නව රජයේ කැබිනට් හා රාජ්‍ය ඇමති මණ්ඩලය දිවුරුම් දීමේ උළෙල අති උත්කර්ශවත් අන්දමින් අගෝස්තු මස 12 වන දින

අති උත්කර්ශවත් ආකාරයෙන් මහනුවර මගුල් මඩුවේදී සිදු කෙරුණි. පෙර නොවූ ලෙස අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට පෙරම අදාළ කැබිනට් අමාත්‍යංශ හා ඒවාට අදාළවන විෂය පථයන්ද වෙන් කර තිබුණි.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මෙහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් වීම කැපී පෙනුණි. එකී අමාත්‍යංශෙයේ රාජ්‍ය ඇමතිවරයා ලෙස ජනාධිපති වැඩිමහල් සොහොයුරු චමල් රාජපක්ෂ දිවුරුම් දුන්නේ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යවරයා යන නාමකරණය යටතේය.

ලියුම්කරුගේ දැනුමේ හැටියට ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ස්වදේශ කටයුතු කැබිනට් අමාත්‍යවරයකු නොමැති කැබිනට් මණ්ඩලය ඊයේ (අගෝස්තු 12)  දින පත් කරන ලද කැබිනට් මණ්ඩලයයි. ස්වදේශ කටයුතු කැබිනට් අමාත්‍යංශය ඉතිහාසයේ ප්‍රථම වතාවට අහෝසි වී ඇත.

ගැටළුව වන්නේ අමාත්‍යංශය හෝ ඇමතිවරයා නොමැති වීම නොව ලංකාවේ ප්‍රමුඛතම සිවිල් දෙපාර්තමේන්තු හා රාජ්‍ය පරිපාලනයේ ඉතාම වැදගත් ආයතන වලින් සැදුම්ලත් ස්වදේශ කටයුතු අමාත්‍යංශය ආරක්ෂක අමාත්‍යංශය විසින් ගිල ගැනීමයි.

''ගැටළුව වන්නේ අමාත්‍යංශය හෝ ඇමතිවරයා නොමැති වීම නොව ලංකාවේ ප්‍රමුඛතම සිවිල් දෙපාර්තමේන්තු හා රාජ්‍ය පරිපාලනයේ ඉතාම වැදගත් ආයතනවලින් සැදුම්ලත් ස්වදේශ කටයුතු අමාත්‍යංශය ආරක්ෂක අමාත්‍යංශය විසින් ගිල ගැනීමයි.''

අමාත්‍යංශ වලට අදාළ විෂයන් වෙන් කිරීමේ ජනාධිපතිවරයා විසින් නිකුත් කල ගැසට් නිවේදනයට අනුව ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ මින් පෙර පැවැති දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලද රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවද ආරක්ෂක අමාත්‍යංශයේ විෂය පථය යටතේ ගැසට් කර තිබේ.

(එකී ගසට් නිවේදනයේ දිගුව http://www.documents.gov.lk/files/egz/2020/8/2187-27_S.pdf). ඉහත කී ආයතන ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ පවැති ආයතන සියල්ලයි.

මෙම ආයතනයන්ට අමතරව රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මිලෝදා ආයතනය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ආදී සිවිල් ආයතන ගණනාවක් මෙවර ආරක්ෂක අමාත්‍යංශය යටතේ ගැසට් කර තිබේ.

ස්වදේශ කටයුතු අමාත්‍යංශ වෙන් කිරීමේදී එකී ආයතන අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශය යටතේ වෙන් කර තිබුණද, එහි කැබිනට් අමාත්‍යංශය වන්නේ ආරක්ෂක අමාත්‍යංශයයි. ඒවා සෘජුව ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස‍දහන් නොකර රාජ්‍ය අමාත්‍යංශය යටතේ ඉහත කී පරිදි සදහන් කරන්නේ සැර බාල කිරීමට විය හැක.

''ස්වදේශ කටයුතු අමාත්‍යංශ වෙන් කිරීමේදී එකී ආයතන අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශය යටතේ වෙන් කර තිබුණද, එහි කැබිනට් අමාත්‍යංශය වන්නේ ආරක්ෂක අමාත්‍යංශයයි. ඒවා සෘජුව ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස‍දහන් නොකර රාජ්‍ය අමාත්‍යංශය යටතේ ඉහත කී පරිදි සදහන් කරන්නේ සැර බාල කිරීමට විය හැක.''

