සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තරය මැදින් මේ දිනවල ඉදිවෙමින් පවතින මාර්ගයක් හේතුවෙන් දැඩි පාරිසරික හානි සිදුවෙමින් තිබෙන බවට

පරිසර සංවිධාන විසින් අනාවරණය කර ඇතත්, විල්පත්තුවේ ගස් කැපීමට එරෙහිව සටන් කල 'දේශප්‍රේමී බලවේග' මේ මොහොතේ නිහඬව සිටීයි.

එම මාර්ගය ඉදිවෙමින් පවතින්නේ ගිං ගඟ රක්ෂිතයත්, සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තරයත් මැදින් නෙළුව හා දෙනියාය යා කරමිනි.

ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා වුණත් ලෝකයේ වැඩිම ලෝක උරුම ස්ථාන තිබෙන රටක් වේ. මේ වර්ග කිලෝ මීටර 65610 තුළ පාරිසරික ලෝක උරුම 2ක් ඇතුළුව ලෝක උරුම 8ක් තිබේ. සිංහරාජය ඉන් එකක් පමණක් නොව සුවිශේෂී උරුමයකි.

අප රටට ආවේණික ශාඛ සහ සත්ත්ව විශේෂ දහස් ගණනක් පවතින මේ කලාපය අප රටට සම්පතකි.

ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා වුණත් ලෝකයේ වැඩිම ලෝක උරුම ස්ථාන තිබෙන රටක් වේ. මේ වර්ග කිලෝ මීටර 65,610 තුළ පාරිසරික ලෝක උරුම 2ක් ඇතුළුව ලෝක උරුම 8ක් තිබේ. සිංහරාජය ඉන් එකක් පමණක් නොව සුවිශේෂී උරුමයකි.

 

ජනපති දැනුවත් කරමින් ලිපියක් !

Sinharaja Road

නෙළුව සිට ලංකාගම දෙසට ගමන් කළ ‘වැසි වනාන්තර සුරකින්නෝ’ සංවිධානයේ පරිසරවේදීන් කණ්ඩායමකට මෙම ඉදිකිරීම් ප්‍රදේශය නිරීක්ෂණය වීමත් සමග අදාළ ඉදිකිරීම් පරිසර හිතකාමී නොවන බැවින් ඔවුන් ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ලිපියක් ඉදිරිපත් කර තිබේ.

එහිදී ඔවුන් පෙන්වාදෙන්නේ අඩි 12ත් 20ත් අතර පළලකින් මෙම මාර්ගය ඉදිකෙරෙන බවයි.

මේ අතර අදාළ ඉදිකිරීම් හේතුවෙන් ප්‍රදේශයේ දැඩි නායයාම් අවදානමක් මතුව ඇතැයි ද අදාළ පරිසරවේදීන් පෙන්වා දෙයි.

මෙහිදී ප්‍රදේශවාසීන් හා ඉදිකිරීම් කටයුතුවල නිරත නිලධාරීන් පවසන්නේ මෙම මාර්ගය දෙනියාය, පිටදෙනිය දෙසින් ලංකාගම දක්වා ගමන් කරන බවයි.

''මෙහිදී ප්‍රදේශවාසීන් හා ඉදිකිරීම් කටයුතුවල නිරත නිලධාරීන් පවසන්නේ මෙම මාර්ගය දෙනියාය, පිටදෙනිය දෙසින් ලංකාගම දක්වා ගමන් කරන බවයි.''

මෙම මාර්ගය ඉදිකිරීමෙන් කුඩා ජල මාර්ග බොහොමයක් අවහිර වීමට ඉඩ ඇති බවත්, ඉදිකිරීම් ක්‍රියාවලියේදී ඉවත් වන පස් ද ගිං ගඟට එකතු වීමේ අවදානමක් ද මතුව තිබේ.

ලෝක උරුමයක් වන සිංහරාජ වැසිවනාන්තරය මැදින් මෙලෙස ඉදිකිරීමක් සිදුවීම පිළිබඳව වගකිව යුතු ආයතන ද දැනුවත් වී නොසිටි බව 'වැසි වනාන්තර සුරකින්නෝ' සංවිධානයේ පරිසරවේදීන් ජනාධිපතිට යවන ලිපියෙන් පෙන්වා දී ඇත.

