දැන් දැන් නම් අපේ නායකකාරකාදිය කැස්සකට හෙම්බිරිස්සාවකට හෝ නඩු හබයක් වැටුන විට සිංගප්පුරුවට දුවන ගතිය අඩු ය. ඒ දැන් නඩු හබ වැටෙන්නේ නැති නිසා ද නැත්නම් කැස්සට හෙම්බිරිසාවට වඩා දරුණු

රෝගයක බහුල නිසා ද යන්න මම නොදනිමි. 

කෙසේ හෝ සිංගප්පුරුව ප්‍රධාන පක්ෂ දෙකේ ම පරමාදර්ශී ගමනාන්තය හෝ සුරතාන්තය ය. දරුණු ජනප්‍රිය රෝගයකින් මේ දිනවල පෙළෙන ජවිපෙ පවා සිංගප්පුරුව වැළඳ ගතහොත් එය පුදුම සහගත දෙයක් නොවන්නේ පසුගිය වසරක පමණ කාලය තුල ජන්ද පෙරදැරි කරගෙන ඔවුන් වැළඳ නොගත් කෙනෙකු නොමැති නිසා ය. 

ජවිපෙ ඇතුළු මෙකී දේශපාලන පක්ෂ සිංගප්පුරුවට මෙතරම් ආදරය කරන්නේ එම රට උදාකරගෙන තිබෙන සමාජ ආර්ථික ජයග්‍රහණ නිසාම නොවේ. යම් දේශපාලන පක්ෂයක් බලය මෙතරම් සංකේන්ද්‍රණය කර ගැනීමට හා පාලනයේ ඒකාධිකාරයක් දිගට ම නතු කරගෙන තිබීම නිසා විය හැක. 

එය කුමන දේශපාලන පක්ෂයක වුව ද දක්නට කැමැති තෙත් සිහිනයකි. සිංගප්පුරුවේ 1959 සිට බලයේ සිටින්නේ හා ආණ්ඩුකරණයේ නියැළෙන්නේ එක ම පක්ෂයකි. එනම් පීපල්ස් ඇක්ෂන් පාර්ටි හෙවත් ජනතා ක්‍රියාකාරී පක්ෂය ය, මෙය හමුදා පාලනයක් සහිත ව දිවෙන රටක නම් තේරුම් ගත හැක. 

කාම්බෝජය, මියන්මාරයා හා ඉන්දුනීසියාව වැනි රටවල දිගු කලක් තිස්සේ එක ම පක්ෂයක් බලයේ සිටියේ හමුදා පාලනයක අනුහස නිසා ය. අරුමය නම් සිංගප්පුරුවේ නිත්‍ය හමුදාවකුදු නැත. එහෙත් සෞම්‍ය අධිකාරී බල රටාවක් ප්‍රජාතන්ත්‍රවාදී තහඩුවට පෑස්සීමට සිංගප්පුරුව සමත් වී ඇත. ඒ ලී ක්වාන් යූ අගමැති දශක තුනකටත් වඩා කාලයක් වෙහෙස මහන්සි වී කළ දෑ නිසා ය. 


Lee text120''කාම්බෝජය, මියන්මාරයා හා ඉන්දුනීසියාව වැනි රටවල දිගු කලක් තිස්සේ එක ම පක්ෂයක් බලයේ සිටියේ හමුදා පාලනයක අනුහස නිසා ය. අරුමය නම් සිංගප්පුරුවේ නිත්‍ය හමුදාවකුදු නැත. එහෙත් සෞම්‍ය අධිකාරී බල රටාවක් ප්‍රජාතන්ත්‍රවාදී තහඩුවට පෑස්සීමට සිංගප්පුරුව සමත් වී ඇත. ඒ ලී ක්වාන් යූ අගමැති දශක තුනකටත් වඩා කාලයක් වෙහෙස මහන්සි වී කළ දෑ නිසා ය. ''

කොක්කෙන් හෝ කෙක්කෙන් ඔහු ආර්ථික වෘද්ධියක් සිංගප්පුරුවේ උදා කරමින් මුලින් තමන් සිටි තෙවැනි ලෝක තත්ත්වෙන් පළමු ලෝක තත්ත්වයට ගෙන ආවේ ය.  සාර්ථක ආර්ථික වර්ධනයක් හා ස්ථාවර ආණ්ඩුකරණයක් සඳහා දරදඬු පාලකයෙකු සිටිය යුතු ය යන ජනප්‍රිය තර්කය නැගෙනහිර ආසියාවේ ස්ථාපිත වන්නේ මෙම තත්ත්වය තුල ය. 

