1200 x 80 DMirror
 
 

පීඩාව කොයිතරම් අපේ ඇට මිඳුළු වලට කා වැදිලද කියනවා නං ස්ත්‍රීන් වගේම පුරුෂයන් තමන්ගේ ස්ත්‍රීත්වය සහ පුරුෂත්වය හඳුන ගන්නේ වේදනාව සහ පීඩාව තුළින්. කාටවත් තේරෙන්නෙ හිතෙන්නෙ

නැද්ද අපි නිකම්ම නිකන් සැකිලි වෙලා කියන එක. ඒ කියන්නේ හිස් වෙලා. මෙලෝ රහක් නෑ. හරි දියාරුයි වගේ එකක්. ඒක පැහැදිලි කරගන්න පුළුවන් පොඩි වෙලාවක් ටික් ටොක්-TikTok i [Post-reality]–එකට ගියොත්.

ටික් ටොක් කියන්නේ මේ හිස් සැකිලි තමන්ගේ පීඩාව මුදා හරින අවකාශයක්. ටික් ටොක් කියන්නෙ සරළ රස වින්දනයකට එහා ගිය මනෝවිශ්ලේෂන න්‍යායයන් ස්ටඩී කරන්න පුළුවන් කේස් ෆයිල් ගොන්නක්. ඒ නිසා මම ආසයි ටික් ටොක් බලන්න. තමන්ගේ ස්ත්‍රී පුරුෂභාවය අඳුරගන්න, හොයාගන්න දුක් විඳින, විලාප තියන ගැනු පිරිමි ගොඩකට ‘එක’ ස්ටේජ් එකක් හම්බෙලා. මට එයාලගේ වේදනාව ,පීඩාව සමීපයි. මට ඒක දැනෙනවා.

''ටික් ටොක්-TikTok කියන්නේ මේ හිස් සැකිලි තමන්ගේ පීඩාව මුදා හරින අවකාශයක්. ටික් ටොක් කියන්නෙ සරළ රස වින්දනයකට එහා ගිය මනෝවිශ්ලේෂන න්‍යායයන් ස්ටඩී කරන්න පුළුවන් කේස් ෆයිල් ගොන්නක්. ඒ නිසා මම ආසයි ටික් ටොක් බලන්න. ''

මට මතකයි මම හතේ පංතියේ ඉන්නකොට ජවිපෙ මැයි දින පෙළපාලි ගිය දවස. කිසිම දේශපාලනයක්, සමාජයක් ගැන නොදැන හිටිය, බඩගින්න විතරක් දැනුන ඒත් දෙමව්පියන් විසින්  ජවිපෙ මැයි දින පෙළපාලියට ආඩම්බරයෙන් තමන්ගේ දරුවා සහභාගි කරපු කාලකණ්ණි  දවස. මම හිටියේ වෙස්ටන් මියුසික් බෑන්ඩ් එකේ. අම්මා මාව එක්කන් ගියා ජවිපෙ සහෝදරියකගෙ ගෙදරකට. බෑන්ඩ් එකේ කට්ටිය ප්‍රැක්ටිස් කරනවා මම දැක්කා. මගෙන් ඇහුවා ඕගන් එක ගහන්න පුළුවන්ද කියලා. මම කිව්වා බෑ කියලා. එහෙනම් බොරුවට ගහනවා වගේ පෙන්නගෙන පෙළපාලියේ යන්න පුළුවන්ද ඇහුවා. මම හා කිව්වා.

JVP May

ඒ කාලේ මගේ ඔලුවට තදින් කා වැදිලා තිබුනා පංති පරතරය. අම්මා තාත්තා කියලා තිබුනා අපි තුන්වෙනි පංතියේ මිනිස්සු කියලා. අපේ එකම ගැළවුම ජවිපේ විතරයි කියලා උගන්නලා තිබ්බා. මැයි පෙළපාලියේ අපේ ගැළවුම් කාරයින් වෙනුවෙන් බොරුවට හරි ඕගන් එකක් ගහ ගහා යන එක ආඩම්බරයක් වගේ මට දැනුනා. උදේට බෑන්ඩ් එකේ ප්‍රැක්ටිස් ගියාම හම්බුනා ලොකු බත් මුලක්. හාමත කියන්නෙත් පීඩාවක්.

මැයි පළවෙනිදා පාන්දර ගියා බෑන්ඩ් එක එකතු වුන තැනට. ජවිපෙන් හම්බුනා පරන සුදු සපත්තු දෙකයි බෑන්ඩ් එකේ කොස්ටියුම් එකයි. සපත්තු දෙක හිරයි. කැම්බල් පිට්ටනියට වෙනකල් මම බෑන්ඩ් එකේ බොරුවට ඕගන් එක ගහ ගහා ගියා. කට්ට අව්වට පිච්චුනා ගින්දරට වගේ. හිර සපත්තු දෙකින් කකුල් දෙක කැපි කැපී ගියා. ඒත් තුන් වෙනි පංතියේ විමුක්තිය වෙනුවෙන් මම කැම්බල් පිට්ටනියට වෙනකල් පෙළපාලියේ ගියා.