එසේම, අදාළ ඉදිකිරීම සඳහා කිසිදු ව්‍යාපෘති වාර්තාවක් හෝ ලිඛිත අවසරයක් නොමැති බව ‘වැසි වනාන්තර සුරකින්නෝ’ සංවිධානය ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති ලිපියේ දැක්වේ.

පරිසර සංවිධාන ඉල්ලා සිටින්නේ මෙලෙස ඉදිකිරීම් සිදු කරන්නේ නම් පාරිසරික නිර්දේශයන්ට අනුකූලව පරිසර අධ්‍යයනකින්ද පසු නිසි ක්‍රමවේදයක් යටතේ අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසය.

Sinharaja Road1

 

යුධ හමුදාවත් වැඩට බැහැලා !

මේ අතර 'පරිසර හා සොබාදහම අධ්‍යයන මාධ්‍යස්ථානය' පවසන්නේ, ලෝක උරුම සිංහරාජ මායිමේ ඇති ලංකාගම සිට දෙණියාය දක්වා මාර්ගයක් ඉදිකිරීම මේවන විට යුධ හමුදාව මගින් සිදු කරමින් සිටින බවයි.  

එම සංවිධානයේ අධ්‍යක්ෂ රවින්ද්‍ර කාරියවසම් විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වන්නේ, යුද හමුදාව විසින් දැනට විනාශ කරමින් යන ප්‍රදේශයේ විශාල ගස් බිම හෙළමින්, සිංහරාජ පෙරණ කළාපයට හා සිංහරාජ ලෝක උරුමයට අති විශාල හානියක් සිදු කරමින් විශාල යන්ත්‍ර භාවිතා කරමින් මේ වන විට මෙම මාර්ගය ඉදිකරමින් සිටින බවයි.

''යුද හමුදාව විසින් දැනට විනාශ කරමින් යන ප්‍රදේශයේ විශාල ගස් බිම හෙළමින්, සිංහරාජ පෙරණ කළාපයට හා සිංහරාජ ලෝක උරුමයට අති විශාල හානියක් සිදු කරමින් විශාල යන්ත්‍ර භාවිතා කරමින් මේ වන විට මෙම මාර්ගය ඉදිකරමින් සිටියි. ''
-පරිසර හා සොබාදහම අධ්‍යයන මාධ්‍යස්ථානය

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

යුද හමුදාව විසින් ඉදිකරණ ලංකාගම -දෙණියාය මාර්ගය 2013 වර්ෂයේ ද ඉදිකිරීමට උත්සහ ගත් මාර්ගයකි. ඒ වන විට මෙම මාර්ගය දෙණියාය දෙසට තව දුරටත් කැපෙන විට සිංහරාජ ලොක උරුමයට දැඩි හානි පැමිණෙන නිසාවෙන්, 2013 නොවැම්බර් මස මෙම මාර්ගය සකස් කිරිම ආරමිභ කරන විට 'පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය' මගින් ලෝක උරුම යුනිස්කෝ කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව එවකට රජයට කල බලපෑම නිසා ලංකාගම සිංහරාජ මාර්ගය ඉදිකිරිම වසර අටක් පමණ අත් හිටුවා තිබිණ.

නමුත් 2020 ජුලි 30 වන දින මෙම මාර්ගය ඉදිකිරිමට අවශ්‍ය උපදෙස් ආරක්ෂක අංශවෙත ලබාදීමෙන් අනතුරුව මාර්ග සැකසීමට අවශ්‍ය යන්ත්‍රසුත්‍ර ලංකාගම ප්‍රදේශයට ගෙනවිත් දමන ලදී.

2013 වසරේදී ලංකාගම පිහිටි සිංහරාජ ලෝක උරුම වනාන්තරය අසලින් වැටී ඇති මාර්ගයේ සිට කිලෝමිටර් 1 පමණ යානවාහන ගමන් කල හැකි මාර්ගය අවසන් වී එතනින් ඔබිබට තිබුනේ අඩි පාරකි.

Sinharaja Forestවැසි වනානතරවලින්ම ඉතාමත් ඉහළ පාරිසරික පද්ධතියක්

2013 නොවැම්බර් මසදි  එම අඩි පාර තවත් පුලූල් කරමින් කිලෝ මිටර් 02 පමණ මාර්ගයක් වනාන්තරය දෙසට කපමින් සිටියදි එය නවතා ගැනීමට අපට හැකි විය.