නමුත් නෛතික රාමුව තුළදී එකී සිවිල් ආයතන අයත් වන්නේ ආරක්ෂක අමාත්‍යංශයටය. ඒවායේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාද ප්‍රධාන පරිපාලන නිලධාරියාද වන්නේ ආරක්ෂක ලේකම් වරයාය.

kamal Gunarathneමින් පසු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඉහළ නිලධාරීන් වන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේත්
දිස්ත්‍රික් ලේකම්වරුන්ගේත් ඉහළ නිලධාරියා වන්නේ ආරක්ෂක ලේකම්වරයා වීම නොවැළැක්විය හැකිය.

වර්තමානයේ සිටින ආරක්ෂක ලේකම්වරයා එලෙසම සිටියහොත් එම නිලධාරියා වන්නේ විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නය. එකී ආයතනයන්ට අදාළව කබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන්නේද, අදාළ තීරණ බලාත්මක කිරීමේ ක්‍රියාවලිය ඉටු කරන්නේද ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයාය. නෛතික තත්වය එයයි.

ඒ අනුව මින් පසු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඉහළ නිලධාරීන් වන ප්‍රාදේශීය ලේකම් වරුන්ගේත් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේත් ඉහළ නිලධාරියා වන්නේ ආරක්ෂක ලේකම්වරයා වීම නොවැළැක්විය හැකිය.

 

රාජ්‍ය ආයතන ගණනාවක ඉහළ නිලධාරියා ආරක්ෂක ලේකම් !

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හෝ රෙජිස්ට්‍රාර් සේවයේ ඉහළතම නිලධාරියකු විසින් හොබවන රෙජිස්ට්‍රාර් ජනරාල් තනතුරේ ඉහළ නිලධාරියා වන්නේද ආරක්ෂක ලේකම්වරයාය.

පුරා විද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේද, ආගමන විගමන පාලක ජනරාල් වරයාගේද, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වරයාගේද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් වරයාගේද ඉහළතම නිලධාරියා වන්නේ ආරක්ෂක ලේකම්වරයාය. වර්තමානයට අනුව නම් ඒ විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නය.

අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වරයාට කැබිනට් අමාත්‍යංශයේ ලේකම් වරයාට හිමි ව්‍යවස්ථාපිත බලය හිමි නොවන අතර ඒ අමාත්‍යවරයාටද කැබිනට් අමාත්‍යවරයාට හිමි ව්‍යවස්ථාපිත බලය හිමි නොවේ.

ඉහත කී ගැසට් නිවේදනයට අනුවද එහි ඉහත කී රාජ්‍ය අමාත්‍යංශයේ කාර්යයන් හා කර්තව්‍යයන් දක්වා ඇත්තේ පහත පරිදිය.

“ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් හා මගපෙන්වීම මත ” සුරක්ෂිත රටක් ̃ ඇති කිරීම සඳහා අදාළ නීති සහඅණපනත්වලට අනුකූලව අභ්‍යන්තර ආරක්ෂාව, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ විෂයයට අදාළ ප්‍රතිපත්තිසම්පාදනයට සහාය වීම, ජාතික අයවැය, රාජ්‍ය    ආයෝජන හා ජාතික සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඇති ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම සහ පහත දැක්වෙන දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන් හාකාර්යයන්  හා ඊට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම හා  ඇගයීම.”

(උපුටා ගැනීම: http://www.documents.gov.lk/files/egz/2020/8/2187-27_S.pdf 12 පිටුව)

''මේ උපුටා ගැනීම අනුවම අපට පෙනී යන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයට අදාළ සිවිල් දෙපාර්තමේන්තු හා ආයතනද කටයුතු කල යුත්තේ ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් හා මගපෙන්වීම මත වන බවයි. එනම් ඉහත කී පරිදිම නෛතික රාමුව තුළ ඉහත කී සිවිල් දෙපාර්තමේන්තු හා ආයතනයන්හි ප්‍රධානීන් ඇතුළු සියලු නිලධාරීන් කටයුතු කල යුත්තේ ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේය.''

