස එක තලයක වස්තූන් (Objects)  ලෙස බලන අතර අනෙක් පසින් අප දෙස සිතන පතන අය ලෙස ද [SUBJECT]සලකා බලයි.

මේ තල දෙක අතර පරතරය යා කළ නො හැකි වන අතර කළ හැක්කේ එම පරතරය තුළ සිට තමන්ව වස්තුවක් සහ ආත්මයක් වන ආකාරය ගැන කල්පිත ප්‍රවාද ගොඩ නැගීම පමණි[SPECULATION]. මෙම දැනුම ‘ආත්මීය දැනුම’ සහ ‘වාස්තවික දැනුම’ සමතික්‍රමණය කරන ‘පරම දැනුමකි’. මෙහි ‘පරම’ යනු, පරිපූර්ණ යන්න නොව චින්තනයේ සීමාව අභ්‍යන්තරිකයක් යන්න දන්නා දැනුමකි. (යථාර්ථය එකවර සාරයක් සහ ආත්මයක් ලෙස සැලකීම)

සම්පුර්න ලිපිය මෙතනින් කියවන්න.

දේශපාලනය ආත්ම ප්‍රකාශනයක් ද? -දීප්ති කුමාර ගුණරත්න

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්