නමුත් එසේ ලොක් උරුම කාර්යාලයේ ද විරෝධය මත නවතා දැමුණ මාර්ගය යුධ හමුදාවේ සේවකයින් යොදාගන අද වන නැවත ඉදි කරමින් ඇත.

''මෙම මාර්ගය නැවත ඉදි කරන්නේ කරන්නේ ලංකාවේ වැසි වනානතරවලින්ම ඉතාමත් ඉහළ පාරිසරික පද්ධතියක් හා ජෛව විවිධත්වයක් ඇති ලෝක උරුම සිංහරාජයට හා එහි පෙරණ කලාපයට හානි කරමිනි.''

මෙම මාර්ගය නැවත ඉදි කරන්නේ කරන්නේ ලංකාවේ වැසි වනානතර වලින්ම ඉතාමත් ඉහළ පාරිසරික පද්ධතියක් හා ජෛව විවිධත්වයක් ඇති ලෝක උරුම සිංහරාජයට හා එහි පෙරණ කලාපයට හානි කරමිනි.

සිංහරාජය හරහා නෙයොක් අයුරින් මිනිසුන් පෙරදී අඩි පාරවල් සාදා ගන තමන්ගේ ගමන් බිමන් ගියද මේ වන විට ප්‍රවාහන පද්ධති පුලූල් වීමත් සමග එවන් අඩි පාරවල් භාවිතාවට ගන්නේ නැත.

 

හොටල් ව්‍යාපෘතිය සදහා !

එමෙන්ම, දෙණියායේ සිට නෙලූව දෙසට යාමට කාපටි සහිත පුලූල් මාර්ගයක් මේවනවිට ඇත. එම නිසා ජනතාවට මෙම මාර්ගය ඉඳිකිරීමෙන්  සෙතක් නොවන අතර 2013 වර්ෂයේ සැලසුම් කර තිබු හොටල් ව්‍යාපෘතිය සදහා අවශ්‍ය පහසුකම් සළසා ගැනීම සදහා මෙම මාර්ගය ඉදිවන බව පැහැදිළිව දැකගත හැකිය.

මෙවන් සංවේදී කලාපයක මාර්ගය තබා ගසක්වත් බිම හෙළිමට වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත අනුව කිසිදු හැකියාවක් නොමැති නිසාම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු දැනුවත් භාවයකින් හො අවසරයකින් තෙරව මෙම මාර්ගය ඉදි කිරීම සිදු කරගන යනු ලබයි.

එමෙන්ම, ඕනෑම සංවර්ධන කටයුත්ත දී අනුමත කරගත යුතු පරිසර තාක්සේරු වාර්ථාවක් මෙම මාර්ගය සදහා අනුමතකරගන නොමැති අතර ලොක උරුම වනාන්තරයක් වැනසීම සදහා ඒවැන්නක් අනුමත කිරීමේ අයිතියක් ජාතික පාරිසරික පනත අනුව මධ්‍යම පරිසර අධිකාරියට නොමැත.

ඒ අනුව ලංකාවේ පාරිසරික නිතිය මෙන්ම යුනෙස්කො ලෝක උරුම එකගතාවයද කඩ කරමින් වර්ථමාන රජය මෙම පාරිසරික සංවේදී කලාපය විනාශ කරමින් සිටියි.

''ලංකාවේ පාරිසරික නිතිය මෙන්ම යුනෙස්කො ලෝක උරුම එකගතාවයද කඩ කරමින් වර්තමාන රජය මෙම පාරිසරික සංවේදී කලාපය විනාශ කරමින් සිටියි.''

Sinharaja Fores21988 දී යුනෙස්කෝ සංවිධානය විසින් සිංහරාජය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබිය.

සිංහරාජය ලෝක උරුමයක් ලෙසත් මෙරට ඇති ප්‍රාථමික වනාන්තරයක් ලෙසත් ප්‍රකට සිංහරාජය හෙක්ටයාර 8864ක් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. මිනිසා සහ ජෛව ගෝල රක්ෂිතයක් ලෙස හදුන්වනු ලබන මෙම සිංහරාජ වනාන්තරය එහි ඇති ජෛව විද්‍යත්මක වටිනාකම හා දුර්ලභ වන ගහනය නිසා 1988 වසරේදී යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් බවට පත්කර ඇත.