එතන්ට යනකොට අනෝරා වැස්ස. දවල්ටවත් නොකා හිටිය මම හාමතින් හෙම්බත් වෙලා. අම්මා කුඩයක් ඉහළ ගත්තා. මම ඒක යටට රිංගුවා. මට ඉස්සරහින් මහා සෙනඟක්. මිනිස්සු පොරකනවා වැස්සේ. මම ඒ ඔලු ගෙඩි උඩින් ඉස්සිලා ස්ටේජ් එක දිහා බලන්න හැදුවා. ඒත් කිසිම දෙයක් පෙනුනේ නෑ. වැස්ස නතර උනෙත් නෑ.අම්මයි මායි 138 බස් එකේ නැගලා ගෙදර ආවා.

ජවිපේ උතුම් දේශපාලන විප්ලවය, අපේ තුන් වෙනි පංතියේ ගැලවුම සම්පූර්ණයෙන්ම වගේ බඩට දැනුන හාමත සහ සපත්තු දෙකට කැපිලා ගිය කකුල් දෙකේ වේදනාව විසින් සහමුලින්ම යටපත් කරා. සතියක් යනකල් අව්වට පිච්චුන මූන, අත් වල හම් කෑළී ගැළවිලා ගියා. ඒ පීඩාව, වේදනාව විසින්  මාව තව තවත් නිකන් වේළිච්ච කොළයක් ගානට දැම්මා..සාරයක් නැති නිකම්ම නිකන් ශරීරයක් කරා. දැන් ඒ දවස, ඒ මොහොත මතක් කරනකොට දැනෙන්නේ ශාරීරික සහ මානසික අපුලක්.

මට දැන් කෑ ගහලා අම්මාගෙන් අහන්න හිතෙනවා ඇයි අම්මේ ඒ පීඩාව අස්සට මාව විසික් කරේ කියලා. මොකක්ද ඒ විමුක්තිය කියලා. බීලා ඇවිල්ලා වළං හට්ටි කුඩු කරලා අපිට ගහන තාත්තා දුන්න පීඩාව, ඒ තාත්තට බයේ ගේ පිටිපස්සේ ගහක් යට මදුරුවෝ තල තල හැංගිලා හිටපු පීඩාව, බඩ පිරෙන්න කෑම වේලක් කන්න දකින හීනේ පීඩාව සහ ජවිපෙ වාමාංශික දේශපාලනික අරගලයේ වෙනසක් මට දැනුනේ නෑ. ඒ පීඩාව වෙනසක් නෑ.

ඒ වමේ දේශපාලනය කරේ පීඩිත පංතිය කියලා මිනිස්සුන්ගේ කොඳු නාරටි කඩපු එක. ප්‍රාඩෝ බෙන්ස් දැක්කම ඔලුව පහත් කරන්න ඕන වගේ එකක් දන්නපු එක. Five Star හෝටලයකට ගිහින් කන්න මිනිස්සුන්ව බය කරපු එක. ඇත්තටම පංති අරගලය කියන්නේ හිතළුවක්. එහෙම එකක් නෑ. බුද්ධිමය ගැටුමක්, පරතරයක් විතරයි අපි අතරේ තියෙන්නේ. අපි පුරවගන්න ඕන ඒ පරතරය. ඒක තමයි ideology එක.

''ඒ වමේ දේශපාලනය කරේ පීඩිත පංතිය කියලා මිනිස්සුන්ගේ කොඳු නාරටි කඩපු එක. ප්‍රාඩෝ බෙන්ස් දැක්කම ඔලුව පහත් කරන්න ඕන වගේ එකක් දන්නපු එක. Five Star හෝටලයකට ගිහින් කන්න මිනිස්සුන්ව බය කරපු එක. ඇත්තටම පංති අරගලය කියන්නේ හිතළුවක්. එහෙම එකක් නෑ. බුද්ධිමය ගැටුමක්, පරතරයක් විතරයි අපි අතරේ තියෙන්නේ. අපි පුරවගන්න ඕන ඒ පරතරය. ඒක තමයි ideology එක.''

