පළාත් සභා සහ පළාත් පාලන කටයුතු භාර රාජ්‍ය අමාත්‍ය, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර
'NGO කාරයින්' වගේම 'ජිනීවා කාක්කෙකි'.
ලංකාවේ 'NGO කාරයින්' ජිනීවා ගොස් ත්රස්තවාදීන් මුණ ගැසෙද්දී, සරත් වීරසේකරත් ජිනීවා ගොස් ත්රස්තවාදීන් මුණ ගැසුණ බව බොහෝ දෙනා නොදනිති.
වෙනස 'NGO කාරයින්' මුණ ගැසුනේ ලංකාවේ මිනිසුන්ය. නැතිනම් සරත් වීරසේකරලාගේ ක්‍රියාකලාපය නිසා රට හැර දමා යන්නට සිදු වූ මේ බිමේම දූ පුතුන්ය.
සරත් වීරසේකර ජිනීවා වලදී කෝපි බිවුවේ පන්ජාබයේ, පාකිස්තානයේ 'ත්රස්තවාදීන්' සමගය.
ඔහු එසේ මුණ ගැසුන බොහෝ දෙනා ඉන්දියාවේ ආණ්ඩුව විසින් ත්රස්තවාදීන් ලෙසින් නම් කළ සංවිධානවල සාමාජිකයින්ය.
නැතිනම් ඇෆ්ඝනිස්තානයේ 'ත්රස්තවාදීන්ය'.
තමන්ගේ හාම්පුතාලා වන රාජපක්ෂලා පමණක් නොව වර්තමානයේ පක්ෂයේ සභාපති වන සිරිසේනත් වරින්වර ලන්ඩන් ගොස් ඔය කියන 'ත්රස්තවාදීන්' සමඟ කෝපි බිවු බව සරත් වීරසේකර නොදන්නවා නොවේ.
නිමල්කා ප්‍රනාන්දු ගෝලීය දෙමළ සංසදයේ සභාපති එමානුවෙල් පියතුමා සමඟ කෝපි බීම වරදක් නම්, ජනාධිපතිවරයා ලෙසින් මෛත්‍රීපාල සිරිසේන ගෝලීය දෙමළ සංසදයේ නියෝජිතයින් හමුවීම වරදක් නොවේද?
රාජපක්ෂ සහෝදරවරුන් වරින්වර රහසිගතව දෙමළ ඩයස්පෝරාව මුණගැසුන බව සරත් වීරසේකර නොදන්නේද?
(උකුස්සා)