සිංහරාජයේ මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 11,187 පමණ වන අතර පරිවාර වනාන්තර ගණනාවකින්ද මෙම බිම සමන්විත වේ.

උතුරින්  නාපොළ දොල හා කොස්ගුලන ගඟේනුත්, දකුණින් මහදොළ ගිංගගේනුත්, බටහිරින් කඵන්දාව ඇළ සහ පිට කැළේ ගඟේනුත්,  නැගෙනහිරින් බිරෂ්වුඩි ප්‍රදේශයෙනුත් සමස්ථ සිංහරාජය අවරණය වී ඇති අතර  ගාල්ල, රත්නපුර, මාතර යන දිස්ත්‍රීක්ක පුරා මෙම වැසි වනානතරය විහිදී ඇත.

5% කට වැඩි ආවේණික ක්ෂීරපායින් සහ සමනලූන්ට වාසස්ථානයක් මෙන්ම 70% ක් පමණ ආවේණික ශාක විවිධත්වයක් සිංහරාජය තුළ දැකගත හැකිය.

''5% කට වැඩි ආවේණික ක්ෂීරපායින් සහ සමනලූන්ට වාසස්ථානයක් මෙන්ම 70% ක් පමණ ආවේණික ශාක විවිධත්වයක් සිංහරාජය තුළ දැකගත හැකිය.''

එහෙත් අදවන විට සිංහරාජ පරිසර පද්ධතිය දැවැන්ත ලෙස ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතු වී ඇත. විශාල වශයෙන් සිදුවන දැව ජාවාරම්, ජාන මංකොල්ලය, වල්ලපට්ටා කැපීම, මැණික් පතල් හෑරීම, අනවසර වැලි ගොඩ දැමීම් ඇතුලූ නීති විරෝධී ක්‍රියාවන් තවමත් මෙහි සිදුවෙමින් පවතී.

 

සිංහරාජයේ වළංකන්ද තණබොල කෙළසීම

Sinharaja Fores4සිංහරාජයේ පරිවාර වනාන්තරයක් වන වළංකන්ද තණබොල

සිංහරාජයේ පරිවාර වනාන්තරයක් වන වළංකන්ද තණබොල ප්‍රදේශයේ මේ වන විට අධික ලෙස පරිසර හානියක් සිදු කරමින් පවතී.

1970 ට පෙර කොස්ගම පිහිටි තුනී ලෑලි සමාගමට ප්‍රධාන ලෙස දැව සැපවූයේ සිංහරාජ වනාන්තරයෙනි. පසුව මෙය ලෝක උරුමයක් වූ අතර එහි දැව කැපීම, ශාක වලට හානි කිරීම, සතුන් දඩයම් කිරීම හෝ සිංහරාජයට හානි වන කිසිදු ක්‍රියාවක් කිරීම තහනම් විය.

මෙරට වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත අනුව එවන් ක්‍රියාවන් සිදු කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එසේ නීතිවිරෝධී ක්‍රියාවන්හි නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට වනජීවී හා වන සංරක්ෂණ නිලධාරීන්ට හැකියාව තිබියදිත් ඔවුන්ද ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණකි.

පසුගිය 2018 ජුලි 18 වන දින රජවත්ත ප්‍රදේශයෙන් ඇල්ලු දැව තොගයද කිසිදු පරීක්ෂණයකින් තොරව පොලිසිය විසින් නිදහස් කරන ලද අතර එයට රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුද සම්බන්ධ වී තිබුනි. එසේම වනාන්තරය තුළ සිදුවන වල්ලපට්ටා කැපීමද 2020 වන විටත්  බහුලව සිදු වෙමින් පවතී.

මේ සම්බන්ධව අදාල බලධාරීන් කොතෙක් දැනුවත් කළද මෙම ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකලාපයන් තවමත් සිදුවෙමින් තිබේ. එසේම මෙම ජාවාරම්කරුවන් තවමත් නිදැල්ලේ වෙසෙමින් තම ජාවාරම් රිසි සේ සිදුකරනු ලබයි.