ලූෂන් බුලත්සිංහලගේ 'තාරාවෝ ඉගිලෙති' හි ගීයක එන ලෙස  'කෑමට බීමට රුසියෝ මේ සිංගප්පුරුවේ වැසියෝ' ලෙස සිංගප්පුරුව ගොඩ නැගීමට සෞම්‍ය අධිකාරී ආණ්ඩුකරණ මොඩලය සමත් විය. ආර්ථික සමෘධිය ඇති තාක් ජනතාව රට කරවීමට කේවල පක්ෂ ක්‍රමයක් තිබීම මහා අවැඩක් ලෙස නොසිතූ හ. මේ තත්ත්වය තුල විපක්ෂයක් නැති ගානට පත් විය. විටෙක විරුද්ධ පක්ෂයේ සිටියේ එක මන්ත්‍රීවරයෙකු පමණකි. ඔහු ද නිතිපතා කෙණෙහිලිකම්වලට බඳුන් වීම සුලභ විය.   

සිකුරාදා පැවැති මැතිවරණය :

 113335478 7362edd3 d747 4585 bb87 bd24dd32a4e9ලී ක්වාන් යූ ගේ අභාවයත් සමග ජනතා ක්‍රියාකාරී පක්ෂය තරමක පසුබෑමකට ලක් විය. 2015 මැතිවරණයේ යට කී පක්ෂයේ  ජන්ද ප්‍රතිශතය 70% සිට 61% දක්වා ඛාදනය විය. එහෙත් තම බල අධිකාරිය දිගට ම පවත්වාගෙන ගියේ විපක්ෂයක නැති ගානට ය. 

එහෙත් පසු ගිය සිකුරාදා පැවැති මැතිවරණය තම ජනතාව කෑමට බීමට පමණක නොව ප්‍රජාතන්ත්‍රවාදයට ද රුසියන් බව ඔප්පු කළ හ.

 මෙම මැතිවරණය පැවතියේ සුවිශේෂී තත්ත්වයක් මැද ය. එනම් රට මාස කිහිපයකින් ආර්ථික අවපාතයකට ඇද වැටෙන බව ප්‍රක්ෂේපණය කර ඇති තත්ත්වයක ය. කොවිඩ් 19 පැතිරීම හා අවධානම තවමත් සම්පූර්ණයෙන් ම හසුරුවා ගත නොහැකි වාතාවරණයක් තුල ය.   

මුල් කාලය තුල කොවිඩ් 19 තත්ත්වය හොඳින් ම කළමනාකරණය කරගත් රටක ලෙස සිංගප්පුරුව ගෞරවයට පාත්‍ර වූයේ ගොඩ-වියතෙක් කළ ශ්‍රේණිගත කිරීමකින් නොව ලොව පිළිගත් හාර්වඩ් සරසවිය විසින් කළ අධ්‍යනයක ප්‍රතිඵලයක ලෙසිණි. 

එහෙත් එම දිස්නය සිංගප්පුරුවෙන් ඉක්මනින් පහ ව ගියේ එහි සිටින සංක්‍රමණික සේවක පිරිස අතර දිනකට දහස් ගණනින් වෛරසය අසාධනය වීමත් සමග ය.  ඔවුනට එසේ සිදු වූයේ ඔවුන්ට ලබා දී තිබු නිවස්නයන් හා පහසුකම්වල ඇති අව-තත්ත්වය නිසා ය. 

තම ජනප්‍රියතාවය රඳවා ගැනීමට යුහුසුළු ව ක්‍රියා කළ ආණ්ඩුව ජනතාවට හා ව්‍යාපාරිකයින් ට නොමසුරු ව සහන ලබා දුන්නේ එහි රැස් ව ඇති මුදල් ප්‍රමාණය ජාතික රහසක් ලෙස සැලකෙන, ජාතික සංචිතයෙන් ඩොලර් බිලියන් ගණන් 'ලෝස් නැතුව' අදිමිණි. සුභසාධනය රාජ්‍ය හා ආර්ථික සම්ප්‍රදායක් නොවන සිංගප්පුරුවේ මෙම නත්තල් ත්‍යාග ප්‍රවණතාව ජන්දයක තළුමැරීමක ලෙස සැලකිණ.