මේ වගේ පීඩාවන් වලින් ජීවිතේ ගොඩනැගෙනකොට අපි සමාජෙ සම්බන්ධතා අතරට එන්නෙ ඇට නැති කූඩැල්ලෝ වගේ. අපි බලන්නේ මිනිස්සුන්ගෙන් ලේ බොන්න මිසක් මිනිස්සුන්ට ආදරේ කරන්න නෙමේ. ලස්සන මිනිස් සම්බන්ධකමක් ගොඩනැගෙන්නේ ලස්සන මිනිස්සු අතර.

දේශපාලන පක්ෂ වලට පෙළපාලි යන මිනිස්සු ගැන මට දැනෙන දුක අවංකයි. ඇඟේ ඇට පෑදෙන්න ජීවිතේ දුක් විදින මිනිස්සු එක එක පක්ශ වලට බෝඩ් එල්ලන් අව්වේ හිටන් ඉන්නවා දැක්කම අපිට ඕන බුද්ධිමය අරගලයකින් ඒ මිනිස්සුන්ව බේර ගන්න කියන මට දැනෙනවා. ප්‍රශ්නය තියෙනේ ඒ මිනිස්සු ගැළවෙන්න කැමතිද කියන කාරණය.

කොඳු ඇට කඩලා දාපු ස්ත්‍රී පුරුෂ නොවන, ආත්ම මැරිලා ගිය සැකිලි සමාජයේ ලොකු වෙනකොට ඒ සැකිලි වලට බෑ සමාජය ලස්සන කරන්න. මට බෑ ඒක කරන්න. කරන්න පුළුවන් එකම දේ සම්බන්ධතා වලින් ඈත් වෙන එක. තමන්ගේ අසනීප අනික් මිනිහට බෝ කරන්නේ නැතුව ඉන්න එක. හරි පරිස්සමට අනෙකා එක්ක ගනුදෙනු කරන එක. මිනිස්සු දන්නේ කොරෝනා වලින් ගැළවෙන්න මාස්ක් එකක් දාන් යන එක. එතකොට පීඩාවෙන් ගැළවෙන්න මොකක්ද අපි කරන්නේ කියලා මිනිස්සු දන්නේ නෑ.

Lochi

ඒ නිසා සමහරු ටික් ටොක් එකට යනවා. සමහරු ෆේස්බුක් එකට යනවා. තවත් සමහරු වරදට සමාව දීලා කසාද බඳින්න ගෑනු හොයනවා. මේක මහ විපරිත නරුමයින්ගෙන් පිරිච්ච රටක්. මට කල්පනා වෙනවා දීප්ති වගේ කොහොමද මනුස්සයෙක්ට තාමත් එකම බුද්ධිමය සටනේ ඉන්න පුළුවන් වෙන්නේ කියලා.

තමන්ගේ සටන, අරමුණ පාවා නොදී විශේෂයෙන්ම හෙම්බත් නොවී මේ නරුම , පීඩිත ලෙඩ සමාජේ ඇතුලේ තාමත් හෙල්ලෙන්නෙ නැතුව ඉන්නෙ කියලා. සටනක්, අරමුණක් පාවා නොදී මිනිස් ගනුදෙනු ලස්සනට පවත්වගෙන යන විදිය දීප්ති ඉගැන්නුවා. තාමත් කියලා දෙනවා. ඒත් අහන් ඉන්න සහ හරියටම ඒක ඇහෙන මිනිස්සු ඉන්නෙ ටිකයි.

පීඩාවට වඩා නරුමකම දරුණුයි. භයානකයි.  කැතයි. ලිංගික විපරිතයින් විසින් සමාජය මෙහෙයවන කාලයක්.ඒකේ ප්‍රතිඵලයට අපි බය විය යුතුයි.

''පීඩාවට වඩා නරුමකම දරුණුයි. භයානකයි. කැතයි. ලිංගික විපරිතයින් විසින් සමාජය මෙහෙයවන කාලයක්. ඒකේ ප්‍රතිඵලයට අපි බය විය යුතුයි.''

ඉරාජ් වගේ විපරිත ලිංගිකයෙකුට තමන්ගේ දේශපාලන කැම්පේන් කරන්න කෝටි ගානක් වියදම් කරන දේශපාලකයින්ට ජන්දේ දෙන මිනිස්සු ගැනත් අපි බිය විය යුතුයි. අපිට මිනිස්සුන්ගේ පර්සනල් දේවල් වැඩක් නෑ කියන නරුමයින්ට අපි බිය විය යුතුයි. ඉරාජ්ගේ ජීවිතේ පර්සනල් කියලා දෙයක් නෑ. මොකක්ද ඕශදීගේ පුද්ගලිකත්වය?  මොකක්ද මහින්ද, ගෝඨා, නාමල්ගේ පර්සනල් ලයිෆ් එක? මොකක්ද විදර්ශනගෙ, චින්තන ධර්මදාසගේ පර්සනල් ලයිෆ් එක? එහෙම එකක් නෑ. සියල්ල එකට ගත් කල නරුමයි. පාදඩයි.