 

සිංහරාජයේ කුඩුමිරිය වනාන්තර විනාශය

kudumirisaකුඩුමීරිය වැසි වනාන්තර කලාපය

පරිවාර වනාන්තර ගණනාවකින් යුත් සිංහරාජ වනාන්තරයේ විශාල ශාක විවිධත්වයක් දැකගත හැකිය. එසේ පරිවාර වනාන්තරයක් වූ කුඩුමීරිය වැසි වනාන්තර කලාපයට මායිම්ව ඇති වනාන්තරය අද වන විට කිසිදු අවසරයකින් තොරව එළිකිරීම හා මහා පරිමාන වල්ලපට්ටා ජාවාරම් මෙන්ම මේ වන විට අධික විෂ රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් ගස් විනාශ කිරීමද ආරම්භ කර ඇත.

''කුඩුමීරිය වැසි වනාන්තර කලාපයට මායිම්ව ඇති වනාන්තරය අද වන විට කිසිදු අවසරයකින් තොරව එළිකිරීම හා මහා පරිමාන වල්ලපට්ටා ජාවාරම් මෙන්ම මේ වන විට අධික විෂ රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් ගස් විනාශ කිරීමද ආරම්භ කර ඇත. ''

ගස් විද ඒවා තුලට විෂ රසායනික ද්‍රව්‍ය ඇතුල් කරමින් මෙම මහා පරිමාණ වන විනාශය සිදු කරමින් පවතී.

එසේම මෙම ප්‍රදේශය ජල පෝෂක කලාපයක් වන අතර විෂ රසායනික ජලයට එකතු වීම නිසා උල්පත් ජලය ද පරිභෝජනය කළ නොහැකි තත්ත්වයක් බවට පත් වී ඇත.

වල්ලපට්ටා වගා කරන මුවාවෙන් මෙම මහා පරිමාණ වන විනාශය සිදු කරයි. මෙම මහා පරිමාණ ජාවාරම පිළිබද පොලිසිය දැනුවත් කළද කිසිදු නිලධාරියකු පැමිණ තිබුනේද නැත.

 

වත්මන් ආණ්ඩුව යටතේත් වන විනාශය එලෙසම..

වගකිව යුතු සියලූ ආයතන අනුගමනය කරන නිහඬ පිළිවෙත නිසා රක්ෂිතය ජාවාරම් කරුවන්ගේ ග්‍රහනයට ලක් වී ඇත. එසේම වරින් වර සිදු කරන මැදිහත් වීම් නිසා තාවකාලිකව මෙම ක්‍රියාකලාපයන් නතර කලද ස්ථීර වශයෙන් මෙයද නවත්වා නොමැත.

ලංකාගම සිට දෙණියාය දක්වා ඉදිවන මාර්ගය වර්ථමාන රජයේ අවශ්‍යතාවය මත සිදුවන ක්‍රියාකරකමකි. ඊට අමතරව සිංහරාජ වනාන්තරය හා අවට ප්‍රදේශවල මෙලෙස ජාවාරම් විශාල වශයෙන් සිදුවුනද පැවති කිසිදු රජයක් හෝ වර්තමානයේ බලයට පැමිණි  ආණ්ඩුව හෝ මේ විනාශයන් නවතා දැමිමට මැදිහත් වනවා වෙනුවට සිංහරාජ ලෝක උරුමය වනසන අයුරු දැක ගත හැකිය.'

 

“විල්පත්තු ගිය ද සිංහරාජයට නොයන දේශප්‍රේමීන්” - කුසල්ගෙන් විවේචනයක්

Kusal perera Writerමේ අතර ප්‍රකට දේශපාලන විචාරකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන කුසල් පෙරේරා පවසන්නේ, පරිසරය සුරැකීමට ඉදිරිපත්ව ඉන්නා ක්‍රියාධරයින් බොහෝමයක් “දේශප්‍රේමීන්” විල්පත්තු ගිය ද සිංහරාජයට නොයන බවයි.

එම කාරණය විග්‍රහ කරමින් ඔහු සිය FB පිටුවේ පළකර ඇති සටහනක මෙසේද සඳහන් වේ.

තවමත් පරිසරය සුරැකීමට වෙර දරණ අවංක අතළොස්ස කොටුවී ඉන්නේ කෑලි ක්‍රමයට කෙරෙන පරිසරය රැකීමේ විරෝධතා හා උද්ඝෝෂණ සමගින් ය.