''තම ජනප්‍රියතාවය රඳවා ගැනීමට යුහුසුළු ව ක්‍රියා කළ ආණ්ඩුව ජනතාවට හා ව්‍යාපාරිකයින් ට නොමසුරු ව සහන ලබා දුන්නේ එහි රැස් ව ඇති මුදල් ප්‍රමාණය ජාතික රහසක් ලෙස සැලකෙන, ජාතික සංචිතයෙන් ඩොලර් බිලියන් ගණන් 'ලෝස් නැතුව' අදිමිණි. සුභසාධනය රාජ්‍ය හා ආර්ථික සම්ප්‍රදායක් නොවන සිංගප්පුරුවේ මෙම නත්තල් ත්‍යාග ප්‍රවණතාව ජන්දයක තළුමැරීමක ලෙස සැලකිණ.''

මේ සියළු තත්වයන් මැද පසුගිය සිකුරාදා පැවැති මැතිවරණයේ නිදහසින් පසු වැඩිම ඡන්ද සහභාගිත්වය වන 96% වාර්තා කළා පමණක නොව නිදහසින් පසු පළමු වතාවට වැඩි ම ප්‍රමාණයක විරුද්ධ පක්ෂයක් පත් කර ගැනීමට සිංගප්පුරු පුරවැසියන්ට හැකි විය. 

අනු තුනක් වන මුළු පාර්ලිමේන්තු ආසන ගණනින් දහයක් විරුද්ධ පක්ෂයක් ලබා ගැනීම සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඇති ශ්‍රී ලංකාවට මහ දෙයක නොවුනත් ලොච සලකන්නේ දශක හයක ස්ථාපිත ව පැවැති කේවල පක්ෂ මොඩලයේ ඉරි තැලීමක ලෙසිණි.  

උගත් හා දක්ෂ ගණිතඥයෙකු වූ වත්මන් අගමැති ලී ෂින් ලූන් 2004 සිට එම තනතුර දැරුව ද ඔහු ලී ක්වාන් යූගේ පුතා වීම අහම්බයක ලෙස සැලකිය නොහැක. සෞම්‍ය අධිකාරීවාදය හා දේශපාලන පවුල් 'ඩිනස්ටි' යසට එකට කැළතෙයි. ඔහුගේ බිරිඳ සිංගප්පුරු රජයේ විශාලත ම ආයෝජක ඒජන්සියක වන ටෙමසෙක් හෝල්ඩින්ස් හි ප්‍රධාන විධායක නිලධාරීණි ය. අගමැති බිරිඳ වන හෝ චින් මැතිණියගේ වේතනය අනාවරණය නොකරන්නකි. 
''අපගේ හොඳ ම හා ලොකු ම මඩ කුකුළුවන් වැඩියෙන් ම අපනයනය කරන්නේ සිංගප්පුරුවට ය. ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයට අපෙන් ඔවුන්ට සුභ පැතුම් සමග යැවෙන ත්‍යාගයක් ලෙස ලාංකීය කකුළුවන් සැලකිය හැකි ය.''

මෙවන් පසුබිමක ගිය සතියේ පැවැති මැතිවරණයට සුදානම් වන කාලයේ අගමැතිගේ බාල සොයුරා තම සහයෝගය විපක්ෂයට ලබා දුණි. ආර්ථික සමෘධිය විදහා දක්වමින් ප්‍රතිභාපූර්ණ ලෙස පවත්වාගෙන ගිය ද සෞම්‍ය අධිකාරී ක්‍රමයක වුව ද නොසිතු විරු ලෙස  දුබල කර කෙමෙන් විපක්ෂ බලවේගයක් ගොඩනැගිය හැකි බව පසු ගිය සතියේ සිගප්පුරුවැසියෝ අපට පෙන්වා දුන් හ.  

අපගේ හොඳ ම හා ලොකු ම මඩ කුකුළුවන් වැඩියෙන් ම අපනයනය කරන්නේ සිංගප්පුරුවට ය. ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයට අපෙන් ඔවුන්ට සුභ පැතුම් සමග යැවෙන ත්‍යාගයක් ලෙස ලාංකීය කකුළුවන් සැලකිය හැකි 

  • 91934276 10157721483889473 1472257618759122944 n



 

 

 

 

උදන් ප්‍රනාන්දු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(මෙම ලිපිය 2020 ජුලි 19 දා 'අනිද්දා' පුවත්පතේ පලවූවකි)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්