මේ ඔක්කොමල්ලා දන්නවා එයාලගෙ ලෙඩේ සමාජයට මුදා හරිනවා කියලා. අපි කොරෝනා වලට වඩා බය වෙන්න ඕන මේ මිනිස්සුන්ට. ශාරීරිකව මිය යාමට වඩා මානසික, ආත්මීය මරණය භයානකයි.

Iraj

''ඇයි ජවිපෙට බැරි කෙළින්ම කියන්න ඉරාජ් කියන්නේ පාදඩ බඩුකාරයෙක් කියලා. මොකක්ද රකින සදාචාරය? ඇයි මිනිස්සු පාදඩයින්ට බය? ඉරාජ් කියන්නේ උගෙ විපරිත ලිංගික ආශාවන් සපුරගන්න ගෑනු හොයාගන්න මියුසික් වීඩීයෝ කරන එකෙක්. එතකොට එහෙම මිනිහෙක් ලංකාවේ ආගම, ධර්මය, සමාජය හදන්න එනකොට කාටවත් කැත හිතෙන්නේ නැද්ද? ''

ඇයි ජවිපෙට බැරි කෙළින්ම කියන්න ඉරාජ් කියන්නේ පාදඩ බඩුකාරයෙක් කියලා. මොකක්ද රකින සදාචාරය? ඇයි මිනිස්සු පාදඩයින්ට බය? ඉරාජ් කියන්නේ උගෙ විපරිත ලිංගික ආශාවන් සපුරගන්න ගෑනු හොයාගන්න මියුසික් වීඩීයෝ කරන එකෙක්. එතකොට එහෙම මිනිහෙක් ලංකාවේ ආගම, ධර්මය, සමාජය හදන්න එනකොට කාටවත් කැත හිතෙන්නේ නැද්ද?

අපි නිකන් ටෙනිසන් පෙරේරා ඉන්න කොමඩියක් අස්සේ ඉන්නවා කියලා හිතෙන්නෙ නැද්ද?  හිනා යන විහිළු නෙමේ මේවා. ඒත් අපි හිනා වෙනවා.

අනුර කුමාරට ඇයි කෙළින්ම කියන්න බැරි අපේ පක්ශෙට ගහන මූ ධනපති පාදඩ ලිංගික විපරිතයෙක් කියලා. මොකක්ද ජවිපේ ආරක්ෂා කරන පතිවත? එහෙම කියන්න කැතැයි වගේ ද?  ධනවාදය ඇතුලේ අපි එහෙම වෙන්න ඕන නෑ කියන එක අනුර දන්නවා ඒත් නොදන්නවා වගේ ඉන්නවා.

මේ කොමඩිය ඇතුලේ කාගෙවත් ලයිෆ් පර්සනල් නෑ. කවුරුත් සුදු ඇඳගෙන නෑ. තුලාව, දොරමඩලාවට එන්නේ මහත්තුරු නෙමේ, ලෙඩ්ඩු.  හිරු ස්ටාර් එකේ ඇවිල්ලා නටන්නේ නළු, නිළියෝ නෙමේ,විපරිත සැකිළි.

අනුර කුමාර එයාගේ පාක්ශිකයින්ට දැන්වත් හරියට කියන්න ඕන කරන්න ඕන මොකක්ද කියලා. ධනවාදයට බයද?  එයා ඉන්නේ වමේද? මොකක්ද ඒ වම කියන එක පැහැදිලිව කියන්න. අඩුම තරමේ ඉරාජ් වගේ කඳ පනුවෝ ගෝඨාභය කන්න දීලා ලොකු කරනකොට අනුරට පුළුවන් වෙන්න ඕන ජවිපේ වෙනුවෙන් පීඩාව විමුක්තිය කරන් ඉන්න පාක්ශිකයින් වෙනුවෙන් කෙළින් කියන්න ''ඉරාජ් උඹ වගේ ලිංගික විපරිතයෙක් මේ සමාජෙට වැඩක් නෑ කියන එක” . ජවිපෙට බෑ එයාලගේ පක්ශෙට ඉස්සරහට යන්න තෙල් ගහපු පාක්ශිකයින්ගේ පීඩාව පාවා දෙන්න. විශේෂයෙන් ඉරාජ් වගේ විපරිතයෙක් ඉස්සරහ පාවා දෙන්න.

එදා ජවිපේ මැයි පෙළපාලියේ ඇවිදපු මම ඉගෙන ගත්ත එකම දේ මෙච්චරයි.

”නිකන් කෑම හම්බෙන්නේ මී උගුල් වලින් විතරයි “ කියන එක.

(3mana.com - Ramesha Siriwardana)

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58