ඔවුහු එක ප්‍රශ්නයකට නඩුවක් පවරති. තවත් ප්‍රශ්නයකට විරෝධතාවක් පවත්වති. තවත් තැනක පරිසරය සුරැකීමේ පුහුණුවීම් වැඩසටහන් කරති. පරිසරය ගැන දන්නා අලුත් ඇමතිවරුන් එන තෙක් බලාපොරොත්තු තබති. මේ කිසිවකින් අවුරුදු 30 ට වැඩි කාලයක්, පැවති මට්ටමෙන් හෝ පරිසරය රැක ගැනීමට නොහැකිව ඇත. ඒ මන්දැයි එනමුත් පසු විපරමක් කෙරෙන්නේද නැත.

ඉතා කෙටියෙන් කිවහොත් ජාතික පරිසර ප්‍රතිපත්තියෙහි අයිතිකරුවන් විය යුත්තේ ජනතාව ය. සංවර්ධන උපා මාර්ග තීන්දු විය යුත්තේ ජාතික පරිසර ප්‍රතිපත්තියද ඇතුළුව ය.

''ඉතා කෙටියෙන් කිවහොත් ජාතික පරිසර ප්‍රතිපත්තියෙහි අයිතිකරුවන් විය යුත්තේ ජනතාව ය. සංවර්ධන උපා මාර්ග තීන්දු විය යුත්තේ ජාතික පරිසර ප්‍රතිපත්තියද ඇතුළුව ය.''

පරිසරය සුරැකීමේ අනාගත විසඳුම ඇත්තේ ජාතික පරිසර ප්‍රතිපත්තියක් සමගින් ය. එය නගරවල වායු දූෂණයේ සිට නාය යෑම් දක්වාත් වන සංරක්ෂණයේ සිට ශබ්ද දූෂණය දක්වාත් කසළ ඉවත් කිරීමේ සිට ප්‍රතිචක්‍රීකරණය දක්වාත් ලංකාණ්ඩුව බැඳී ඉන්නා සියලු ජාත්‍යන්තර ප්‍රඥප්තීන් ක්‍රියාවට දැමීම දක්වාත් සියල්ල ආවරණය කෙරෙන ජාතික ප්‍රතිපත්තියක් විය යුතුය.

එවැන්නක් සැකසිය යුත්තේ වායු සමීකරණය කළ කාමර තුල නොවේ. එවැන්නක් සැකසිය යුත්තේ ජනතා ව්‍යාපාරයක් සමගින්ය. ජන සහභාගිත්වය ඇතිවය. ඉතා කෙටියෙන් කිවහොත් ජාතික පරිසර ප්‍රතිපත්තියෙහි අයිතිකරුවන් විය යුත්තේ ජනතාව ය. සංවර්ධන උපා මාර්ග තීන්දු විය යුත්තේ ජාතික පරිසර ප්‍රතිපත්තියද ඇතුළුව ය.

''කෝවිඞ්-19 අර්බූද හමුවේ එවැනි අලුත් ගමනකට මුල පිරිය හැක්කේ ජාතික පරිසර ප්‍රතිපත්තියක් සැකසීමට පරිසර ක්‍රියාකාරීන් හා සංවිධාන ජන සහභාගිත්වයක් ගොනු කරන්නට සූදානම් වන්නේ නම් පමණි.''

පරිසර ක්‍රියාකාරීන් හා සංවිධාන ආණ්ඩුවකින් ඉල්ලා සිටිය යුත්තේ එවැනි ජාතික පරිසර ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුවේ සම්මත කරන මෙන් ය.

අනතුරුව පළාත් සභාවන්හිත් පළාත් පාලන ආයතන සියල්ලෙහිත් ඊට අනුකූලව ඔවුන්ගේ පරිසර ප්‍රතිපත්ති සකස් කරන මෙන් ඉල්ලීමට ය.

කෝවිඞ්-19 අර්බූද හමුවේ එවැනි අලුත් ගමනකට මුල පිරිය හැක්කේ ජාතික පරිසර ප්‍රතිපත්තියක් සැකසීමට පරිසර ක්‍රියාකාරීන් හා සංවිධාන ජන සහභාගිත්වයක් ගොනු කරන්නට සූදානම් වන්නේ නම් පමණි.

(ජායාරූප අනුග්‍රහය  -ජයන්ත විජේසිංහ)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්