මේ උපුටා ගැනීම අනුවම අපට පෙනී යන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයට අදාළ සිවිල් දෙපාර්තමේන්තු හා ආයතනද කටයුතු කල යුත්තේ ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් හා මගපෙන්වීම මත වන බවයි. එනම් ඉහත කී පරිදිම නෛතික රාමුව තුළ ඉහත කී සිවිල් දෙපාර්තමේන්තු හා ආයතනයන්හි ප්‍රධානීන් ඇතුළු සියලු නිලධාරීන් කටයුතු කල යුත්තේ ආරක්ෂක ලේකම් වරයාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේය.

දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ස්වදේශී කටයුතු අමාත්‍යංශය ලංකාවේ රාජ්‍ය සේවයේ ජීවනාලිය ලෙස සැලකිය හැක. ඉහළ සිට පහළට ධූරාවලිගත වූ රාජ්‍ය සේවයේ සේවා ගම් මට්ටමට ගෙන යන්නේ මෙම කාර්යාල මගිනි.

ගමේ ග්‍රාම නිලධාරීවරයාගේ සිට ඉහළ රාජ්‍ය නිලධාරියා දක්වා රාජ්‍ය සේවය මහජනයා සමග ගැට ගසන්නේ මේ කාර්යාල හරහාය. ඉහත කී ගැසට් නිවේදනය අනුව ග්‍රාම නිලධාරීවරයාගේ සිට ඉහළට ඇති රාජ්‍ය සේවයේ අතිවිශාල කොටසක් යම් ආකාරයකට මිලිටරි නැඹුරුවක් සහිත අමාත්‍යංශයක් තුළට ඇතුළත් වී ඇත. රජයේ ප්‍රමුඛතම සිවිල් අමාත්‍යංශය වන ස්වදේශ කටයුතු අමාත්‍යංශය ආරක්ෂක අමාත්‍යංශය තුළ ගිල්වා ඇත.

 

යම් ආකාරයක මිලිටරි මුහුණුවරක් !

Gotabaya Rajapaksha 1

වත්මන් ආණ්ඩුවට ඇත්තේද යම් ආකාරයක මිලිටරි මුහුණුවරක් බැවින්ද ඒ ආණ්ඩුව බලයට පත් කරන ලද ජනයා එවන් මිලිටරි මුහුණුවරක් අපේක්ෂා කරන හෙයින්ද, මේ තත්වය දෙස ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියළු දෙනා සුපරීක්ෂාකාරී විය යුතුය.

මීට ප්‍රථමවත් ආණ්ඩුව අමාත්‍යංශ ලේකම්වරුන් ලෙස මිලිටරි නිලධාරීන් පත් කලද, රථවාහන රාජකාරී සඳහා මිලිටරි පොලීසිය කැඳවුවද දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමක් සිදු කිරීම වැනි ක්‍රියාවකට නොපිවිසුණි.

ඇතැම් විට ආණ්ඩු පක්ෂයට පසුගිය මහ මැතිවරණයේදී ලැබුණු අධික බලය අනුව ආණ්ඩුවට මෙවන්නක් කිරීමට ධෛර්යය සපයන්නට ඇත.

කෙසේ වෙතත් අපට මේ සම්බන්ධයෙන් උපේක්ෂාවෙන් මෙන්ම පරීක්ෂාවෙන්ද බලා සිටීමට සිදු වන්නේ මේ සිදු වන්නේ සමස්ත රාජ්‍ය තන්ත්‍රය මිලිටරිකරණය කිරීමේ පළමු පියවරද? එසේ නැත්නම් රාජ්‍ය තන්ත්‍රය සම්පූර්ණයෙන් එක් බල කඳවුරක ගැට ගසා ගැනීමේ පළමු පියවරද? යන්න පිළිබඳවයි.

Dulan Dasanayaka Attorney at law

 

(නීතිඥ දුලාන් දසනායක)

(උපුටා ගැනීම - aithiya.lk)

 

 

සබැඳි පුවත් :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්